IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පවුලේ අවුල ලිහා බැලීම

දිගු කලක සිට රට මුහුණ දෙමින් සිටින සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදය විසඳෙන බවක් නොපෙනේ. බඩගින්න, රෝ බිය, අගහිගකම්, නැතිබැරිකම් සහ සකලවිධ පීඩාවලින් දුක් විඳින ජනයා සුළුතරයක් නොව බහුතරයකි. නිදුක් නිරෝගී සුවපත් ආත්ම ඇත්තේ ඉතා ටික දෙනකු ය. එහෙත් ඔවුන් තවම නිවන් දැක නැත. 

අයකු තම වැටුප් ආදායම වැඩිකර ගැනීම සඳහා වැඩ වර්ජනය කරන විට  ජීවිතය නොව ප්‍රාණය යදිමින් හඬා වැළපෙන දෙස් දෙවොල් දෙන අන්ත අසරණ ජනයාගෙන්  ආණ්ඩුවේ ඉස්පිරිතාලේ කොරිඩෝ, ඕපීඩීඩි, ඩිස්පැන්සරි පිරී ඉතිරී ගොස් ය. ප්‍රාණ රැකීමේ වගකිව යුත්තන් ඒ ප්‍රාණ ඇපයට තබා ගෙන ය. 

ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට බය ය. ගොවීන් කුඹුරට බය ය. ළමයි ඉස්කෝලෙට බය ය. මගීහු පාරට බය ය. දුගියෝ වෙළඳපොළට බය ය. සාගිනි ඇත්තෝ අහරට බය ය. පිපාසිතයෝ වතුරට බය ය. 

හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන ලෙස හිස් ලූ ලූ අත දිව යනවා සේ එහෙ මෙහෙ දුවනවා මිසක කවරකු අතවත් මේ අර්බුදයට විසඳුමක් ඇති බවක් පෙනෙන්නට නැත. රටක් ලෙස මුහුණ පාමින් සිටින අර්බුදයේ තැන් තැන් සිය බල ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා පාවිච්චි කරන්නන් හිඟ නැත. එහෙත් ඒ කිසිවකු රටේ ජනයා මේ දුකින් සහ සා දුකින් ගලවා ගැනීම පිළිබඳව හැඟීමකින් වැඩ කරන බවක් පෙනෙන්නට නැත.

රට සහ සමාජය ඔවුන්ගේ වගකීමක් නොව හුදු බලය ලබා ගැනීම සහ ආත්මාර්ථකාමී ව්‍යාපාර සඳහා ඒ දෙක ම දඩ බිම් ය. එවැනි පසුබිමක වැදගත් සමාජ වගකීමක් පිළිබඳ සිහි කැඳවීම මෙවර කිවි දා දැක්මේ’  අරමුණ ය. පැහැදිලි කිරීම් මිසක යෝජනා ඉදිරිපත් කිරීම එතරම් පලක් නැතැයි යන සිතීමක් පසුගිය කාලය තුළ ම සිතේ වැඩි දියුණු වූවත් එය නොතකා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද උත්සාහයක් ගනිමි.

බොහෝ දෙනා ජීවත් වන්නේ පවත්නා ක්‍රමය ගැන තෘප්තියකින් නො වේ. අතෘප්තියකින් ය. ඒ අතෘප්තිය සාධක කීපයක බලපෑම නිසා සිදුවන්නක් වුණත් නොරිස්සුම එන්නේ රටේ දේශපාලනය කෙරෙහිය. එහි ඇති වැරැද්දක් නැත. මේ බොහෝ දේට දේශපාලනය වගකිව යුතු ය. එහෙත් මේ අතෘප්තිකර දේශපාලන ක්‍රමය නඩත්තු කරන්නේත් එය රුස්සන්නේ නැති ජනයා ම ය. ගැටලු‍ව ඇත්තේ තමන්ගේ ඒ දායකත්වය ගැන සවිඥානිකත්වයක් සහ ඒ ගැන දැන ගැනීමට උනන්දුවක් වුවමනාවක් මේ ජනයාට නැතිකමය.

