IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දූෂණ මර්දනයට එන පනත නාමමාත්‍රයට සීමා නොකරනු

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත අප්‍රේල් මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දූෂණය, වංචාව ඇතුළු ඉහළම මට්ටමින් සිදුකෙරෙන සොරකම් නැවැත්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට කිසිවකුටත් විරුද්ධ විය නොහැක. එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එයට සහයෝගය ලබාදී පනතේ කිසියම් හෝ අඩුපාඩුවක් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර පනත සම්මත කරගැනීමට සියලු‍ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුය. එවැනි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇතැයි අපි නොසිතමු.

එහෙත් නිසැකවම ගැටලු‍ මතුවන්නේ එවැනි පනතක් ක්‍රියාත්මක කිරීමට යාමේදීය. විශේෂයෙන් බලවත් පුද්ගලයකුට එරෙහිව මෙවැනි පනතක් යොදාගැනීමේ දී නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන් මුහුණදෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳ අපට තිබෙන අවබෝධය හේතුවෙන් එසේ කීමට අපි මැලි නොවෙමු.

අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දූෂණ සහ වංචා සමඟ එකට බැඳී පැවතීම රටට මහත් කැළලකි. එය කොතරම් බරපතළ ගැටලු‍වක් වී දැයි කිවහොත් රටේ ආර්ථිකයට යන්තමින් හෝ හුස්ම ගැනීමට ඉඩක් සැලසූ මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාදීමේදී රටේ පවතින දූෂණ සහ වංචාව පිටුදැකීමට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විධිමත් නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීමද එක් කොන්දේසියක් වශයෙන් හඳුන්වා දී තිබේ.

එය එක් පැත්තකින් මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමට ඉහළම මට්ටමින් සිදුවූ දූෂණ සහ වංචා ද හේතුවූ බවට නිල වශයෙන් පිළිගැනීමක් ලබාදීමකි. ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතු බවට වන පිරුළට අනුව මෙය ගළපා ගත් විට දූෂණ සහ වංචා හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකයක් යළි ගොඩගැනීමට නම් දූෂණ සහ වංචා දුරු කිරීමකින් තොරව එය සිදුකළ නොහැකි බව පිළිගත යුතුය.

කෙසේ වුවද මේ රටේ පවතින නීති පද්ධතිය තුළ හඳුන්වා දී තිබෙන අල්ලස් හෝ දූෂණ විරෝධී පනත ද දූෂණ සහ වංචා දුරු කිරීමට ඉතා සක්‍රීයව යොදාගත හැකි ශක්තිමත් පනතක් බව මේ රටේ බොහොමයක් නීති විශාරදයන්ගේ පිළිගැනීමය. එහෙත් ගැටලු‍ව වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මුහුණ දීමට සිදුවන තාක්ෂණික සහ ප්‍රායෝගික ගැටලු‍ය. 

තමන්ට අත්පත් කරගත නොහැකි දේපළක් භුක්ති විඳින්නේ කෙසේදැයි සිදුකරන පරීක්ෂණයකට පෙනී සිටින්නැයි අල්ලස් හෝ දූෂණ මර්දන නිලධාරීන් විසින් කරනු ලැබූ කැඳවීමකට පිළිතුරු වශයෙන් තමා නයකුගේ දෂ්ට කිරීමට ලක්වූ බව ප්‍රකාශ කර එයින් ගැලවී යාමට දේශපාලකයකු ක්‍රියා කළ ආකාරය සැමට මතකය.

සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හට ගත්තත් එම චූදිත දේශපාලනඥයා රැකගැනීමට ඉතා බලවත් පුද්ගලයන් ඉදිරිපත් වූ බැවින් එම පරීක්ෂණය එතැනින් නැවතුණි. කොතරම් ශක්තිමත් මුළු ජාත්‍යන්තරයම පිළිගන්නා දූෂණ විරෝධී පනතක් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක වන්නේ ඉහත ආකාරයටම නම් එවැනි පනතක් නමට පමණක් පවතින පනතක් බවට පත්වීම වැළැක්විය නොහැක.

