ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන සාධකයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානතම සාධකයක් වන නිසාම ලෝකයේ ශිෂ්ඨාචාරවල ආරම්භය සිදුවූයේ ද ගංගා ආශ්‍රිතවය.
බුදුන්ගේ සමයේ දී රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීමට නොහැකිව ශාක්‍ය හා කෝලිය වංශිකයන් ඇන කොටා ගැනීමට යාමෙන්ම ජලයේ වැදගත්කම මනාව පෙන්වා දෙයි. ජලය නිසා ගහ මරා ගන්නා තැනට පත්ව සිටින රටවල් වෙනුවෙන් මෑත කාලීන හොඳම උදාහරණ දෙන්නේ ඉන්දියාව, බොලීවියාව සහ ශ්‍රී ලංකාවයි.
රවී සහ බෙයාර්ස් ආදී හිමාලයෙන් එන ගංගා ඉන්දියාවෙන් පාලනය කිරීමට ගැනීමත් සමඟ පකිස්තානයට යන ජලය ගැන ගැටලු මතුවන්නට විය. අවසානයේ එය කෙළවර වූයේ රටවල් දෙකක් අතර මහා මතබේදයක් නිර්මාණය කරමිනි. පංජාබ් ප්‍රාන්තය කෑලි දෙකකට බෙදුණු අතර මේ වන විට දහස් ගණනකගේ ජීවිත අහිමිවී ඇතත් ප්‍රශ්නය තවම අවසන් නැත.
බොලීවියාවේ කොචබම්බාහි ජලය පෞද්ගලීකරණය කිරීමෙන් පසු ජල මිල ඉහළ ගිය අතර ඊට එරෙහිව මිනිස්සු දහස් ගණනක් පාරට බැස විරෝධතා පැවැත්වූහ. එරට රජය උද්ඝෝෂණ මර්දනය කළේ යුද හමුදාව ලවා වෙඩි තැබීමෙනි. ජීවිත පහක් එයින් අහිමි විය. එයිනුත් නොනැවතුනු මහජන නැගිටීම හමුවේ ජලයේ අයිතිය යළිත් වරක් ජනතාවට ලබා දීමට බොලීවියාවට සිදු විය.
ජලය නිසා ජීවිත අහිමි වූ ඊළඟ හොඳම උදාහරණ ගම්පහ රතුපස්වලයි. කම්හලකින් පිටවීයැයි කියන විෂ සහිත අප ජලය භූගත ජලයට මිශ්‍ර වීමෙන් ප්‍රදේශයේ ගම්මාන 29ක පමණ ජලය අපවිත්‍ර විය. එම විසෙන් එකා දෙන්නා මිය යද්දී ජනතාව පාර බැස්සහ. උද්ඝෝෂණ පාලනය කිරීමට යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මරු මුවට පත්වූහ. එයින්ද නොනැවතුණු ජන නැගීටීම හමුවේ ප්‍රශ්න ගත කම්හල රතුපස්වලින් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදු විය.
ලංකාවේ අලුතෙන් ඉදිවෙමින් තිබෙන උතුරු උතුරුමැද වාරි ඇළ නිසා ද ඉදිරියේදී ඇතිවිය හැකියැයි කියන අර්බුදයක් ගැන පරිසරවේදීහු වටින් ගොඩින් ප්‍රශ්න මතු කරති. ඔවුන් කියනුයේ ලංකාවේ ජල ගැටලුවට එකම විසඳුම පැරණි වාරි පද්ධතිය යළි ප්‍රතිශ්ඨාපනය කිරීම බවයි.
බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා මවිතයට පත් කළ පුරාණ ලංකාවේ වාරි තාක්ෂණය ගැන සහ ඊට වර්තමානයේ අත්වී ඇති ඉරණම ගැන හෙළිදරව් කිරීම මෙම ලිපි පෙළේ අරමුණ වන අතර මේ එහි පළමු පියවරයි.
