IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාස්කු ප්‍රහාර සුළමුල

පාස්කු ප්‍රහාර කතිකාව නැවත කරළියට ආවේ බ්‍රිතාන්‍ය රජයට අයත් චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරනු ලැබීමෙන් පසුව ය. නිකුත් කර දිනකට පමණ පසුව මෙම ආයතනය විසින් ම අදාළ විඩියෝව පරිශීලනය කිරීම බ්‍රිතාන්‍යයට පමණක් සීමා කළේ එය තමන්ට වැරදුණු බව වහා තේරුම් ගිය නිසා වැනිය.

ඇතැම් විට මෙහි අරමුණ ම එය වන්නට ඇත. එනම් ක්ෂණිකව එය දර්ශනය කොට මේ පිළිබඳ සමාජ තිගැස්මක් ඇති කොට නැවත එය හකුලා ගැනීම ය. එක් අතකින් අදාළ වීඩියෝව එළිබැසීමට කලින් නාලිකාව විසින් කරන ලද ප්‍රචාරය හා බලන විට එහි ගතයුතු දෙයක් ඇත්තේ ම නැත. අනිත් අතින් වීඩියෝව දැඩි ලෙස පරස්පරයට ලක් කරන ප්‍රබල කරුණුමය සාධක ඒ වන විටත් නිකුත් වී තිබීම ය.

‌ඛේදනීය පාස්කු ප්‍රහාරය ගැන මාතෘකාවේ තිබුණ ද ඇත්ත වශයෙන් ම වීඩියෝවේ අඩුවෙන්ම තිබුණේද ඒ පිළිබඳව ය. එය ඛේදවාචකය දේශපාලනීකරණය කිරීමක් පමණි. අප පසුගිය වසර කීපය තුළ දුටු අන්තවාදී බෝම්බකරුවන්ගේ දර්ශන හා විපතට පත් වූ දේවස්ථාන මෙන්ම හඬන වැළපෙන දසුන් එහි තිබුණි. එහෙත් එම වීඩියෝ චිත්‍රපටය නිර්මාණය කිරීමේ දේශපාලන අරමුණක් හා ඊට කාවද්දන ලද ද්වේශයක් නම් ඉතා පැහැදිළිව එහි දක්නට ලැබිණ.

නිර්මාපකයන්ගේ සැලසුම හා අරමුණ වී තිබුණේ මෙවැන්නකි. එනම් ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ සරණාගත වීසා සොයා ගිය අසාද් මවුලානා නම් පුද්ගලයකු යොදාගෙන ඔහුගේ ප්‍රකාශයක් හරහා පාස්කු ප්‍රහාරයේ සැලසුම පිළිබඳ වගකීම ලංකාවේ කීර්තිමත් බුද්ධි අංශ නිලධාරියකු වන වත්මන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සැලේ වෙත පැවරීම ය. ඒ හරහා එය රාජපක්ෂවරුන් මත පැටවීම ය. ඔවුන් වරද්දා ගත්තේ එතැන් සිට ය.

අංක එක, එනම් මෙම කියන මවුලානා නම් පුද්ගලයා මේ වන විට ලංකාවේ නැත. ඒ අනුව ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ද ලංකාව සතුව නොපවතී. එවන් පුද්ගලයකු හරහා රූපවාහිනි නාලිකාවකට ඕනෑම දෙයක් කියාගත හැකි ය. මන්ද එසේ ක්‍රියා කිරීම ඔහුට බටහිර රටක සරණාගත වරප්‍රසාද ලබාගැනීම සඳහා කදිම අවස්ථාවකි. ඔහු විසින් දැන් කිවයුතු වන්නේ වීඩියෝවට කරුණු කීමෙන් පසු තමා ලංකාවට ගියහොත් අනිවාර්යයෙන්ම එහි දී අත්අඩංගුවට ගෙන වදයට බඳුන් කරන බවට බොරු කිරීමයි. ඒ අනුව, සරණාගතකරුගේ එම තත්ත්වය චැනල් 4 නාලිකාව මාර්ගයෙන් ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මෙහි දී මනාව යොදාගෙන ඇත. 

