IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මැදරෙදිග ඇවිළෙන මොසාඩ්-හමාස් යුද්ධය

ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ලොව අති දක්ෂ බුද්ධි අංශයක් ඊශ්‍රායලය සතුය. ඒ, මොසාඩ් ය. ලොව අති නවීන අවි ආයුධ ඊශ්‍රායලය සතුය. ලෝකෙට ලොක්කා ඇමෙරිකාව ඊශ්‍රායලයේ ලොකු අයියාය. මුළු ඊශ්‍රායල ගුවන් සීමාවම ආවරණය වන අයුරින් මිසයිල ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මකය. එය හැඳින්වෙන්නේ ‘අයන් ඩෝම්‘ යනුවෙනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර පසුගිය වසර ගණනාව තිස්සේ යුද්ධ පැවැතිණි. අවි ගැටුම් පැවැතිණි.

පසුගිය වසර ගණනාව පුරාවට පලස්තීන හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර තිබේ. එසැණින් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් එම රොකට් ප්‍රහාර උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්‘ ආරක්ෂක පද්ධතිය සමත් විය. එසේ රොකට් ප්‍රහාර ආ සැණින්, ඊශ්‍රායල ගුවන් හමුදාව කරන්නේ ගාසා තීරයට බෝම්බ දැමීමය. අවසානයේ බැට කන්නෝ ගාසා සිවිල් වැසියෝය. ඊශ්‍රායලයට සිදුවන හානිය අවමය. ඒ තරමට ඔවුන්ගේ මිසයිල නාශක පද්ධතිය සහ ආරක්ෂක අංශ, බුද්ධි අංශ ශක්තිමත්ය. පසුගිය වසර ගණනාවට සිදුවූයේ මෙයයි. පසුගිය 7 වැනිදා වනතුරු සිදු වූයේ මෙයයි. එහෙත්, පසුගිය 7 වැනිදා ඒ සියල්ල වෙනස් විය.

ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් සිය ගණනක් කණ්ඩායම් වශයෙන් බෙදී, වෙන්වෙන්ව, ඉතා ක්‍රමානුකූලව, සැලැසුම්සහගතව, ඊශ්‍රායලයට ප්‍රහාරයත් එල්ල කළේය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යුද ගැටුමක් ආරම්භ වූයේ ඒ අනුවය. පසුගිය 7 වැනිදා අලුයම එල්ල වුණු එම ප්‍රහාරය, ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කළ, අනපේක්ෂිත හදිසි ප්‍රහාරයකි. ගරිල්ලා ප්‍රහාරයකි. 7 වැනිදා අලු‍යම පළමුවෙන්, හමාස් සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල වීමට පටන් ගත්තේය. ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒවා විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා යුහුසුළු වෙද්දී, හමාස් සටන්කාමීන්ගේ කණ්‍ඩායම් වශයෙන් ගොඩබිමින්, මුහුදෙන් පමණක් නොව ‘පැරා ග්ලයිඩර්’ පැරෂුට් ආධාරයෙන් ගුවනින් ද පහර දෙමින් දේශසීමා හරහා ඊශ්‍රායල භූමියට කඩා වැදුණි. ඊශ්‍රායලට එල්ල වුණු දරුණුතම ප්‍රහාරය මෙයයි.

දේශසීමාවේ සිටි ඊශ්‍රායල හමුදා සෙබළුන්ට දරුණු ප්‍රහාර එල්ල විය. දේශසීමා ආසන්නයේ නගරවලට සටන්කාමීහු කඩා වැදුණාහ. සංගීත සංදර්ශනයකටත් ප්‍රහාර එල්ල විය.

දේශසීමා හරහා කඩා වැදුණු හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ අවි ගැටුම් පවතිද්දී, ‘සතුරන් අපට පහර දෙනවා. අප යුද්ධයකට මැදිවී සිටිනවා’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල වැසියන් අමතමින් පැවැසීය. ආරම්භ වුණු යුදමය තත්ත්වය තව දුරටත් දිග්ගැස්සෙනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පා වෙමින් පැවැසුවේ ඊශ්‍රායලයට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බවය. හටගත් මෙම නව අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවීමට ද බයිඩන් කටයුතු කළේය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියෝ 600 වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 1,000 ඉක්මවයි. හමාස් ප්‍රහාරය එල්ල වුණු සැණින්, ඊශ්‍රායල හමුදා දිගට හරහට ගාසා තීරයට පහර දීම ආරම්භ කළ අතර ඊයේ (9) වනවිටත් එම ප්‍රහාරවල අඩුවක් දකින්න නොලැබුණි. එයින් මියගිය පලස්තීනුවන් ගණන 500 ඉක්මවීය. තුවාල ලැබූ ගණන 2000 පසු කළේය.