ලංකාවේ ජනවාස සහ වාරි ඉතිහාසය
මහවැලි කැලණි කළු වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා
පී බී අල්විස් පෙරේරා මහතාගේ එම කවි පන්තියෙන් කියැවෙන්නේ ලංකාවේ ප්‍රධාන ගංගා ගැනයි. කවියා මෙම ගංගා සියල්ල පටන් ගන්නේ සමනොළ කන්ද මුදෙනන් කීවද මේ සියල්ලේ ආරම්භය මධ්‍යම කඳුකරයයි. ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ ආරම්භ වන්නේ හැටන් ප්‍රදේශයේ සිට ගලා බසිනා ජල දහරා කිහිපයක එකතුවෙනි.
ලංකාවේ ගංගා ගැන දහස් දක්වමින් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ කීවේය.
‘‘ලංකාවේ ප්‍රධාන ගංගා 103ක් තිබෙනවා. මේ ගංගා 103න් බහුතරයක් පටන් ගන්නේ මධ්‍යම කඳුකරයෙන්. මධ්‍යම කඳුකරයට වැටෙන වර්ෂා ජලය තමයි බෙදිලා යන්නේ. ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකෙන්නේ මහවැලි ගඟ. මඟුරු ඔය කියලා ගංගාවක් තිබිලා තියෙනවා. මාතලෙන් පටන් අරගෙන හලාවත තුන් මෝදරින් ඉවර වුණු ඒ ගංගාව දැන් මැරිච්ච ගඟක්. මේ ගංගා 103 අතු ගංගා ගණනාවකට බෙදෙනවා. භූගෝල විද්‍යාත්කමව, ජල විද්‍යාත්මකව, සත්ත්ව විද්‍යාත්මකව ගංගාවල වැදගත්කම් තිබෙනවා. මත්ස්‍ය විද්‍යාත්මකවත් කලාප නම් කරලා තිබෙනවා. එකක් මහවැලි කලාපය. අනික අත්තනගලු නදී ඉඳන් නිල්වලා ගඟ වෙනකම් කලාපය. අනිත් කලාප දෙක තමයි නිරිතදිග කලාපය සහ අතරමැදි කලාප. ‘‘
පහත ඡායාරූප දෙකේ දැක්වෙන්නේ ලංකාවේ ගංගා ද්‍රෝණි සිතියමයි. (උපුටා ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 1990/2000 සහ 2016/207 වාර්ෂික වාර්තාවලින්)
ලංකාවේ ප්‍රධාන ගංගා නිම්න පහත වගුවේ දැක්වේ.
අංකය |
ගංගා නිම්නය |
පෝෂිත ප්‍රදේශය (වර්ග කිලෝමීටරවලිනි) |
1 |
කැලණි ගඟ |
2340 |
2 |
බොල්ගොඩ ගඟ |
396 |
3 |
කළු ගඟ |
2839 |
4 |
බෙන්තර ගඟ |
667 |
5 |
මාදු ගඟ |
69 |
6 |
මාදම්පේ ගඟ |
90 |
7 |
තල්වත්ත ගඟ |
41 |
8 |
රත්ගම |
13 |
9 |
ගිං ගඟ |
915 |
10 |
කොග්ගල ගඟ |
55 |
11 |
පොල්වත්ත ගඟ |
232 |
12 |
නිල්වලා ගඟ |
1043 |
13 |
සීනිමෝදර ඔය |
35 |
14 |
කිරම ඔය |
183 |
15 |
රැකව ඔය |
70 |
16 |
ඌරුබොක්ක ඔය |
373 |
17 |
කාචිගල්ආර |
208 |
18 |
වලවේ ගඟ |
2424 |
19 |
කරගං ඔය |
60 |
20 |
මලල ඔය |
409 |
21 |
ඇඹිලිකලා ඔය |
69 |
22 |
කිරිඳි ඔය |
1156 |
23 |
බම්බාවේ ආර |
66 |
24 |
මහාසීලව ඔය |
13 |
25 |
බූටාව ඔය |
37 |
26 |
මැණික් ගඟ |
1301 |
27 |
කටුපිල ආර |
111 |
28 |
කුරුන්ද ආර |
99 |
29 |
නාබදගස් ආර |
110 |
30 |
කරඹේ ආර |
54 |
31 |
කුඹුක්කන් ඔය |
1227 |
32 |
බගුර ඔය |
93 |
33 |
ගිරිකුල ඔය |
14 |
34 |
හෙළව ආර |
38 |
35 |
විලා ඔය |
472 |
36 |
හැඩ ඔය |
