IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පළාත් පාලන ඡන්ද සැපතක්ද? විපතක්ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ඉතිහාසය තුළ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සටහන් කළ 2022 වසර එසේ ගෙවී ගියේය. ශ්‍රී ලංකාව තුළ නිදහස ලබා ගෙවී ගිය 75 වසරක කාල පරිච්ඡේදය තුළ රජයට එරෙහිව විවිධාකාරයේ උද්ඝෝෂණ මෙන්ම ඇතැම් විට මැරකම් හා තර්ජන පවා පැවතුන ද කිසිදු රාජ්‍ය නායකයකු ඒවා නිසා ඉල්ලා අස්වූ බවක් වාර්තා වන්නේ නැත.

සාහසිකයන් විසින් අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබුව ද කොටි ත්‍රස්තවාදීන් විසින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැර ඝාතනය කරනු ලැබුව ද ඒ තුළින් එතෙක් පැවති දේශපාලන පක්ෂවල බලය බිඳ දැමීමට නොහැකි විය. පසුගිය වසරේ දී ඇති වූ අරගලය හේතුවෙන් රටේ අගමැතිවරයා ද ජනාධිපතිවරයා ද සිය තනතුරුවලින් ඉවත්වන තත්ත්වයක් ඇති විය. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් විය. එය 2022 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්විඳින ලද විශේෂිත අවස්ථාවක් විය. 

එවැනි දේශපාලන සංක්‍රාන්තීන් රට තුළ ඇති වීම සඳහා බොහෝදුරට බලපෑවේ සමහර භාණ්ඩ හා සේවාවල පැවති හිඟයත්, බොහෝ දෙනකුට ඒවා ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය කැප කිරීමට සිදු වීමත්ය. ගෑස්, ඉන්ධන සහ කිරිපිටි පෝලිම් විසින් රටේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙනස් කළේ යැයි පැවසීම එම අරගලය පිළිබඳව සැබෑ තතු ඉතා සංක්ෂිපත්ව ප්‍රකාශ කරන්නක් බව පෙන්වා දිය හැකිය.

ජනාධිපති ගෝඨාභය රාපපක්ෂ මහතාගේ අස්වීමත් එම පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ අරගලය මුලින්ම නැවතුණි. අනතුරුව පෝලිම් ද නැවතුණි. දින ගණන් පෝලිම්වල සිටීමෙන් පීඩා විඳීමට සිදු නොවන තත්ත්වයක් දැන් උදා වී ඇති අතර විදුලිය කැපීමේ කාලය ද අඩු වී තිබේ. රටේ උදා කළ සාමකාමී තත්ත්වය මැතිවරණයක් පැවැත්වීම සඳහා ඉතා සුදුසු මට්ටමක පවතින්නේ යැයි විපක්ෂය අදහස් කරයි. 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුර්භාග්‍ය සම්පන්න යුගයෙන් බැහැර වීම සඳහා හොඳ පසුබිමක් දැනටමත් සකස් වී ඇති බව ප්‍රකාශ කළ යුතුව ඇත. IMF සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වන අතර ලබන මාර්තු මාසයේ ප්‍රථම වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. IMF ණය වසර කිහිපයක් තුළ වාරික වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 කට සීමා වුවද ණය ලැබීම තුළ ගොඩනැගෙන ආයෝජන විශ්වාසය රටට බංකොළොත් භාවයෙන් ගොඩ ඒම සඳහා ද රට තුළට ආයෝජන ගලා ඒම සඳහා ද ආධාර වනු ඇත. 

