• ඔබේ නවතම නවකතාව වන ‘චක්‍රවර්ති’ අගනා ඓතිහාසික මූලාශ්‍ර රැසක් පරිකල්පනාත්මකව ගොඩනැඟූ වියමනක්. ඇයි මේවගේ තේමාවක් නවකතාවකට නගන්නට කල්පනා කළේ.
ඉතිහාසය පදනම් කරගත් වෙනස් ආකෘතියක නවකතාවක් ලිවීමේ ආශාවක් කලක ඉඳන් තිබුණා. ඓතිහාසික කාල පරාසයක් පසුබිමෙහි තබාගෙන නව නිර්මාණයක් කරන්න මට අවශ්‍ය වුණා. ඒ ගැන බොහෝ හැදෑරීම් කළා. එහි ප්‍රතිඵලය තමයි චක්‍රවර්ති. මේ නවකතාවට පාදක වන්නේ වර්තමානය හා අතීතය සමඟ බැඳුණු වෘත්තාන්තයක්. මේක එක්තරා ආකාරයක අත් හදා බැලීමක්. ඒ වගේම සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක්. වර්තමාන කතාව හෙළිදරව් වන්නේ සැඟවුණු ඓතිහාසික සිදුවීම් මාලාවකින්. වසර තුන්සීයකට වැඩි කාල පරාසයක් තුළ මේ කතාව විහිදෙනවා. මේ නවකතාව තුළ ‘යුගාන්දර’ නමින් තවත් නවකතාවක් තියනවා. ඒක තමයි ඓතිහාසික කතාව. මා හිතන හැටියට ඉතිහාසයම තමයි වෙනස් මුහුණුවරකින් වෙනස් හැඩතලවලින් වෙනත් චරිතවලින් වර්තමානයේත් ප්‍රතිනිර්මාණය වන්නේ. ඒ නිසාම මට අවශ්‍ය වුණා ඓතිහාසික මුලාශ්‍ර මත පරිකල්පනාත්මක ප්‍රබන්ධයක් ගොඩනගන්නට.
• ඔබ මේ නවකතාවේ යටිපෙළින් මතුකරන ප්‍රබලම කාරණයක් වන්නේ දේශපාලන සමාජ සංස්කෘතික වශයෙන් සර්වකාලීනව බලපවත්නා මිථ්‍යාව, රැවටීම හෙළිදරව් කිරීම බවයි පෙනෙන්නෙ ?
තරමක් දුරට. මිනිසාගේ ඉතිහාසය ගොඩනැගී තිබෙන්නේ බලය මත. අපි ඉතිහාසය කියලා කියවන්නෙ, අහන්නෙ , හදාරන්නෙ මිනිස්සු බලය තහවුරුකර ගන්නට කරපු අරගල ගැන. වර්තමානය ගොඩ නැගෙන්නෙත් එහෙමයි. බලය පදනම් කරගත් දේශපාලනය තමයි සියල්ල තීරණය කරන්නේ. දුර්වල පාලකයෝ තමන්ගෙ බලය තහවුරු කරගන්න යම් යම් අදෘශ්‍යමාන බලවේග, විශ්වාස පසුපස යනවා. ඔවුන්ගේ අනුගාමිකයොත් ඒවා කිසිදු විචාරයකින් තොරව වැළඳගන්නවා. චක්‍රවර්ති ප්‍රබන්ධය ගොඩනැගෙන්නෙ දිගු කාල පරාසයක් පුරා විහිදෙන එවැනි රහස් විශ්වාසයක් ගැන.
• සමාජ යථාර්ථය හෙළිදරව් කිරීමත් ජනතාවට ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමත් නවකතාකරුවාගේ යුග මෙහෙවරක් හැටියට කැපී පෙනුණා. වර්තමානයටත් එය එසේම අදාළයි. නවකතාකරුවෙකුට මේ වෙනුවෙන් පැවරී ඇති වගකීම කවරාකාර ද?
නවකතාවකින් කතා රසය ලබාදීම මෙන්ම සමාජ යාථාර්ථය හෙළිදරවුකිරීමත්, ජීවිතය පිළිබඳව මෙන්ම සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව පිළිබඳව විවරණය කරමින් නව අර්ථකථන ලබාදීමත් නවකතා කරුවාගේ වගකීමක් ලෙසින් පිළිගැනෙනවා. එය හුදු ප්‍රචාරක ආකෘතියකින් බැහැරව සිදුවිය යුතු දෙයක්. සමාජ සංශෝධනය කලාකරුවාගේ සෘජු කාර්යභාරයක් නොවෙයි. එහෙත් කලා කෘතියකට පුළුවන් ජනතාව කිසියම් ආකාරයක යහපත් පෙළඹවීමකට යොමු කරන්න. පවතින යථාර්ථය වටහා දෙන්නට. පාඨකයාගේ බුද්ධිමය වපසරිය පුළුල් කරන්නට. එය නවකතාකරුවෙකුට ඉතා සියුම්ව කළ හැකියි. ලෝකයේ සෑම සාර්ථක නවකතාවක් තුළම මේ ගුණය දකින්නට ලැබෙනවා. නවකතාවක මතුපිටින් කියැවෙන දෙයට සමාන්තරව අපූර්ව යටිපෙළක් තිබිය යුතුයි.