දෙවැනි කරුණ නම් මෙම සරණාගතකරු විසින් කියන ලද කරුණුවල නිරවද්‍යතාව පිළිබඳ ප්‍රශ්නයයි. එය දැනටමත් පැහැදිලි ලෙස අභියෝගයට ලක්ව තිබේ. මේජර් ජෙනරාල් සැලේ මීට පෙර චැනල් 4 නාලිකාවට පවසා ඇත්තේ, එහි කියැවෙන ලෙස, තවුහිත් ජමාත් සංවිධානයේ මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන් ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකු පුත්තලම ප්‍රදේශයේ දී තමා හමු වූ බව කියන 2018 වසරේ පෙබරවාරියේ තමා සිටියේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කවුන්සලවරයකු ලෙස සේවය කරමින් බව ය.

එකල ලංකාවේ මැලේසියා තානාපති ලෙස කටයුතු කළ පකීර් මොහිදීන් අම්සාගෙන් එය තහවුරු කරගන්නා ලෙසත් ඔහු නාලිකාවට කියා ඇත. තානාපති කාර්යාලයක නිලධාරියකු කළ සේවය ඕනෑම අයකුට අදාළ ලේඛන පරීක්ෂා කොට තහවුරු කරගත හැකි ය. කෙසේ වෙතත්, එවන් පැහැදිලි සාධක ලබා දී තිබිය දී චැනල් 4 නාලිකාව විසින් ඉහත මවුලාගේ ප්‍රකාශය මත තම චිත්‍රපටයේ සම්පූර්ණ හරය රඳා පැවතීමට හැරීම මාධ්‍ය සදාචාරය මතු නොව, සාමාන්‍ය මානව ගුණාංග පවා අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.  

මේ අතර, පාස්කු බෝම්බ ප්‍රහාර සිදු වූ දින තමා සිටියේ ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඪයේ පාඨමාලාවක් හදාරමින් බව ද ඔහු නාලිකාවට දක්වා ඇත. තමා මැලේසියාවේ ගත කළ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් අතරතුර එක් වරක් පමණක් සතියක පමණ කාලයකට ලංකාවට පැමිණි බවත්, ඒ ද 2017 වසරේ දෙසැම්බර් මස පැවති විමර්ශනයකට සහාය දීම සඳහා බවත් ඔහු දන්වා ඇත. මේ අනුව, චිත්‍රපටයේ කියන ලෙස 2018 පෙබරවාරියේ ඔහු සහරාන් ඇතුළු පිරිස හමු වූ බවට වන කතාව පට්ටපල් මුසාවකි. 

තත්ත්වය මෙසේ දිගහැරෙමින් තිබෙන අතරතුර මේ සතියේ හිටපු තානාපතිවරයකු වන සරත් කෝන්ගහගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ ය. ඔහුගේ ප්‍රකාශයට අනුව, මෙම වීඩියෝවට අදාළව තමාගෙන් දිගු ප්‍රකාශයක් ලබාගත්ත ද ඉන් පළ කර ඇත්තේ ඉතා සුළු කොටසක් බවත්, එය ලබාගත්තේ ෆරාස් ශවුකට් අලි බව ද සඳහන් කරන්නේ ය. ෆරාස් යනු සිරස මාධ්‍ය ජාලය තුළ වැඩසටහන් කරන්නෙකු බව අපි දනිමු. කෝන්ගහගේ මහතා පවසන්නේ ෆරාස් තමාගෙන් ප්‍රකාශ ලබාගත්තේ චැනල් 4 නාලිකාව වෙනුවෙන් නොව, බ්‍රිතාන්‍ය ITN  නාලිකාව වෙනුවෙන් බව කියමින් ය. ඒ අනුව එම මාධ්‍යවේදියා තමාට වංචා කළ බව ද ඔහු කියා සිටියේ ය. 

ඉහත සිදුවීමට අනුව පැහැදිලි වන්නේ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව වෙනුවෙන් ලංකාවේ සිට සහාය දී තිබෙන්නේ ලංකාවේ මාධ්‍ය හා ඒවාට සම්බන්ධ පිරිස් බව ය. එසේ කිරීමේ අයිතිය ඕනෑම අයකු සතු බව අපි පිළිගනිමු. එහෙත් මේ වැනි බොරු සහ වංචා කරමින් එසේ කිරීම නම් පිළිකුල් සහගත එකකි. එය ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමකි. ඒ සියල්ල මැද, මේ ප්‍රබල පරස්පරතා නිසා අදාළ වීඩියෝව පිළිබඳ ඇති සියලු‍ විස්වසනීයත්වයන් ඉතිරි නොකරම බිඳ වැටී ඇත. 