මහබැංකුව දැන් මුදල් අච්චු ගැසීම අවම මට්ටමකට අඩු කර ඇත. ඒ හේතුවෙන් රටේ මුදල් සැපයුම ඉහළ යාම වළක්වා ගැනීමට හැකි වී තිබේ. පසුගිය කාලය තුළ පොලී අනුපාත ඉහළ දැමීමෙන් බලාපොරොත්තු වූයේ උද්ධමනය පාලනය කිරීමයි. ඒ සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජයට සිදු විය. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමන අනුපාතය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. පසුගිය මාස තුන තුළදීම සාමාන්‍ය උද්ධමන අනුපාතය ද ආහාරමය උද්ධමන අනුපාතය ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ. තවත් මාස කිහිපයක් යන විට උද්ධමන අනුපාතය විශාල ලෙස පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

2023 ජනවාරි මස සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ. රජයේ වියදම් සමඟ සසඳන විට ලැබෙමින් තිබූ බදු ආදායම ඉතා කුඩා එකක් විය. ගෝඨාභය රජය විසින් රටේ බදු අනුපාත සහ බදු ක්‍රම වෙනස් කරවා විශාල ලෙස බදු අඩු කිරීමට කටයුතු කරනු ලැබීය. රටේ ඇති වූ ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස සමහර අය දක්වන්නේ මෙම බදු අඩු කිරීමයි. එසේ වුවද බදු පනත සංශෝධනය කිරීමෙන් එම අඩුපාඩුකම් මඟ හරවා ගැනීමට හැකි වූ අතර නව බදු ක්‍රමය මෙම ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වේ. බදු ආදායම වැඩි වූ පසු සාමාන්‍ය මහජනතාව වෙත ඇතිවන පීඩනය තවදුරටත් අවම කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. එසේම වක්‍ර බදු ප්‍රමාණය අඩු කිරීමට ද හැකි වනු ඇත.

කොතරම් දුෂ්කරතා පැවතිය ද රජය විසින් සමහර සංවර්ධන ව්‍යාපෘති නවතා දමා නැත. උදාහරණයක් ලෙස වරාය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඒ තුළින් වරාය නගරය සහ වරාය අතර සම්බන්ධතා ජාලයක් ගොඩනැගෙනු ඇත. මේ වන විට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ආයෝජකයන්ගෙන් ඉල්ලු‍ම් පත් කැඳවා ඇත.

එම ඉල්ලු‍ම් පත් කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් නොව වරාය නගරය ඉදිකිරීම සඳහා මූලිකත්වය දී කටයුතු කරන පෞද්ගලික අංශයේ සමාගම් විසිනි. බොහෝ අය ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස හඳුවන්වනු ලැබුව ද මේ වන විට ලොව ප්‍රබල මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළ ද ක්‍රියාක්මක වන බව අප අමතක කළ යුතු නැත. 

රටේ කෘෂිකාර්මික අංශය පසුගිය කාලය තුළ දී විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. එයට වැඩි වශයෙන්ම හේතුව වූයේ එකවරම කාබනික පොහොරවලට මාරු වීමේ එවක රජයේ ප්‍රතිපත්තිය හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරීත්වය අවුලකට පත් වීමයි. පොහොර සහ රසායන තහනම නිසා කෘෂිකාර්මික අංශය බිඳ වැටී නිෂ්පාදනය විශාල ලෙස පහත වැටුණි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම ගැටලු‍ විසඳීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කළේය.

රට දැඩි විනිමය අර්බුදයකට මුහුණ දී තිබිය දී විදේශවලින් පොහොර සහ රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කළේය. සහන පදනම මත ගොවීන් අතර ඒවා බෙදාහරිනු ලැබීය. නිශ්චිත කාල සීමාවක් තුළ දී පොහොර අවශ්‍ය සියලු‍ම ගොවීන්ට හිඟයකින් තොරව ඒවා ලබා දීමට කටයුතු කළේය. එසේම ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ද පියවර ගනු ලැබීය. 

