IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දවල් මිගෙල් ? දනියෙල් මැති ඇමැතිලා

(ජයතිලක ද සිල්වා)
කුම්භකර්ණ නින්දකින් පසු යහපාලන යාන්ත‍්‍රණය ඇනහිටින්නට ආසන්නයටම පැමිණ ජනතා බලපෑම හේතුවෙන් දෝ දෑස් පිසදා අවදිව ඇති සේය. යුගලකට සිය ඇමැති ධුර අහිමි විය. ජනතා බලපෑම නොවන්නට දෙදෙනාම තවමත් යහතින් ඇමැති ධුරයන්හි රැඳෙනු ඇත. කෙසේ වෙතත්, ඒ දෙදෙනාගේ නික්ම යාමෙහි සමානකම් එතැනින්ම නිම වෙයි. ඔවුන් දෙදෙනා නික්ම ගියේ දෙආකාරයකටය. එයත් එකිනෙක වෙනස් කාරණා මුල් කරගෙනය.

පළමු වැන්න, මඳක් අදිමදි කිරීමකින් පසු , ලෝකයේ හොඳම මුදල් ඇමැති, සේ විරුදාවලි ලද රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීමයි. එහි අක් මුල් සොයා බැලීමෙහි දී ආරම්භය ඇත්තේ 2015 ආන්දෝලනාත්මක මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුවෙහි බව පෙනේ. මෙහි දී එම ගනුදෙනුව පිරික්සීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට පුරෝගාමීත්වය ගත්තේ සම්මුතිවාදී ආණ්ඩුවෙහි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම බව ද නොරහසෙකි.

එහි දී ඒකාබද්ධ විපක්ෂයෙහි සහයෝගය ලැබුණ ද ඔවුන් එම ස්ථාවරයට පිවිසියේ යහපාලනය සඳහා ඔවුන්ගේ කැක්කුම නිසා ද නැතහොත් බරපතළ දුෂණ සහ සොරකම් පිළිබඳ තමන්ට එල්ල වන චෝදනා සහ තමන්ට එරෙහිව ඇති නඩු විභාගවලින් ජනතා අවධානය වෙනත් පැත්තකට හරවන්නට දැයි සැකයෙකි. ඒ අතර සිවිල් සමාජයෙන් ද ප‍්‍රබල විරෝධයක් නැඟී ආවේ කොමිෂන් සභාවෙහිදී රවී කරුණානායක ඇමැතිවරයා පිළිබඳ යම් සාක්ෂි අනාවරණයෙන් පසුවය. වෙනත් සාක්ෂිකරුවන් තමන් පිළිබඳව ඉදිරිපත් කළ කරුණු ගැන කිසිවක්ම නොදන්නා බව ඇමැතිවරයා පැවැසීමෙන් තත්ත්වය වඩා බරපතළ විය. එම පිළිතුර අවංක නොවන බවක් දිස්විණි.

දෙවැන්න, ප‍්‍රකට නීතිවේදියකු පමණක් නොව ශාස්ත‍්‍රීය උපාධි නිසා පමණක් නොව මැතිවරණ සමයෙහි ඔහුගේම ප‍්‍රචාරණයෙන් ද අප දැනගත් පරිදි උගතකු වූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ධුරයෙන් නෙරැපීමයි. මෙම අවස්ථාවෙහි ඔහු ඉවත් කිරීමට මූලිකව කටයුතු කෙළේ ආණ්ඩුවෙහි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම බව සඳහන් කළ යුතුය.

ඔහුගේ නික්ම යාම පැහැදිලිවම රවී කරුණානායක ඇමැතිවරයාගේ නික්ම යාමට වඩා වෙනස් විය. පළමු වැන්න ඉල්ලා අස්වීමක් වුව දෙවැන්න විධායකය කළ ඉවත් කිරීමකි. සිය ඉල්ලා අස්වීම හේතුවෙන්ම එතෙක් දුදනකු යැයි සැලැකුණු රවී කරුණානායක ඇමැතිවරයා සැණෙකින් සාන්තුවරයකුගේ තත්ත්වයට, ආදර්ශමත් මහත්මයකුගේ තත්ත්වයට පත් වූ අයුරු ඇදහිය නොහැකි තරම්ය. යටපත්ව තුබූ මහත්මා සම්ප‍්‍රදායයක් යළි පණ ගැන්වීමෙහි ගෞරවය හතුරන් විසින් පවා ඔහුට පිරිනැමිණි. එහෙයින් සියල්ල අවසානයෙහි ඔහුට සැනැසුම් සුසුමක් හෙළන්නට හැකි වෙතැයි සිතමි.

