IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නීතිය පසෙක දමා හිතෙන දේ කිරීම


කෝවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මහත් ව්‍යසනයක් සිදුකරමින් සිටින අවස්ථාවක සංහිදියා කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදීම රජයට කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. 

වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව මධ්‍යයේ ශ්‍රී ලංකාව අරබයා නව ගැටලු මතුකරන්නටත් එය සමත්ව තිබේ. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙන්ම රජයේ ආයතන වසංගත තත්ත්වයට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද, නීතිය හා සාමය සුරකින පද්ධතියේ දුර්වලතා සම්බන්ධයෙන්ද වඩ වඩාත් ගැටළු මතුවෙමින් තිබේ. 

මෙම ගැටළු නිරාකරණය කරගැනීම සදහා ව්‍යවස්ථාමය සහ අධිකරණමය පද්ධතීන් මැදිහත් විය යුතුව ඇත.

වසංගතයේ පළමු රැල්ල සමයේ දී රජය ඉතා කාර්යක්ෂමව ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ආසාදිතයන් ප්‍රමාණය පහත දමා ගැනීමට සමත් විය. ඒ අතරවාරයේ ඇතැම් දේශපාලකයින් සහ නිීතිවේදීන්, ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ ව්‍යවස්ථාදායකමය පසුබිම සහ එසේ රජය දැක්වූ ප්‍රතිචාරවල නෛතිකභාවය ප්‍රශ්න කිරීමට ලක් කළහ. 

අද දක්වාම, වසංගත තත්ත්වය මර්දනය කිරීම මුල්කරගෙන ගැනුණු සහ ගැනීමට යන පියවර කිසිවක් පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කර, අදාළ නිසි සම්මත කිරීමේ ක්‍රියාපටිපාටිය යටතේ සම්මත කරගැනීමට රජය කටයුතු කර නොමැත. ඒ අතරවාරයේ ලොව බොහෝ ප්‍රජාතනත්ත්‍රවාදී පාලන තන්ත්‍රයන් ඔවුන්ගේ පාර්ලිමේන්තු හරහා වසංගත තත්ත්වය මර්දනය කිරීමට අවැසි වන නීති සහ අණපණත් සම්මත කරගැනීමට යුහුසුලුව කටයුතු කළේය. එම ඇතැම් අවස්ථාවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම හරහා අදාළ කටයුතු කිරීමටත් ඔවුහු ඇතැමෙක් පියවර ගත්හ. 

ඇතැමෙක් පැරණි අණ පණත් ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගන්නා විට තවත් අය පැවැති නීතිවලට අවැසි සංශෝධන සිදුකර, සිය රටේ වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා වන කටයුතු දියත් කිරීමට අවශ්‍ය නෛතික අවසරය සහ පසුබිම සළසා ගත්හ. මේ හැරෙන්නට ශ්‍රී ලංකාව හැර බහුතරයක් රටවල් කර තිබෙන්නේ වසංගතයට ඔවුන් දැක්වූ සහ දක්වන ප්‍රතිචාරයට නෛතික පදනමක්ද සකස් කරගැනීමය. 

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ලොව රටවල රාජ්‍ය ප්‍රතිපත්ති විමසුමට ලක්කරන වැඩසටහන යටතේ, කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් සිදුවිය හැකි මානව සහ ආර්ථික බලපෑම අවම කිරීම සදහා, ආර්ථික වශයෙන් විවිධ රජයයන් දක්වා ඇති ප්‍රතිචාරයන් ලැයිස්තු ගත කර දක්වන අතර, එහි රටවල් 197ක් අන්තර්ගතය. 2021 ජූලි මස 2 වැනිදා අවසන් වතාවට යාවත්කාලීන කර තිබෙන එම ලැයිස්තුවට අනුව, ක්‍රමානුකූලව සහ නෛතික පදනමක් සහිතව රටේ ඇතිවූ වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වූ රටවල් සහ සිතෙන සිතෙන ආකාරයට රටේ හටගත් වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාව අතර පවතින පරතරය ඉතා විසල්ය.

පාර්ලිමේන්තු අනුමැතිය නැති පනතක්

ශ්‍රී ලංකාව සැළකීමේ දී රටේ බලවත් නිලධාරීන්ට එක් උදැෑසනක හමුවී එදින රාත්‍රියේම රට පුරා ඇදිරි නීතිය පැනවීමට හෝ ප්‍රාදේශීය වශයෙන් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හෝ හැකිය.