දේශසීමා හරහා කඩා වැදුණු හමාස් සටන්කාමීන් ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ සිවිල් වැසියන් 100 දෙනකු පමණ පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවා ගෙන සිටින බව පැවැසෙයි. පැහැර ගැනීමට ලක්වුණු පිරිස කවුරුන්දැයි ඊශ්‍රායල රජය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන්ගේ නිවාසවලට පහර දෙමින් බලහත්කාරයෙන් ඒවාට ඇතුළු වී සිවිල් වැසියන් පැහැර ගත් බවත් ඔවුන්ට වෙඩි තැබූ බවත් පැවැසෙයි. පැහැරගත් පිරිස ගාසා තීරයට ගෙන ගොස් ඇතැයි ද දැන ගන්න ලැබේ. ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින එක ඊශ්‍රායල වැසියකුට හෝ හානියක් සිදුවුවහොත්, පොලිත් සමග වන්දි ගෙවන්න වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සටන්කාමීන්ට අනතුරු අඟවා තිබේ.

පසුගිය 7 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට පළමුවෙන් දොස් අහන්න සිදුවිය. ඒ, ආරක්ෂක අංශ දුර්වල වීමට ඔහු ගත් දේශපාලනික තීන්දු තීරණ බලපා ඇති බව පෙන්වා දෙමිනි. හමාස් සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට එල්ල වුණු එම ප්‍රහාරය ඊශ්‍රායල ආරක්ෂක අංශවලට එල්ල වුණු අතුල් පහරක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඊශ්‍රායල බුද්ධි අංශය, මොසාඩ් ලොව ප්‍රධාන පෙළේ අති දක්ෂ බුද්ධි අංශයකි. ඊශ්‍රායල ආරක්ෂක බලඇණිවල පූර්ණ සහාය මොස්ඩ් ඒජන්තවරුන්ට හිමිවෙයි. මැදපෙරදිග කලාපයේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බුද්ධි අංශයක් වන්නේ ද මොසාඩ්ය. පලස්තීන සන්නද්ධ සාමාජිකයන් අතරේ පවා මොසාඩ් ඒජන්තවරු වෙති. ලෙබනනයේත්, සිරියාවේත් වෙනත් රටවලත් මොසාඩ් ඒජන්තවරු වෙති. ගාසා සහ ඊශ්‍රායල දේශසීමා තරණය කිරීම පහසු නැත. දේශසීමා යකඩ වැට කැමරාවලින් පිරී පවතී. සංවේදක සවි කර තිබේ. ඊශ්‍රායල හමුදාව පැය 24 පුරා දේශසීමාවේ මුර සංචාරයේ යෙදෙයි. හමාස් සටන්කාමීන් ඒ සියලු බාධක බිඳ දමමින් ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් ප්‍රහාරය පැමිණියේ එතරම් ආරක්ෂාවක් තිබියදීය.

හමාස් යනු ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමය. ඊශ්‍රායලය විනාශ කරන බවට හමාස් කණ්ඩායම දිවුරා පොරොන්දු වී අවසන්ය. 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය සමග අවස්ථා කීපයකදී යුද්ධවලට පැටලී ඇත. එම යුද ගැටුම් අතරතුරේ හමාස් සටන්කාමීන් හෝ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන සෙසු ඉස්ලාමීය සටන්කාමීන් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර ඇත. ඊශ්‍රායලය ද අවස්ථා ගණනාවක දී හමාස් සටන්කාමීන් සොයා ගාසා තීරයේ වැටලීම් කර ඇත. ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. ඊජිප්තුව සමග එක් වී, ඊශ්‍රායලය, 2007 වසරේ සිට ගාසා තීරය වට කර අවසන්ය. එසේ කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත යැයි ඊශ්‍රායලය පෙන්වා දී තිබේ.

හමාස් කණ්ඩායම, සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය, ඊශ්‍රායලයේ සමීතම මිතුරා ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ත්‍රස්ත කණ්ඩායමක් ලෙස හමාස් නම් කර තිබේ. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් ඉරානයේත් සහාය, මූල්‍ය අනුග්‍රහය සහ අවි ආයුධ හමාස් කණ්ඩායමට හිමිවෙයි. හමාස් සටනාකාමීන්ට අවි ආයුධ සැපැයීම සහ පුහුණුව ලබා දීම සිදු කරන්නේ හිස්බුල්ලා සංවිධානයයි. ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින දීර්ඝ කාලීන විරසකයට හේතුව මෙයයි.