මේ සවිඥානික බව නැති ප්‍රමුඛම තැන අන් කිසිදු තැනකට ආයතනයකට වඩා පවුල ය. ඊට හේතුව නම්, බොහෝ දෙනකුට දේශපාලනය ඇත්තේ හෝ දැනෙන්නේ පවුලෙන් පිට දෙයක් ලෙස වීම ය. පවුල අදේශපාලනික ය. ඉන් පිටත දේශපාලනිකය. එසේම පවුල පෞද්ගලික ය. ඉන් පිටත සමාජයීය ය. එ නිසා ම පවුල තුළ දේශපාලන වෙනස් වීම් හෝ සමාජයීය වෙනස් වීම් සිදු වන්නේ නැත. සිදුවන්නේ නම් ඒ කලාතුරකිනි. ඒ වෙනස් නොවන පවුලට එළියේ වෙනස්වීම් ගැන බලාපොරොත්තු නැත.

එළිය වෙනස් කිරීමට වුවමනාවකුත් නැත. ජනයා තමන්ගේ සත්‍ය ජීවිතය පවුල තුළ නොවෙනස්ව තබා ගනිමින් එළිය සමඟ ව්‍යාජ ජීවිතයක් නඩත්තු කරනු ලැබීම ඊට සම්බන්ධ ය. එළිය ට අදාලව දේශපාලන සහ සමාජ තීරණ ගැනීමට තරම් පවුල පරිණත නැත. ඒ නිසා සමාජය සහ දේශපාලනය සම්බන්ධයෙන් පවුල ගන්නේ සමාජ-දේශපාලන අවබෝධය මත පදනම් වූ සමාජයීය හෝ දේශපාලනික තීරණ නොව තනිකරම අදේශපාලනික සහ සමාජයීය නොවන අඥාන පෞද්ගලික තීරණ ය. 

බොහෝ තරුණ තරුණියන් කියන ආකාරයට ඔවුන් නියෝජිතවරණවල දී ඡන්දය දී ඇත්තේ තම දෙමව්පියන් හෝ ලේ ඥාතීන්ගේ පුරුද්දට සහ බහට අනුව ය. එය එක උදාහරණයකි. එහෙත් සුලබ තත්ත්වයකි. එකම කල්ලි ලංකාවේ දේශපාලන බලය අත්පත්කර ගන්නේ මෙන්න මේ හේතුව නිසා ය. තම තමන්ගේ දේශපාලන ගමනේ සැමරුම් උත්සව ගන්නා ප්‍රාදේශීය පාලකයන්, තමන් ආ ගමනේ සැබෑ ගෞරවය සහ අයිතිය එතනට රැස්වී සිටින ඡන්ද හිමියන්ට හිමි විය යුතු යැයි කියන්නේ ඒ නිසා ය. හැබැයි මේ පාලකයන්ගේ සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ ජීවිත සකල සිරින් පිරී ගොස් ය. එහෙත් අර ප්‍රවෙනිදාස මානසිකත්වයක් සහිත ඡන්ද හිමියන්ගේ ජීවිත ඇත්තේ සකල දුකින් පිරී ඉතිරී ය. ඔවුන් එය සලකන්නේ වෙනස් කළ නොහැකි පව් පින් සහ දෙවියන් මත තීරණය වන වෙනස් කළ නොහැකි ඉරණමක් ලෙස ය. 