615 |
37 |
කරඳ ඔය |
425 |
38 |
සැමන් ආරු |
72 |
39 |
තාන්ඩිඅඩි ආරු |
20 |
40 |
කංගිකඩිච්චි ආරු |
78 |
41 |
රුෆුස් කුලම් |
27 |
42 |
පන්නල් ඔය |
195 |
43 |
අම්බලං ඔය |
112 |
44 |
ගල් ඔය |
1911 |
45 |
ඇඳැල්ල ඔය |
534 |
46 |
තුන්පන්කේනි |
18 |
47 |
නාමකන්ද ආරු |
12 |
48 |
මන්ඩිපත්තු ආරු |
90 |
49 |
පතන්ටොප්පු ආරු |
101 |
50 |
වෙට්ආරු |
22 |
51 |
උන්නිච්චායි |
304 |
52 |
මුන්ඩේනි ආරු |
1373 |
53 |
මියන්ගොල්ල ඇල |
228 |
54 |
මාදුරු ඔය |
1439 |
55 |
පුලියන්පොට ආරු |
87 |
56 |
කිරිමෙච්චි ඕඩයි |
89 |
57 |
බෝදිගොල්ල ආරු |
132 |
58 |
මන්දන් ආරු |
26 |
59 |
මකරච්චි ආරු |
59 |
60 |
මහවැලි ගඟ |
10266 |
61 |
කන්තලේ ආරු |
437 |
62 |
පාලම්පොට්ටු ආරු |
97 |
63 |
පාන්න ඔය |
164 |
64 |
පාන්කුලම් ආරු |
377 |
65 |
කුන්චිකුම්බන් ආරු |
245 |
66 |
පලකුට්ටු ආරු |
8 |
67 |
යාන් ඔය |
1518 |
68 |
මී ඔය |
89 |
69 |
මා ඔය |
1042 |
70 |
චුරිය ආරු |
105 |
71 |
චාවර් ආරු |
35 |
72 |
පල්ලඩි ආරු |
66 |
73 |
මනල් ආරු |
194 |
74 |
කොඩලිකල්ලු |
92 |
75 |
පෙර් ආරු |
392 |
76 |
පාලි ආරු |
70 |
77 |
මරුතපිල්ලෙයි ආරු |
36 |
78 |
තෙර්විල් ආරු |
104 |
79 |
පිරිමන්තල් ආරු |
91 |
80 |
මාතෙයි ආරු |
114 |
81 |
කනකරායන් ආරු |
604 |
82 |
කල්වලප්පු ආරු |
68 |
83 |
අක්කරායන් ආරු |
244 |
84 |
මන්ඩකල් ආරු |
208 |
85 |
පල්ලවරායන් කඩ්ඩු ආරු |
311 |
86 |
පාලි ආරු |
451 |
87 |
චප්පි ආරු |
79 |
88 |
පරංගි ආරු |
770 |
89 |
නයාරු |
717 |
90 |
අරුවෙයි ආරු |
3291 |
91 |
කල් ආරු |
210 |
92 |
මෝදරගම් ආරු |
1001 |
93 |
කලා ඔය |
2526 |
94 |
මූන්ගිල් ආරු |
78 |
95 |
මී ඔය |
1555 |
96 |
මදුරංකුලි ආරු |
128 |
97 |
කලගම්මුනේ ඔය |
169 |
98 |
රතඹල ඔය |
244 |
99 |
දැදුරු ඔය |
2622 |
100 |
කරම්බල ඔය |
693 |
101 |
රත්මල් ඔය |
341 |
102 |
මහ ඔය |
1470 |
103 |
අත්තනගලු ඔය |
811 |
ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් මානවයන් කලාප හයක් පදනම් කරගනිමින් ජීවත් වී තිබෙන බව ඉතිහාසඥයෝ කියති. අර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියළි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුරට වියලි අතරමැදි කලාපය සහ ශුෂ්ක කලාපය එම කලාප හයයි. මෙම කලාප තීරණය කිරීමේදී ප්‍රධානම සාධාකය ලෙස ගෙන ඇත්තේ වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්වීම් බව සැලකේ. ආදි මානවයන් ජීවත් වී ඇත්තේ ඔවුනට පහසුවෙන් ජලය සොයා ගැනීමට හැකි සහ ගල් අයුධ සකස් කර ගැනීමට පහසු තැන් වල බව කියැවේ.
ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති ප්‍රාග් ඓතිහාසික ස්ථානවල ව්‍යාප්තිය දැක්වෙන සිතියමක් පහත දැක්වේ. (සිතියම උපුටා ගැනීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතෙනි.)
ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 වන තුරු ලංකාවේ මුල් ඓතිහාසික යුගයේ දී ජනාවාස ව්‍යාප්තියේ ප්‍රධාන සාධයකයක් වී ඇත්තේ කුඩා ගම්වැව්ය. ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්ගේ පුරාණ වැව් ගම්මාන කෘතියෙහි ගමික වැව් හඳුන්වා ඇත්තේ මෙලෙසය.
‘‘ගමික වැව් ලෙස හඳුන්වනු ලබන්නේ ගම් මට්ටමින් සාදා ගමේ කෘෂි අවශ්‍යතාවය හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඉදි කළ වැව්ය. මේ වැව් අවශ්‍යතාවය මත අක්කරය දෙකේ සිට ඉතා විශාල වැව් දක්වා වර්ධනය වේ. වියළි කලාපයේ බොහෝ තැන්වල මෙම ගමික වැව් දැකගත හැකි අතර දැදුරු ඔය නිම්නයේ හිරියාල ආසනයේ පිහිටා ඇති පන්නව වැව, උයන්ගල්ල වැව, නින්දගම වැව මෙවැනි ගමික වැව්වලට උදාහරණයන්ය.‘‘
නටබුන්ව ගිය එවැනි කුඩා වැව් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව තිබේ. මුල් ඓතිහාසික යුගයේ දී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් විය. එකක් මෝසම් වාර්ෂාවයි. වියලි කාලවලදී ජලය ලැබුණේ ගංගාවලිනි. ගංගා ජලය කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගනිද්දි ගංගා හරහා අමුණු බැඳ ජලය රැස් කර ගැනීම සිදු කැරුණු අතර අවශ්‍ය තැන්වල ජලය ගෙන යෑම සඳහා ඇල මාර්ග සකස් කිරීම සිදු විය. ක්‍රිස්තුපූර්ව ක්‍රි:පූ 437 - 367 අතර කාලයේ ජීවත් වූ පණ්ඩුකාභය රජතුමා විසින් සකස් කරන ලදැයි කියන බසවක්කුලම හෙවත් අභය වැවේ සිට වැව් බැඳි ඉතිහාසය ගැන විවිධ සාධක වරින් වර මතුවී තිබේ.
පහත සිතියමේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම ගම්වැව්වල ව්‍යාප්තියයි. (උපුටා ගැනීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොත)
ජලය සහ පුරාණ ලාංකිකයන් අතර ඇති බිඳිය නොහැකි සම්බන්ධය ලංකාවේ ඉතිහාසය පුරාම දිවෙයි. බසවක්කුලම වැවේ සිට ලංකාවේ දහස් ගණනක් වැව් ඉදි කැරුණු අතර වැසි නැති කාලවලදී ආර්ථිකය සවිමත්වීම කෙරෙහි මෙම වාරි පද්ධතිය බලපෑවේය.
මතු සම්බන්ධයි....
සැකසුම - තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවි රකින දිය කඳුර