ත්‍රිපිටක ධර්මය සඳහා අටුවා, ටීකා, ගැටපද ආදී සන්න ලිවීම ඇරැඹුණේ අනුරාධපුර අවධියේ යි. ඒ අවධියෙන් පසුව ද සන්න පොත් ලිවීම දිගටම පැවැතුණු බවට පොලොන්නරු කල්හි ලියැවුණු සන්න මනා සාධකයක් වේ. වෙසතුරු දා සන්නය එ බඳු පොත් වේ.
වෙසතුරු දා සන්නය ඒ පොතෙහි දැක්වෙනුයේ වෙසතුරු දා ගාථා සන්නය නමිනි. එහි දක්නා ලැබෙන ගැටපදයෙක ස්වරූපය ද සැලැකිල්ලට ගෙන ඇතැම් විද්වතුන් එය වෙසතුරු දා ගැටපදය නමිනුදු හඳුන්වා ඇත. වෙස්සන්තර ජාතකට්ඨකථාවේ දැක්වෙන පාලි ගාථා සමූහයකට කරන ලද පදගත සන්නයෙකි, මෙම පොතෙහි ඇතුළත් වනුයේ. ජාතකට්ඨකථාවේ ටීකාව ආශ්‍රය කොටගෙන මේ සන්නය ලියා ඇති සැටි මැනැවින් පෙනේ.
එවුව ද, ජාතකට්ඨකථාවේ ගැදියෙන් ඇති කොටසේ ඇතැම් ගැටතැන් පහදාලන්නට ද මෙහි කිහිප තැනෙක දී තැත් කරනු ලැබ ඇත. යට කියැවුණු සේ ජාතකට්ඨකථාවේ ටීකාව ආශ්‍රය කොට ලියැවුණ ද ටීකාවට වඩා සම්පූර්ණ ලෙස, විචිත්‍ර ලෙස ගාථා පදාර්ථ කථනය මෙහි ලා කරනු ලැබ ඇත.
මේ වෙසතුරු දා සන්නයෙහි කර්තෘ, කාල ආදිය ගැන තොරතුරු දක්නා නොලැබේ. පොතෙහි බස් වහර, අර්ථ වර්ණය විලාසය ආදිය විමසා බැලූ විචාරකයෝ මෙය පොලොන්නරු අවදියේ මුල් කල ලියැවුණෙකැ යි සලකති. එඅතින් මෙහි ඇතැම් තැන් ධම්පියා අටුවා ගැටපදයේ රචනා විලාසය සිහිගන්වයි. සිංහලයෙහි ඓතිහාසික විකාශනය විමර්ශනයේ දී පොතෙහි එන වචන මාලාව ඉතා වැදැගත් සේ සැලැකේ.
පොලොන්නරු අවදියේ ලියැවුණු තව ද වැදගත් සන්නයක් නම් මහා බෝධිවංශ ගැටපදය යි. මෙ පොත පාළි මහා බෝධි වංසය සඳහා ලියැවුණු ගැට පදයෙකි. පොතෙහි නම එහි ම දැක්වෙන්නේ ‘‘මහා බෝධිවංශ ග්‍රන්ථිපද වර්ණනා’’ යනුවෙනි. මෙහි දු කර්තෘ අඥාත ය. මෙහි භාෂා ව්‍යවහාරය හා ලේඛන විලාසය විමසා බැලූ ඇතැම් විචාරකයෝ පොළොන්නරු අවධියේ මහ පැරැකුම්බා රජුගේ කාලයටත් සාහසමල්ල රජුගේ කාලයටත් අතර වකවානුවෙහි දී මේ මහා බෝධිවංශ ගැටපදය ලියැවුණු සේ සලකති.
එහෙත් ඒ නිශ්චිත කාල නිර්ණයක් නො වේ. පාළි මහා බෝධිවංසය වනාහි උපතිශ්‍ය (උපතිස්ස) නම් යතිවරයකු විසින්, දැන් අවිද්‍යමාන, පුරාතන සිංහල බෝධී වංසය පාළියට පෙරළා ලියන ලද්දක් වේ. එහි ගැට තැන් පැහැදිලි කොට විවරණය කරනු පිණිස මහා බෝධිවංස ගැටපදය ලියැවී ඇත.