චැනල් 4 නාලිකාව විසින් කරන ලද්දේ පසුගිය කාලය පුරාවට ලංකාවේ සමාජ මාධ්‍ය නිර්මාණය කළ දේශපාලන බොරු ගොන්නට එක්තරා ජීවයක් ලබාදීමට කටයුතු කිරීම පමණි. පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සැලසුම් කළ එකක් බව දේශපාලනිකව බංකොළොත් චරිත විසින් මුදාහළ ව්‍යාජ විඤ්ඤාණයකි.

විශේෂයෙන් ම සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමාජ ජාලාකරුවෝ මෙහි මුල් තැන ගත්තෝය. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු සාමාජික මෙන්ම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා ද සහරාන් සමග මෙම ප්‍රහාරවලට සම්බන්ධ වීමයි. එය ඔවුන්ට දිරවාගත නොහැකි සිදුවීමකි. මේ අනුව, ඔවුන් කළේ තම දෙසට එල්ල වන චෝදනාව පෙරළා තම විරුද්ධ පිළ වෙත දමා ගැසීමයි. 

ඇත්ත වශයෙන් ම සිංහල බෞද්ධ නායකයකු ලෙස හැඳින් වූ ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකු වෙනුවෙන් සියදිවි නසාගැනීමට අන්තවාදී මුස්ලිම් තරුණයන් යොමුවිය හැකි බව කෙනෙකු සිතන්නේ නම්, ඔහු හෝ ඇය විසින් වහා කළ යුත්තේ මානසික ප්‍රතිකාර සඳහා යොමු වීම ය. වෙනත් දෙයක් ඒ ගැන කිව නොහැකි ය. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යකරුවන් පමණක් නොව, ඉන් පිටත සමාජය ද පිළිගන්නේ තමා විස්වාස කිරීමට කැමති දෙය මිස වාස්තවික සත්‍ය නම් නොවේ.

ඒ අනුව, ඉහත මතය වටා ද සැලකිය යුතු පිරිසක් බිහි වුණි. චැනල් 4 කළේ ඒ පිරිසගේ බොරුව මතින් වීඩියෝ චිත්‍රපටයක් තනා එමගින් තම රාජපක්ෂ වෛරය පාකර හැරීමයි.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ හට බලයට ඒම සඳහා මෙවැනි තිරශ්චීන ක්‍රියා කිරීම කිසිසේත්ම අවශ්‍ය ව තිබුණේ නැත. පාස්කු ප්‍රහාරයට පෙර පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලබාගත් ජයගහ්‍රහණය ලංකා ඉතිහාසයේ විපක්ෂයක් විසින් පළාත් පාලන ඡන්දයක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතව ඇත.

සාමාන්‍යයෙන් පුංචි ඡන්ද සැමදා දිනාගත්තේ පවතින ආණ්ඩුවයි. එවන් පසුබිමක ජනාධිපතිවරණය යනු ගමේ බසින් කිරිකජු කෑමකි. ඇරත්, එවක යහපාලන ආණ්ඩුව ගැන ජනතාව කලකිරී සිටියේ එය පත් වූ විගස සිදුවූ මහබැංකු මූල්‍ය වංචාවල සිටම ය. එවන් ආණ්ඩුවක් පරාජය කිරීමට ආගමික වතාවත්හි නිරත වූ සිවිල් මිනිසුන් ඝාතනය කිරීම වැනි දේ කිරීම කොතරම් අතාර්කික ද යන්න කෙනෙකුට සිහිපත් විය යුතු ය. 

මේ අතර, හිටපු නීතිපති දප්පුල ලිවේරා විශ්‍රාම යෑමට කලින් දින කළ “මහමොළකරු” ප්‍රකාශයකින්  කතෝලික ප්‍රජාව වෙත දමා ගැසුවේ සුළුපටු ගලකින් නොවේ. අවාසනාව නම්, තමන් සේවය කරන විට මහමොළකරුවෙකු ගැන විමර්ශනය නොකළ ඔහු විශ්‍රාම යමින් රට කළඹන ප්‍රකාශ සිදුකිරීම ය. කෙසේ වෙතත්, මේ ගැන තමන් දන්නා දේ කීම සඳහා ඔහු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් කැඳවූ විට ඔහු කළේ අධිකරණ නියෝගයක් ගෙන ඉන් පැන යෑම ය. මේ ගැන මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ම පසුගිය දා ප්‍රබල ප්‍රකාශයක් කර තිබුණි. 

