IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තෙල් අර්බුදයෙන් බැටකන ජනතාවගේ අඳෝනා නොඇසේද?

‘‘ෂෙඩ්වලට පොලිසියෙන් ආවා. හමුදාවෙන් ආවා. අංකයක් ආවා. කූපන් පතක් ආවා. කෝඩ් එකක් ආවා. ආවේ නැත්තේ තෙල් විතරයි’’ මේ මුහුණු පොතේ සංසරණය වන පෝස්ටුවකි. ඉන්ධන අර්බුදය හමුවේ එය මනාව ගැළපේ. මාළු පාන්වල මාළු නැතිවා සේම කිඹුලා බනිස්වල කිඹුලා නැතිවා සේම ආනමාළුවල මාළු නැතිවා සේම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැත.

පාසල් සතියට දින තුනක් පමණක් විවෘත කිරීම රජය ගෙන ඇති අලුත් තීරණයකි. එබඳු තීරණයක් ගෙන තිබෙන්නේ මාරක වසංගත තත්ත්වයක් හේතුවෙන් නොවේ.

ඉන්ධන නොමැති නිසාය. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් දිළිඳු දූ පුතුන් සතු පරම ධනය අධ්‍යාපනය වේ. එහෙත් ඉන්ධන නොමැති නිසා දූ පුතුන්ට එම පරම ධනය අහිමි වී තිබේ. 

මේ පරිසරය තුළ තමන්ගේ ජීවිතයේ අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයෙන් බැලීමට අපේ දූ පුතුන්ට නොහැකි වී තිබේ. මෙය වචන බවට පෙරළිය නොහැකි මහා මානව ආපදාවකි. මෙවන් ආපදාවකට මුහුණ දුන් සමාජයක් යළි ගොඩ ගැනීම පහසු නැත. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමේ ඛේදවාචකයේ ප්‍රතිඵල දක්නට ලැබෙන්නේ නුදුරු අනාගතයේදීය. එම ප්‍රතිඵල කිසිවිටෙකත් සුබදායක නොවේ. ඉන්ධන අර්බුදය මතුපිටින් පෙනෙන තරම් සරළ නොවන්නේ එහෙයිනි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සමස්ත මගී ප්‍රවාහන සේවයම බිඳවැටී අවසන්ය. ‘‘හෙට බස් දුවන්නේ සියයට තිහක් පමණයි’’ බස් සංගමයේ ප්‍රධානියෝ කියති. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල ශ්‍රම දායකත්වය ඉතා අඩුය. එනිසාම කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් බලාපොරොත්තු විය නොහැක. මෙම තත්ත්වය රටේ නිෂ්පාදනයට මෙන්ම සේවාවලට ඍජුවම බලපායි.

මෙම පරිසරය තුළ ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍රවනු මිස බිඳෙකින් හෝ අඩු නොවේ. මෙම තත්ත්වය තව කොතෙක් කලක් පවතී ද යන්න සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් ද නැත. ‘‘හෙට තෙල් නැවක් එනවා. අනිද්දට තව නැවක් එනවා’’ යැයි මාධ්‍ය හමුවල ප්‍රකාශ වුවද ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැත.

ජනතාවට ඉන්ධන ලබා ගැනීමට නොවිඳිනා දුකක් විඳීමට සිදුවී තිබේ. දින තුන හතරක් දිවා රෑ දෙකෙහි ඉන්ධන පෝලිම්වල දුක් වින්ද ද ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන පොම්පය පෙනෙන මානයට පැමිණි විට අසන්නට ලැබෙන්නේ ‘‘ඉන්ධන අවසන්’’ යන්නය.

මෙයින් කුපිත වන ඇතැම් ජනයා ඉන්ධන පිරවුම්හලේ භූගත ටැංකිය පරීක්ෂා කිරීමට පෙළඹෙති. එය වූ කලි අතිශයින්ම භයානක ක්‍රියාවකි. ඇතැම් විට මුළු නගරයම ගිනි ගැනීමට තරම් හේතුවක් විය හැකිය. ඉන්ධන අර්බුදය එකක් පසුපස එකක් වශයෙන් ඛේදවාචක නිර්මාණය කරමින් තිබෙන්නේ එසේය.

ඉන්ධන පෝලිම්වල මරණ සංඛ්‍යාව 20 ඉක්මවා ගියේය. ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම කිලෝ මීටර් දෙක තුනක් දක්වා තවමත් ඇදී පවතී. මෙම පරිසරය තුළ තව මිනිස් බිලි කීයක් මෙම ඉන්ධන අර්බුදය විසින් ගනු ලබයි ද යන්න පිළිතුරක් නැති ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මෙමගින් කියැවෙන්නේ ඉන්ධන පෝලිමේ විඳින දුක් කන්දරාව අනුව රෝගී තත්ත්වයන් උත්සන්න වන බවය. නැතහොත් නැති ලෙඩ හැදෙන බවය.

කෙසේ වෙතත් ඉන්ධන පෝලිම්වල දුක් විඳීම දින නියමයක් නැති මරණ සහතිකයක් සාක්කුවේ දමා ගැනීමක් බවට පත්වී තිබේ.

ඉන්ධන අර්බුදයේ එක් සමාජ ප්‍රකාශනයක් වන්නේ එය පවුල් ජීවිතවලට තදින්ම බලපාන බවය. දින තුන හතරක් පෝලිම්වල රැඳී සිටින මිනිසාට අඹු දරුවන් සමග කල් ගත කිරීමක් නැත. මානව සබඳතා එසේ බිඳ වැටීම ද බරපතළ ඛේදවාචකයකි.

මෙතරම්ම කටුක අත්දැකීම් විඳිමින් ජීවත්වී තේරුමක් නැත. එසේ ජීවත් වී තේරුමක් ද නැත. ජීවිතය යනු විඳින්නට ඇති දෙයක් විනා විඳවන්නට ඇති දෙයක් නොවේ. ඉන්ධන අර්බුදය නිසා මිනිසාට උරුම වී තිබෙන්නේ විඳින ජීවිතයක් නොව විඳවන ජීවිතයක්ය. මෙම තත්ත්වය සමාජයේ යහ පැවැත්මට මාරාන්තිකය. සියලු කටයුතු පසෙකලා ඉන්ධන අර්බුදය විසඳිය යුතු තරමට ප්‍රශ්නය උග්‍රවී තිබේ.

තෙල් හිඟයේ දී සෑම අයකුටම තෙල් ලබාගත හැකි පරිදි බලශක්ති අමාත්‍යාංශය නව ‘‘ඇප්’’ එකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව වාහනයේ අංකයේ අවසන් අංකයට සතියේ දිනවලින් දින දෙකක් වෙන්කර තිබේ. එය එක් අතකින් ඉන්ධන පෝලිම අඩුවීමට හේතුවකි.

එහෙත් එසේ පෝලිම් අඩුවීමට නම් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබිය යුතුය. අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොමැතිව මොන ක්‍රම හඳුන්වා දුන්නද ප්‍රයෝජනයක් නැත. අතේ ඇති මුදලට ඉන්ධන ලබාගත හැකි පරිසරයක් කවදා උදාවනු ඇද්ද යන ප්‍රශ්නයට කඩිනම් පිළිතුරක් සැපයීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (0)

තෙල් අර්බුදයෙන් බැටකන ජනතාවගේ අඳෝනා නොඇසේද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site