IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


“මට කිව්වේ හඳෙන් හරි ගෑස් ගේන්න කියලා”

රටේ ගෑස් අර්බුදය සියයට 100ක්ම අවසන් බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් සහතික වෙයි.

(අශන්ති වරුණසූරිය)

මාස කිහිපයකට ඉහතදී මෙරට දැඩි අර්බුදයක්ව පැවති ගෑස් අර්බුදය මේවන විට සම්පුර්ණයෙන් අවසන් වී ඇති බවත් නැවත එවන් වාතාවරණයක් රටේ ඇති නොවන බවත් සීමාසහිත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පවසයි. නොවැම්බර් මස මුල ගෑස් මිල අඩු වන බවද නව වසර සමඟ ගෑස් මිල ගණන් තව දුරටත් අඩු කළ හැකි බවට තමන් බලාපොරොත්තු වන බවද ඔහු වඩු දුරටත් පැවසුවේය.



 

අර්බුදයක්ව පැවති ගෑස් ප්‍රශ්නේ මේවන විට කොතනද තියෙන්නේ ?

රටේ ගෑස් ප්‍රශ්නේ සියයට 100ක්ම මේවන විට අවසන්. අපිට එය සාර්ථකව කළමනාකරණය කළ හැකි වුණා.  ඒ සඳහා උදව් කළ බොහෝ පාර්ශවයක් ඉන්නවා. පෝලිම් මෙතරම් ඉක්මනින් අවසන් කිරීමට හැකිවීම සම්බන්දයෙන් සතුටුයි.

 

මිනිස්සු මැරී වැටෙන තැනට උග්‍ර වූ ගෑස් හිඟය මාස 4ක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වුණේ කොහොමද ?

මාව මෙතනට දැම්මේ පැවති අර්බුදය කළමනාකරණ කිරීමට. හඳෙන් හරි ගෑස් ගෙන්න කිවුවා. දවස් 22ක පමණ කාලයක් තුලදී ගෑස් පෝලිම් අවසන් කළා. අපි මුහුණ දුන් ලොකුම අර්බුදය ගෑස් ගෙන ඒම. පසුව අපි සුදුසු සැපයුම්කරුවෙක් තෝරාගෙන ටොන් 33,000ක් සති දෙකක පමණ කාලයකදී ගෙන ආවා.

 

මුල්‍යමය ගැටළුව කළමනාකරණය කළේ කොහොමද ?

ඔව්, ඩොලර් සොයා ගැනීම, ලෝක බැංකුව පාර්ශවයක් වශයෙන් ගෙන ඒම සහ බෙදා හැරීම යන කරුණු ලොකුම අභියෝගයක්ව තිබුණා. ජාතික ගෑස් සැපයුම්කරු ලෙස මේ ආයතනයේද සිටින කණ්ඩායමත සමඟ සියලු දෙනාට එක්ව මෙකී අභියෝග ජය ගැනීමට හැකියාව ලැබුණා.

ලෝක බැංකු ආධාර ලෙස ලැබුණු ඩොලර් මිලියන 70, කෙතරම් දුරට ගෙවා අවසන් ද ? 

ඩොලර් මිලියන 70න් මේවන විට ඩොලර් මිලියන 50ක් පමණ ගෙවා අවසන්. දෙසැම්බර් මාසය මුලදී ගෙවීම් සියල්ල සිදු කර අවසන් කළ හැකියි. මේ හරහා ගෑස් අර්බුදය වගේම මුල්‍ය අර්බුදයටත් විසඳෙනවා.

 

නැව් වලට ගෙවීම් සිදු කරද්දී ඔබට බොහෝ විවේචන එල්ල වනවා. අත යටින් කොමිස් මුදල් ලබා දුන්නද ? කොලේ වහලා ගේමක් ගැහුවා ද ?

ඇත්තටම නැහැ. රටේ ගෑස් අර්බුදය හරිම අවධානයෙන් කළ යුතු කාරණයක්. නීති රෙගුලාසි රාශියක් තිබෙනවා.  ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු වන්නේ ආයතනයෙන් බැහැරව. එකී තාක්ෂණ ඇගයුම් කමිටුවට ඉහළින් කැබින්නටුව පත් කරන ප්‍රසම්පාදන කමිටුවක් ඉන්නවා. මේ සියල්ලේම අධීක්ෂණයකින් පසුවයි අපිට "ගන්න" කියන පණිවිඩය එන්නේ.

