IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පාසල් කැන්ටින්වල පැණි බීම සීමා කිරීම ළමා සෞඛ්‍යයට රුකුලක්

පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර, සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බැව් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම අතින් ගත් කල්හි මෙය වඩාත් යහපත් පියවරක් වේ. මෙරට ජනගහනයෙන් මේ වන විට සියයට 12ක පමණ ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව වාර්තා වන අතර, 2013 දී කරන ලද සමීක්ෂණයකින් මෙරට අවුරුදු 20ට අඩු අයගෙන් සියයට 8.5ක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා විය. විශේෂයෙන් පාසල් දරුවන් අතර දියවැඩියා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව ද වාර්තාවල දැක්වෙයි.

දරුවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම උදෙසා ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාරවලට හුරු කිරීම වඩාත් වැදගත් වෙයි. පාසල් දරුවන් පැණි රස ආහාරවලට හා ක්ෂණික ආහාරවලට පමණට වඩා හුරු වීම ඔවුන් අතර දියවැඩියා රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව වැඩි වීමට බලපාන බව ද වාර්තා වී තිබිණි. නාගරීකරණය නිසා මෙරට ජනයාගේ පරිභෝජන රටාව වෙනසකට ලක් වීම මෙම තත්ත්වයට හේතු වී ඇත. සාමාන්‍යයෙන් දියවැඩියාව නැති පුද්ගලයකුට දිනකට පරිභෝජනය කිරීමට නිර්දේශ කරන සීනි ප්‍රමාණය ග්‍රෑම් 25ක් හෙවත් තේ හැඳි 6කි.

මෙම ප්‍රමාණය ඍජුව සහ වක්‍රව පරිභෝජනය කළ යුතු දෛනික සීනි ප්‍රමාණයයි. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු දිනකට සීනි ග්‍රෑම් තිස් හයක් පමණ මේ වන විට පරිභෝජනය කරන බව සමීක්ෂණ ඔස්සේ පෙනී ගොස් තිබේ. මෙකී පරිභෝජන රටාවකට හුරු වූ පවුල් පසුබිමකින් එන පාසල් සිසුවා පාසලේදී සීනි බහුලව අඩංගු ආහාර පරිභෝජනය කිරීම නිසා ඉහත කී දෛනික සීනි පරිභෝජන ප්‍රමාණය තවත් ඉහළ යයි. මෙම තත්ත්වය දරුවාගේ සෞඛ්‍ය මට්ටම පහළ දැමීමට බෙහෙවින් බලපෑම් කරනු නියතය.

අධ්‍යාපනයේ පවතින තරගකාරීත්වය හමුවේ දරුවාට ස්වාභාවිකව ශාරීරික ව්‍යායාම ලබා දෙන සෙල්ලම් කිරීමේ කාලය ද මේ වන විට අඩු වී තිබේ. ළඟපාත පිහිටි පාසල්වලට පවා දරුවන් වාහනවල නොයවා පයින් යවන දෙමවුපියන් දැන් නැත. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරන කාලයේ පටන් උසස් පෙළ දක්වා අමතර පන්ති හේතුවෙන් දරුවන් සෙල්ලම් කරන කාලය අතිශයින් සීමා වී තිබේ. දරුවාට ලැබෙන ව්‍යායාම අඩු වීම ද ඔවුන් දියවැඩියා රෝගය කරා යොමු වීමේ අවදානම් තත්ත්වයකි.

මෙවැනි තත්ත්වයක පසු වෙන ශ්‍රී ලාංකික දරුවා පරිභෝජනය කරන සීනි ප්‍රමාණය අවම කිරීම ගැන සැලකිලිමත් වීම වඩාත් හොඳ ක්‍රියාවකි.

දරුවන් මහත් ළැදියාවෙන් ආහාරයට ගන්නා මාළු පාන් ආදී කෙටි කෑම නිපදවන්නේ තිරිඟු පිටි මූලික කරගෙනයි. තිරිඟු පිටි වඩාත් ඉක්මනින් සිරුර තුළදී ග්ලූකෝස් බවට පරිවර්තනය වන ආහාර වර්ගයකි.

