IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මලලසේකර ශබ්ද කෝෂයෙන් වචනයක් හෝ ඉගෙනගත් ඔබටයි

(මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් දිවංගත වී ඊයේට (23) වසර 50ක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වන විට එතුමා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ සභානායක සී.පී. ද සිල්වා මහතා ද රෝගීවී විදේශීය රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය. මේ නිසා හිස් වූ අගමැති පදවියට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා පත් වූයේ අහම්බෙනි.

අගමැති දහනායකගේ වැඩපිළිවෙළ පිළිබඳ මනාපයක් නොමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ පක්ෂයේ නායකත්වය භාරදීමට සුදුස්සන් කිහිප දෙනෙකු නම් කළහ. ඔවුන් අතර එක් අයකු වූයේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාය. මලලසේකර මහතා හමුවී ශ්‍රීලනිපයේ නායකත්වය පළමුව භාරගෙන, එයින් පසු ශ්‍රී ලංකාවේ අගමැතිකම භාර ගන්නා ලෙස ඔවුහු මලලසේකර මහතාගෙන් ඉල්ලා සිටියහ.

සියල්ල අසාගෙන සිටි මලලසේකර මහතා ඔවුනට පැවසුවේ “මට පොත් ලියන්න දේශන පවත්වන්න උගන්වන්න පුළුවන් වුණාට දේශපාලනය කරන්න තේරෙන්නේ නැහැ. ඒවා දන්න කෙනෙක් හොයා ගත්තොත් රටටත් ඔබ පක්ෂයටත් හොඳ’’ යැයි පවසා මලලසේකර මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ කිසිම තනතුරු ලාභ ‌ලෝභයක් නොමැතිවය.

මලලසේකර මහතා අනගාරික ධර්මපාලතුමාගේ මාර්ගෝපදේශ සහිතව ජීවිතය ගොඩනගා ගත්තේ පාසල් අවදියේ සිටය. ‘සිංහල බෞද්ධයා’ පුවත්පත කියවා ධර්මපාලතුමා හමුවී සාකච්ඡා කරමින් දිවිමඟ සරිකර ගත් මලලසේකර මහතාට එතුමාගේ ඉංග්‍රීසි නම සිංහලයට පෙරළා සකස් කර දුන්නේ ද ධර්මපාලතුමා විසිනි. 1899 නොවැම්බර් මස 08 වැනිදා මලලගේ සියදෝරිස් පීරිස් මලලසේකර වෙද රාළහාමිට සහ දෝන ‌සෙලෙස්තිනා කුරුප්පු ජයවර්ධන මාතාවට උපන් පුතණුවන්ට පියාණන් නම තැබුවේ මලලගේ ජෝර්ජ් පීරිස් යනුවෙනි. ‘උඹට ඔය නම හරි නැහැ, සිංහල නමක් දමා ගනින්’ අද සිට උඹේ නම ගුණපාල පියසේන මලලසේකර යනුවෙන් ධර්මපාලතුමා නම වෙනස් කළේ අනාගතය දකින ඉසිවරයෙකු ලෙසිනි.

අනගාරික ධර්මපාලතුමන් මලලසේකර මහතාට උපදෙස් පමණක් නොව ඉගෙනීමට ධනය ද පරිත්‍යාග කළේය. ඔහු හොඳින් ඉගෙන ගත්තේය. වයස අවුරුදු 17 වන විට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත් මලලසේකර ශිෂ්‍යයා තැබූ වාර්තාව මේ වන තුරුත් කිසිවකු බිඳ නැත. කොළඹ ආනන්ද විද්‍යලයේ ගුරුවරයකු වශයෙන් පළමුවෙන් සේවයට පිවිස, පසුව එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ මලලසේකර මහතා අභිනවයෙන් ආරම්භ වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති පදවියට පත් වූයේ සුදුස්සාට සුදුසු තැනක් හිමි වූ හෙයිනි.