මෙසේ ලබාදී තිබෙන අවසරය අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කෙරුණහොත්, නෛතික වශයෙන් ඒවායේ පවතින හිස් බව මොනවට නිරාවරණය වනු ඇත.

කෝවිඩ්-19 වසංගත තත්ත්වයට අදාළව රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පණතෙහි, ප්‍රස්ථාවතාවේ මෙසේ සදහන් වේ.

නියම කරන ලද කාලවකවානු වලදී, රටේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා, තමන්ට නීතියෙන් නියම කර තිබෙන ඇතැම් කාර්යයන් සිදුකිරීමට සහ ඉටුකිරීමට නොහැකි  පුද්ගලයින් හට තාවකාලිකව අදාළ පහසුකම් සැපයීම සදහා වන පණතක්, කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා අධිකරණ කටයුතු පවත්වාගෙන යා නොහැකි අවස්ථාවක, එම කටයුතු විකල්ප අධිකරණයන් වෙත යොමුකිරීමට, කෝවිඩ්-19 රෝගය පාලනය කරගැනීමේ අරමුණින් දුරස්ථ සන්නිවේදන ක්‍රම භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකිරීමට, කොන්ත්‍රාත් පදනම යටතේ ඉටුකළ යුතු වගකීම් හිමි සහ කෝවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ එම වගකීම් ඉටු කිරීමට නොහැකි වූ හෝ වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස එම වගකීම් ඉටුකිරීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින පාර්ශවයන් හට සහන ලබාදීමේ අරමුණ ඇතිව-
මෙම පණතට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය ලැබී නොමැත.

මෙම පණත, ගෙවුණු වසරේ ඔක්තෝබර් මාසයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පණත් කෙටුම්පතට වඩා වෙනස්ය. එහි සදහන් වූයේ මෙවැන්නකි.

මහජන සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ, මහජන සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අවස්ථාව සහ අවසරය සළසා ගැනීමේ අදාළ සහ වසංගත තත්ත්වය නිසා උද්ගත විය හැකි තත්ත්වයක් හේතුවක් කරගෙන අවශ්‍ය පියවර ගැනීමේ අරමුණ ඇතිව මෙම පණත ඉදිරිපත් කෙරේ.

මෙම පණතින් ආවරණය කර තිබෙන කාරණයන් පහත පරිදිය,

මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම, දුරස්ථ සන්නිවේදන ක්‍රම භාවිතයෙන් සන්නිවේදන කටයුතු සිදුකිරීම, දුරස්ථ සේවා පවත්වාගෙන යාම, වැළදීමේ අවදානමක් සහිත රෝගයක් විශේෂකොට හදුන්වාදීම, හදිසි මහජන සෞඛ්‍ය සේවා කවුන්සිලයක් පිහිටුවීම, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරෙන්නේ කවර කාලයක් පුරාවට ද යන්න, මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වය අවසන් කිරීම, මූලික අයිතිවාසිකම් තාවකාලිකව සීමා කිරීම, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය වරාය සහ ප්‍රවාහන යන ක්ෂේත්‍රවල සේවා, නිරෝධායන සේවා ආදිය, විශේෂ සහාය ලබාදිය යුතු අවස්ථා, අධ්‍යාපන ආයතන හා සේවා, කම්කරු සේවා, ප්‍රකාශන ඇනවුම්, රෝගියකුගේ අනන්‍යතාවය අනාවරණය කිරීම ආදිය.

මෙම පණතෙන් හදුන්වා දී, තිබෙන ඇතැම් අවසරයන් දැනට පවත්නා නීතිවලට ඔබ්බෙන් පැවතිණ. පණත සම්මත කරගැනීමේ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙස මෙය ගෙවුණු ඔක්තෝබර් මාසයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කැරුණේ එහි වලංගුභාවය පරීක්ෂා කිරීම සදහා ය.

