IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුංචි ඡන්දයට පොහොට්ටුව වැඩ අල්ලයි

මැතිවරණයක් ගැන කිසිදු හාහූවක් නොතිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටිහැටියේ දැවැන්ත දේශපාලන රැළියක් පැවැත්වීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් බදාදා පස්වරුවේ අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාපිටියේ පැවැත්වූ එම රැස්වීම විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇස් ඇරවීමට සමත්වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉතා සැලසුම්සහගත ලෙස විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති ජනරැළිය ළඟ ළඟම මැතිවරණයක් එන බවට ඉඟි පළකිරීමකැයිද ඔවුහු පෙන්වා දෙති. 

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර දෙකහමාරක කාලයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අවශ්‍යතාවයකුත් නැහැ. තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් විසුරුවා හරින්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරණය තියන්නේ වසර පහකින්. ඒ අනුව මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අද හෙට බලාපොරොත්තු වෙන්න අමාරුයි. පළාත් සභා ඡන්දය තියන්න නීතිමය බාධා තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් නීති සංශෝධනයක් ඊට අවශ්‍යයි. දැන් බැලුවම තියන්නෙ පුංචි ඡන්දයක්. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව වසරකින් කල් දැම්මා. ආණ්ඩුව බදාදා මුල්ම ඡන්ද රැස්වීම තියලා පළාත් පාලන ඡන්දෙ වැඩ ආරම්භ කළා. විපක්ෂය තවමත් ඡන්දයකට හරියටම වැඩ පටන්ගෙන නැති පාටක් තමයි තියෙන්නේ.’’යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීම රජයට ඉතා වාසිසහගත බවය.

‘‘ගමේ ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගන්න පුළුවන්ය කියන මතය පොහොට්ටුවේ නායකයන් අතර තිබෙනවා. යහපාලනය පරද්දන්න මුල්ම වෙඩිමුරය තිබ්බෙත් පළාත් පාලන මැතිවරණයේදී.’’ යැයිද ඔවුහු පෙන්වා දෙති. මේ අතර පුංචි ඡන්දය ඉලක්ක කර ගනිමින් මුළු රටම ආවරණය වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්ද ආණ්ඩුව ඉකුත්දා දියත් කළේය. මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ සංකල්පයකට අනුව ‘‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’’ ව්‍යාපෘතිය ඉදිරියේදී පැවැත්වෙන පුංචි ඡන්දය ඉලක්කකර ආරම්භ කර ඇතැයිද විපක්ෂයේ  නායකයෝ පවසති. ගමේ පාරවල්, බෝක්කු හා වෙනත් පහසුකම් වැඩිදියුණු කරමින් ගමේ ඡන්දය ලබාගැනීම අපේක්ෂාව බවද විපක්ෂයේ දේශපාලනඥයෝ චෝදනා කරති.

මේ අතර මේ වසරේ සැප්තැම්බර් මාසෙන් පසුව ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

‘‘පළාත් පාලන විෂයභාර ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැම්මා. ඒ අනුව ලබන 2023 වසරේ මාර්තු මස 18 වැනි දින පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඊට මාස හයකට පෙර ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 18 වැනි දිනයෙන් පසුව පළාත් පාලන මැතිවරණය තියන්න මැතිවරණ කොමිසම සූදානම් වෙනවා’’ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර ඉදිරි මැතිවරණය පවත්වන්නේ 2021 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව යැයිද එම ඡන්ද හිමි නාමලේඛනය මේ වනවිට සහතිකර ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. කිසියම් ඡන්දදායකයකුගේ නම එම ලේඛනයේ ඇත්දැයි පරීක්ෂාකර බැලීමේ පහසුකම් සලසා ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස ‘‘2021 ඡන්ද හිමි නාමලේඛනය’’ යන පරිශ්‍රයට පිවිස පදිංචි දිස්ත්‍රික්කය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම ලේඛනය පරීක්ෂා කර ගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අතර 2022 ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භකර ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ග්‍රාම නිලධාරීගේ සහාය ඇතිව නම් සංශෝධනය කර ගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර ආනයනයට පනවා තිබෙන තහංචි ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක්ම ආනයනය තහනම් කර තිබෙන අතර එම තහනම පනවා මේ වනවිට වසර දෙකක පමණ කාලයක් ගතවී තිබේ. ශ්‍රී ලංකාවේ ආනයන තහනම හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් ගණනාවකට වෙළෙඳපොළ සීමා වී ඇතැයි එම රටවල් යුරෝපා සංගමයට චෝදනා කර තිබේ. යුරෝපා සංගමයේ සහ මෙරට නියෝජිතයන් අතර ඉකුත්දා කොළඹදී පැවති සාකච්ඡාවකදී යුරෝපා සංගම් නිලධාරීන් එම යෝජනාව රජයේ නියෝජිතයන්ට දැනුම්දී තිබේ. ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

