IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මැති-ඇමැතින් නොවන අයටත් ආරක්ෂකයන්-නිල රථ සුදුසුද?

මැති ඇමැතිවරුන් නොවන පිරිසකට ප්‍රභූ ආරක්ෂකයන්  5400 ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රවෘත්තියක් අප පුවත්පත මෙයට දින කිහිපයකට පෙර වාර්තා කළේ ය. මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බව ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

අප රට අරුම පුදුම රටක් ලෙස සැලකිය හැකි වන්නේ මෙබඳු පුවත් වාර්තාවන විට ය. පොලිසිය නඩත්තු වන්නේ මහජනතාවගේ බදු මුදලිනි. එමෙන්ම පොලීසියේ පරම වගකීම නීතිය හා සාමය ආරක්ෂා කිරීම ය. එමගින් මහ ජනතාවට ආරක්ෂාව සැපයීම ය. ඒ අතරම විශේෂ ආරක්ෂාව ලබා දිය යුතු ය.

එහෙත් එම ආරක්ෂාව සැපයිය යුත්තේ අවශ්‍යතාවට යටත්ව ආරක්ෂක අංශ නිර්දේශවලට අනුව විනිවිදභාවයෙන් යුතුව ය. මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ප්‍රභූ ආරක්ෂකයන් සපයා ඇත්තේ එබඳු විධිමත් ක්‍රමවේදයකට යටත්ව නොවන බවයි. ප්‍රභූ ආරක්ෂකයන් ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතු යැයි පැවසීමෙන් පැහැදිලි වන්නේ එය ය.

මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට නිල නිවාස හිමි ය. එය මන්ත්‍රී වරප්‍රසාදයකි. එහෙත් අමාත්‍ය ධුරය අහිමි වූ විට හා මන්ත්‍රී ධුරය අහිමි වූ විට එම නිල නිවාස වරප්‍රසාදය අහිමි ය. එසේනම් කළ යුත්තේ නම්බු පිටින් නිල නිවෙසින් දොට්ට බැසීම ය. එබඳු හෘද සාක්ෂියක් සහිත මැති ඇමතිවරු බොහෝ වෙති. එහෙත් ඇතැම්හු එසේ නම්බු පිටින් දොට්ට නොබසිති. මෙරට දේශපාලනඥයෝ යනු නිල නිවස නොමැතිනම් ඉන්න හිටින්න තැනක් නොමැති අමු හිඟන්නෝ නොවෙති. එමෙන්ම යාමට නිවසක් සොයා ගන්නාතුරු යම් කාලයක් නිල නිවසේ රැඳී සිටීම අසාධාරණ නැත. එහෙත් එම කාලය සාධාරණ විය යුතු ය.

මැති ඇමැති පදවි අහිමි වූ පසුත් නිල නිවාසවල දිගටම රැඳී සිටින්නන් ඉන් ඉවත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මහත් වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඒ බව මැතිවරණයෙන් පසුව දෙතුන් මසක් ඇවෑමෙන් පළවන පුවත්පත් වාර්තාවලින්ද සනාථ වෙයි. එම හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ගම් ප්‍රසිද්ධියට පත්කර ඔවුන්ට ‘විසීමට’ නොහැකිම තත්ත්වයක් නිර්මාණය වූ පසු නිල නිවෙසින් එළියට බැසීම සම්ප්‍රදායක් වී තිබේ.

නිල නිවෙස්වලට අත්වන ඉරණම නිල රථවලටද අත්වී තිබේ. ඇමැති ධුරය අහිමි වුවද නිල රථ බාර නොදෙන ඇමැතිවරු සිටිති. අලුත් ඇමැතිට ලැබෙන පිළිතුර වනුයේ ‘හිටපු ඇමැති වාහනටික අරන් ගිහින්’ යනුවෙනි. එක් අමාත්‍යාංශයක සිට තවත් අමාතශ්‍යාංශයකට මාරුවී ගිය පසු හිටපු අමාත්‍යාංශයේ වාහන රැගෙන යාමද සම්ප්‍රදායක් වී තිබේ. රාජ්‍ය දේපළ මෙසේ අවභාවිත කිරීම කළ හැකිද යන ප්‍රශ්නය මතු වුවද හෘද සාක්ෂියක් නැති තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට කිසිදු හිරිකිතයකින් තොරව එය ක්‍රියාත්මක කළ හැකිය.

‘‘ප්‍රභූ ආරක්ෂාවට’’ අත්වී ඇත්තේත් එම ඉරණම ය. මැති ඇමැතිකම් නැති අයටත් ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් සැපයීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ එම කරුණම ය.

ප්‍රභූ ආරක්ෂාව සැපයිය යුත්තේ ආරක්ෂක අංශවල අනුමැතියට යටත්ව ය. ආරක්ෂක අංශ එම ප්‍රභූ ආරක්ෂාව සපයනු ලබන්නේ බුද්ධි අංශ වාර්තා පදනම්ව ය. ඒ අනුව ප්‍රභූ ආරක්ෂකයන් සැපයීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. එහෙත් එයට නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය.

ඇතැම් ප්‍රභූන්ගේ වතුපිටිවල ආරක්ෂාවට ද ප්‍රභූ ආරක්ෂකයන් යෙදවූ අවස්ථා වාර්තා වී තිබේ. එක් මන්ත්‍රීවරියකගේ ප්‍රභූ ආරක්ෂකයන්ට සිදුවී තිබුණේ වත්ත පිටිය අතුගෑම, පොල් කැඩීම, රෙදි සේදීම වැනි කටයුතු ය. මේ බොහෝ ඈත සිදුවීමක් නොව 2010-2015 අතර කාලයේ දී වාර්තා වූවකි. ඇතැම් දේශපාලනඥයන්ට ‘රථ ගාය’ මෙන්ම ‘ආරක්ෂක ගාය’ ද තිබේ. ප්‍රභූ ආරක්ෂකයන් සැපයීමේ දී මෙම කාරණා ගැන ද අවධානය යොමු කළ යුතු ය. මන්දයත් මේ වැය කරන්නේ මහජන මුදල් වීම ය.

(***)



අදහස් (3)

මැති-ඇමැතින් නොවන අයටත් ආරක්ෂකයන්-නිල රථ සුදුසුද?

Sunil Thursday, 15 June 2023 11:54 AM

මේ ඇමැතිලාටවත් ආරක්ෂකයන් අවශ්‍ය නොවේ...

:       0       11

Truth Thursday, 15 June 2023 01:29 PM

මැති ඇමැති නොවන අය විතරක් නෙමෙයි, මැති ඇමැතින්ටත් ඔය වරප්‍රසාද ඕනේ නැහැ. තමන්ගේ ආරක්‍ෂාව බලාගන්න බැරි පරාණ බයේ ඉන්න මිනිහෙක් කොහොමද රට ගැන තීරණ ගන්නේ? අනික පරම්පරාගත සල්ලි තියෙන කොළඹ ගෙවල් තියෙන වාහන තියෙන අය රජයේ වාහන, නිල නිවාස ගන්නවා නම් ඔවුන් එන්නේ සේවයට නෙමෙයිනේ...

:       1       13

Sam Monday, 19 June 2023 12:02 PM

ඔක්කොම හොරුනේ... නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site