සරලවම කිවහොත්, එවැනි වැදගත් පණත් කෙටුම්පතක් හරිනම් ගෙආ යුතුව තිබුණේ රජයයි. එයද මෙතෙක් ප්‍රමාද නොවී ගෙවුණු වසරේදීමය. කෙසේවුවත් නීතිවලින් පැනවෙන සීමාවලට අවනතවීමට, විශේෂයෙන්ම පසු අවස්ථාවක තමන්ගේ ක්‍රියාවලට නීතිය හමුවේ උත්තර බැදීමට, තිබුණු අකමැත්ත නිසාම රජය එවැනි පණත් කෙටුම්පතක් නැතහොත් නීතියක් හදුන්වාදීමට උත්සුක වූයේ නැත. දැන් යෝජනා කර තිබෙන නව නීති කෙටුම්පතෙන් එවැනි අවස්ථාවන් මගහැර ඇත.

ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් ප්‍රතික්ෂේප කිරීම

පුපුරා යමින් තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වෙමින් පවතින තවත් බරපතල තත්ත්වයක් ඇත. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් ලබාදීමට දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් සැළසුම් කර තිබිණ. නමුත්, රජයට එම ප්‍රදානය බාරගැනීමට හැකියාවක් නොතිබිණ. එයට හේතුව වූයේ මෙම කණ්ඩායම රජය මීට පෙර අවස්ථාවක තහනම් ලැයිස්තුවට ඇතුළත් කළ කණ්ඩායම් 6 අතරේ සිටීමය.

පළාත්වලින් වාර්තාවන මරණ ප්‍රමාණය අඩු කරගැනීම සදහා ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් ආනයනය කරන්නැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියේ යන්තම් ගෙවුණු සතියේය. මේ අරබයා රටේ නිලධාරී පැළැන්තිය කටයුතු කළේ පහත ආකාරයට ය.

රටේ, විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල පිහිටි රෝහල්වල, ස්වසන ආධාරක යන්ත්‍රවල සහ වෙන්ටිලේටර් යන්ත්‍රවල හිගයක් පවතී. ඇතැම් ප්‍රධාන පෙලේ ශික්ෂණ රෝහල්වල ද, තත්ත්වය එවැනිය. වෛරසය ආසාදනයවීම නිසා දෛනිකව රෝහල්වලට ඇතුළත්වන්නන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවේ රෝහල් සියල්ලම පාහේ ඒවායේ උපරිම ධාරිතාවයට ළගාවීම නොවැළැක්විය හැක්කකි. 

ප්‍රමුඛ පෙලේ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක සාමාජිකයන් යුරෝපාකරයේ රටක සහාය ඇතිව ශ්‍රී ලංකාව වෙත ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක් ප්‍රදානය කිරීමට කටයුතු සංවිධානය කරන්නේ මෙවන් පසුබිමකය. මෙම එක් යන්ත්‍රයක මිල ඩොලර් 13,000 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 26 කට ආසන්නය. එම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාගැනීමට සහාය දැක්වූ රටම හදිසි අවස්ථාවක සිදුකරන ආධාරයක් ලෙස සළකා ඒවා ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරදීමටත් කැමැත්තෙන් සිට ඇත.

විශේෂඥයන්ගේ තීරණය

2021 ජූනි මාසයේ අග භාගයේ දී පමණ, සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥයින්, ස්වසන ආධාරක යන්ත්‍රයේ නිශ්පාදක සමාගම සහ වෙනත් විශේෂඥයින් දුරස්ථ සන්නිවේදන ක්‍රම ඔස්සේ සම්බන්ධව මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට පැහැදිලි කර දී තිබේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගීව ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) වෛද්‍ය එස්. ශ්‍රීදරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජෛව විද්‍යා සේවාවන්) එස්.ඒ.ජේ.කරුණාතිලක සහ විශේෂඥයෙක් ලෙස වෛද්‍ය නිල්මිණී විජේසූරිය යන පිරිස ය. මේ පිරිස අතරින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජෛව විද්‍යා සේවාවන්) හැරෙන්නට අනෙක් සියල්ලෝම වෘත්තිමය වෛද්‍යවරුන්ය. 