දෙවැනි අවස්ථාවෙහි රාජපක්ෂ ඇමැතිවරයා දරදඬු ලෙසම නිලයෙහි රැුඳී සිටියේ පක්ෂයෙහි සහ රාජ්‍යයෙහි අධිකාරයනට එරෙහිව සටන් වදින වීරයකුගේ සෙයියාවක් ආරෝපණය කර ගනිමිනි. හුදකලාව වුව ඔහුට ආවඩන්නට ඒකාබද්ධය ඉදිරිපත් විය. තිරයෙන් පිටුපස සිට ඒකාබද්ධ රූකඩ නාටකය මෙහෙයවන හිටපු ජනපති ද , ඒකා අපේ ගමේ එකෙක්” යැයි පවසමින් ආශිර්වාද කෙළේ ගමේකමටම වන්නට බැරිය.

ඉවත් කළ පසු පුවත් සාකච්ඡාවකදී විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කෙළේ රටෙහි සම්පත් විදේශිකයනට විකුණන ඇමැති මණ්ඩලයක සිටීම ලජ්ජාවට කරුණක් බවයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය එබන්දක් සේ පවසන ඔහු එදා ඇමැති මණ්ඩලයෙහි සිටි අවස්ථාවෙහි එයට පක්ෂ වූයේ ඒ වනවිට ඔහු වෙත ලජ්ජා බය නොතුබූ බැවින් විය හැකිය. ඇතැම් විට ලජ්ජා බය ගුණය මෝරන්නට ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයෙන් ඔහුට විරෝධය මතු වීමත් සමඟ වන්නට ඇති. ඇතැමුන් පවසන පරිදි අනාගතයෙහි බාග වෙලාවට ගමේකමටම ලොකු තනතුරක් ලැබෙනු ඇතැයි එතුමා බලාපොරොත්තු තබා ගෙනත් ඇති.

මේ අතර අට ලෝ දහම් සක කැරැකී පෙර දිනක ඇමැතිකම අත්හැරි උත්තමයකුට මෙම අවස්ථාවෙහි වෙනත් ඇමැති ධුරයක් පිරිනැමිණි. කිසි කතාවෙකින් තොරව ඔහු එය භාරගත්තේය. එහෙයින් අපේ ඉහත සඳහන් දෙපළ ද මතු බලාපොරොත්තු සුන් කරගත යුතු නැත.

තවත් කාරණයක් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයාගේ හිතෛෂියකු හා ප‍්‍රබල ඇමැත්තකු ලෙස පිළිගැනෙන මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රසිද්ධ රැස්වීමක කියා තිබුණේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමා එයට ඡුන්දය නොදෙන බවය. එවන් මත තවත් ශ‍්‍රී.ල.නි.ප. මැති ඇමැතියන් ද පවසා ඇත. ඔවුන් මහජන මතය තුට්ටුවකට ගණන් නොගන්නා සේය.

දේශපාලන මැදිහත් වීම් අභිබවා නීතිය සහ සාමය තහවුරු වනු පිණිස තව බොහෝ දෑ කළ යුතු සේය. නික්ම ගිය ඇමැති යුගල ඔවුන්ගේ හැසිරීමෙන් පෙන්වා දී ඇත්තේ ස්වාධීන කොමිෂන් සභා ආදිය පිහිටුවුව ද තවමත් දේශපාලන ඇඟිලි ගැසීම් පවත්නා බවෙකි. ඒ දෙදෙනා පමණක් තක්කඩින් ගණයට වැටෙන්නේ නැත. එම ගණයට වැටෙන තවත් සගයෝ වෙත්. පෙර දින පුරුදු සහ ඇබ්බැහිකම් ලෙහෙසියෙන් අත් හැරිය නොහේ. ඒවා තවමත් පුළුල්ව පැතිර පැවැතී.

