IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මැදි ආදායම්ලාභීන් නට්ටම් වෙන නව බදු

 

ශ්‍රී ලංකාවේ දිළිඳු ජන කොටස ආර්ථික අර්බුදය සමග බලවත් අපහසුතාවලට ලක්ව ඇත. අතරමැදි ජන කොටස එනම්  මධ්‍යම පංතිය ගැන අවධානය අවශ්‍යය. ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් දුප්පත්කම පවතින අතර දුගීකම තුරන්කොට ජනී ජනයා නගා සිටුවන සංවර්ධන සැලැසුම් ක්‍රියාවට නැංවේ. ආර්ථික දියුණුව තුළ එහි ප්‍රතිලාභ සමාජයේ පහළ තලයට කාන්දු වනු ඇති බව විශේෂඥ මතය වී තිබේ. අර්බුදයකට පත්වුණු පසු, එයින් ගැලවෙන්නට ගන්නා ක්‍රියාමාර්ග තවත් අහිතකර ලෙස සමාජයට එල්ල වේ. 

දිළිඳු ජනතාව නගා සිටුවන, විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නංවා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්ත දිළිඳු භාවය තුරන් වී මැදි ආදායම් ස්ථරය වර්ධනය විය. ළමා හා මාතෘ මරණ අඩු, සෞඛ්‍ය තත්ත්වයෙන් උසස් සහ හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත රටක් දක්වා පැමිණ ඇත. ආසියානු කලාපයේ අනෙක් රටවල් සමග සසඳන පසු ප්‍රශස්ථ ජීවන මටට්මක පසුවේ.

මැදි ආදායම් රටක මටට්මට ශ්‍රී ලංකාව පත් වූ අතර මෑත වසර කිහිපය තුළ හටගත් අභ්‍යන්තර හා බාහිර කම්පන හේතුවෙන්, ජන ජීවිත නැවතත් අභියෝගාත්මක තැනකට පත්ව තිබේ. සමාජයේ සියලුම කොටස් බලවත් පීඩනයකින් පසුවන අතර ආවේගශීලී තත්ත්වයක පසුවේ. අධික ජීවන වියදම සහ එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ තත්ත්ව සලකා විධිමත් සැලැස්මකට අනුව මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම අවශ්‍යය.

ආර්ථික විද්‍යාඥයන්ගේ ඉලක්කම් හා සමාජ ව්‍යුහය

ත්‍රස්තවාදය තුරන් කිරීම සමග ඇති වූ ආර්ථික ප්‍රසාරණය, ඉල්ලුම ඉහළ යෑමට බලපෑ අතර සැපයුම හා සංවර්ධන අවශ්‍යතා සඳහා වාණිජ ණය වෙළඳ පොළට ඇතුළු විය. දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්වන ව්‍යාපෘතිවලට ආයෝජනය සඳහා ඉහළ පොලී අනුපාතවලට ණය ලබාගෙන ඇත. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සහ කොවිඩ් වසංගත තත්ත්වය විසින් ණය චක්‍රයක, පසු වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අස්ථාවර කරනු ලැබීය. ඛනිජ තෙල්, විදුලිය, ගෑස්, පොහොර, ඖෂධ හා ඇතැම් ආහාර වර්ග ඇතුළු මූලික අවශ්‍යතා සැපයුම අඩාල වූ අතර උද්ගතව තිබුණ තත්ත්වය මැද විදේශ ණය ගෙවීම පවා අත්හිටුවන්නට සිදුවිය.

මෑත ඉතිහාසය තුළ ඇති වූ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ නැවත ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාව ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය හා තාක්ෂණික සහාය ලබාගෙන ඇත. මෙහි දී සැපයුම කළ හැකි තරමට ඉල්ලුම පාලනය කරන අතර රජයේ ආදායම නංවන පියවරක් වශයෙන් අලුත් බදු ගණනාවක් පනවා තිබේ. විදුලිය, ඉන්ධන හා ගෑස් ඇතුළු අංශ ගණනාවක මිල සූත්‍ර ක්‍රියාත්මකය. තීරණ ගන්නා විශේෂඥ පිරිස් අය වැය වියදම් සලකා තීරණ ගන්නා නමුත් ජනතාව මුහුණ දී ඇති පීඩනය මැනැවින් අධ්‍යයනය කළ යුතුව ඇත. 