එසේ වුවද යහපාලන ආණ්ඩුව මගින් වඩාත් ශක්තිමත් කරන ලද එම පනත යටතේ ඒ කාලයේදී බරපතළ ගණයේ දූෂණ සහ වංචා කිහිපයක් අල්ලාගෙන එහි වරදකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවද සඳහන් කළ යුතුය. දූෂණ සහ වංචාවලට එරෙහි පනතක් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණක් නොවේ. එය දේශපාලනඥයන්ට එරෙහිවද එකසේ ක්‍රියාත්මක විය යුතුය. මේ රටේ සිදුව ඇති බොහොමයක් බරපතළ ගණයේ වංචා සහ දූෂණ පිටුපස දේශපාලනඥයන් සිටින බව ප්‍රකට රහසක් බැවිනි.

දකුණු ආසියාවේ නොව ලෝකයේ හොඳම දූෂණ සහ වංචා මර්දන පනත සම්මත කරගත්තත් එම පනතින්ද සිදුවන්නේ තෝරු හෝ මෝරුන් බේරා හාල්මැස්සන් පමණක් කොටුකර ගැනීම පමණක් නම් ජනාධිපතිවරයාගේ යහපත් අරමුණු මුදුන්පත් කර ගැනීමට එයින් පිටිවහලක් ලැබෙන්නේ නැත. නව දූෂණ මර්දන පනත එවැනි දුර්වලතා මගහැර සකස් කෙරෙන ශක්තිමත් පනතක් වනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

(***)



අදහස් (2)

දූෂණ මර්දනයට එන පනත නාමමාත්‍රයට සීමා නොකරනු

Warnasinghe Sunday, 02 April 2023 07:25 AM

කොතරම් තද නීති ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ මේ හිටපු නිලධාරින්ම නම්?

:       0       2

CC Monday, 03 April 2023 10:58 AM

සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණය හා වංචාව මැඩලීම සඳහා ස්වාධීන ප්‍රගති විමර්ෂණ හා පසුවිපරම් යාන්ත්‍රණයක් නිසි බල අධිකාරිය සහිතව ස්ථාපිත කළ යුතුයි එහිදී අදාළ ඇස්තමේන්තුවේ සිට මුල මැද හා අග වශයෙන් සහ අදාළ ව්‍යාපෘතියෙහි අදාළත්වය හා ප්‍රමුඛතාවය පවා මැන බැලෙන විධිමත් යාන්ත්‍රණයක් විය යුතුවේ. ඒ සඳහා නිසි දඬුවම් අධිකරණය හරහා පැවරිය හැකි ක්‍රමවේද ස්ථාපිත විය යුතුයි. එමෙන්ම එය තොරතුරු පනත මගින් ලැබෙන තොරතුරු අනුවද විමර්ෂණ ආරම්භ කළහැකි ආකාරයට සැකසිය යුතුවේ. නැතිනම් බොහෝ පළාත් සභා ප්‍රදේශිය සභා මධ්‍යම රජයේ ව්‍යාපෘතිවලින් මේ දෙගොල්ලන්ම ගසාකෑම නැවත්විය හැකි නොවනු ඇත. තැතිනම් රටට අවශ්‍ය නැති ව්‍යාපෘති බෝහෝ බිහිවනු ඇත. අදාළ අවශ්‍ය ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය ඉතා පිරිහී එය සුළු ජීව කාල සීමාවකට සීමාවනු ඇත. දේශපාලුවන් හා ඔවුන්ගේ කොන්ත්‍රත්කරුවන් හෙන්චයියන්, සහ‍ාය දෙන කූට රාජ්‍ය නිලධාරීන්.... අතිවිශාල වශයෙන් අයුතු ධනය උපයනු ඇත. ව්‍යාපෘතිය කෙටි කලකින් විනාශ වී යෑමෙන් ජනතාවට ප්‍රතිලාභ කෙටිකලකින් අවසන් වනු ඇත. ණයට ගත් අරමුදල් විනාශ වී රට නැවත ණය උගුලකට හිරවනු ඇත අවසානයේ රට බංකොලොත් වී ජනතාව මතම නැවත වන්දි ගෙවීම පැටවෙනු ඇත...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site