මේ සියලු‍ කරුණුවලින් හෙළි වන්නේ මෙම සිදුවීමට අදාළ ඉහත “කුමන්ත්‍රණ කතා” කොතරම් බොළඳ ඒවා ද බව ය. ඒ කිසිවෙකුටවත් මේ ගැන සත්‍ය සොයා ගැනීම සඳහා අවශ්‍යතාවක් නැති බව ද පෙනේ. එහෙත් තම දේශපාලන හා ආගමික න්‍යාය පත්‍ර වෙනුවෙන් රටේ කීර්ති නාමය උගසට තැබීම ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ



අදහස් (2)

පාස්කු ප්‍රහාර සුළමුල

soma Friday, 15 September 2023 06:09 PM

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දන්වා සිටියදී රජය අනුගමනය කළ ක්‍රියා කලාපය, ඉන් අනතුරුව එයට සම්බන්ධ වුවන් සොයාගැනීමට දැක්වූ ඇල්මැරුණු ප්‍රතිපත්තිය ලියුම්කරුගේ විග්‍රහයෙන් බැහැර වී තිබෙන සැටි විශ්මයජනකයි. කෙසේ නමුදු එම ප්‍රශ්න ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් තුළ මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සාමාන්‍ය ජනයා තුළත් කුකුසක් ඇතිවීම වළකනු නොහැක. කෙසේවෙතත් අවස්ථාවේ හැටියට සාධනීය විසඳුම නම් අපක්ෂපාතී අන්තර්ජාතික පරීක්ෂණයකි. එය අවැසි නම් එකිනෙකට වෙනස් පාර්ශව දෙකකින් හෝ තුනකින් වුවද කළ හැකිය... එමගින් පාස්කු පුවත වටා ඇති ප්‍රබන්ධ මෙන්ම සත්‍යයද සොයා ගත හැක. අනිත් අතට වගකිවයුතු රජයක් එවැනි පරීක්ෂණයකට පසුබට වීමට කිසිඳු හේතුවක්ද නැත. ප්‍රහාරයට රජයේ කිසිඳු දායකත්වයක් නැති නම්, ඒ බව පරීක්ෂණයෙන් ඔප්පු වනු ඇත. එයම චැනල් 4, කරනුයේ රඟපෑමක් බවට අන්තර්ජාතික වශයෙන් ඒත්තු ගැන්වීමට මහඟු අවස්ථාවකි. එම සාක්ෂියම චැනල් 4, කරන අනෙකුත් චෝදනා එක හෙලා බැහැර කිරීමට මනා අවස්ථාවක් පාදයි. ඉතින් වගකිවයුතු රජයක් නම් කල් නොඇර පරීක්ෂණයකට ඉඩදී, ඒ සඳහා සියලු සහයෝගය ලබාදී චෝදනාවලින් ගැලවීමට අවස්ථාව සාදාගත යුතුයි.

:       1       9

pj Saturday, 16 September 2023 03:00 AM

"ජනතාව කලකිරී සිටියේ එය පත් වූ විගස සිදුවූ මහබැංකු මූල්‍ය වංචාවල සිටමය." තවමත් නොවිසඳුණු නඩුවක තීරණය මෙම ලියන්නා විසින් කළින්ම නිකුත් කර තිබීම චැනල් 4 රේ ප්‍රකාශයට වඩා බරපතලය. යහපාලන ආණ්ඩුව බිඳවැටී නැවත රාජපක්ෂ රජයක් බිහි වූයේ මහ බැංකු කතාව සහ පාස්කු ප්‍රහාරය නිසාමයි. කළින් ආණ්ඩුව දිගටම තිබුනේ නම් අපේ රටට වර්තමාන ආර්ථික ඉරණම අත් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. සමාජ මාධ්‍යවල සංසරණයවන රාජපක්ෂ පැටිකිරිය කියැවූවේ නම් ඒ බව වඩාත් අවබෝධ කරගත හැකිවනු ඇත...

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 276 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1204 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 586 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1790 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1332 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site