(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
([email protected],[email protected])
‘කොමසාරිස් ජනරාල් - ඔයා කවුද? ඇයි මේ අපෙන් තොරතුරු ඉල්ලන්නේ?
අපි - ඕනෑම කෙනෙකුට තොරතුරු ඉල්ලන්න පුළුවන්නේ. ඇයි ඉතින් මෙහෙම ප‍්‍රශ්න අහන්නේ?
කොමසාරිස් ජනරාල් - එහෙම ඕනෑම කෙනෙක් ඉල්ලූවට දෙන්න බැහැ. මේවා ජාතික ආරක්ෂාවට බලපාන දේවල්.
අපි - මේවා ජාතික ආරක්ෂාවට බලපාන්නේ නෑ. තොරතුරු දෙන්න බැරි නම් ලිඛිතව දැනුම් දෙන්න.
කොමසාරිස් ජනරාල් - තොරතුරු දෙන්න අමාත්‍යංශයෙන් අහන්න වෙනවා.’
මේ දීර්ඝ සංවාදයකින් උපුටාගත් කොටසකි. කොමසාරිස් ජනරාල්වරයා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ ප‍්‍රධානියාය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් පෙරළා දුරකතනයෙන් ප‍්‍රශ්න විමසීමට නොහැකි වුවත් එම ප‍්‍රධානියා පමණක් නොව ඔවුන්නේ නීති නිලධාරියාද දුරකතන ඇමතුම් ගෙන අපගෙන් ප‍්‍රශ්න ඇසීය.
තොරතුරු දැන ගැනීමේ පනත සක‍්‍රීය වී දැනට මාස හතකි. තොරතුරු පනතින් ජනතාව ප‍්‍රායෝගිකව තොරතුරු ලබා ගන්නවාදැයි සොයා බලන අතරතුර තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ නම්‍යතාවය ද පරීක්ෂා කිරීමේ අරමුණින් මෙන්ම ලිපිවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ද රජයේ ආයතන කිහිපයකට තොරතුරු ඉල්ලීම් යොමු කළෙමු. මෙවර ලිපියෙන් අප කතා කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනතේ අභිලාෂය යථාර්ථයක් බවට පත්වී ඇත්ද යන්නයි.
තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙන ඒම ගැන වසර ගණනාවක සිට වරින් වර සාකච්ඡා මතු විය. වර්තමාන කතානායක කරු ජයසූරිය මහතා විපක්ෂ මන්ත‍්‍රීවරයකුව සිටිය දී පෞද්ගලික යෝජනාවක් සේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ද උත්සාහ කළේය. ඉන් පසු ජනවාරි අට ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරද්දී ඔහුගේ කණ්ඩායමේ ප‍්‍රධාන සටන් පාඨ අතර තොතුරු දැන ගැනීමේ පනතක් ගෙන ඒමේ යෝජනාවද විය.
ජනවාරි අට සිදුවු වෙනසින් පසු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අතර එමගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබීය. ඉන් පසු තොරතුරු දැන ගැනීමේ අයිති පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. එය සක‍්‍රීය වූයේ 2017 පෙබරවාරි තුන් වැනි දා එවකට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුවය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රාජ්‍ය ආයතනයක, රාජ්‍ය ආයතනයකට සේවය සපයන පෞද්ගලික ආයතනයකින් හෝ විදේශයන්ගෙන් මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානවලින් තොරතුරු ලබා ගත හැකිය. තොරතුරු පනත සම්මත කිරීමෙන් පසු ඊට අදාළ සියලූම ආයතනවල තොරතුරු නිලධාරීන් පත් කර තිබේ. තොරතුරු නිලධාරීන් පත් කර නැතිනම් ආයතන ප‍්‍රධානියා එහි වගකීම දැරිය යුතුය. තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම වාචිකව හෝ ලිඛිතව සිදු කළ හැකිය. ඒ අනුව තොරතුරු ඉල්ලීම ලැබුණු බව හා එහි ලියාපදිංචි අංකය තොරතුරු නිලධාරියා විසින් ලිඛිතව දැනුම් දීය යුතුය.