• එදාට සාපේක්ෂව නවකතාවේ අලුත් අත්හදා බැලීම් අද වනවිට කැපී පෙනෙනවා. ලේඛකයෙකු හැටියට වර්තමාන නවකතාව තුළ ඔබ දකින විශේෂතා මොනවා ද?
ඔව් එදාට වඩා සාපේක්ෂව අපේ නවකතා කරුවන් අලුත් අත්හදා බැලීම් කරන බවක් පෙනෙන්න තියනවා. පහුගිය කාලයේ සිංහල නවකතාවට තිබූ එක් චෝදනාවක් තමයි තේමා ඒකාකාරී වීම. ස්වතන්ත්‍ර නවකතාවලට වඩා පාඨකයන් පරිවර්තන නවකතාවලට සමීප වූයේත් මේ නිසා කියලයි මම නම් හිතන්නෙ. ඒ වගේම වාර්ෂිකව පැවැත්වෙන සාහිත්‍ය තරග සහ පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන නවකතා බිහිවීම හේතුවෙන් බොහෝ නිර්මාණවලට යම් හානියක් සිදුවෙනවා. මනා හැදෑරීම, ඉක්මන් වීම සහ සංස්කරණය නොවීම එයට හේතුවයි.
ඒත් වර්තමානය වන විට අපේ නවකතාකරුවන් නැවුම් තේමා සහ අලුත් ආකෘතීන් සොයාගෙන යනවා. පාඨක ආකර්ශනය දිනාගත හැකි උපක්‍රම භාවිත කරනවා. විශ්ව සාහිත්‍යයේ ඇසුර ඇතැම්විට එයට බලපාන්නට ඇති. ඒ කෙසේ වෙතත් වර්තමානයේ අලුත් අත්හදා බැලීම් තුළින් අපට බොහෝ අපූර්ව කෘතී අපට හමුවෙනවා. මෙතනදී වැදගත් වන්නේ ඒ අලුත් තේමා සහ අත්හදා බැලීම් ඇසුරෙන් නවකතාවක් ලිවීම ම නෙවෙයි. ඒ නිර්මාණය කොයි තරම් දුරට අපේ පාඨකයන් ග්‍රහණය කරගන්නවා ද යන්න පිළිබඳවයි. නවකතා සිය දහස් ගණනක් බිහිවුණත් වැඩක් නෑ ඒවා පාඨකයන් අතර රඳන්නේ නැත්නම්.
• මේ මොහොතේ විචාරකයාගේ භූමිකාව අතිශය වැදගත් එකක්. අතීත සාම්ප්‍රදායික මිනුම් දඬුවලින් නවකතාව විග්‍රහ කිරීම අභියෝගයක් බව පැහැදිලියි. නවකතාවේ නූතන වෙනස්වීම්වලට අනුව විචාරයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇතැයි ඔබ සිතනවා ද?
ඒ ගැන නම් කනගාටුයි. යම් යම් ගුරුකුලවලට අයත් සහ දේශපාලන දර්ශනයන් පදනම්වූ සාම්ප්‍රදායික විචාර මිනුම් දඬු වර්තමාන කලාකෘතීන් විචාරයට කොයිතරම් දුරට ගැලපෙනවාද? යන්න නැවත සිතා බැලිය යුතුයි. අනිත් පැත්තෙන් අපට වර්තමානයේ මධ්‍යස්ථ විචාර පරපුරක් සිටිනවාද? ඔවුන්ගේ විචාර පළකර ගැනීමට තැනක් වේදිකාවක් තිබෙනවා ද? යන්න ගැනත් අවධානයක් යොමුකළ යුතුයි. යහපත් විචාරක කතිකාවක අඩුව සෑම කලා ක්ෂේත්‍රයක් තුළම දකින්නට ලැබෙනවා. තැන තැන කුඩා කණ්ඩායම් අතර එවැනි සබුද්ධික සංවාද නැතුවා ද නොවේ. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. නවකතාවක් මතුපිටින් අතගා අදහස් දැක්වීමකට වඩා ගැඹුරු මධ්‍යස්ථ බරසාර විචාරයක් පාඨකයාට මෙන්ම ලේඛකයාටත් අවශ්‍ය යුගයක් මේක. හැට ගණන්වල හැත්තෑ ගණන්වල වර්ධනය වූ විචාර කලාව සහ ඒ තුළින් ඇති වූ සංවාද හොඳ ලේඛක පරපුරක් මෙන්ම පාඨක පරපුරක් බිහිකරන්නට එදා බොහෝ සෙයින් බලපෑ බවයි මගේ පිළිගැනීම.