පැයක පමණ කාලයක් පැවැති පැහැදිලි කිරීමකින් පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිත පිරිස මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා කර ගන්නා තීරණය පසුව දැනුම්දෙන බව සදහන් කර ඇත. දින 3කට පසුව සමාගම සහ අදාළ නියෝජිතයන් වෙත ලිපියක් යොමුකර තිබෙන වෛද්‍ය එස්. ශ්‍රීදරන්, ශ්‍රී ලංකාවට මෙම උපකරණවල අවශ්‍යතාවක් නොමැති බවත් එනිසා එම උපකරණ සම්පත් අතින් ඉතා දිළිදු මට්ටමක පසුවන රටවලට පරිත්‍යාග කිරීමට අවධානය යොමුකරන ලෙසත් විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිණී විජේසූරිය දැනුම් දී ඇතැයි එහි සදහන් කර ඇත.

එසේ යැවුණු ලිපියේ සම්පූර්ණ අන්තර්ගතය පහත පරිදිය.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ අපට සහාය දැක්වීමට ඉදිරිපත්වීම ගැන ස්තූතිවන්ත වෙමු.

නමුත්, කණගාටුදායක අයුරින් විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිණී අපට දැනුම් දී, තිබෙන්නේ මෙවැනි යන්ත්‍ර සදහා අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව නොමැති බවය. දැනට පවතින තත්ත්වය යටතේ මෙම යන්ත්‍රවල භාවිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් ඒවා ක්‍රියාත්මක කරවන නිලධාරීන්ට නොමැත. එනිසා මෙම යන්ත්‍ර සම්පත් අතින් ඉතා දිළිදු මට්ටමක පසුවන රටක් වෙත යොමු කිරීමට හැකියාව ඇත. ඒ කෙසේවෙතත්, බිපැප් යන්ත්‍ර, ඔක්සිජන් කන්සන්ටේ්‍රටර් යන්ත්‍ර සහ මැනිකින් යනාදිය පරිත්‍යාග කිරීමට පවතින හැකියාව කෙරේ අවධානය යොමු කරන්නේ නම් මැනවි.

ඔබගේ දායකත්වයට සහ අපගේ තත්ත්වය තේරුම්ගැනීම සම්බන්ධයෙන් ස්තූති කරමු.

වෛද්‍ය එස්.ශ්‍රීදරන්
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්)
සෞඛ්‍ය අමාත්‍යංශය
කොළඹ 10.
ජංගම දුරකතන අංකය- 0714----------

රැකගත හැකිව තිබූ ජීවිත 5000 ක් 

ජූනි මස 21 වැනිදා වන විට ශ්‍රී ලංකාවෙන් කෝවිඩ්-19 ආසාදිතයන් 70,000ක් වාර්තාවී තිබිණ. එතැන් සිට අගෝස්තු 21 වැනිදා දක්වා ගෙවුණු කාලයේ තවත් ආසාදිතයන් 50,000ක් වාර්තා විය. ජූනි සහ ජූලි මාසවල මරණ 1500 බැගින් වාර්තා වූ අතර, අගෝස්තු මාසයේ පළමු දින 17 ඇතුළත පමණක් මරණ 2000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා විය.

ඉහළ පෙලේ නායකයෙක් කළ මැදිහත්වීමකින් පසුව මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාම (සැළසුම්) නිල වශයෙන් ඉල්ලීමක් සිදුකරමින්, මෙම ස්වසන ආධාරක යන්ත්‍රවල දැඩි අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට මේ වන විට ඇතිව තිබෙන්නේ යැයි පැවසුවේය.

මේ හා සමානම ඉල්ලීමක්, අතිරේක ලේකම් (සංවර්ධන) එස්. ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාත් අගෝස්තු මාසයේ එම දිනයේදීම, අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබිණ. කෙසේවුවත් ආධාරය ලබාදෙන රටෙහි තානාපති කාර්යාලයේ ප්‍රධානියා එම යන්ත්‍ර මෙරටට ගෙන්වීම සදහා වන අවසරයන් ආදිය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා සම්බන්ධවූ අවස්ථාවේ දී වාර්තාවන ආකාරයට, වසංගත තත්ත්වයට අදාළ ප්‍රදානයන් සහ සේවාවන් ලබාගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ද මෙහෙයවන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා (ජෛව විද්‍යා සේවාවන්) සිය අභිමතය පරිදි කටයුතු කරමින් හදිසි තත්ත්වයක් යටතේ වුව කටයුතු කිරීමට තරම් ප්‍රමාණවත් ධාරිතාවයක් ශ්‍රී ලංකාවට පවතින්නේ යැයි පවසා, එම තානාපති කාර්යාල ප්‍රධානියාව අධෛර්යමත් කර ඇත.