ගාසා තීරය යනු කිලෝ මීටර් 41 ක් දිග කිලෝ මීටර් 10 ක් පළල කුඩා බිම් තීරුවකි. ඊශ්‍රායලයට ඊජිප්තුවට සහ මධ්‍යධරණී මුහුදට අතර මැදිව මෙය පිහිටයි. පලස්තීනුවන් මිලියන 2.3 කට නිවහන වන්නේ ගාසා තීරයයි. ලොව වැඩිම ජනගහන ඝනත්වයක් ඇත්තේ ද ගාසා තීරයේය. ගාසා තීරයට ඉහළ ගුවන් කලාපය සහ ගාසා තීරයට අයත් වෙරළ තීරය පාලනය කරන්නේ ඊශ්‍රායලයයි. දේශසීමා හරහා ගාසා තීරයට යැවෙන භාණ්ඩ සඳහා අවසර දෙන්නේ ඊශ්‍රායලයේ කැමැත්ත අනුව පමණි. ඊජිප්තුවේ සහාය ඊශ්‍රායලයට හිමිවන අතර, ගාසා තීරය හරහා ඊජිප්තුවට ඇති දේශසීමා පාලනය සිදු කරන්නේ ඊජිප්තුවය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන අප නිතර කතා කළත්, පලස්තීනය යනු රටක් නොවෙයි. පාලන ප්‍රදේශයකි. පලස්තීනය යන මෙම පාලන ප්‍රදේශය ඇත්තේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේය. ගාසා තීරය සහ බටහිර ඉවුර පිහිටා ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. අතීතයේ ගාසා තීරය, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ අද ඊශ්‍රායලය යනුවෙන් හැඳින්වෙන භූමිය පලස්තීනය විය. 

මැදපෙරදිග තිබෙන එකම මුස්ලිම් නොවන රට ඊශ්‍රායලයයි. වසර 3000 කට පමණ පෙර, අද ඊශ්‍රායලය නමින් හැඳින්වෙන භූමියේ යුදෙව්වන් සිටි බවට සාක්ෂි තිබේ. පසු කාලීනව ඊශ්‍රායලය යන නමින් භූමියක් යුදෙව්වන් සඳහා වෙන් වන්නේ මෙම සාක්ෂි පාදක අනුවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය කඩා වෙන් කිරීමට තීරණය කළේ 1947 දී ය. ඒ සමගම, පලස්තීනයේ යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් අතර සිවිල් යුද්ධයක් ඇරැඹිණි. කෙසේ වෙතත් 1948 වසරේ මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාලකයන්ගේත් බ්‍රිතන්‍යය හමුදාවේත් ඉවත් වීම සමගම යුදෙව් සංවිධානය විසින් ඊශ්‍රායලය නමින් නිදහස් රටක් ප්‍රකාශයට පත් කළේය. අදටත් විසඳුමක් නැති මැද පෙරදිග අර්බුදයේ ආරම්භය මෙය විය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු ප්‍රහාරය හමාස් සටන්කාමීන් කර ඇත්තේ ‘අල් අක්සා ප්‍රහාරය’ යනුවෙනි. ‘අල් අක්සා’ යනු ඊශ්‍රායලයට අයත් ජෙරුසලමේ ඇති මුස්ලිම් පල්ලියකි. ‘අල් අක්සා’ පල්ලිය පැමිණෙන මුස්ලිම් බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාව නිරන්තරයෙන් අඩන්තේට්ටම් සිදුවෙයි. පලස්තීනුවන්ට අයත් භූමි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් නිවාස පිහිටුවීමට සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් තමන් ‘අල් අක්සා’ මෙහෙයුම ක්‍රියාත්මක කළේ යැයි හමාස් සංවිධානය පවසා තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය විසඳුමක් යැයි ඇමෙරිකා ජනපතිවරුන් (ඩොනල්ඩ් ට්‍රම්ප් හැර) බොහෝ දෙනකුගේ විශ්වාසයයි. බැරැක් ඔබාමා පමණක් නොව වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පවා උත්සාහ ගන්නේ ඊශ්‍රායලයට සහ පලස්තීනයට වෙන් වෙන්ව රාජ්‍යයන් ලබා දීමටය. බටහිර ඉවුර සහ ගාසා තීරය ස්ථාන දෙකක පිහිටීම ඊට බාධාවකි. පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටි මැදපෙරදිග ශක්තිය වූයේ සෞදියයි. එහෙත්, ඇමෙරිකා රජයේ ද මැදිහත් වීමෙන් සෞදිය සහ ඊශ්‍රායලය අතරේ යහපත් සබඳතා ආරම්භ වූයේ මීට සති කීපයකට පෙරය. මෙය පලස්තීනුවන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමක් කළේ ඒ අතරතුරේය.

ලු‍සිත ජයමාන්න, බීබීසී ඇසුරිනි

 



අදහස් (0)

මැදරෙදිග ඇවිළෙන මොසාඩ්-හමාස් යුද්ධය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site