මෙතෙක් ලැබුණ සහන ඉවත්කරන අතර සහන ලැබිය යුතු ජන කොටස් තෝරා අස්වැසුම නමින් අලුත් ආධාර ක්‍රමයක් හඳුන්වා දී තිබේ. 

මෙතෙක් පැවැති සුබසාධන සේවා ඉවත් කළ පසු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින සමාජය සුරක්ෂිත කළ හැකි ද යන්න ප්‍රායෝගිකව සලකා බැලිය යුතුය. ආර්ථික විශේෂඥයන් ඉලක්කම් පෙන්වන නමුත් සමාජය සමග ගැටෙන, ජනතාවගේ දුක දැනෙන්නේ දේශපාලනඥයන්ට හා සමාජ නායකයන්ට බව වටහා ගත යුතුව ඇත.

පරිවර්තනයක් කළ හැකි මධ්‍යම පංතිය  

දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ සෑම කොටසකටම දරුණු බලපෑමක් කර ඇත. ඉහළම ස්ථරය හා සමාජයේ පහළ ස්ථරය මෙම පීඩනය කිසියම් ආකාරයකට දරාගෙන ඇත. දෛනික ආදායම් ලබන පිරිස් ඔවුන්ගේ කුලී වැඩ සඳහා අය කරන ගාස්තු, ත්‍රිවිලර් ගාස්තු යනාදිය නංවා තිබේ. ඉහළම පංතියේ කොටස ද ඔවුන්ගේ ව්‍යාපාර, කර්මාන්තවල ව්‍යුහ වෙනස්කර සුපුරුදු පැවැත්මට අවතීර්ණ වී සිටී. ආර්ථිකය නැවත ගොඩනගන්නට කෙටිමාර්ග නැත. පරිවර්තනයක් නොකළහොත් දැනට පවතින තාවකාලික තත්ත්වය නැවත වෙනස් විය හැකිය. ආදායම් උත්පාදනය කරන අලුත් සැලැසුම්වලට යන අතර සාමාන්‍ය ජනතාව එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ පැති අවබෝධ කරගෙන තීරණ ගැනීම අවශ්‍යය. 

පවතින ආර්ථික අර්බුදය තුළ සමාජයේ ඉහළ හා පහළ පන්ති අතර යම් තුලිතතාවක් පවතින නමුත් මධ්‍යම පංතියේ ජන කොටස් වැඩිම බලපෑමකට පත්ව සිටී. ඔවුන්ට ආණ්ඩුවේ සහන ලැබෙන්නේ නැති අතර අලුතින් පනවන ලද බදුවලට යටත්ව සිටී. අවස්ථා සොයා නගරවලට පැමිණි මෙම පිරිස දරුවන් හොඳ පාසලකට ඇතුළු කර, ඉඩමක් මිල දී ගෙන නිවෙසක් තනන අතර ඇතැම් කොටසක් වාහනයක් ද මිල දී ගත් කණ්ඩායමකි. මෙම කටයුතු සඳහා ණය ගෙන ඇත. උපයන මුදල් සකසුරුවමින් හසුරුවමින් සිටියේය. පනවන ලද අලුත් බදු හා උපයන ආදායම පහත වැටීම හේතු කොටගෙන මැදි ආදායම් ජන කොටසට පැවැත්ම දුෂ්කර වී ඇත. 