දින 14ක් ඇතුළත තොරතුරු දැනුම් දිය යුතු අතර ඊට වැඩි කාලයක් ගන්නේ නම් ඒ ගැන ද ලිඛිතව දැනුම් දිය යුතුය. ඉල්ලූ තොරතුරු ලබා නොදෙන්නේ නම් ඊට හේතුව ලිඛිතව දැනුම් දිය යුතු බව පනතේ සඳහන්ය. තොරතුරු ප‍්‍රතික්ෂේප කිරීමට නිලධාරීන්ට අවශ්‍ය පරිදි හේතු දැක්විය නොහැකිය. තොරතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ හැක්කේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රශ්නවලදී වැනි සහ රහස්‍ය භාවය පිළිබඳ ප‍්‍රශ්නවලදී සීමිත අවස්ථාවන්හිදී පමණි. එහෙත් ඒ සියල්ලටම වඩා මහජන සුබ සිද්ධිය වැඩි නම් තොරතුරු ලබා දිය යුතුය. යම් හෙයකින් තොරතුරු නිලධාරියා නියමිත කාලයේ අවශ්‍ය තොරතුරු ලබා නොදෙන්නේ නම් හෝ තොරතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේ නම් ඊළඟට කළ යුතු වන්නේ නම් කළ නිලධාරියාට අභියාචනයක් යොමු කිරීමයි. නම් කළ නිලධාරියා යනු ආයතනයක ප‍්‍රධානියාය.
ඔහුට අභියාචනය කළ පසු අභියාචනයට අංකයක් ලබා දෙන අතර තොරතුරු නිලධාරියා ප‍්‍රතික්ෂේප කළ තොරතුරු ලබා දෙනවාද නොදෙනවාද යන්න නම් කළ නිලධාරියා එසේත් නැතිනම් ආයතන ප‍්‍රධානියා තීරණය කරනු ඇත. ඔහුගෙන් ද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය. එම කොමිෂන් සභාව පවත්වන විභාගයකින් පසු බොහෝ දුරට තොරතුරු ලබා දෙනු ඇත. කොමිසමේ ප‍්‍රතිචාරයෙන්ද තෘප්තිමත් නොවන්නෙකුට අධිකරණයට යා හැකිය.
තොරතුරු පනත ජනමාධ්‍යවේදීන් සඳහාද?
තොරතුරු දැන ගැනීමේ පනතින් ප‍්‍රයෝජන ගත හැක්කේ ජනමාධ්‍යවේදීන්ට පමණක් බව බොහෝ දෙනකුගේ අදහසකි. තොරතුරු දැන ගැනීමේ පනත යනු රටේ සියලූ ජනතාව වෙනුවෙන් ගෙන ආ පනතකි. පනත ආශ‍්‍රයෙන් රටේ ඕනෑම පුරවැසියකුට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය. මේ ඊට උදාහරණ කිහිපයකි.
දිනක් අප යම් කටයුත්තකට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් සිටියදී දෙදෙනකු පැමිණ පැමිණිලි පොරම දෙකක් පුරවනු පෙනිණි. ටික ඒලාවකින් ඔවුන්ගෙන් අයකු පැමිණ අප සමඟ සිටි නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතාගෙන් යමක් විමසීය.
ඔහු - සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
නීතීඥ දෙහිඅත්තගේ - ඔව් කියන්න.
ඔහු - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්න ආවේ. අපි ෆෝර්ම් එක පිරෙව්වා. මේකේ විස්තර වැඩියි කියලා කෙටියෙන් පුරවන්න කිව්වානේ.
නීතීඥ දෙහිඅත්තගේ - මොකක් සම්බන්ධයෙන්ද?
ඔහු - (ආයතනයක නමක් කියයි) අපි වැඩ කරලා අයින් වුණා. අපිට වන්දි ලැබුණේ නැහැ. කොටසකට වන්දි දීලා.
නීතීඥ දෙහිඅත්තගේ - ඔයාලා කොහොමද හරියටම කියන්නේ අනිත් අයට වන්දි ලැබුණා කියලා?
ඔහු - අපි තොරතුරු දැන ගැනීමේ පනතින් තොරතුරු ඉල්ලූවා. වන්දි දෙන්න නිර්දේශ වුණු නම් ලැයිස්තුව මුලින්ම ඉල්ලූවා. ඉන් පස්සේ වන්දි ගෙව්ව නම් ලැයිස්තුව ඉල්ලූවා. ඒ දෙකම ලැබුණා. වන්දි දෙන්න අපේ නම් නිර්දේශ වුණාට අපිට වන්දි දුන්නේ නෑ.
