සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය 15 වැනිදා සිට දින 50ක කාලයක් සඳහා වසා දමනු ලැබීය. ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟ හරවාගත් වහාම නැවත බොරතෙල් ගෙන්වා තෙල් පිරිපහදුව යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබිණි.
පිරිපහදුව වසා දැමීම සාධාරණීකරණය කරමින් එය සාමාන්‍ය පියවරක් වශයෙන් හඳුන්වා දීමට බලශක්ති ඇමැතිවරයා මාධ්‍ය හමුවේ දී කොතරම් උත්සාහ දැරුව ද එය වසා දැමීම රට මුහුණ දී සිටින ඩොලර් හිඟයේ බරපතළ ප්‍රතිවිපාකයක් බව සැඟවිය නොහැක. බොර තෙල් ගෙන්වා ගැනීමට රටට ඩොලර් නැත. තවදුරටත් ඉන්ධන ගෙන්වා ගැනීම ද කළ හැක්කේ ලබන පෙබරවාරි මාසය දක්වා පමණක් බව ද ඇමැතිවරයා කියා තිබිණි. අපේ රට මුහුණ දී සිටින කටුක යථාර්ථය මෙයයි.
රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නය පසුගිය කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ යෝජනාවක් ද එහිදී සාකච්ඡා වී තිබුණ ද අවසන් නිගමනයකට එළඹ තිබුණු බවක් ප්‍රකාශ නොවීය. රට ආර්ථික වශයෙන් කරවටක් එරී සිමෙන්ති ගෑස්, භූමිතෙල් මදිවාට පෙට්රල්, ඩීසල් ලබා ගැනීම සඳහා ද ජනතාව පෝලිම් ගැසෙන තත්ත්වයක් උද්ගතව තිබිය දී ඩොලර් සංචිතය ශක්තිමත් කර ගැනීමට තීන්දු නොගැනීම මුළු රටම බරපතළ අර්බුදයකට ඇද දැමීමකි. අවශ්‍යම තීන්දුවක් ගැනීම ප්‍රමා ද කිරීම අර්බුදය ඔඩු දිවීමකි.
කෙසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මේ අවස්ථාවේ හැටියට තිබෙන එකම විකල්පය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉහත සඳහන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී සඳහන් කර තිබිණි. රටේ පවතින ඩොලර් හිඟය බරපතළ බැවින් තවත් අමාත්‍යවරුන් කිහිප දෙනකු ද පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර අරමුදලින් හෝ ණය ලබාගත යුතු බවය. එහෙත් වාසුදේව නානායක්කාර සහ බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම එහිදී ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර අරමුදලින් ණය ලබා ගැනීමට ගියහොත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත්වීමට සිදුවන බවය. එම කොන්දේසි ඉටුකර ජනතාව හමුවට යා නොහැකි බවය. මේ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම තවදුරටත් ඇදෙමින් තිබේ.
කොන්දේසි විරහිතව ණයක් ලබා දීමට ග්‍රාමීය බැංකුවක් හෝ සූදානම් නැත. මේ යථාර්ථය අමතක කර ජාත්‍යන්තර අරමුදලට වඩා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදීමට ඇමැතිවරුන් තීන්දු කරන්නේ නම් එතැන ඉස්මතු වන්නේ රට මකබෑ වුණත් තමන්ට වැදගත් වන්නේ ඡන්දය ලබා ගැනීම පමණක් බවට වන පවිටු චේතනාව පමණි. රට අද මුහුණ දී සිටින සැබෑ තත්ත්වය තවදුරටත් ජනතාවගෙන් වසන් කිරීමට දරන උත්සාහය අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් බව මේ ඇමැතිවරුන් වටහාගත යුතුය. ගෑස්, තෙල්, සිමෙන්ති, කිරිපිටි, ඖෂධ ගෙන්වීමට පමණක් නොව ඉදිරියේ දී සිදුවිය හැකි කෘෂි නිෂ්පාදන අඩුව සැපිරීම සඳහා ඒවා ගෙන්වා ගැනීමට ද අවශ්‍ය වන්නේ ජනතාවගේ ඡන්ද නොව ඩොලර් බව තේරුම් ගැනීමට අර්ථ ශාස්ත්‍ර විශේෂඥයන් වීමට අවශ්‍ය නැත. කුඩා දරුවකුට වුව ද එය තේරුම් ගැනීම අසීරු නැත.
රටේ වත්මන් විදේශ සංචිතය ඔක්තෝබර් අවසානයේ දැක්වුණේ ඩොලර් බිලියන 2.3ක් වශයෙනි. එය ප්‍රමාණවත් වන්නේ මාස දෙකක ආනයන සඳහා පමණි. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැයට අනුව රටේ සමස්ත ආදායම සහ ආධාර ලැබීම්වල එකතුව රුපියල් බිලියන 2.284කි.
සමස්ත වියදම සඳහන් වන්නේ රුපියල් බිලියන 3912 ක් වශයෙනි. තත්ත්වය එසේ තිබියදීත් ඩොලර් අර්බුදය විසඳීමට අයවැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මගින් රටේ ආර්ථික තත්ත්වය පහළම මට්ටමකට ඇද දමා තිබේ. මේ සියලු අවාසිදායක නිර්ණායක හමුවේ රටට ඉතිරිව ඇති එකම විකල්පය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්ව තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකාව මීට පෙර ද එම අරමුදලේ සහාය ලබාගෙන ආර්ථිකය යහපත් අතට හරවා ගත් බව ද මෙහිදී අමතක කළ යුතු නැත.
නැගෙනහිර ආසියානු රටවල් මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් 1990 දශකයේදී තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය පමණක් නොව දකුණු කොරියාවේ පවා මුදල් ඒකක ඩොලරය හමුවේ කඩා වැටුණි. එය කොතරම් දරුණු තත්ත්වයක් වී දැයි කිවහොත් මේ ඇතැම් රටවල විදේශ ණය ගෙවීම් පැහැර හැරී ඒවා ‘බිලියන් ඩොලර්’ අර්බුදයක් බවට පත්විය. එරට ආණ්ඩු මුහුණ දුන් අර්බුදයෙන් ගොඩ ඒමට ජනතාව තමන් සතු රන් ආභරණ පවා රාජ්‍ය බැංකුවලට පරිත්‍යාග කළහ. අවසානයේ එම රටවල් හැරුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතටය. එමගින් සලස්වා දුන් ණය පහසුකම් මගින් ඒ රටවල ආර්ථිකය ස්ථාවර විය. වසර කිහිපයක් තුළ දී තම දෙපයින් නැගී සිටීමට තරම් ශක්තිමත් වූ එම රටවල් අද ආසියාවේ දැවැන්ත ආර්ථිකයන්ට හිමිකම් කියයි.
අපේ රටට පමණක් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරහං ය. සැබෑ තත්ත්වය දකින කැබිනට් ඇමැතිවරුන්ගේ හඬ යටපත් වී ගොස් බඩගොස්තරවාදී දේශපාලන මතවාද හේතුවෙන් රට ගොඩ ගැනීමට ඇති එකම විකල්පය ද ගිලිහී ගියොත් රටට අබසරණය.
(***)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලන වාසි නොබලා යථාර්ථයට මූණ දෙන්න