ඒ වන විටත් අදාළ මෙම ස්වසන ආධාරක උපකරණ ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි නිල වශයෙන්ම ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණු බව බොහෝවිට ඔහු නොදැන සිටියා විය හැකිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් එවැනි නොදන්නාකමකින් සහ අසංවේදීත්වයකින් කටයුතු කරමින් සිටින්නේ නම් ජනපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට පියවර ගැනීමත් පුදුමයකි.

ගෙවුණු සිකුරාදා දිනය වන විට 2020 වසරේ වසංගතයේ ආරම්භයේ සිට ඒ දක්වා ගෙවී තිබුණු කාලය ඇතුළත මෙරට සිදුව තිබුණු කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව 6985 ක් විය. එම මරණවලින් 5000 ක්ම පාහේ සිදුව තිබුණේ ජූනි, ජූලි සහ ගතවූ සතිය වන විට අගෝස්තු මාසයෙන් ගෙවී තිබුණු මුල් දින 17 ඇතුළත ය. 

නොමිලයේ ලබාගන්නට හැකිව තිබුණු ස්වසන ආධාරක යන්ත්‍ර 200 න් එසේ ජූනි මස ආරම්භයේ සිට අගෝස්තු මස 17 වැනිදා දක්වා ගෙවුණු කාලය ඇතුළත මියගිය පුද්ගලයින් 5000 දෙනා ජීවත් කරවා ගන්නට හැකිව තිබිණ. එකී ක්‍රියාවලිය මෙම නිලධාරීන් අතින් මෙසේ හැසිරවී තිබෙන්නේ ඇයිදැයි සොයාගැනීමට වහාම විමර්ශනයක් කළ යුතුය. ඔවුන් බොහෝ දෙනෙක් වෘත්තිය වෛද්‍යවරුන්ය. ඔවුන් කැපව සිටින්නේ මිනිස් ජීවිත බේරාගැනීමටය.

රේගුවෙන් ගත් කැකිල්ළේ තීන්දුව

තවත් අවස්ථාවක, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (පීපීඊ) සහ වෙනත් ඖෂධ උපකරණ සමග අත්වැසුම් දහස් ගණනක් විදෙස් රටකින් කැරුණු ප්‍රදානයක් ලෙස මෙරටට එවා තිබිණ. රේගුව, මෙම භාණ්ඩ පිරවූ බහාලුම සති ගණනාවක් තිස්සේ වරායේ රදවාගෙන සිටියේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ විට, මෙවන් ආකාරයේ අත්වැසුම් මෙරටට ගෙන්වා පීපීඊ උපකරණ ලෙස පෞද්ගලික රෝහල්වලට සහ ආයතනයන්ට අලෙවි කරන පෞද්ගලික සමාගමක් තිබෙන බවත් මෙසේ නොමිලයේ ලැබුණු අත්වැසුම් තොගය රෝහල්වල භාවිතා කිරීම සදහා නිදහස් කිරීමට නම් එම සමාගමේ අවසරය රේගුවට ලැබිය යුතුව තිබෙන බවත්, ජේ්‍යෂ්ඨ රේගු නිලධාරියෙක් පැවසුවේ ය.

එය කැකිළේ රජ්ජුරුවන්ගේ තීන්දුවක් වැනිය. 

ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ඩෙල්ටා ප්‍රභේදයේ බිහිසුණු බව ඉහළ යන මරණවලින් ප්‍රත්‍යක්ෂ වෙමින් තිබූ තත්ත්වයක, විපක්ෂය පමණක් නොව වෛද්‍ය වෘත්තිකයන් හා විශේෂඥයින් රජයේ සැළකිය යුතු කොටසක් මෙන්ම සිවිල් සංවිධාන රාශියක් පවා වහාම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට යා යුතු යැයි රජයට බල කළේය. 