 

ඔය කතාව එක්ක මතක් වෙනවා, කෝප්කමිටුවේදී ගැනුම්කරුවන් සම්බන්දයෙන් ඔබලාට එල්ලවූ චෝදනාව. අඩු මුදලට මිලදී ගන්න ගැනුම්කරුවන් සිටියදී වැඩි මිලද මිලදී ගැනීමේ චෝදනාව.මේක ටෙන්ඩර් මගඩියක් ද ?

එතකොට මම ඇවිල්ලා දවස් 5ක් හෝ 6ක්. මට සම්බන්දයක් නැහැ. නමුත් මම තහවුරු කර ගත්තා, මෙය නිසි අයුරින් සිදුකළ ක්‍රියාවලියක් බවට.ඒ නිසයි මම පිළිතුරු දෙන්න ඉදිරිපත් වුණේ. කොහොමවුනත් කෝප් කමිටුවේ චෝදනා පදනම් විරහිතයි. කෝප් කමිටුව සාකච්ඡාවට ලක් කළේ තායිලන්ත සහ ඕමාන සැපයුම්කරුවන් දෙදෙනෙක් ගැන. ඕමාන සමාගමට තමයි කැබින්නටුව තීන්දුව දුන්නේ.

සමහර අදහස් උදහස් ගෑස් සැපයීම කඩාකප්පල් කරන්න අසාර්ථක උත්සාහයන්. ඩොලර් 96ට ගෙන එනවා කිවුව සමාගමට එක පැත්තකින් නැව් තිබ්බේ නැහැ. ඒවගේම ලංකාවේ බැංකු පද්ධතිය ප්‍රතික්ෂේප කළ මොහොතක ඔවුන් දීර්ඝ කාලීනව ණයවර ලිපයක් ඉල්ලා සිටියා. ඔවුන් කැබිනට් මණ්ඩලය වගේම රටේම බල ත්‍රන්ත්‍රයම වටේ ගෙනියලා.

 

කවුද ඒ ආකාරයෙන් හිර කරමින් වටේ ගෙනිහින් තියෙන්නේ ?

ගෑස් ගේන්න පුළුවන් කියන ආයතනය තමන්ගේ බැරිකම වහලා මේක කඩාකප්පල් කිරීමේ අදහසකින් අසාර්ථක උත්සාහයන් කිහිපයක් යොදලා තියෙනවා. ඒ සිද්ධිදාමයම මෙවරත් සිදු වුණා. නමුත් අපි කල්පනාවෙන් හිටිය නිසා මෙවර බේරුණා. බාධක, අභියෝග එනවා. ඒවා ජය ගැනීම තමයි මේ පුටුවේ ඉන්නකොට කළ යුතු.

 

දේශපාලන අධිකාරියෙන් සහයක් ලැබුණද ?

ඔව්, වර්තමාන ජනාධිපති, සාගල රත්නායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ එම නිලධාරීන්, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් උදව් කළා. එමෙන්ම ඩොලර් සොයා ගැනීමේදී මහා බැංකුව සහ නිලධාරී මණ්ඩලය, අපනයන කරුවන්ගේ සංගමයත් ලබා දුන් සහාය මම මෙහිදී මතක් කළ යුතුයි.

 

ඔබ පැමිණියාට පසු තෙවරක් ගෑස් මිල අඩු කළා. මේ ආකාරයෙන් තවත් අඩු වෙනවා ද ?

සුභවාදී බලාපොරොත්තුවකින් ඉන්නවා. නොවැම්බර් මුල සතියේදී මිල අඩු කළ හැකියි.

 

ගෑස් ගැන කතාවේදී අමතක කළ නොහැකි කළු පැල්ලමක් තියෙනවා. එම නිසා මේ දේ අහන්නම ඕන. නැවත ගෑස් පිපිරෙන එකක් නැහැනේ ?