මෙසේ උගන්වන අතර තමන්ගේ ඉගෙනීම පිණිස එංගලන්තය බලා පිටත් වූ මලලසේකර මහතා එහිදී තැබූ අධ්‍යාපනික ලෝක වාර්තාව කිසිවෙකුට බිඳ හෙළන්නට නොහැකි වූවකි. එම වාර්තාව නම් එකවර උපාධි පරීක්ෂණ දෙකකට පෙනී සිට එම පරීක්ෂණවලින් සමත් වී උපාධි දෙකක් එකවර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලින් ලබා ගැනීමය. තම රටට අයත් යටත් විජිතයකින් පැමිණි මෙම ශිෂ්‍යයා තැබූ මෙම වාර්තාව පිළිබඳව පරීක්ෂණයක යෙදෙන එරට අධ්‍යාපන බලධාරීන් ඉදිරියේ දී කිසිම අයකුට එකවර උපාධි දෙකකට පෙනී සිටීමට නොහැකි වන ලෙස නීතිරීති සම්පාදනය කළේය.

විදේශීය අධ්‍යාපනය නිමා කොට ලංකාවට පැමිණි මලලසේකර මහතාගේ සේවා ස්ථානය වූයේ ලංකා විශ්වවිද්‍යාලයයි. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පිළිබඳව කථිකාචාර්ය පදවිය භාරගත් මෙතුමා බුද්ධ ධර්මය පිළිබඳව ද තම දැනුම බෙදා දීමට යුහුසුළු විය.

මලලසේකර මහතාගේ විශේෂ අවධානය යොමු වූ අංශයක් වූයේ රටේත් ලෝකයේත් බෞද්ධ ප්‍රබෝධයට කැපවීමය. ‌ථෙරවාද, මහායාන, වජ්‍රයාන වශයෙන් දාර්ශනිකව බුදුදහම වෙන් වී තිබුණත් ඒ සියලු‍ම බෞද්ධයන් භේදයෙන් තොරව එක්කර දැහැමි අරමුණක ලෝකවාසී බෞද්ධ ජනතාව තබා ගැනීමට ඔවුන් සංවිධානය කිරීමට සිතට ගත් මලලසේකර මහතා, ඒ සඳහා ‘ලෝක බෞද්ධ මහා සම්මේලනය’ ආරම්භ කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති වශයෙන් ක්‍රියා කළ මලලසේකර මහතා ‘ලංකා කලා සංගමයේ’ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.

සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ පදවිය කාලයක් දැරූ මලලසේකර මහතා, ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ‘මලලසේකර ශබ්ද කෝෂය’ වශයෙන් ලියා එළිදැක්වීමෙන් සිදු කළ මෙහෙවර සුළු පටු නැත. ‘බෞද්ධ විශ්ව කෝෂයේ’ කර්තෘවරයා ලෙස සිය ශාස්ත්‍රීය සේවය ලෝකයට ප්‍රදානය කළ මෙතුමා රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් සිදුකළ මෙහෙවර ද සුළු පටු නැත. ඒ අනුව සෝවියට් දේශයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්ව එරටට ගිය මලලසේකර මහතා එම රටේ සිටිමින් රුමේනියාව, චෙකෝස්ලෝවැකියාව හා පෝලන්තයේ ද ලංකා තානාපතිවරයා ලෙස සිය කටයුතු මෙහෙයවීය.

එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත එරටේ විසූ මාගරට් හෙලීනා රසල් මෙනෙවිය සමඟ විවාහ ගිවිස ගත් මලලසේකර මහතා තමාගේ සියලු‍ම ශාස්ත්‍රීය සේවයට ඇයගේ සේවය ලබා ගත්තේය. තම ස්වාමියාගේ ආගම බුදු දහම වැළඳගෙන ලාංකික කාන්තාවක ලෙස ක්‍රියා කළ එතුමියගේ හදිසි අභාවයෙන් පසු මලලසේකර මහතා දෙවන වරට විවාහ වූයේ පානදුරේ ලයිලි විජේවර්ධන මෙනෙවිය සමඟය.