ඉන් පසු නීතීඥවරයා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
තොරතුරු දැන ගැනීමේ පනත ඇසුරෙන් විශ‍්‍රාමිකයන් දෙදෙනෙකු ප‍්‍රයෝජන ගෙන තිබේබේ එලෙසය.
තොරතුරු පනත කෙතරම් ප‍්‍රායෝගිකව භාවිත කළ හැකි වුවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තවමත් තොරතුරු පනත ගැන දන්නේ නැත. තොරතුරු පනත ඇත්තේ තොරතුරු ලබා නොදීමට හෝ තොරතුරු වසං කිරීමට නොවේ.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම පනත පාවිච්චි කිරීමට උත්සාහ කරන්නේ තොරතුරු වසං කිරීමේ උපකරණයක් ලෙසය. තොරතුරු පනත සක‍්‍රීය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ බව අපි මීට පෙර සඳහන් කළෙමු. ඒ මාස හතකට පෙරය. මේ මාස හතක කාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තොරතුරු ලබා දීමේදී බොහෝ අවස්ථාවල තොරතුරු වසං කරන අයුරු දැක ගත හැකි විය.
‘තොරතුරු පනත අලූත් නේ. අපට හරියට එස්ටැබ්ලිෂ් වෙන්න මාස පහක් විතර ගියා.’ අමාත්‍යංශය දෙන පිළිතුර වුවත් පනත අනුව නම් එම පිළිතුර වලංගු නොවේ.
තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන තමන් දැනුම්වත් නම් නිලධාරින් ඉදිරියේ වැඳ වැටෙන්න ඕනෑ නෑ
අධ්‍යාපන අමාත්‍යංශයෙන් තොරතුරු ඉල්ලා 2017 පෙබරවාරි 17 වැනි දා අපි තොරතුරු ඉල්ලීමක් යොමු කළෙමු. ඉන් පසු අමාත්‍යංශයේම ඉල්ලීම පරිදි පෙබරවාරි 23 වැනි දා යළිත් වරක් ඉල්ලීම යොමු කළෙමු.
පිළිතුරක් නොමැති නිසා මාර්තු මාසයේ අවස්ථා දෙකකදී සිහි කැඳවීම් කළෙමු. ඉන් පසු අපේ‍්‍රල් තුන් වැනි දා නම් කළ නිලධාරියා වන අධ්‍යාපන ලේකම්වරයාට අභියාචානයක් ඉදිරිපත් කළත් පිළිතුරක් නොලැබිණි.
ඉන් පසු යළිත් වරක් අපේ‍්‍රල් 11 වැනි දා අධ්‍යාපන ලේකම්වරයාට අභියාචනයේ පිටපතක් යළිත් යොමු කළ අතර අපේ‍්‍රල් 20 වැනි දා යළිත් සිහිපත් කිරීමක් යොමු කරමින් තොරතුරු නොලැබුණහොත් කොමිසමට පැමිණිලි කරන බව දැනුම් දුන්නෙමු.
තොරතුරු ඉල්ලීම ලැබුණු බව, තොරතුරු ඉල්ලීම ලියාපදිංචි කළ අංකය, තොරතුරු ලබා දීමට කල් ගත වන බව මෙන්ම නම් කළ නිලධාරියාට එය ලැබුණු බව ලිඛිතව දැනුම් දිය යුතු වුවද මාස පහක් ගියත් එය නොලැබිණි. ඒ ගැන තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් කළෙමු. එය විභාගයට ගැනුණේ පසුගිය සතියේය.
අභියාචනය විභාගයට ගැනීමට ඔන්න මෙන්න කියා තිබිය දී අධ්‍යාපන අමාත්‍යංශ තොරතුරු නිලධාරියාගෙන් ලිපියක් ලැබිණි. එහි සඳහන් වූයේ කාරණා දෙකක් මත තොරතුරු ලබා දීමට නොහැකි බවයි. අප ඉල්ලූ තොරතුරු ලබාදීම කෙරෙහි එම කාරණා දෙකම අදාළ නොවීය. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී පැවැති විභාගයේදී අප ඉල්ලූ තොරතුරු ලබා දෙන ලෙස කොමිසම තොරතුරු නිලධාරියාට දැනුම් දුන්නේය.