සියයට සියයක්ම නැහැ. එලෙස පිපිරුනෙත් ගෑස් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. උපාංග නිසා. මේවන විට මේවා ගැන ජනතාව දැනුවත්. අඩු මිලට උපාංග ගන්න එපා කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී ජනතාවට ලබා දෙන්න කැමතියි. වගකීම් සහතිකයක් නොදෙන තැන් වලින් උපාංග ගන්නම එපා.

 

ඔබ කිසිදු දීමනාවක් ගන්නේ නැහැ. කොමිස් මුදල් වලින් ජිවත් වෙනවා කියලා චෝදනාවක් තියෙනවා ?

මම ව්‍යාපාරිකයෙක්. මින් ඉහතදී මෙම ආයතනයේ සේවය කරනකොට මම වැටුපක් ගත්තා. මෙවර මම ආයතනය බාර ගන්නකොට ආයතනය තිබ්බේ මරණාසන්න මොහොතක. මට වැටුපක් ගන්න බැරි තැනකට මේ ආයතනය වැටිලා. ඉතිං මම වැටුපක් ගන්නේ කොහොම ද ? ඒත් මම හැමදාම මෙහෙම නිකන් වැඩ කරන්න කැමැත්තක් නැහැ. ආයතනය ස්ථාවර වන විට මම මගේ වැටුප ගැන සලකා බලනවා. 

 

දේශපාලනය එන්න අදහසක් තියෙනවා ද ?

තවම නැහැ

අවසන් වරටත් අහන්නේ කිසිම දෙයක් වහලා නැහැනේ, ඔබෙන් පසුව එන සභාපති ඔබව චෝදනාවට ලක්  කරන එකක් නැහැනෙ ? ආයතනය විගණනයට ලක් වෙනවා ද ?

සියල්ල විනිවිද භාවයෙන් යුක්තයි. කිසිවක් වහලා කරලා නැහැ. ඒවගේම ආයතනය ලාභ ලබමින් ඉන්නවා. ආයතනය විගණනයට ලක් වෙනවා.

 



අදහස් (4)

“මට කිව්වේ හඳෙන් හරි ගෑස් ගේන්න කියලා”

anura Tuesday, 01 November 2022 04:10 PM

කෝප් එකේ මුල්පුටුව ප්‍රශ්ණයක් අසා එයට අනික් පාර්ශවයෙන් පිළිතුරු දීමට පෙර තමන්ම උත්තරයක් දී අනික් පාර්ශවයට කරුණු කීමට අවස්ථාවක් නෙදෙන අවස්ථා දැකීමට පිළිවන. සමහර වේලාවට පිළිතුරු සපයන විට දිගින් දිගටම බාදා කිරීම් දැකීමට ලැබේ. සාමාන්‍යයෙන් විය යුත්තේ උසාවියක විනිසුරු තුමා හෝ පාර්ලිමේන්තු කථානායක තුමා ලෙස ක්‍රියා කර අනෙක් පාර්ශවයට කරුණු කීමට හොඳින් අවස්ථාවක් ලබා දී අවසානයේ තීරණයක් ගැනීමය. නමුත් සිදුවන්නේ වෙනත් දෙයකි.

:       5       3

AB Wednesday, 02 November 2022 05:51 AM

අර්බුද හමුවේ අභියෝග බාරගෙන මනා කළමනාකරණයකින් විසදුම් ලබාදීමට හැකි සහ පුද්ගලික වියාපාර අද්දැකීම් තිබෙන්වූ සීමාසහිත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස්, රට වෙනුවෙන් අවංකවම කැපවිය හැකි ඔබවැනි අයට දේශපාලනයට ඉදිරිපත්ව වර්තමාන දුෂිත දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට දායකත්වය ලබාදීමට හැකියවක් තිබේ.

:       4       3

LGPJ Thursday, 03 November 2022 06:17 AM

හඳට කිට්ටුවෙන්ම තියෙන අලුත්ම විසඳුම තමයි...!

:       0       4

Cisco Thursday, 03 November 2022 08:43 AM

ලාබෙට ගන්න පුළුවන් කම තියෙද්දි වැඩි ගාණට ගෑස් ගත්තම හරිද?

:       2       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site