එබැවින් මේ අසරණ ඡන්ද හිමි ප්‍රවේනිදාසයාගේ සත්‍ය ජීවිතය පටු ය, සරළ ය, කෙටි කාලසටහන් සහිත ය, කන බොන අඳින ලගින සහ රමණය මුල් කරගත් අර්බුදකාරී ඇවතුම් පැවතුම් පමණකි ය, සාමුහික එහෙත් හුදකලා එකක් ය, නිරන්තර සැකය සහ බිය ය, අසරණ ය, දුක්ඛිත ය. එහෙත් ඒ සියල්ල සඟවා සිටීමට ගන්නා වෙහෙස අති මහත් ය. මේ හුදකලා මනුසතා දඩයම් කිරීමට පැමිණෙන ප්‍රධාන බලවේග නැතහොත් දඩයම්කරුවෝ දෙදෙනෙකි. ඒ වෙළඳපොළ සහ නග්න බල-දේශපාලනය ය.

වෙළඳපොළ දෛනික ය, සැම මොහොතකම සෑම තැනකම ය. නග්න බල-දේශපාලනය දෛනිකව කුරුමානම් අල්ලමින් වෙලාව ආ විට ගොදුර ඩැහැ ගනී. ඩැහැගැනීම සිදුවන්නේ කලින් කලට ය. මේ දඩයම්කාර බලවේග දෙක අතර ඇත්තේ අන්‍යොන්‍ය සහචර සම්බන්ධයක් ය. මෙරට දශක ගණනාවක් තිස්සේ නඩත්තු වන්නේ ඒ සම්බන්ධය සහිත වෙළඳපොළක් සහ දේශපාලනයක් ය. ගොදුරු හුදකලා නිසා සහ දඩයක් කරුවන් හඳුනා ගැනීමේ දේශපාලන සහ සමාජයීය අවබෝධයක් නැති නිසා ඉන් ගැලවීමක් බේරීමක් ඒවාට නැත.

පවුලේ හුදකලා බව ආකාර තුනකි. පවුල බාහිර සමාජයෙන් සමාජ දේශපාලන සංවාදයෙන් හුදකලා වීම, පවුල අනෙකුත් පවුල් වලින් හුදකලා වීම සහ පවුලේ සාමාජිකයන් සිය පවුල තුළම හුදකලා වීම ඒ ආකාර තුන ය. මේ හුදකලා බැවින් මිදීමට සමකාලීන පවුල් ගන්නා උත්සාහය එක්කෝ අල්පය;  නැතහොත් අසාර්ථකය. ඒ සඳහා පාසල් නමින් ඇති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ශාලාවලට කළ හැකි දෙයක් නැත. ඔවුන් කරනුයේ විභාග සඳහා ළමයින් පුරුදු පුහුණු කිරීම පමණක් ය.

ඒ නිසා ම පාසල ද සමාජයීය නැත. එනම් සමාජයීය සංවාද නැත. පවුලෙන් සමාජයීය නොවන කෙනාට පාසලෙන් ද පිහිටක් නැත. ඇතැම් විට පාසල පවුලට වඩා ප්‍රතිගාමීය. ආගමික ස්ථාන ඊට දෙවෙනි නැත. ජනයා ශිෂ්ට කිරීම සහ සමාජයීය කිරීම හැර අනිත් හැම දෙයක් ම කිරීමට ඒවා දක්ෂය, පක්ෂය. අනෙකුත් සියලු‍ම රාජ්‍ය සහ ඉන් බාහිර ආයතනවල පුද්ගලවාදී බව, පටුබව සහ ප්‍රතිගාමීත්වය  ඉහත කී පවුල පාසල පන්සල පල්ලිය කෝවිල ආදී ආයතනවල හැසිරීම් රටාවේ දිගුවක් ය.

මෙවැනි පසුබිමක නඩත්තු වෙන්නේ පැරණි වැඩවසම් දේශපාලන සම්ප්‍රදාය ම මිස ජනයා පීඩා ගැන දැනුවත්, ඊට එරෙහිව වැඩ කිරීමට සූදානම්, පීඩාවෙන් තොර, ප්‍රීතියෙන් සහ ගෞරවයෙන් යුත් නිදහස් ජීවිතයක් සඳහා වූ ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් නොවේ ය. දේශපාලනයේ ප්‍රබල වී ඇත්තේ රදළ - අතවැසි සම්බන්ධතා ය. රදලයන්ගෙන් කුමන පීඩා නින්දා පැමිණිය ද ගැත්තන්ට යමක් ලැබේවි යන පරම්පරාගත දාසයන්ගේ මානසිකත්වයෙන් සහ බැඳීමෙන් බහුතරයක් ඡන්ද අයිතිකරුවන් ගැලවී නැත. ගැතිව සිටීමේ ඉඩකඩ මිස ඉන් මිදීමේ නිදහස තවම ඔවුන්ට ලැබී නැත.

