IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තෙල් රටම අවුළුවයි

ඉන්ධන අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙමින් තිබේ. ඩොලර් හිඟය හේතුවෙන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලද මිල ඉහළ ගොස් තිබේ. රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලන පක්ෂ ඉදිරි පළාත්පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් සිටී. 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ඉකුත් බදාදා පස්වරුවේ යෝජනාවලියක් එළිදැක්වූයේය. ‘‘මුළු රටම හරි මගට’’ නමින් එළිදැක්වූ එම යෝජනාවලියේ රටේ ආර්ථිකය නංවාගැනීමේ යෝජනා  ඇතුළත් කොට තිබේ. එම අවස්ථාවට වාසු, උදය, විමල්, මෛත්‍රී, තිස්ස ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂවල නායකයෝ එක්ව සිටියහ. ඉකුත් බදාදා බත්තරමුල්ල මොනාක් උත්සව ශාලාවේදී පැවැති එම වැඩසටහනට විශේෂ අමුත්තෝ දෙදෙනෙක්ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් වන විදුර වික්‍රමනායක සහ ප්‍රේමනාත් සී. දොලවත්ත එම විශේෂ පුද්ගලයෝය. සංවිධායකයන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ට එම අවස්ථාවට ආරාධනා කර තිබුණේ නැත. එහෙත් විදුර වික්‍රමනායක සහ ප්‍රේමනාත් දොලවත්තගේ පැමිණීම සියලු දෙනාගේම විශේෂ අවධානයකට ලක්වූ බවක් දක්නට ලැබිණ.

උදය, විමල්, ගම්මන්පිල සිය කතාවලදී ආණ්ඩුවේ  ආර්ථික ප්‍රතිපත්තියත් මුදල් ඇමතිවරයාගේ ක්‍රියා කලාපයත් දැඩි දෝෂාරෝපණයකට ලක් කළහ. මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විශේෂ සාකච්ඡා වට කීපයක්ම ඉකුත් සතියේදී පවත්වා තිබේ. ඉදිරි මැතිවරණයේදී මුහුණදිය යුතු ආකාරය එහිදී විශේෂ අවධානයකට ලක්වූ බවද ආරංචිමාර්ග සඳහන් කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය  මේ  දිනවල පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්තර බැඳීම කළේ විදේශ කටයුතු ඇමැතිවරයාය. මහාචාර්ය  ජී.එල්. පීරිස් 49 වැනි සැසිවාරය අමතමින් සඳහන් කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑමකට ලක් වුවද අපේ ජනතාවගේ සංවර්ධනය සඳහා වන අයිතිය අපි අඛණ්ඩව තහවුරු කරන්නෙමු.

තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ නවතම වාර්තාවට අනුව ලංකාව ගෝලීය ශ්‍රේණිගත කිරීම ස්ථාන 7කින් වැඩිදියුණු කොට ඇති බවද විදේශ කටයුතු ඇමතිවරයා කීවේය. මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කරන්නටද එහිදී සමත් වූයේය.

විදුලිය කප්පාදු කිරීමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී කෝලාහලයක් කළේය. විදුලිපන්දම් පත්තු කරමින් පාර්ලිමේන්තුවේ සභාවේ විරෝධතාව හේතුවෙන් රැස්වීම කල් තැබීමට පවා කතානායක වරයාට සිදුවූයේය. එම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් හෝ කැඳවා කඩිනම් පියවරක් ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර ඊට නොබියව මුහුණ දෙන බව සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේය. ‘‘අපි පාර්ලිමේන්තුවේ විරෝධයක් පළ කළා. ජනතාවට විදුලි කප්පාදුව පීඩාවක්. විපක්ෂය ලෙස අපි ජනතාවගේ විරෝධය පෙන්නන්න ඕනේ. අපි කළේ වගකීමක්’’ යැයි හරීන් ප්‍රනාන්දු කීවේය. මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු ජිනීවා ගොස් සිය දුක් ගැනවිල්ල ජිනීවා සමුළුවට ඉදිරිපත් කළහ. 