අපට පමණක් නොව අප දන්නා කිහිප දෙනකුටම අධ්‍යාපන අමාත්‍යංශය මේ වනතුරුත් තොරතුරු ලබා දී නැත. ඒ සියල්ල ලබා දිය හැකි තොරතුරුය.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයද එසේමය. තොරතුරු ඉල්ලීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ ‘ලීගල් ඔෆිසර්’ යැයි කියා ගන්නා කෙනෙක් දුරකතන ඇමතුමක් දුන්නේය. තොරතුරු ඉල්ලන්නේ ඇයිදැයි ඔහු විමසීය. ‘සාමාන්‍ය මිනිහෙක්ට මොකටද මේ තොරතුරු? එහෙම දෙන්න බැහැ.’ ඔහු කීවේය. තොරතුරු ඉල්ලන්නේ කුමක් සඳහාදැයි ඔහු ප‍්‍රශ්න කළ අතර තොරතුරු දීමට නොහැකි නම් එය ලිඛිතව දැනුම් දෙන ලෙස අපි දැනුම් දුන්නෙමු. ඊට ටික වෙලාවකට පසු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කතා කර ‘ ඔයා කවුද? ඇයි මේ තොරතුරු ඉල්ලන්නේ?’ යනුවෙන් විමසීය.
අපි - කලිනුත් කෙනෙක් කතා කරලා ඕකම ඇහුවානේ.
ඔහු - ඒ මගේ ලීගල් ඔෆිසර්. මමයි කිව්වේ අහන්න කියලා.
අපි - ඕනෑම මිනිහෙකුට තොරතුරු ඉල්ලන්න පුළුවන්නේ. ඉතින් ඇයි මෙහෙම ප‍්‍රශ්න අහන්නේ?
ඔහු - එහෙම ඕන කෙනෙක් ඉල්ලවාට දෙන්න බැහැ. මේවා මේ ජාතික ආරක්ෂාවට බලපා දේවල්. (සත්‍ය වශයෙන්ම එම තොරතුරු ජාතික ආරක්ෂාවට අදාළ නැත. එම තොරතුරු අප සතුව දැනටමත් පවතී. අප එය ඉල්ලා සිටියේ නීත්‍යනුකූලව ලබා ගැනීම සඳහා පමණි. මෙම තොරතුරු අපි මීට පෙර ලිපියකදී අපි සඳහන් කළෙමු. මෙවර එම තොරතුරු ඉල්ලීම කළේ එම දත්ත වාර්ෂික පදනමින් වෙන වෙනම ලබා ගැනීම සඳහාය.)
අපි - මේවා ජාතික ආරක්ෂාවට අදාළ නෑ. එහෙම දෙන්න බැරිනම් හේතුව ලිඛිතව දැනුම් දෙන්න.
ඔහු - මට ගැටුමක් ඇති කර ගන්න ඕන නෑ ඔබ සමඟ. මට දැන ගන්න ඕනා ඇයි මේ තොරතුරු ඉල්ලන්නේ කියලා.?
අපි - ඇයි ඒවගේ ප‍්‍රශ්නයක් අහන්නේ? තොරතුරු පනතේ තියෙනවද හේතුව සඳහන් කළ යුතු බව?
ඔහු - අපි දැන ගෙන ඉන්න ඕනෑ. ඔබ කවුද කිව්වේ නැතිනම් මම මිනිස්ටර්ට කියනවා. අපි - ඔබට තොරතුරු දෙන්න බැරිනම් ලිඛිතව දැනුම් දෙන්න.
ඔහු - ඔබ කවුද? මොනවද කරන්නේ කියලා කියන්න.
අපි - මේවා ජාතික ආරක්ෂාවට අදාළ නෑ. එහෙම දෙන්න බැරිනම් හේතුව ලිඛිතවම දැනුම් දෙන්න. මම පත්තරේක වැඩ කරන්නේ. මට මේ විස්තර අවශ්‍ය නිසයි මම තොරතුරු අයදුම්පතක් දැම්මේ.
ඔහු - ඔබ ජර්නලිස්ට් කෙනෙක් කියලා අයදුම්පතේ සඳහන් කරලා නැහැනේ.
අපි - තොරතුරු ඉල්ලන මනුස්සයාගේ රැකියාව අදාල නැහැනේ. මේක ජර්නලිස්ලාට තොරතුරු ගන්නම හදපු පනතක් නෙමේනේ. මේක තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තොරතුරු ගන්නනේ.
ඔහු - ගැටුමකට නෙමෙයි අහන්නේ. දැනගන්නයි අවශ්‍ය. ඔබ කිව්වට ජර්නලිස්ට් කෙනෙක් කියලා අපි කොහොමද දන්නේ?
