IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බූස්ටරේ ගත්තාම ලිංගික ශක්තිය හීන වෙනවාද?

ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට මානසික හේතු මත ඇතිවන තත්ත්වයකි.  එහෙත් මෙය රෝග හා ඇතැම් ඖෂධ නිසාත් ඇතිවෙන අවස්ථා තිබේ. මේ සම්බන්ධ මිථ්‍යාමත හා වැරදි අවබෝධය බොහෝ විට දක්නට ලැබේ.

ලිංගික අප්‍රාණිකත්වය පවුල් ජීවිතයක් දෙදරා යාමට බොහෝ දුරට හේතු වේ. මේ නිසා ඇතැම් පිරිස් විවාහයට පෙර පවා තමන් ගෙවන ජිවිතයේ  ඇතැම් අසම්මත දෑ මෙන්ම වැරදි විශ්වාස විවාහයට බලපාවි යැයි සැකෙන් බියෙන් පසුවෙන අවස්ථා තිබේ. මෙනිසාම මානසික බලපෑම ප්‍රාණවත් බවට බලපාන අවස්ථාද ඇත.

කෙසේ වුවද මේ දිනවල කොවිඩ් තෙවැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇති වන්නේ යැයිද බොහෝ පිරිස් අතර මතයක් පවතී. එනිසාම මෙම එන්නත ගැසීම ගැන දෙවරක් සිතන පිරිස් පවා අපට හමුවෙයි. එබැවින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට මෙම එන්නත බලපාන්නේ දැයි යන්න පිළිබඳ කරුණු විමසා බැලීමට සිතුවෙමු.

ඉහත සඳහන්  සෞඛ්‍යමය ගැටලුව පිළිබඳ අපේ රටේ බෙහෙවින් විවිධ මත පවතී. එහෙත් ලිංගික අප්‍රාණිකත්වය පිළිබඳ කර තිබෙන පර්​යේෂණ වලින් පෙනී යන්නේ අපේ රටේ වයස අවුරුදු 40-70 අතර පිරිමි පුද්ගලයන්ගෙන් සියට 10ක් පමණ බරපතළ ලෙසට හෝ සම්පූර්ණයෙන්ම ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන බවය.

අප්‍රාණිකත්වයට හේතු මොනවාද?

පුරුෂ ලිංගය සෑදී තිබෙන්නේ  උත්තේජනය කළ හැකි රුධිර නාළවලිනි. මෙය පිරිපුන්  ස්පොන්ජ්මය පටකයකින් සමන්විත වේ. මෙම රුධිර නාළවලට රුධිරය පිරීම මගින් ප්‍රාණවත්වීම සිදුවේ. මෙම රුධිර නාළවලට හානියක් සිදු වුවහොත් හෝ රුධිර නාළ අවහිරතාවක් සිදු වුවහොත් හෝ නැතහොත් ලිංගේන්ද්‍රය උත්තේජනයට අවශ්‍ය ස්නායුවලට යම් බලපෑමක් වුවහොත් බොහෝ විට ලිංගික  අප්‍රාණිකත්වය ඇතිවේ.

විශේෂයෙන්ම රුධිර සංසරණ පද්ධතියට හා රුධිර නාළවලට හානි කරන දියවැඩියාව, රුධිරය කොලෙස්ටරෝල්  තත්ත්වය ඉහළ යාම හා දුම්පානය වැනි හේතු මත මෙවැනි ගැටලු සුලබව ඇතිවේ. ඊට අමතරව මානසික ආතතිය, මානසික රෝග, හෝමෝන ඌනතා හා විවිධ ඖෂධ වර්ග ගැනීම වැනි හේතු නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වන බවට තහවුරු  වී තිබේ.

කොවිඩ් එන්නත යම් තරමකට බලපානවාද?

දැනට ලෝකයේ විවිධ කොවිඩ්  මර්දන එන්නත් වර්ග කිහිපයක් භාවිතා කරයි. එනම් ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, සයිනෝෆාම්, මොඩර්නා, සයිනෝවැක් වැනි එන්නත් වර්ග රාශියකි. මෙම එන්නත් කිසිවකින් හෝ  වර්ධක මාත්‍රාවලින්  කිසියම් ලෙසකට ලිංගික  අප්‍රාණිකත්වය ඇතිවන බවට මෙතෙක් කිසිම සාධකයක් සොයාගෙන නැත. ලෝකයේ මේ පිළිබඳ පර්​යේෂණ රාශියක් සිදුකර තිබේ. එම කිසිම පර්යේෂණයකින් කොවිඩ් මර්දන එන්නත නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවූ බවට තහවුරු වී නැත.

● කොවිඩ් ආසාදනය බලපානවාද?