වර්තමාන සේවාදායක-අනුග්‍රාහක දේශපාලනය යනු තවමත් සක්‍රීය රදල - ප්‍රවේනිදාස, එනම් පරම්පරාවෙන් ම දාස, අවිඥානයේ සමකාලීන රූප කාය බව අප වටහා ගත යුතුම ය. අන්ත ප්‍රතිගාමී කල්ලි වෙන්ව සහ කලවම්ව මාරුවෙන් මාරුවට ආණ්ඩු බලය පැහැර ගන්නේ එවැනි වැඩවසම් රදල-ප්‍රවේනිදාස සම්බන්ධතා ප්‍රබල ලෙස නඩත්තු වන නිසා ය. පෙනුමෙන් ම කවුරුන් දැයි කිව හැකි ජන ගංගා පාලකයන් දෑලේ ගලා යමින් වසර හැත්තෑ හතරක් තිස්සේ රටට කියා දෙන්නේ ඒ පාඩම ය. මේ ජන ගංගා මේ ආකාරයෙන් දශක කීපයක් තිස්සේ ගැලීමට පවුල, පාසල, පන්සල, පල්ලිය, කෝවිල ලබාදෙන දායකත්වය අති මහත් ය. 

එවැනි යථාර්ථයක රටට අවශ්‍ය වන්නේ පාලකයන්ගේ ප්‍රර්ශනාත්මක බලය සහ ශක්තිය බවට පත් වී ඇති ප්‍රවේනිදාසයන් ජනතාව බවට පරිවර්තනය කිරීමේ ව්‍යායාමයකි. එසේම පවුල, පාසල, පන්සල, පල්ලිය, කෝවිල, සමාජයීය කිරීමේ ව්‍යායාමයකි. රට සමාජයීය කළ හැක්කේ එවිට ය. විශේෂයෙන්ම සමාජ දේශපාලන සංවාදවලින් තොර, හුදු පරිභෝජනය ගැන පමණක් දොඩමලු‍වන, වෙළඳපොළේ සහ කල්ලි දේශපාලනයේ දඩයම් සහ ගොදුරු බවට පත් වී ඇති පවුල දියුණු සහ පරිණත සමාජ දේශපාලන සංවාද මණ්ඩපයක් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණයකි. රට වෙනස් කිරීමට නම් පවුල වෙනස් කළ යුතුම ය. සමාජයීය කළ යුතුම ය. දේශපාලනික කළ යුතුම ය.

තැරව්කාර කොම්පැනි නාලිකාවලින් ගලවා ගත යුතු ම ය. එය පදනම වෙනස් කිරීමකි. එවිට පන්සලත්, පල්ලියත්, කෝවිලත් ධර්මය අවබෝධ කරගනු ඇත. අලු‍ත් බණ අලු‍ත් යාඥා අලු‍ත් ස්ත්‍රෝත්‍ර ඇසෙනු ඇත. රොටී තැටියේ කැවුම් බැදීම කළ නොහැක. දින කීපයක් ඉක්ම ගිය ද මවුන්ට් බැටන් ආණ්ඩුකාරයාගේ බිරියට සුබ උපන් දිනයක් පතමි. ඒ ඇය ඉන්දියාවේ දී අසරණයන් වෙනුවෙන් කළ දෑ වෙනුවෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ  ධම්ම දිසානායක



අදහස් (0)

පවුලේ අවුල ලිහා බැලීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site