ඉන්දීය අගමැති නරේන්ද්‍රමෝදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන මාර්තු මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත ‘‘බිම්ස්ටෙක් සමුළුව’’ට සහභාගීවීම සඳහා ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයාද ලබන මාර්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිතය. ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු ඇමති ආචාර්ය ජයශංකර්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට සමගි ජනබවේගය පක්ෂයෙන් චෝදනාවක් එල්ල කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ ‘‘රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතුයි. මහ බැංකු අධිපතිවරයා රටේ ඩොලර් ප්‍රශ්නයක් තිබියදීත් නැතැයි කියමින් දේශපාලනඥයකු වගේ හැසිරෙනවා. මහ බැංකු අධිපතිවරයා දේශපාලන කතා නොකියා රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය රටට හෙළිකළ යුතුයි. රටේ ජනතාව නොමඟ යවන්න ඔහුට අයිතියක් නැහැ. මේ මාසෙ 17 වැනිදාත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250ක ණයක් ගෙවන්න තියෙනවා’’ යැයිද හර්ෂ ද සිල්වා කියන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාර්තාව ගැන විවාදයක් ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳව ආණ්ඩුව ඉකුත්දා ප්‍රකාශයක් කර තිබුණේය. ‘‘ඒ පිළිබඳව පක්ෂනායක රැස්වීමේදී තීරණයක් ගන්නවා. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලබන සතියේදී වාර්තාවක් නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍යයි’’ යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට යෝජනාවක් කළේය. එම යෝජනාව පිළිබඳව ආණ්ඩුවේ අදහස ප්‍රකාශ කරමින් සභානායකවරයා එම අදහස පළ කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ ආදායමෙන් සියයට 25ක අධිභාරයක බදු පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ලවී තිබේ. වෘත්තීය සමිතිවලින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් එම විරෝධය මතුවී තිබේ.

‘‘අර්ථසාධක අරමුදලින් බදු අයකිරීමක් මීට පෙර ලංකා ඉතිහාසයේ කිසිදා සිදුවී නැහැ. ආණ්ඩුවේ තීරණයට අපි විරුද්ධයි. ලක්ෂ 18ක් පමණ සේවකයන් විශ්‍රාමයෙන් පසුව පවුලේ අවශ්‍යතා සහ වෙනත් ආයෝජනවලට විශ්‍රාම පාරිතෝෂික මුදලයි අර්ථසාධක අරමුදලයි තබා ගන්නවා. ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන් බහුතරයක් ජීවත් වෙන්නේ එම සල්ලි බැංකුවක දාලා ඒවායේ පොලියෙන්. ආණ්ඩුව ඒකට විදින්න දරන උත්සාහය අපි හෙළා දකිනවා’’යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සඳහන් කරන්නේය.

සමගි ජනබලවේගය පක්ෂයේ මතගැටුම දිනෙන් දිනම උග්‍රවන බවක් පෙනෙන්නේ යැයි දේශපාලන විචාරකයෝ පවසති. ‘‘සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් නැහැ. එම තනතුර නායක සජිත් ප්‍රේමදාස ඉවත් කළා. පාඨලී චම්පික රණවක නියෝජ්‍ය නායක ධුරය බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක දෙන්න සජිත් කැමති නැහැ. ඒනිසා මේ දෙන්නා එකතුකරගෙන ගමනක් යන්න ඕන කියන මතය අපේ පක්ෂයේ තිබෙනවා. අපිත් එක්ක ඉන්න සුළු පක්ෂවල පවා අදහස මේ දෙන්න සමගි කරගෙන ගමනක් යන්නයි.’’ යැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ඉකුත්දා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යැව්වේය. ඒ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි ලංකාවට බලපෑමක් කරන ලෙස ඉල්ලමිනි. කෙසේ වෙතත් ලබන මාර්තු මාසයේදී ඉන්දීය අගමැතිවරයාට ලංකාවට පැමිණි පසුව ඔහු හමුවීම සඳහා සුළුපක්ෂ කීපයක්ම උත්සුක වන බවක් පෙනෙන්නට තිබේ.

‘‘ප්‍රගතිශීලී දෙමළ ජාතික සන්ධානය ලෙස අපි ඉන්දීය අගමැතිවරයා හමුවීමට උත්සාහයක් ගන්නවා. අපි ඉල්ලන්නේ 13 වැනි සංශෝධනය ඇතුළෙ තිබෙන දේවල් දෙන්න කියලයි. 13න් එහාට දේවල් අපි ඉල්ලන්නෙ නැහැ. ඒත් දෙමළ ජාතික සන්ධානය 13ට එහා ගිය දේවල් ඉල්ලනවා’’යැයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේය.

‘‘සමගි ජනබලවේගය විදියට සන්ධානයක් ස්ථාපිත කරන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. ව්‍යවස්ථාවක් හැදුවා. ඒත් සන්ධානය හදන වැඩේ එතනම නැවතුනා’’ යැයිද මනෝගනේෂන් සඳහන් කරන්නේය.

කස්තුරි

(***)



අදහස් (1)

පුංචි ඡන්දයට පොහොට්ටුව වැඩ අල්ලයි

චන්දිම Friday, 11 February 2022 06:19 PM

මහ පුදුම විනාශකාරී අඳුරු කාලයක් වගෙයි මේ රටේ වර්තමානය වගේම අනාගතය. මොකද මේ දේශපාලකයින්ට මොන උප්පරවැට්ටියකින් හරි මැතිවරණ දිනාගෙන වැජඹෙන්න මිසක් මේ වැටිලා තියෙන වින්නැහියෙන් රටට ගැලවීමක් ලබාදෙන කිසිම ආර්ථික උපාය මාර්ගයක් සැලසුම් කරන්න කිසිම දැනීමක් අවබෝධයක් නැතුවා වාගෙයි. කරුමේ කියන්නේ බහුතර මිනිස්සුන්ටත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ...

:       2       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site