ඔවුන් හා සමාන ලෙසම මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහනායක හිමිවරුද රට වසා දමන්නැයි ඉල්ලා සිටියහ. මේ හමුවේ සිය ප්‍රතිපත්තිය වෙනස් කරගැනීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ අතර, ඒ අනුව සිකුරාදා සිට ලබන 30 වැනිදා දක්වා එතෙක් පැවැති ඇදිරි නීතිය ඒ අතරමැදි දිනයක විවේකයක් ලබා නොදීම දීර්ඝ කිරීමට පියවර ගැනිණ. 30 වැනිදා අලුයම අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ වන විට සැප්තැම්බර් මස 6 වැනිදා අලුයම දක්වා දීර්ඝ කර තිබේ. 

ආර්ථික කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි බියෙන් රට ලොක්ඩවුන් කිරීමක් සිදුනොකළ යුතු යැයි ජනපතිවරයා අවධාරණය කළද එල්ල වූ දැඩි පීඩනය හමුවේ අඩියක් පසුපසට ගැනීමට ඔහුට සිදුවිය. කෝවිඩ්-19 වසංගත තත්ත්වය රට වෙළාගැනීමෙන් පසුව දෙවැනි වතාවට පසුගියදා ජාතිය ඇමතූ ඔහු මෙසේ පැවසුවේය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ ගැටලුව දෙස එක කෝණයකින් බලන විට, විදේශ ණය ගෙවන්නට, වැටුප් ගෙවන්නට, බාධාවකින් තොරව දීමනා ආදිය සපයන්නට ආදී මේ සියලු දේවල් හසුරුවා ගන්නට රජයක් හැටියට අපට සිදුවෙනවා” යැයි ජනාධිපතිවරයා කීවේය. 

ඉන්පසුව ජනපතිවරයා, ඩෙල්ටා වෛරස ප්‍රභේදය මෙරට පුපුරා ගිය අවස්ථාවේ පටන් අනුගමනය කළ ස්ථාවරයට ඉඳුරාම වෙනස් වූ අනතුරු ඇගවීමක් සිදුකළේය.

“අනාගතයේ රට දීර්ඝ කාලයකට ලොක්ඩවුන් කර තැබීමට සිදුවුවහොත් මීට වඩා වැඩි කැපකිරීම් කිරීමට සූදානමින් සිටින ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ, පවත්නා තත්ත්වයේ බරපතලකම හොදින් තේරුම්ගැනීම හරහා උපායමාර්ගිකව රට ඉදිරියට ගෙනයාමට සියලුමදෙනා එක්විය යුතුයි” 

ජනපති රාජපක්ෂ මහතාගේ වචන, රටේ පවත්නා බරපතල තත්ත්වය තවමත් අවසානයක් කරා ළගාවී නොමැත යැයි සමස්ත රට වැසියාටම කරන සිහි කැඳවීමකි. දැනට පවතින සංඛ්‍යාත්මක දත්ත පමණක් සැළකීමෙන්, කිසිවක් යහපත් අතට හැරී නොමැති බව නිගමනය කරගත හැකිය. 

රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමෙහි ලා මුල් පෙල සිටම වසංගතය මර්දනය කිරීමේ කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය සේවකයින්ට සහ වෛද්‍යවරුන් හමුවේ තිබෙන්නේ ප්‍රබල අභියෝගයකි.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

පරිවර්තනය  - කොවිද ගුණසේකර

 



අදහස් (1)

නීතිය පසෙක දමා හිතෙන දේ කිරීම

Raveendra Sunday, 29 August 2021 07:13 AM

රටේ පවතින අයහපත් තත්වය පිලිබදව කියවෙන හරවත් ලිපියක්.... මෙහි අන්තර්ගතය නම් දේශපාලුවන් මෙන්ම වෘත්තිමය නිලධාරින් යයි කියාගන්න මෝඩයන්ගේ නිලධාරිවාදය, එකිනෙකා අතර සන්නිවේදනය නොමැතිවීම ඉතාමත්ම පැහැදිලිය. මේ සියල්ල අතරතුරේ නැති වෙන්නේ අපේම සහෝදර මිනිසුන් බව මේ එකෙකුටවත් නොතේරීම අබාග්‍යකි. මේ සෑම දෙයකින්ම අපට ඇතිවන්නේ පක්ෂ බේදයකින් තොරව දේශපාලුවන් පිලිබදවත් උගත් යයි කියාගන්නා මෝඩ තකතීරු නිලධාරින් පිලිබදව ඉතාමත්ම කලකිරීමකි.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site