නීතිය කඩන්නෝ දේශපාලනඥයෝ පමණක් නොවෙති. දේශපාලන සම්බන්ධතා නිසා හෝ නග්න අවස්ථාවාදය නිසා හෝ ඇතැම් රාජ්‍ය නිලධාරීහු ද එම වරදෙහි බැඳෙත්. මූල්‍ය  දුෂ්කරතා, අවංක නිලධාරීන් දඩයම, මානව සහ ද්‍රව්‍යමය සම්පත් හිඟය ආදිය හේතුවෙන් නීතිය බලාත්මක කරන ආයතන අඩපණව ඇත.

ඇමැති මණ්ඩලයෙහි සාමූහික වගකීම කඩ කිරීම විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාට එරෙහිව නැඟුණු එක් චෝදනාවකි. මෙම ජුගුප්සිත වරදෙහි බැඳෙන ඇමැතිවරු තවත් සිටිත්. ආණ්ඩුවෙහි තවදුරටත් රැඳෙන්නේ ද නැත්නම් තම පක්ෂයේ ආණ්ඩුවක් තනිකර සාදන්නේ ද යන්න පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකකි. එහෙයින්ම ඇමැති මණ්ඩලයෙහි සාමූහික වගකීම බිඳීම එම පක්ෂයෙහි ඇමැතිවරුන්ට එම සිහිනය ලූහු බැඳීමෙහි එක් පියවරක් වී ඇත. තව ද ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නිසා ආණ්ඩුවෙහි ඇතැම් මැති ඇමැතියන් හැසිරෙන්නේ ආණ්ඩුව තුළ සමගිය රකින පරිදි නොවේ. කැඩෙන පරිදිය. ගමේ භාෂාවෙන් කියන්නේ නම් වළං කඬේට පැන්න ගොනා වාගේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොරකින්නේ ඇමැති මණ්ඩල සාමූහික වගකීම පමණක් නොවේ. ඔවුහු පක්ෂ විනය ද නොරකිත්. පක්ෂ සභාපති සහ ජනාධිපති අපහසුවට පත් කරවන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කරත්. පක්ෂය යම් යම් තීරණයන්ට එළැඹි බවට සාවද්‍ය ප‍්‍රකාශ කරත්. එහි දවල් මිගෙල් ? දනියෙල් චරිත එමටය. එම පක්ෂයේ ඇති සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රය නිසා ඒ සියල්ලම වලංගුය. ඔවුහු දඬුවම් නොලබා බේරීමේ වරප‍්‍රසාදය ලද්දෝ වෙත්.

ඇමැති අස්වීම්, අස් කිරීම් ආදියෙන් හිතට නව හයියක් ගෙන හිටපු ජනපති තමා තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සභාපති බව කියයි. එළිපිට පක්ෂය විවේචනය කරයි. ශ‍්‍රී.ල.නි.ප. සභාපති ධුරය ඔහු ප‍්‍රසිද්ධියේම ජනාධිපති සිරිසේන වෙත පිරිනැමූ බවත්, එම සිදුවීම දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන්හි ද වාර්තා වූ බවත් ඔහු නොදන්නවා විය නොහැකිය. ඒ සියල්ල නැතත් හෘද සාක්ෂියක් ඇතොත් ඔහුට එය අමතක වන්නට බැරිය.

මෙම තීරු ලිපියෙන් අප පුන පුනා කියා සිටි පරිදි සභාපති ධුරය නව ජනාධිපති වෙත පිරිනමා සිය හිතවතුන් ද පක්ෂ නායකත්වයට රිංගවන ලද්දේ ජනාධිපතිවරයා පක්ෂය තුළම සිරකරුවකු කරන්නටය. දැන් සිදුවන දෙයින් පැහැදිලි වන්නේ අප කී දේ හරි බවය.                

                     



අදහස් (1)

දවල් මිගෙල් ? දනියෙල් මැති ඇමැතිලා

sathya Thursday, 07 September 2017 10:44 AM

මෙම ලිපිය කියවූ විටදී නියම බත් බැලයන් කවුද? ඇත්තටම කඩේ යන්නේ කවුද? මුදලට හා වාසි ලැබීමට ආත්ම ගරුත්වය පාවා දෙන්නේ කවුද? අපක්ෂපාතී ලෙස පෙනී සිටින්නට උත්සාහ කලද සිතේ ඇති පක්ෂපාතීකම මතුවනබව මහජනතාවට මැනවින් වටහා හත හැකිවේ.අපි නොදන්නා මෙම තීරු ලිපි.ලොල් .

:       7       16

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site