කොවිඩ් වයිරසය ආසාදනයට ගොදුරු වන රෝගීන් ගෙන් ලිංගික අප්‍රාණිකත්වය යම් තරමකට  ඇතිවන බවට ලෝකයේ මේ සම්බන්ධව කරන පර්​ෙ ය්ෂණවලින් නම් සාක්ෂි මතුවෙමින් පවතී. මේ සඳහා කොවිඩ් වයිරසය හා සම්බන්ධ කායික මෙන්ම මානසික හේතුද බලපාන බව පර්​යේෂකයෝ සඳහන් කරති.

කොවිඩ් ආසාදනය වීමෙන් රුධිර නාළවල බිත්තිවලට හා රුධිර සංසරණ පද්ධතියට ඇති කරන හානි නිසා ලිංගේන්ද්‍රයේ රුධිර නාළවලටද හානි සිදුවිය හැකිය. කොවිඩ් වයිරසය පුද්ගලයාගේ ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑමද මෙයට හේතු විය හැකිය. එසේම මෙම වයිරසය වෘෂණ කෝෂවලට හානි කළ හැකිය. එසේ වුවහොත් පුරුෂ හෝමෝනවලට මෙන්ම ශුක්‍ර තරලයේද යම් යම් වෙනස්කම් සිදුවන බව වෛද්‍ය මතය වී තිබේ.

මෙහිදී ශාරීරික හානිවලට අමතරව මෙම ආසාදනයට ගොදුරු වීමෙන් ඇති වන මානසික ආතතිය නිසාද ලිංගික අප්‍රාණිකත්වය ඇති වන බවට මත පළ වී තිබේ. මෙම කරුණු කාරණා සලකා බලන විට ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට හේතු රාශියක් තිබුණද කොවිඩ් මර්දන එන්නතෙන් මේ කිසිදු බලපෑමක් නැති බව  කිව යුතුවේ.

එසේම මෙම එන්නත ලබාගැනීවීමෙන් රෝගයෙන් වැළකීමට ප්‍රතිශක්තිය  ලැබේ. එයින් පුද්ගලයාට කායික මෙන්ම මානසිකව බලපාන ඉහත සඳහන් ගැටලුවලින් වැළකිය හැකි බව පැහැදිලිවම සඳහන් කළ හැකිය.

මේ නිසා කිසිම පුද්ගලයකු මෙම ප්‍රතිශක්ති එන්නත් පිළිබඳ වරදවා වටහා නොගත යුතුය. එය ලිංගික අප්‍රාණිකත්වයට යම් තරමකට හෝ බලපෑ හැකි කොවිඩ් රෝගයෙන් වැළකීමට තිබෙන පිළියමකි.

වෛද්‍ය ප්‍රතිකාර තිබේද?

ලිංගික අප්‍රාණිකත්වය තිබෙන කෙනකු ඒ නිසා මානසිකව තැවිය යුතු නැත. අද වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් අනුව  මෙවැනි කරුණු කාරණා සඳහා නවතම ප්‍රතිකාර තිබේ. එහෙත් මෙවැනි ගැටලුවලට මුහුණ පා තිබේ නම් ඒ සඳහා පළමුව කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමය. ඒ අනුව නිසි ප්‍රතිකාර මගින් මෙවැනි ගැටලු  විසදා ගත හැකිය.

ලිංගික අප්‍රාණිකත්වය වැනි ගැටලු මඟ හරවා ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර බෙහෙවින් තිබේ. ඒ නිසා එවැනි දෑ ගැන බිය විය යුතු නැත. මෙවැනි ගැටලු නිසා විවාහ දිවිය දෙකඩ කරගත යුතුද නැත. තමන්ට යම්  සැකයක් පවතී නම් විවාහ වීමට තීරණය කර තිබෙන්නේනම්  ඊට පෙර නිසි ප්‍රතිකාර සඳහා යොමු වී තමන් ගේ සැකය බිය දුරු කර ගත යුතුය.

වෛද්‍ය උපදෙස් හැර කෙනකු කී පමණින් මුළා නොවී අදාළ එන්නත් මාත්‍රාව ලබාගෙන සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට සෑම කෙනෙක්ම සිතට ගත යුතුය. ඒ හැර එවැනි නොමිලේ ලැබෙන ප්‍රතිශක්ති එන්නත මඟ හැර අමාරුවේ නොවැටෙන්න යැයි මෙහිදී නැවතත් මතක් කර දිය යුතුවේ.

සටහන:- ශිරාණි  ගල්ලෑල්ල 

හම්බන්තොට මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ ​වෛද්‍ය බුද්ධිකා පෙරේරා



අදහස් (1)

බූස්ටරේ ගත්තාම ලිංගික ශක්තිය හීන වෙනවාද?

vikum Tuesday, 08 March 2022 03:08 PM

තියෙන තත්වය අනුව රටේ හැම එකක්ම දුර්වල නිසා, අනික ඔක විතරක් ශක්තිමත් වෙයිද? එදා වේල හොයාගන්න වත්කමක් නැති රටක බෙලහීනකම් හොයනවා..

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site