රටක් දියුණුවන විට මධ්‍යම පංතියේ ප්‍රසාරණයක් සිදුවේ. මැද පංතියේ ජන කොටස ප්‍රමාණාත්මකව වර්ධනය 1950 ගණන්වල ඇමරිකාවේ සංවර්ධනයට සාධකයක් විය. හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඉදිරිපත් කරන ජාත්‍යන්තර ප්‍රකට වැඩසටහනක දී ඔහු ඇමරිකානු ආර්ථිකයේ පසුබෑම ගැන සාකච්ඡා කළේය. ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ඉහළ, මැද හා පහළ ස්ථරයේ කාර්ය මණ්ඩලය සමග නිදහසේ සාකච්ඡා කළ අතර ඔවුන්ගේ අදහස්වලින් ආර්ථික විෂමතාව හා පංති පරතරය පුළුල්වීම ගැන අදහස් හෙළිදරවු කළේය. මැද පංතියේ බිඳ වැටීම පවතින ආර්ථික ව්‍යාකූලතාවලට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස හඳුනා ගත්තේය.

ඉහළ හා මැද ස්ථර අතර වැටුප්, වරප්‍රසාද හා සේවක අයිතිවාසිකම් කිහිප ගුණයකින් වැඩිවී තිබේ. එය හේතුකොටගෙන ආයතනවල තිබුණ එකමුතුභාවය, වැඩ කිරීමේ ජීව ගුණය පහතට වැටී ඇත. කාර්යක්ෂමතාව හා ඵලදායීතාව අඩුවීමට එය හේතුවක් වී තිබේ. අඩු පහසුකම් ලැබෙනවිට කැපවීම අඩුවේ.

ලැබෙන පහසුකම් කැපවීමේ සීමා 

මැද පන්තියේ ජනතාවගේ උද්ෙ‌යා්ගය බිඳවැටීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද ප්‍රශ්නයක් වී ඇත. වැඩිපුර මහන්සි වී තවත් ධනය ඉපැයිය යුතු ඇයි යන ප්‍රශ්නය ඔවුහු ඉදිරිපත් කරති.යහමින් උපයනවිට වැඩිපුර බදු ගෙවන්නට සිදුවේ. නිවසක් මිල දී ගැනීම, වාහනයක අයිතිය යන අපේක්ෂා තාවකාලිකව පසෙක තබන තරමට මධ්‍යම පංතියේ ජනකොටස් ආකල්ප වෙනස් කරගෙන ඇති බව පෙනේ. පැහැදිලිවම උත්සාහය, ජවය සම්බන්ධ ප්‍රශ්නයකි. ධනය උපයන විට සෑහෙන ප්‍රතිශතයක් ආපසු බදු වශයෙන් අය කරගන්නා අතර තවත් කොටසක් නීතිවලට එපිටින් කටයුතු කරමින් විශාල ධනයක් සඟවාගෙන සිටින බව ඒත්තු ගැන්වීම තවත් ප්‍රශ්නයකි. රටක් දියුණු කිරීමේ දී සියලු ජන කොටස් එකතු කරගත යුතුය. සමාන අවස්ථා ඉතාම වැදගත්ය. යුක්ති සහගත පරිසරය තුරන් වන විට ඇති වන අතෘප්තිය බරපතළ තත්ත්වයකි. 

මෑතක සිට පවතින සමාජ අතෘප්තිකාරී ස්වභාවය ගැන අප සියලු දෙනාටම අත්දැකීම් තිබේ. කණ්ඩායම් හැඟීම අඩු වී ඇති අතර වෙනත් රටකට ගොස් ජීවත්වීමට කැමැත්තෙන් පසුවේ. ආර්ථිකයක ඇතිවන අර්බුදකාරී තත්ත්ව, අවසානයේ දී සමාජයේ පැවැත්මට බලපාන ආකාරය, විශේෂයෙන් මැද ආදායම් ඇති පිරිස් වෙනස් වී ඇති ආකාරය මෙයින් පැහැදිලි වේ. 

පංච මහා බලවේගය 

1956 සිදු වූ සමාජ පරිවර්තනයට හේතු වූ සාධක දෙස ආපසු හැරී බැලිය යුතුය. සඟ වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේගය එකට එකතු කරන්නට දේශපාලන නායකත්වයට හැකිවිය. පනස් ගණන්වල සමාජයේ මැද පන්තිය නියෝජනය කළේ මෙම පිරිසය. රජයේ හෝ කාර්යාලයක හෝ සේවය කරන කම්කරුවකුට පවා හොඳ පිළිගැනීමක් තිබුණි.