‘‘රංජන් රාමනායකට ජනාධිපති සමාවක් ලබාදෙන බවට බොහෝ පිරිසක් බලාපොරොත්තු වුණා. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලීම් දෙකක් කළා. ආණ්ඩුවේම මැති ඇමතිවරුන් එම ඉල්ලීම් කළා. ඒත් ජනාධිපතිවරයා සමාවක් දුන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක්. එම චෝදනාවට නිශ්චිත දඬුවමක් නියමවී නැහැ. අපි ජාත්‍යන්තර සහාය පතන්නේ ඒ නිසයි’’ යැයි මනුෂ නානායක්කාර කියන්නේය.

මේ අර්බුද මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්ද දියත්කර තිබේ. ‘‘කාන්තා සමිති අලුතින් ස්ථාපිත කරනවා. තරුණ සංගම් ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කියන්නේය. මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රිරෝද රථ හිමියන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා නව සංවිධානයක් ස්ථාපිත කළේය. ඊට මුල් වූයේ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහය.

ශ්‍රී ලංකා පොදුජන ත්‍රිරෝද රථ හිමියන්ගේ සංවිධානය නමින් පිහිටු වූ එම සංවිධානය ශක්තිමත්  කරන බව රොෂාන් රණසිංහ  කියන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකයන් ආසන සංවිධායකවරුන්ට දන්වා ඇත්තේ තම තමන්ගේ ආසනවල පක්ෂ සංවිධාන කටයුතු ශක්තිමත් කරන ලෙසය. මැති ඇමැතිවරුන් මේ වනවිටත් එම කටයුතු ආරම්භ කර ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

පාස්කුදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට ආණ්ඩුව පියවරක් ගන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ දිගින් දිගටම චෝදනා කරති. කාදිනල්තුමා සඳහන් කළේ තමන්ගේ ජනතාවට සහන ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයට කරුණු කියන්නට පටන් ගත් බවයි. අගරදගුරුතුමා ඉකුත් බදාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී එම හමුව සිදු වූයේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය දිනාගැනීම සඳහා ගෙනයන  වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහාය ලබාගැනීම අරමුණ බවද කතෝලික සභාව සඳහන් කරන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා රැස්වී විශේෂ තීන්දු තීරණ කීපයක් ගත්තේය. පක්ෂනායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රටට විශේෂ ප්‍රකාශයක්  කළේය. ‘‘අපි ඕනෑම අවස්ථාවක ආණ්ඩුවෙන් ඉවත්වන්න සූදානම්. අපි හිතන්නේ රට ගැනයි. රටේ ආර්ථිකය ගැනයි. ආණ්ඩුව ඇතුළෙ හිටියට අපි ඕනවෙලාවක එළියට යන්න සූදානම්’’ යැයි දයාසිරි ජයසේකර ශ්‍රීලනිපයේ මතය ප්‍රකාශ කළේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්  ජාතික ජනබලවේගය පක්ෂයේ රැස්වීමක් අමතමින් සිටියදී පුද්ගලයකු සභාව මැදට පැන ඔහුට විරෝධය පළ කළේය.  නිට්ටඹුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී විජිත හේරත්ට එම විරෝධය එල්ල වූ අතර පසුව එම පුද්ගලයා සභාවෙන් පැනගොස් තිබුණේ සිය යතුරුපැදියද එම ස්ථානයේ දමාය. ‘‘අපේ පක්ෂයේ කටයුතු රැස්වීම්වලට දැන් දැන් විරෝධය වැඩිවෙනවා.  මේවා ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ විරෝධය මිස ජනතාවගේ විරෝධයක් නොවේ යැයි ජාතික ජනබලවේගය පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති. මේ අතර ජාතික ජනබලවේගය සැලසුම් කර ඇත්තේ ජනතාවට සහන ඉල්ලා රටපුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටය. එම උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න ඉකුත්දා කොළඹදී පැවැත්විණ. ඉදිරියේදී එම උද්ඝෝෂණ මාලාව රටේ සෑම ප්‍රදේශයකම පවත්වන බවද ජාතික ජනබලවේගය සඳහන් කරයි.

කස්තුරි



අදහස් (0)

තෙල් රටම අවුළුවයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site