පොලොන්නරු අවදියේ සාහිත්‍යයෙහි විශේෂ ලක්ෂණයක් වැ පැනෙන සංස්කෘතයෙහි ආභාසය මෙහි දු බෙහෙවින් දක්නා ලැබේ. මෙහි ඇතැම් වර්ණානවල දී කාදම්බරී නම් සංස්කෘත ගද්‍ය කාව්‍යයේ ආභාසය ලැබී ඇති බව පැහැදිලි ය. පහත දැක්වෙන උපුටනයෙන් එහි අර්ථ වර්ණනා මාර්ගය වටහාගත හැකි යි.
‘‘සත්ථා යන තන්හි ශාසු අනුශිෂ්ටෙනු යනු ධාතු යි. යාන්ත්‍රය මුඛෙන විර්නය ජනං ශාස්ති අනුශාත්තිති ශාස්තෘයි ගත්වන බැවින් දෘෂ්ටධාර්මික සම්පරායික පර්මාර්ථයෙන් යථාර්හ විසින් දිව්‍ය මනුෂ්‍යයනට අනුශාසනා කරනුයේ යැ යන අර්ථ යි.’’
පොලොන්නරු අවදියෙහි ම ලියැවුණු තව දැ වැදැගත් සන්නයක් නම් ජාතක අටුවා ගැටපදය යි. එහි නම පොතෙහි දැක්වෙනුයේ ‘‘ජාතක ගණ්ඨිපදත්ථ වර්ණනා යනුවෙන්’’ ජාතකට්ඨකථාවට කළ විස්තර වර්ණනාවක් ලෙසින් මේ රචිතය. මෙහි දු කර්තෘ අඥාත ය. වෙසතුරු දා සන්නයට පසු වැ කැරුණක් ලෙසින් සැලැකෙනුයේ වෙස්සන්තර ජාතකය මෙහි නොඑන හෙයිනි.
අර්ථ වර්ණනයෙහි ලා ධම්පියාඅටුවා ගැටපදයෙහි මඟ ම මෙහි දු දක්නා ලැබෙතුදු බස් වහර අතින් මෙහි වෙනස්කම් පැනේ. එයට වඩා පරිණත, වැඩුණු බසක් මෙහි ලා උපයෝග වැ ඇත. මෙහි යෙදෙන වචන වඩා මේරූ සැටියක් පෙනේ. විචාරකයන් දක්වන නිදසුනක් නම් වත්මන් ‘ම’ නිපාතය සඳහා ධම්පියාවෙහි ‘මෙව’, ‘මෙවු’, ‘මෙව්’, ‘මෙ’, ‘මේ’, ‘මැ’ යන රූප හැම යෙදෙතුදු ජාතක අටුවාවෙහි ‘මෙ’, ‘මේ’, ‘මැ’ යන වඩා මෑත රූප පමණක් දක්නා ලැබීමයි.
බෝධිවංශ ගැටපදයෙහි මෙන් මෙහි දු සංස්කෘතයෙහි බලපෑම බෙහෙවින් ඇත. විශේෂයෙන් ධාතු ප්‍රත්‍යය විග්‍රහ ආදියෙහි දී සංස්කෘත ක්‍රමය අනුගමනය කොට ඇත. භාෂා විකාශය හදාරන්නන් හට ජාතක අටුවාව මහාර්ඝ නිධානයක් වේ. අද ද වහරෙහි යෙදෙන අල, අලුත්, උකස්, උළු, මරුව, කකුල්, කසළ, කේලාම්, කුලී, මිඳුල, ලොඳ, ළිප වැනි වදන් මෙන් ම දෙමළ වදන් රැසක් ද මෙහි යෙදී ඇත. ජාතක අටුවාවෙහි විස්තර වර්ණනා ක්‍රමය හා භාෂා ව්‍යවහාරය පහත දැක්වෙන නිදසුනෙන් වටහාගත හැකිය.
‘‘ථුසපරික් චිත්තං කිංචි - තොහොයෙන් පිහිත වූ කිසි යමක් ම; මෙ තොහොයෙන් පිහිත වූ ශෘලි ව්‍රීහ්‍යාදි සප්තවිධ ධාන්‍යයෙන් උපන් ආහාර අනුභව නොකරන බව ගෙන කීහු. පඨවි යනාදි සුචි - අසුචි නික්ෂෙපයෙහි පෘථිවි ආදීන්ගේ අනුනය ප්‍රතිඝ භාවයෙන් පෘථිවි ආදීන් උපමා කොට දක්වන්නාහු විසින් කියත්.’’
ශ්‍රීනාත් ගණේවත්ත
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලොන්නරුවෙන් බිහිවුණු ‘සන්න’