• සරල කියවීමක් සහිත නවකතාවලට පාඨකයන් බහුතරය දැන් හුරුවී ඇති බවත් නවකතාව කියවා වීසිකරන තැනට පත්වෙමින් තිබෙන බවත් ගැඹුරු නවකතා තේරුම් ගැනීමට විචාරකයා ද අසමත්වී ඇති බවත් ප්‍රවීණ ලේඛිකාවක් මෑතක දී අප සමඟ පැවසුවා. මේ ගැන ඔබ මොකද ඔබ හිතන්නේ?
තරමක් දුරට ඒ අදහසට එකඟවන්නට පුළුවන්. බහුතරය එසේ වුවත් ගැඹුරු කියවීමකට ප්‍රිය පිරිසෙහි විශාල අඩුවකුත් නැහැ. සරල කියවීමකට පාඨකයන් අනුගත වන්නට සමාජ දේශපාලන කරුණු කාරණා බලපානවා. තරගකාරී අධ්‍යාපන රටාව තුළ සාහිත්‍යය පැත්තකට වීසිකර දැමීමත්, ලාබ විනෝදාශ්වාදය පෙරදැරිකරගත් මාධ්‍ය පමණක් ඇසුරුකරන්නට ලැබීමත්, දෛනික ජීවිත කාර්ය බහුල වීමත් හේතුවෙන් ගැඹුරු වින්දනයක් හඳුනාගත නොහැකි පරපුරක් බිහිවන්නට පුළුවන්.
ඔය කියන විචාරකයන් බිහිවන්නේත් ඒ වටපිටාව තුළමයි. පාසල් දරුවන්ට අතිරේක කියවීමකට කාලයක් නැහැ. විශ්වවිද්‍යල අධ්‍යාපනය තුළත් පර් යේෂණාත්මක කාර්යයකට වඩා අද සිදුවන්නේ විභාග සමත්වීම සඳහා කොපි පේස්ට් කිරීමක්. විෂය නිර්දේශයෙන් පරිබාහිර කෘතී ඇසුරක් නොමැති තරම්. විශ්වවිද්‍යාල තුළින් ශාස්ත්‍රීය පොත පත නිර්මාණය වීමත් එදාට වඩා අද අඩුයි. යහපත් කලාවක් පිළිබඳ සමාජ කතිකාවක් නොමැති තරම්. මේ සියලු කාරණා පාඨක රුචිකත්වය කෙරෙහි බලපානවා. ඒ නිසාම සරල සහ ඉක්මන් කියවීම කෙරෙහි යොමුවන පිරිස වැඩියි. කෙසේ වෙතත් මේ කාරණයේ දී ලේඛකයන් සතු වගකීමකුත් තිබෙනවා. සරලත් නොවන අතිශය ගැඹුරුත් නොවන මැද මාවතක හරවත් නවකතාවකට ඔය පොතක් කියවා වීසිකරන පාඨකයා නැවත කියවීමකට පොළඹවාගන්න හැකි බවයි මගේ විශ්වාසය.
-------------------------
ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී - චූලාභය ශාන්ත කුමාර හේරත්
--------------------------
සංවාද සටහන - ගාමිණි කන්දේපොළ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැරැණි විචාර මිනුම් දඬු අද කාලෙට හරියන්නේ නෑ
සිරි Thursday, 22 April 2021 04:06 AM
ඇයි මේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන් ඉතිහාසයම පට්ට ගහන්නේ. ඉතිහාස කතා නැවතත් නිර්මාණාත්මකව ලිවීම (උදා. කන්ද උඩ ගින්දර) සහ ඉතිහාස කතා පසුබිම් කරගෙන අලුත් කතා නිර්මාණය කිරීම (උදා. චක්‍රවර්ති) ශ්‍රී ලංකාවේ බහුලව සිද්ධ වෙනවා. පාඨකයන්ට එය හරිම ඒකාකාරියි. ඒ නිසා පාඨකයන් විවධ තේමා රැගත් විදේශීය පොත්වල පරිවර්තන වලට යොමුවෙන බව මගේ අදහසයි.