සංඝරත්නයට, වෙද මහත්මයා සහ ගුරුවරයා කෙරෙහි ගෞරවයක්, ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට එකඟවීම දැකගත හැකිවිය. 1977 දී විවෘත ආර්ථිකය සමග වෙනස් ආකාරයකට ද, යුද්ධය අවසන් කිරීමෙන් පසු නාගරික වශයෙන් ද මෙම මැද පංතිය ප්‍රසාරණය විය. විදේශගතව ආදායමක් සොයාගත් පිරිස හා ආරක්ෂක අංශවල පිරිස් ද මෙම මැද පංතියට එකතු විය. ආර්ථික ව්‍යාකූලතා සහ අවස්ථා අහිමි සමාජය තුළ සංස්කෘතික හා මානව සබඳතා සීමා විය. සමාජ විනය ගරුත්වය බිඳ වැටිණ. 

වර්තමානයේ අප මුහුණ දී ඇති ප්‍රශ්න තුළ පන්සල, පාසල, රෝහල, ගොවිපොල හා ආයතන විකෘති වී තිබේ. දහම් පාසලක් වෙනුවට එතැන ටියුෂන් ව්‍යාපාරයකි. ඇතැම් ස්වාමීන් වහන්සේලා ශාසනික පිළිවෙත් ඉක්මවා ජාතික වගකීම භාරගෙන ඇත. බොහෝ දුරට පාසලට වඩා පෞද්ගලික ටියුෂන් පංතිය ඉහළට පැමිණ තිබේ.

වෛද්‍යවරයාගේ තිබුණ කරුණාව වෙනුවට එය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. කෘෂිකර්මය පිරිහී ඇත. ගොවිතැන අත්හැර දමන තැනට පත්ව ඇති බව පර්ෙ‌ය්ෂණ වාර්තා පවා දක්වයි. වැඩ කරන ජනතාවගේ ඛේදවාචකය වෙනම සාකච්ඡා කළ යුතුය. වැඩබිම වෘත්තීය සමිති හා දේශපාලන ව්‍යාපාරවල ග්‍රහණයට නතු වී ඇත. අලුත් තීරණයක්, අලුත් සංවර්ධනයක් හෝ කාලානුරූප පරිවර්තනයක් සඳහා ඒවායෙන් යැපෙන පටු ආකල්ප සහිත කොටස් කිසිම අවස්ථාවක් දෙන්නේ නැත. 

ආර්ථිකය ගොඩනගන අතර සමාජය නගා සිටුවීම

ආර්ථිකය නගා සිටුවන අතර සමාජය නැවතත් ගොඩනගන්නේ කෙසේද? අය වැය ගැළපීමෙන් ගැටලු විසඳාගත හැකි බව කල්පනා කරන නමුත් ශ්‍රී ලංකාවේ අර්බුදය එම වපරිසය ඉක්මවා ගිය එකකි. අරගලය ඇති කරන ලද සංවාදය තුළ සිස්ටම් වෙනස් කරන සේ බලකරන හේතු හඳුනාගත යුතුව තිබේ. මෙම ක්‍රමය තව දුරටත් වලංගු නැත. දකුණේ ත්‍රස්තවාදය හෝ උතුරේ ත්‍රස්තවාදය අපට උගන්වන ලද පාඩම් මොනවාද? මෙම කරුණු ගැඹුරින් අධ්‍යයනය කර සමස්ත විසඳුමක් යෝජනා කිරීම හැර ණය කපා හැරීම, බදු වැඩි කිරීම, ආයෝජනයට ඉඩදීම හෝ පෞද්ගලීකරණය වැනි හුදෙකලා සිද්ධිවලින් පමණක් රටක් ආපසු හරවන්නට හැකියාවක් නැත.

ශ්‍රී ලංකාවේ දුප්පත්කම ඉහළ ගොස් ඇත. ඉහළ හා පහළ අතර ආදායම් විෂමතාවකි. මධ්‍යම පංතියේ ජන කොටසට බලපා ඇති ප්‍රශ්න ගැන අවධානයක් නැත. 