නිවසේදී දරුවාට ආහාර පිළියෙල කිරීමට තරම් විවේකයක් නැති කාර්යබහුල නාගරික වැඩිහිටියා කරනුයේ පාසල් කැන්ටිමෙන් කෑම මිලදීගන්නට දරුවාගේ අතට මුදල් දීමය. එවිට දරුවා වඩාත් අභිරුචියෙන් මිලදීගෙන අහිතකර ආහාර අනුභව කරයි.

මෙවැනි සමාජ පසුබිමකින් පාසලට පැමිණෙන දරුවාට අහිතකර වූ පැණි බීම සහ පිටි ආහාර පාසල් භෝජනාගාරයේ අලෙවි නොකිරීමට පියවර ගැනීම වඩාත් හොඳ තීරණයකි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ මෙම පුවතේ සඳහන් වන්නේ, දැනට බහුලව සිදු කෙරෙන පාන් පිටි භාවිතය අඩු කොට සහල් පිටි භාවිතය සුලබ කිරීම සඳහා මෙම පියවර ගත් බවකි. සහල් පිටි භාවිතය වැඩි කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත්තේ නම්, ඒ දෙස බැලිය යුත්තේ වඩාත් විචාරාත්මකවය. මෙරට රජයේ පාසල් ඇත්තේ 10,155කට ආසන්න සංඛ්‍යාවකි. ඒවායේ කැන්ටින් නැතහොත් භෝජනාගාර ඇත්තේ ඊටත් අඩු සංඛ්‍යාවකි. ඒවායේ පාන් පිටි ආහාර වෙනුවට සහල් පිටි ආහාර අලෙවි කොට මෙකී අරමුණට යෑම උගහටය.

තිරිඟු පිටි පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර දෙක තුළ සිදු වී ඇත්තේ වැඩි වීමක් නොව අඩු වීමකි. 2020 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය සියයට9.62කින් අඩු වූ අතර, 2021 සිට 2022 දක්වා තිරිඟු පිටි පරිභෝජනය සියයට2.13කින් අඩු වී තිබේ. (තිරිඟු පිටි මිල ඉහළ යාම ඊට හේතු වූ බව සිතාගත හැකිය.)

පසුගිය දිනවල වාර්තා වූ ආකාරයට මෙරට ජනයාගෙන් සියයට තිස් හයකට වඩා වැඩි ප්‍රතිශතයක් වේල් මග හරිති. සියයට 50කට වඩා වැඩි ජන සංඛ්‍යාවක් නිසි පෝෂණයෙන් යුතු ආහාර අනුභව කරන්නේ නැත. මෙරට ජනයාට සහල් පිටි කර අනුභව කර වීම කෙසේ වෙතත් සහල් නිෂ්පාදනය වැඩි කොට සහල් මිල අඩු කිරීම උදෙසා වැඩපිළිවෙළක් සැකසීම කළ යුතු වේ. සහල් පිටි අනුභව කිරීමට ජනයා පෙළඹ විය යුත්තේ අවශ්‍ය අතිරික්ත නිෂ්පාදනය වූ පසුවයි.

(***)



අදහස් (1)

පාසල් කැන්ටින්වල පැණි බීම සීමා කිරීම ළමා සෞඛ්‍යයට රුකුලක්

AB Wednesday, 11 January 2023 05:59 PM

සහල් පිටි අනුභව කිරීමට ජනයා පෙළඹවිය යුත්තේ අවශ්‍ය අතිරික්ත නිෂ්පාදනය වූ පසුව නොවේ. රටට අවශ්‍ය සහල් ප්‍රමාණ විදේශ රටවලින් ගෙන්වා ලබාදිය හැකියි. රට තුළ සහල් අතිරික්තයක් නිෂ්පාදනය වනතුරු සහල් පිටි අනුභව කිරීමට සිටියහොත් එය සිදුවන්නේ නැත. සහල්මිල අඩු කිරීම සිදුකළත් වෙනත් ආහාර ද්‍රව්‍යය (එළවලු, පලතුරු, බිත්තර) මිල ඉහළය. අවශ්‍ය වන්නේ පවතින ගැටලුවට විසඳුමකි. ආර්ථික අපහසුතාවයෙන් සිටිනා පුරවැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කර දෙවනුව ගැටළු සඳහා විසඳුම් ලබාදිය යුතුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37955 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site