පොහොර අර්බුදය සහ අනෙකුත් ගැටලු‍ විසඳීමේ ප්‍රතිඵලයක් ලෙස මේවන විට බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රගතියක් අත්කර ගැනීමට කෘෂිකාර්මික අංශයට හැකි වී තිබේ. රජය විසින් දියත් කරනු ලැබූ ආහාර සුරක්ෂිතතා වැඩසටහන පල දරන්නට පටන්ගෙන තිබේ. සෑහෙන කලකට පසු 2023 වර්ෂයේ දී රට තුළ සහල් අතිරික්තයක් ඇති වන බවට පුරෝකතනය කර ඇත. කෘෂිකාර්මික අංශය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබූ අවධියක විනිමය හිඟය හේතුවෙන් පොහොර මිල දී ගැනීමට නොහැකිව තිබූ රටක සහල් අතිරික්තයක් ඇති කර ගැනීම පහසු කටයුත්තක් ලෙස සැලකිය නොහැක. එසේ වුවද මේවන විට එම අංශයේ ගැටලු‍ සාර්ථකව විසඳා ගෙන ඇති අතර යළිත් වරක් රට සහලින් ස්වයංපෝෂිත වන පසුබිමක් ගොඩනැගී තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොඩනගන ලද ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් රට තුළ මැතිවරණයක් පැවැත්වීමට හැකි වන ආකාරයේ සාමකාමී තත්ත්වයක් ඇතිව තිබෙන බව විපක්ෂය පිළිගනී. දැනට ටික කලකට පෙර විපක්ෂය ඉල්ලා සිටියේ අන් සියලු‍ ප්‍රශ්න පසෙක ලා රජය විසින් ජනතාවගේ කෑම බීම ප්‍රශ්නය විසඳිය යුතු බවයි. ඒත් දැන් විපක්ෂය ප්‍රකාශ කරන්නේ ජනතාවගේ කෑම බීම නොතිබීම මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොවන බවත් එබැවින් වහා මැතිවරණය පැවැත්විය යුතු බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් මෙන් ශක්තිමත් විය යුතු බව එක්තරා අවස්ථාවක දී ප්‍රකාශ කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි නායක මාහිමිපාණෝ ජනතාවට මැතිවරණය හේතුවෙන් විඳීමට සිදු වන පීඩනය දෙස බලන විට මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවන බව ප්‍රකාශ කළහ. ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් රජය පන්නා දමන බව ප්‍රකාශ කළ මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, කිසිසේත්ම මෙය මැතිවරණයක් පැවැත්විය යුතු කාලයක් නොවන බව ප්‍රකාශ කර ඇත. එහෙත් විපක්ෂයේ අදහස වී ඇත්තේ ජනතාවට කෑම බීම ලබා ගැනීමට ඇති මුදල හෝ වියදම් කර ඡන්දයක් පවත්වන ලෙසය. 

පසුගිය වසරේදීත් මේ වසරේදීත් රටට මුහුණ දීමට සිදුව ඇති බරපතළම ප්‍රශ්නය නම් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑමක් සිදු නොවන අයුරින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීමත්, රජයේ එදිනෙදා වියදම් පවත්වාගෙන යාමත්ය. ප්‍රධාන වියදම් අංශ හතරකි. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘධි දීමනා සහ රජයේ අනෙකුත් සුබ සාධන වියදම් යන අංශ සතරයි. මේ වන විට එම වියදම් දැරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර රජයේ ආදායම ප්‍රමාණවත් වන්නේ එම වියදම් යන්තම් පියවා ගැනීමට පමණි. 

කවර හේතුවක් නිසා හෝ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය කල් නොදැමිය යුතු බව විපක්ෂය ප්‍රකාශ කර සිටී. ඒ අතරම තවත් පිරිසක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටට කිසිදු වාසියක් අත් නොවන බව ද සිදු වන්නේ රටේ ආර්ථික ගැටලු‍ තවදුරටත් උග්‍ර වීම බව ද මුදල් මුද්‍රණය කර මැතිවරණය පැවැත්වීමෙන් ලැබෙන එකම ප්‍රතිඵලය උද්ධමනය ඉහළ යෑම බව ද පෙන්වා දෙමින් මැතිවරණය නවත්වන ලෙස ඉල්ලා නඩු මගට බැසීමට තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණ පවා කල් තැබූ අවස්ථා කොතෙකුත් තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1975 දී පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය 1977 දක්වා වසර දෙකකින් කල් තැබුවේය. ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව වසර පහකින් කල් දැමීමට කටයුතු කළේය.