ඇතැම් පිරිසකට එදිනෙදා අවශ්‍යතා සපුරාගන්නට තරම් ආදායමක් නැති තත්ත්වයක් උදා වී තිබේ. කම්හල් වැසීයන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය විශාල ප්‍රමාණයක් කරගෙන යා නොහැකි හේතුවෙන් අත්හැර දමා ඇත. 

නැවත මේවා ආරම්භ කිරීම පමණක් පුනරුදය නොවේ. මධ්‍යම පංතියේ නැගිටීම ඉලක්ක කරගෙන සමස්ත ප්‍රතිශෝධනයක් අවශ්‍යය. සමාජය බල මුළුගැන්විය යුතුය.

රජයේ සේවය කරන පිරිස අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත. අවශ්‍යතා පරිදි කණ්ඩායම් සකස් කර තෝරා සෙසු පිරිස ව්‍යවසායකයන් කිරීමට සැලැස්මක් වුවමනා කර තිබේ. ආරක්ෂක අංශ පවා අවශ්‍ය ප්‍රමිති අනුව වෙනත් පැතිවලට යොමු කළ යුතුය. 
ඉතිරි කරගන්නා කාර්ය මණ්ඩලයට කාර්යක්ෂම සේවයක් සඳහා පුහුණුවක් ලබාදිය යුතු අතර සේවයට සරිලන වැටුපක්, එම වැටුපෙන් ජීවත්විය හැකි බවට විශ්වාසයක් ඇති කිරීම වැදගත්ය. සමාජ ආයතන, ආණ්ඩුවට හිතවත් පුද්ගලයන් රජයෙන් යැපෙන ක්‍රම වහාම අහෝසි කිරීම අවශ්‍යය. විශේෂ ව්‍යාපෘති, සහන ලැබෙන ක්‍රම අවසානයේ දී ජනතාවගේ බදු බරක් බව පෙන්වා දිය යුතුය. රාජ්‍ය පාලනයේ දී තාක්ෂණය භාවිතා කළ යුතුව තිබේ.

මානව සම්පත නැවත ආකල්ප අතින් සංවර්ධනය කරන, මිථ්‍යාව වෙනුවට සත්‍ය කෙරෙහි සමීපවන පිරිසක් බවට හරවන දීප ව්‍යාප්ත ව්‍යායාමයක් අවශ්‍යය. ඒ සඳහා ආගමික හා සමාජ නායකයන්, විද්වතුන්, සිවිල් සංවිධාන එකතු කරගත යුතු අතර සියලුම දෙනාට වගකීම් පැවැරිය යුතුය. දේශපාලනයට ගැති කණ්ඩායම් වපුරන පටු අදහස්වලින් කර ඇති විනාශය සුළු පටු නොවේ. නැවත ආපසු හරවන වෙනස්කම් ඇති කිරීම පහසු නැත. විශාල කැපවීමක්, කැක්කුමක් ඇති නායකත්ව අවශ්‍යවේ. මෙම රාමුව සකස්කරගත් පසු සංවර්ධනය, දියුණුව හා දිළිඳුකම තුරන් කිරීම ගැන සාකච්ඡා කළ හැකිය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected]  ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.

මිලින්ද මොරගොඩ විසිනි



අදහස් (2)

මැදි ආදායම්ලාභීන් නට්ටම් වෙන නව බදු

sam Monday, 26 June 2023 02:39 PM

මෙම ලිපිය අදහස් අගය කරමු, ලංකාවේ පවතින ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම්, යෝජනා ඉදිරිපත් කර නොමැත...

:       2       3

දාස Wednesday, 28 June 2023 07:43 AM

අපේ සල්ලි වලින් පිටරට සැප ගන්නවා. මේ යෝධයාට කිසිම රජයේ තානාන්තරයක් දෙන්න එපා කියලා කලකට පෙර නීතියකුත් දැම්මා... ඒත් මේ රටේ මහ උදවියට නීතියක් නැහැනේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site