IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලොන්නරු වකුගඩු රෝහලේ බේත් හිඟය

මෙම කතුවැකි තීරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ධනාත්මක සටහනක් තබා දින කීපයක් ඉක්ම යෑමට මත්තෙන් ඊට හාත්පසින්ම වෙනස් සටහනක් තැබීමට සිදුවීම අනුවේදනීය අත්දැකීමකි. ධනාත්මක සටහනින් කියැවුණේ ඖෂධ මිල සියයට 16කින් පහත හෙළන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවය. එය සියලු පුරවැසියන්ට නිම්හිම් නැති ප්‍රීතියෙක් රැගෙන ඒමට හේතුවෙයි. එහෙත් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ පුවතකින් කියැවුණේ ‘‘පොලොන්නරුව වකුගඩු රෝහලේ බේත් හිඟයි, රෝගීහු දෙලොවක් අතර’’ බවය.

ශ්‍රී ලංකාව පුරා කළ සමීක්ෂණ මාලාවකින් පසු ‘‘ලර්න් ඒෂියා’’ ආයතනය පෙන්වා දෙන්නේ ගෙවී ගිය සිවු වසර ඇතුළත මෙරට දිළිඳු ජනතාව අතරට අලුතින් ලක්ෂ 40ක් එකතු වී ඇති බවය. ඒ අනුව මෙම 2023 වසර වනවිට මෙරට මුළු දිළින්දන් සංඛ්‍යාව ලක්ෂ 70ක් බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

රටේ වසන් කළ නොහැකි කටුක තිත්ත යථාර්ථය එයය. තුන් වේලක් කන මිනිස්සු දෙවේලක් කෑ මිනිස්සු එකම වේලකටත් සීමාවෙමින් සිටිති. කුඩ දරු දෙදෙනා සමග කොස් ඇට තම්බා කෑමෙන් ජීවත්වන කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයේ මවක සම්බන්ධ ප්‍රවෘත්තිය අප පුවත්පත වාර්තා කර තිබුණේ මෙයට දෙතුන් දිනකට ඉහතදීය.

රටෙන් අඩක් බඩගින්නේ ජීවත්වන බව අනෙක් අඩ නොදන්නා රටක ප්‍රවෘත්තිවලින් ප්‍රකාශයට පත්වන යථාර්ථය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. මෙවන් පසුබිමක පොලොන්නරුව වකුගඩු රෝහලේ බෙහෙත් හිඟය යන ප්‍රවෘත්තිය මනුෂ්‍යත්වයේ අසරණකම කදිමට කියා පාන්නකි.

පොලොන්නරුව රෝහලේ නේවාසිකව විශාල පිරිසක් ප්‍රතිකාර ලබති. එමෙන්ම දෛනික සායනවලට ද විශාල පිරිසක් පැමිණෙති. මෙම රෝගීන්ට අවශ්‍ය තරම් ඖෂධ නොමැතිකම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

පොලොන්නරුව රෝහලේ වකුගඩු රෝගීන් සියයකගේ පමණ එකවර රුධිර කාන්දුකරණයට යොමු කළ හැකි පහසුකම් සලසා ඇතත් එම කටයුතු අදියර 2ක් යටතේ සිදුවන බව රෝගීන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුධිර කාන්දුකරණයට රෝගීහු 150ක් පමණ දිනකට යොමු වෙති.

ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ මෙම පොලොන්නරුව වකුගඩු රෝහලටය. එම පසුබිම තුළ එහි ඖෂධ හිඟයක් පැවතීම එම රෝගීන් බලවත් ලෙස අසරණ භාවයට ඇද දැමීමකි. ඖෂධ හිඟය නිසා නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට වැඩි මිලට ෆාමසිවලින් ඖෂධ ගැනීමට සිදුවී තිබේ.

වකුගඩු රෝගියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000ක් ලැබුණ ද එය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවය. එමෙන්ම එම මුදල මාස දෙකකින් නොලැබුණ බව ද ඔහු කියා තිබිණි.

රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට දෙන ඖෂධ මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘වෛද්‍ය නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසක් ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියෙන මුදලට දින කිහිපයකට ඖෂධ අරන් යනවා. නැවත බෙහෙත් ගන්න එන්නෙ නෑ.’’ යනුවෙනි.

අතේ ඇති මුදලට ඖෂධ මිලදීගෙන රෝග සුවපත් කරගත හැකිද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. විශේෂයෙන්ම අඛණ්ඩව ඖෂධ ගත යුතු වකුගඩු රෝගය වැනි රෝගයකට එසේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන බව ද ඒකාන්ත සත්‍යයකි. එම අසරණ මිසිසුන්ට ජීවිතය රැක ගැනීමට දෙවියන් යදිනවා හැර වෙනත් විකල්පයක් නැත.

පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘රජය ඖෂධ වර්ගවල මිල ගණන් සියයට 16කින් අඩු කළා. එහෙත් එම මිල සියයට 50කින් අඩු කිරීමට රජයට හැකියාව තිබෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරන මහ පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් ලබනවා. ඒ මාෆියාව නතර කරනවා නම් ඒක රෝගීන්ට අස්වැසිල්ලක් යනුවෙනි.

(***)



අදහස් (0)

පොලොන්නරු වකුගඩු රෝහලේ බේත් හිඟය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site