සිංහල ජන සමාජ‌යේ සිංහල පිරිමි පක්ෂය අඳින වර්තමාන ජාතික ඇඳුම නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන් දෙදෙ‌නෙක් මූලිකත්වය දැරූහ. එයින් එක් අ‌යෙක් වන්නේ ගුණපාල මලලසේකර විද්වතාණෝය. අනෙක් තැනැත්තා වන්නේ පී. ද ඇස්. කුලරත්න මහතායි. සිය ජීවිත කාලයම ආගම, භාෂාව, අධ්‍යාපනය වෙනුවෙන් කැප කළ මේ සුවිශේෂී යුග පුරුෂයා වසර 74කට ආසන්න සිය දිවිමඟ කෙළවර කර මීට වසර 50 කට පෙර එනම්, 1973 වසරේ අප්‍රේල් මස 23 වැනිදා දැයෙන් සමුගත්තේ මලලසේකර ඉංග්‍රීසී ශබ්දකෝෂය මෙන් කිසි දිනෙක කිසිවකුට අමතක නොවන අමරණීය නාමයක් ශේෂ කර තබමිනි.

අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා



අදහස් (5)

මලලසේකර ශබ්ද කෝෂයෙන් වචනයක් හෝ ඉගෙනගත් ඔබටයි

kapila fonseka Tuesday, 25 April 2023 09:05 AM

අපි වැඩි විස්තර නොදත් මෙවැනි යුගපුරුෂයන් ගැන විස්තර පලකල ඔබට තුති...!

:       0       10

Pradeep Kumara Tuesday, 25 April 2023 09:11 AM

ඉතාමත් අගනා වටිනා ලිපියක්... මෙය ඉදිරි පරපුරේ දැනගැනීම පිණිස කොතැනක හෝ ගබඩා කර තැබිය යුතු ලිපියක්... බෙහෙවින්ම ස්තූතියි සොයිසා මහත්මයා...

:       0       8

Nelum Pushpasiri Wednesday, 26 April 2023 09:27 AM

දශක ගණනාවක, පරම්පරා ගණනාවක් මලලසේකර ශුරින්ගේ ශබ්ද කෝෂයේ පහස ලබනවා. මෙයම ප්‍රමාණවත් එතුමාගේ රුව ගුණ ගැන වටහා ගන්න.

:       0       10

Rajun de Silva Wednesday, 26 April 2023 12:50 PM

මම ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ... තාමත් මගේ පුස්තකාලයේ ඉංග්‍රිසි සහ ප්‍රංශ පොත් සමූහය අතර ඉහළින්ම වැජඹෙන එක් පොතක් තමයි මලලසේකර ශබ්දකෝෂය...

:       2       9

මලලසේකර ගලිවර් තුමා ඉදිරියේ දණගාන ලිලිපුට්ටා. Wednesday, 26 April 2023 03:46 PM

මෙතුමා උගතෙකි, බුද්ධිමතෙකි, විදග්ධයෙකි, විභුදයාන් කෙනෙකි... මෙතුමා සිංහල - ඉංග්‍රීසි භාෂාද්වයම තුළ ප්‍රාමාණික බුද්ධිමතෙක් ලෙස දෙස් විදෙස්හි ප්‍රචලිතයි. චන්ද්‍රරත්න මානවසිංහයන් පද බැදි 'ගලන ගගකි ජීවිතේ දයාලූ ලෝකයේ ' යන සිංදුවේ 'දයාලූ' යන වචන යේ සැබෑ අරුත කිමෙක්දැයි සොයා ගැනීමේ ගැටලුවක් අප මිතුරු කැළ තුළ පැවැතියේ එම වදනේ යෙදීිම ඉතා විරල වූ බැවිනි. ඉතා මෑතක දිනෙක මා මෙතුමාගේ 1997 පළවූ සංස්කරණ ශබ්ද කෝෂයේ සිංහළ වචන අතරෙ මේ 'දයාලූ' වදන මා දෙනෙතේ පැටලුණි. එතුමා එහි 176 පිටුවෙහි Compassionate යන වදනට -අනුකම්පා සහිත- දයාලූ - කරුණාවන්ත - යන අරුත් දී තිබේ. මා මෙතෙක් දුර ගොලුබෙලි ගමනක ආවෙි එතුමාගේ වාංමාලාවෙි එක් පැතිකඩක් ගෙන හැර දැක්වීමටයි. - ස්තුතියි.-

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site