අපි - අපිට අයිඩින්ටිය දෙන්නේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්නේ. ඒකේ ඩිරෙක්ටර් ජනරාල් ආචාර්ය රංග කලංසූරියගෙන් කතා කරලා අහලා දැනගන්න. ජර්නලිස්ට් කෙනෙක් නෙමෙයි කවුරු වුණත් මෙතනට අදාළ නැහැ.
ඔහු - හරි. කොහොම වුණත් මේ තොරතුරු දෙන්න අමාත්‍යංශයෙන් අහන්න වෙනවා.
අපි - ප‍්‍රශ්නයක් නෑ. මට තොරතුරු දෙන්න. දෙන්න බැරිනම් ලිඛිතව එවන්න. ඔබ එක්ක ගැටුමකට යන්න මට උවමනාවකුත් නෑ. එම සිදුවීම අපි ප‍්‍රවෘත්තී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවධානයට යොමු කර මුහුණු පොතේ සටහනක් දැමුවෙමු. ඉන් පසු මේ සඳහා ආචාර්ය රංග කලංසූරිය මහතා මැදිහත්වීමක් කර තිබිණි. එහෙත් අද වනතුරුත් පුණරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයෙන් අදාළ තොරතුරු ලැබී නැත.
කොළඹ නගර සභාවට සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමු කළ තොරතුරු ඉල්ලීම්වලට ද මේ වන තුරු ප‍්‍රතිචාරයක් නැත. මධ්‍යම පරිසර අධිකාරිය, අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයකින් ද අප තොරතුරු ඉල්ලූ අතර ඒ සියලූම ආයතන නිසි වේලාවට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේය.
උතුරු පළාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව කිව්වොත් ඔබ පුදුම වනු ඇත. යුද්ධය අවසන්වී වසර අටක් පමණ ගත වී ඇතත් මෙතරම් සංඛ්‍යාවකට ජාතික හැඳුනුම්පත් නොමැති බව හෙළිදරවු වූයේ එක්තරා සංවිධානයක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරුවලට අනුවය.
තොරතුරු පනත නොතිබෙන්නට තවත් අවුරුදු ගණනක් යන තුරු එය සැඟවී තිබෙන්නට ඉඩ තිබිණි. විල්පත්තුවේ වන විනාශය ගැන පසුගිය කාලයේ දැඩි කතා බහක් ඇති විය. විල්පත්තු රක්ෂිතය විනාශ කරන බව පිරිසක් කියද්දී තවත් පිරිසක් කීවේ මිනිසුන් පදිංචිව සිටින ප‍්‍රදේශය විල්පත්තුවෙන් පිටත ප‍්‍රදේශය බවයි. තොරතුරු දැන ගැනීමේ පනත අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව පැහැදිලි වූයේ එම ප‍්‍රදේශ රක්ෂිත බවට ගැසට් කර ඇත්තේ 2012 දී බවයි. එනම් යුද්ධයට පෙර ජනතාව පදිංචි වී සිටි ප‍්‍රදේශ රැසක් 2012 දී රක්ෂිත ලෙස ගැසට් කර තිබෙන බව තොරතුරු පනතින් ලබා ගත් තොරතුරුවලින් පැහැදිලි විය.
මෙවැනි සමහර ආයතන නිසි පරිදි තොරතුරු ලබා දුන්නද සමහර ආයතන තවමත් තොරතුරු ලබා දීමට අකමැත්තක් දක්වන බව මීට පෙර සඳහන් කළෙමු. තොරතුරු කොමිෂන් සභාවට ගලාඑන අභියාචන දෙස බැලූ විට එය මනාව පැහැදිලි වෙයි. තොරතුරු කොමිෂන් සභාවට එම පැමිණිලි විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත වන බව අප කළ සොයාබැලීමේදී පැහැදිලි විය. ඊට හේතුව අධික ලෙස පැමිණිලි ගලා ඒම පමණක්ම නොවේ. ආණ්ඩුවෙන් තොරතුරු කොමිෂන් සභාවට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීමද ඊට හේතුවකි. තොරතුරු පනත ගෙන ආ පමණින් ආණ්ඩුවට අත පිස දා ගත නොහැකිය. තොරතුරු කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය මුදල් කලට වේලාවට වෙන් කිරීමද ආණ්ඩුවේ වගකීමකි.
