IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බදු ගෙවීම් පැහැර හැරීම වගකීම් පැහැර හැරීමක්

හිඟ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්  පහක බලපත්‍ර අත්හිටවූ බව සඳහන් පුවතක් සුරාබදු දෙපාර්තමේන්තුව උපුටමින් නොබෝදා වාර්තා කළේය. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ බලපත්‍ර අත්හිටවූ සමාගම්වල නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීම ද තහනම් බව ය.

රටකට තිබිය යුත්තේ එක නීතියකි. එයට තරාතිරම් බේදයක් නැත. පොදු මහජනයා ආහාරයට ගන්නා පාන් කාලටත් බදු ගෙවති. ඒ බද්ද ගෙවීමට අකැමැතිනම් පාන් නොකා සිටිය යුතු ය. බොහෝ වෘත්තිකයන් දැන් කරමින් සිටින්නේ එය ය. තම  පඩිපතට අධික බද්දක් වදින විට ඔවුහු රට හැර යති. මත්පැන් නිෂ්පාදන සමාගම් බදු ගෙවීමට  අකැමැති නම් කළ යුතුව තිබෙන්නේ එම ව්‍යාපාරයෙන් ඉවත්වීමය. එසේ නොමැතිව බදු ලිපි රැගෙන එන නිලධාරීන්ට යහමින් සලකා කීයක් හෝ අතමිට මොළවා කෝටි ප්‍රකෝටි ගණනින් ලාබ ඉපයීම නොවේ.

අපගේ ප්‍රවෘත්තියට අනුව හිඟ බදු ගෙවීම් පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් පහ ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් කෝටි  66ක් පමණ වේ. මෙම සමාගම් නොගෙවූ හිඟ බදු මුදල්වලට සියයට තුනක අමතර බදු මුදලක් අයවීම හේතුවෙන්  ඔවුන්ගේ බදු මුදල්වල ප්‍රමාණය තවත් ඉහළ ගොස් ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

අප රටේ බරපතළම ප්‍රශ්නය වන්නේ නීති නොමැතිවීම නොවේ. ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව ප්‍රමාණාත්මක නීති පද්ධති තිබේ. ප්‍රශ්නය තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ය. එය නිසි පරිදි සිදු නොවීමය. මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි  66ක් පමණ වනතුරු හිඟ බදු නොගෙවා සිටීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ දැන් ය. දැන් හෝ නීතිය ක්‍රියාත්මක වීම වැදගත් ය. එහෙත් මුල් අදියරේ දී ම නීතිය ක්‍රියාත්මක වූයේ නම් රුපියල්  කෝටි 66ක් වැනි විශාල මුදලක් ගොඩනොගැසෙනු ඇත.

නීතිය ක්‍රියාත්මක වීම අඩාලවීමට ප්‍රධාන කාරණාව වන්නේ ඒවා ක්‍රියාත්මකවීම සිදුවන්නේ  මිනිසුන් අතින්වීම ය. ඇතැම් මිනිසුන්ගේ වංචාව, සොරකම තිබෙන්නේ රුධිරගතව ය. එවැන්නකු නිලධාරියකු බවට පත්වූ විට එබන්දකු සමග ගනුදෙනු කිරීම වෞරකප්පිත්තන්ට ඉතා පහසුවකි. ප්‍රමිතියෙන්  බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමට අදාළව කෙරෙන පරීක්ෂණවලින් ඔප්පු වන්නේ ද එම කාරණය ම වේ.

 මත්පැන් නිෂ්පාදන සමාගම් යනු පාඩු ලබන ව්‍යාපාර නොවේ. එම සමාගම් යම් යම් අභියෝගවලට ලක්වන අවස්ථා නැතුවා නොවේ. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල්හි එය ලාබ ලබන ව්‍යාපාරයකි. එහෙයින් එම ලාබයෙන් රජයට ගෙවිය යුතු පංගුව ගෙවිය යුතු ය. එය ඕනෑම ව්‍යාපාරයකට අදාළව වලංගු තත්ත්වයකි. සමාජයේ කොටසක්  ‘සූර්’ කළා යැයි කියා එම වගකීම පැහැරහැරිය නොහැකි ය.

 අප සමාජයේ ඇති එක් මතයක් වන්නේ ‘ලොකු ලොක්කන් අල්ලාගත් විට ඕනෑම ජාවාරමක් නිරුපද්‍රිතව කරගෙන යා හැකි’ බව ය. එබඳු කියමන් ජීවමාන යථාර්ථ බවට පත්වූ අවස්ථා ද තිබේ. මත්පැන් නිෂ්පාදන සමාගම් බදු  පැහැරහැර තිබෙන්නේ එසේ යැයි සමාජ මතයකි. ගමේ මිනිසා හීනියට හෝ සප්පායම් වනවිට කටගැස්මට ගන්නේ මෙබඳු  මාතෘකා ය. එහෙයින් මත්පැන් නිෂ්පාදන සමාගම් ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටිය යුතු ය.

(***)



අදහස් (1)

බදු ගෙවීම් පැහැර හැරීම වගකීම් පැහැර හැරීමක්

රන්ජන් Monday, 06 November 2023 02:29 PM

අපිව ගොනාට අන්දලා තියෙන්නේ. ඕක කී පාරක් බදු ගෙවන්නේ නැතිව වැහුවාද? ආපහු වෙන නමකින් දානවා. හරිනම් කරන්න තියෙන්නේ බදු මුදල් නඩුදාලා අය කර ගන්න එක...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 357 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1286 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 745 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1087 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1903 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1444 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site