මේ වන විට පළාත් සභා මැතිවරණය වසර පහකින් පවත්වා නැත. කෝවිඩ් හේතුවෙන් 2020 මැතිවරණය මාස කිහිපයකින් කල් තැබුවේය. එහෙත් ඒ කිසිම හේතුවක් නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇතැයි කිසිවෙක් ප්‍රකාශ නොකරති. බොහෝ දුෂ්කරතා මැද ගොඩනගමින් තිබෙන ආර්ථික ස්ථායීතාව ඡන්දයක් හේතුවෙන් විනාශ කර දැමිය යුතු ද යන්න පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය යුතුව ඇත. 

මේ අවස්ථාවේ දී මැතිවරණයක් පැවැත්වීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වන අතර යාන්තමින් ගැට ගසාගෙන පවත්වාගෙන යන ආර්ථික සමතුලිතතාව විශාල බිඳ වැටීමකට ගොදුරු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. IMF සාකච්ඡා ද සංචාරක ව්‍යාපාරය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ආදායම ද පහළ වැටීමට ඉඩ ඇත. මැතිවරණය විපක්ෂයට සැපතක් විය හැකි වුව ද මහජනතාවට විපතකි.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(***)



අදහස් (7)

පළාත් පාලන ඡන්ද සැපතක්ද? විපතක්ද?

ඩී. ඒ.එම්.සිල්ව Wednesday, 04 January 2023 10:26 AM

මෙම අදහස් වල පිළිගත හැකි කරුණු නැත.. රජයට ආර්ථික සැලැස්මක් නැත. දූෂණය සහ වංචාව නවත්වන සැලැස්මක්ද නැත. ජනමතයක් නැත විපක්ෂයද විශ්වාස නැත. නමුත් දැන් රජයට අසමත් බැවින් බොරු තර්ක නොකියා ජනමතයක් ඛැලිය යුතුය..

:       12       19

sisiraWednesday, 04 January 2023 05:51 PM

රටට වෙනසක් අවශ්‍ය නම් පුරවැසියන් හට ජාතික මැතිවරණයක් ලබාදිය යුතුවේ...

:       3       8

dilshan Wednesday, 04 January 2023 10:44 AM

මෙයාට කියන්න දෙයක් නෑ අපිට... මෙච්චර ආණ්ඩුව ගසාකනවා. දූෂණය වැඩියි. පාලනය පෙරළෙන්න ඕනෑ. මේ අය රෙදි ගලවන් ආණ්ඩුවට කඩේ යනවා.

:       8       17

සිරිමල් Wednesday, 04 January 2023 12:56 PM

අවම වශයෙන් ජනමත විචාරණයක් හෝ පවත්වා ජනමතය පරීක්ෂාවට ලක්කළ යුතුවේ.

:       4       11

බන්දුල Wednesday, 04 January 2023 01:31 PM

ලැජ්ජා වෙන්නැතුව කියන්නකෝ... සභාපති කමක්ද? තානාපති කමක්ද? ඕනේ කියලා... ලොක්කා සලකාබලයි.

:       5       9

randil Wednesday, 04 January 2023 02:27 PM

මේ වගේ මහාචාර්ය යැයි කියාගන්නා ආණ්ඩුවට දරදිය අදින මේ අයගේ පට්ටම් හොඳයි බල්ලට...

:       5       7

නිර්මාල් Thursday, 05 January 2023 04:22 PM

ඇත්ත, මේ වෙලාව ඡන්දයක් ඕනෙ වෙලාවක් නෙමෙයි. විශේෂයෙන්ම රටේ තීරණාත්මක කාරණාවලට මැදිහත් වෙන්න බැරි ඡන්දයක් වෙනුවෙන් බිලියන ගණනක් වැය කරන එක අපරාධයක්... මොකද පළාත් පාලන ඡන්දයකින් අපිට මේ දැනට තියෙන අර්බුදයන්ට කිසිඳු උත්තරයක් ලැබෙන්නේ නෑ. වෙන එකම දේ තමයි ගමේ ඉන්න කවුරු හරි කෙනෙක්ට කොන්ත්‍රාත් ටිකක් කරගන්න ලයිසන් එකක් ලැබෙන එක විතරයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site