එමෙන්ම තොරතුරු ලබා දීමට මැලි කමක් දක්වන ආයතන හඳුනාගෙන ඒවායේ නිලධාරීන් දැනුම්වත් කිරීමද ආණ්ඩුවේ වගකීමකි. තොරතුරු පනත සමඟ ගැටෙන වෙනත් පනත් 110ක් පමණ හඳුනාගෙන ඇතැයි ද, එම පනත් වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේයැයිද රජය කීවද තවමත් එවැන්නක් සිදු වී නැත. තොරතුරු ලබා ගැනීමේදී අය කරන ගාස්තුව ගැන ප‍්‍රශ්නයද එසේමය. යම් ආයතනයකින් තොරතුරු ලබා දීමේ ගාස්තුවක් දැනටමත් සම්මත කර ඇත්නම් එය දිගටම ක‍්‍රියාත්මක වන බව පෙබරවාරි තුන් වැනි දා නිකුත් කළ ගැසට්ටුවේ සඳහන්ය.
උදාහරණයක් ගතහොත් සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් තොරතුරක් ලබා ගැනීමට රුපියල් 2000කට ආසන්න මුදලක් වැය වේ. පරීක්ෂා කිරීමේ ගාස්තුව සහ පිටපත් ගාස්තුවට අවශ්‍ය බදුද එකතු වූ විට මුදල රුපියල් 1900ක් පමණ වෙයි. තොරතුරක් ලබා ගැනීම වෙනුවෙන් මෙවැනි අධික මුදලක් වැය කිරීම සාමාන්‍ය ජනතාවට නොහැකිය. තොරතුරු ලබා දීමට අය කරන ගාස්තුව වැඩි වන තරමට පනතේ අභිලාෂය යටපත් වනු ඇත.
මෙවැනි ප‍්‍රායෝගික ගැටලූ රැසකට තවමත් විසඳුමක් ලැබී නැත. තොරතුරු පනත නිසි ලෙස ගම්මානවලට ගොස් නැත. මහජන දිනවල රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් ඉදිරිපිට ජනතාවට වැඳ වැටෙන්නට වී ඇත්තේ ඒ නිසාය. තොරතුරු පනතෙන් ප‍්‍රයෝගිකත්වය පිළිබඳ මීට වඩා ජනතාව දැනුම්වත් කළහොත් පනත ගෙන ඒමේ අභිලාශය යථාර්ථයක් බවට පත් වනු ඇත. විවෘත ආණ්ඩුකරණයක් සඳහා කාලයක් තිස්සේ පැවැති නිලධාරී වාදය සහ දේශපාලනඥයන්ගේ හන මිටි අදහස් බාධාවක් බවට පත් වුවත් පනතේ ප‍්‍රායෝගික හැකියාව ගැන තවදුරටත් ජනතාව දැනුම්වත් කළහොත් කාලයක් යද්දී එය යථාර්ථයක් බවට පත් වනු ඇත.
තොරතුරු පනත ක‍්‍රියාත්මක කිරීමේදී දැනට හඳුනාගෙන ඇති ගැටලූ මොනවද? රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම තවමත් ප‍්‍රමාද වී තිබීම, සිවිල් සංවිධාන ප‍්‍රමාණවත් ලෙස ක‍්‍රියාත්මක නොවීම, රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ලබානොදීමේ ආකල්පය, තොරතුරු පනතේ පොදු අධිකාරී අර්ථ නිරූපනය යටතට ගැනෙන පෞද්ගලික අංශයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන තවමත් තොරතුරු සැපයීමට කිසිදු සූදානමක් නොමැතිවීම, පුරවැසියන් තුළ තවමත් පනතේ ප‍්‍රතිපාදන පිළිබද නිසි අවබෝධයක් නොමැති කම ආදී ගැටලූ හඳුනාගෙන තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණිලි ගලා ඒමෙන් පෙනෙන්නේ තවමත් නිලධාරීන් තොරතුරු වසන් කරන බවයි. මේ සඳහා කළ යුත්තේ මොනවාද? තොරතුරු කොමිසමට පැමිණිලි හා අභියාචනා පැමිණෙන ප‍්‍රමාණයෙන් නිලධාරීන් තොරතුරු වසන් කරන බව නිශ්චිතව කිව නොහැකියි. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. නිලධාරීන්ගේ අඩු අවබෝධය. පනතේ තොරතුරු ලබාදීම පිළිබදව පවතින් ව්‍යතිරේකවල අපැහැදිලි බව මෙන්ම තොරතුර ඉල්ලූම්පත‍්‍ර නිවැරදි නොවීම වැනි හේතුද ඒ සදහා පාදක වෙනවා. කෙසේ නමුත් තොරතුරු පනතේ ප‍්‍රතිපාදන පිළිබවදව නිලධාරීන් දැනුම්වත් කිරීම හා අදාල චක‍්‍රලේඛන යොමු කිරීම මගින් නිලධාරීන්ගේ පැත්තෙන් සිදු වන අඩුපාඩු මගහරවා ගත හැකියි. තොරතුරු පනත ගමට ගෙන යෑමට කළ යුත්තේ මොනවාද? පනත ගමට ගෙන යා යුතු යැයි මා අදහස් කරන්නේ නෑ. හැබැයි ගමේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබාගැනීම සඳහා පනත භාවිත කළ යුතු ආකාරය පිළිබදව දැනුම නම් ගමට ගෙන යා යුතුයි. ඒ සදහා ඔවුන්ගේ ප‍්‍රශ්න වලට අදාළව තොරතුරු අයදුම්පත‍්‍ර ඉදිරිපත් කිරීම හා ඒ හරහා ප‍්‍රශ්න විසදාගතහැකි ආකාරය ප‍්‍රයෝගිකව සිදු කිරීම හා එම සාර්ථකත්ව කථා සඳහා ප‍්‍රචාරයක් ලබාදීම මගින් පනතේ ප‍්‍රතිලාභ ගමට සමීප කළ හැකියි. තොරතුරු පනතේ ප‍්‍රායෝගික භාවිතය ගැන ඉගෙන ගන්න අවශ්‍ය කෙනකුට ඒ සඳහා ක‍්‍රමයක් තිබෙනවාද? ආයතනයක් තිබෙනවාද? දැනට විධිමත් පාඨමාලාවක් නැත. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ‍්‍රි ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන් සදහා වැඩමුළු මාලාවක් පවත්වන අතර ජනමාධ්‍ය වේදීන්ට ඒ හරහා අවබෝධයක් ලබාගත හැකියි. ජනමාධ්‍ය අමාත්‍යංශය රාජ්‍ය නිලධාරීන් අරමුණු කරගෙන එක් දින දෙදින හා තෙදින පාඨමාලා පවත්වන අතර ඒ සදහා ආයතන ප‍්‍රධානීන් හරහා තෝරාගන්නා රාජ්‍ය නිළධාරීන්ට පුහුණුව ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක් දින හා දෙදින පුහුණු පාඨමාලා ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පවත්වනවා. ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඉදිරියේදී තොරතුරු අයිතිය පිළිබඳ සහතික පත් පාඨමාලාවක් සැලසුම්කරමින් පවතිනවා. එය ආරම්භවූ පසුව ඒ සදහා සුදුසුකම් ලත් අයට හැදැරිය හැකිය. යම් අයකුට තොරතුරු අයිතිවාසිකම් ගැන හා පනතේ ප‍්‍රතිපාදන හෝ තොරතුරු ඉල්ලීම්ක් පිලිබදව විස්තර ලබාගැනීමට අවශ්‍ය නම් www.rti.gov.lk නැමති වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගතහැකිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් නිසා තොරතුරු නොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හැකියාවක් තිබෙනවාද? මෙම අයිතිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කර ඇති බැවින් තොරතුරු අයිතිවාසිකම කඩවූ පුරවැසියකුට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකියි. ‘නිලධාරීන් දැනුම්වත් කළ යුතුයි’ (තොරතුරු පනත ගැන පුහුණුකරුවකු වන නීතීඥ - ජගත් ලියනආරච්චි ) |
‘පසුවිපරමක් කරනවා’ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය - රංග කලංසූරිය තොරතුරු පනත හා ගැටෙන පනත් එකසිය ගණනක් සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කළා. එවැනි පනත් කිහිපයක යම් යම් සංශෝධන සිදු කිරීම ගැන කථිකාවක් ඇති වී තිබෙනවා. තොරතුරු පනත ගැන නිලධාරීන් දැනුම්වත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් සිදු කරනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් වෙනම ඒකකයක් පවා පිහිටුවා තිබෙනවා. ආණ්ඩුව තොරතුරු පනත ගෙන ආවා වගේම තොරතුරු පනත ගැන පසුවිපරම් කරමින් වෙනස්කම් සිදු කිරීම ගැනත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නවා. |
‘වරප‍්‍රසාදවලට මුවා වී තොරතුරු වහන්න බෑ’ - තොරතුරු කොමිසම දේශපාලකයන්ගේ විදෙස් ගමන් තොරතුරු, දේශපාලකයන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු, පාසල් සංවර්ධන සමිති විගණනයන්, ඉඩම් අත්පත් කර ගැනීමේදී පිරිනැමූ වන්දි සහ පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ තොරතුරු ආදිය ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවේ නියෝග අනුව ආයතන විසින් ලබා දෙනු ලැබූ බව එම කොමිෂන් සභා නිවේදනයක් නිකුත් කරමින් කියයි. මේ වන විට ප‍්‍රධාන අභියාචන පනස් හතරක් සහ වෙනත් නියෝග විශාල ගණනක් නිකුත් කර ඇති බව ද, ඇතැම් අභියාචන දින ගණනාවක් විභාග කළ බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඇතැම් පොදු අධිකාරීන් (ආයතන) ‘වරප‍්‍රසාද’ මත පිහිටා තොරතුරු ප‍්‍රතික්ෂේප කර තිබුණු බවත්, අදාළ තොරතුරු ලබා දීම මගින් පළාත් සභා වරප‍්‍රසාද උල්ලංඝනය වන්නේ කුමන ආකාරයටදැයි හෙළි කිරීමට ඔවුන් අපහොසත් වූ බවත් තොරතුරු කොමිසම නිවේදනය කරයි. බඳවා ගැනීම් ආදිය සිදු කරන්නේ මහජන මුදලින් බැවින් එම තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇති බව කොමිසම අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ක‍්‍රියාවට නැංවීම පිණිස මුල සිටම සම්බන්ධ වී සිටි ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන පියතිස්ස රණසිංහ මහතා ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් බඳවාගෙන ඇති බව ද කොමිසම පවසයි.
තොරතුරු කොමිසමේ ලිපිනය කාමර අංක 203,204 දෙවන පරිශ‍්‍රය, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. |
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොරතුරු පනතට බාල්දී දැමීම
samantha indika Wednesday, 06 September 2017 09:15 AM
5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් ගැන ඒවායේ උත්තර පත්‍ර ද දැන ගැනීමට අවශයි. කොහොමද කොහෙන්ද තොරතුරු ලබාගන්නේ? වැරදි උත්තර වලට මානව හිමිකම් නඩුවක් ගොනුකර දරුවන්ට කර ඇති අසාධාරණයට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය වේ. මේ සඳහා මට උදව් කරන්න.
sam Thursday, 07 September 2017 07:50 AM
මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එකේ සීමාවන් මහජනතාව සහ විශේෂයෙන් මාධ්‍යවේදීන් දැනගත යුතුයි . පනත හරිහැටි ක්‍රියාත්මක වෙනවාද කියා බැලීමට හෝ නිලධාරීන්ගේ නම්‍යතාවය පරීක්ෂා කිරීමට නොව සත්‍ය වශයෙන්ම අවශ්‍ය තොරතුරක් දැන ගැනීමට පමණක් මේ ලැබී තිබෙන තොරතුරු දැන ගැනීමේ නිදහස පාවිච්චි කල යුතුයි. මාධ්‍යකරුවන් අතුරුදහන් කිරීම, මරා දැමීම පැහැරගෙන යාම, පහරදීම වැනි සිදුවීම් බහුල කාලයේ නොතිබුන නිදහසක් දැන් මාධ්‍යවේදීන්ට ලැබුනාම ඔවුන් තමන්ගේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව පේනවා . හරියට හාමතේ සිටින කෙනෙකුට ලැබුන රසවත් අහරකින් ඉස්මුරුත්තාවී අනතුරක් කර ගත්තා වගේ . ලෝකයේ කිසිම රටක තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ "සියලුම තොරතුරු " ලබා දෙන්නේ නැහැ . තමන්ගේ සීමාවන් දන්නා මහජනතාව හෝ මාධ්‍යවේදීන් ඒවා ගැන ප්‍රශ්න කරන්නෙත් නැහැ
පර්යේෂකයෙක් Thursday, 07 September 2017 04:27 PM
අනේ පුලුවන්නම් ඩෙංගු දත්ත අරන් පෙන්නන්න. ඒවා දෙන්නේ නෑ.