IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මවු බස යටපත් කිරීම ජාතියේ මිනී වළ කැපීමක්

අනෝතත්තවිල නෙළුම නෙළාලා, ඈත එපිට ගම්මානෙන් නැග එන, ඈ යන්න ගියා මැකිලා, මගේ රටට දළදා හිමි සරණයි, රා රා රා බොම්බියේ, පෙර දිනයක මා පෙම් කළ යුවතිය, ඔබ ඇසේ මුදු පහස වැනි සුභාවිත ගීත රැසක් රචනා කොට ඇති ප්‍රවීණ ගීත පද රචක සුනිල් සරත් පෙරේරා මහතා සිංහල ගීත සාහිත්‍යයේ සුපෝෂණයට ඉමහත් දායකත්වයක් සැපයූ අයෙකි. එසේම නිර්මාණාත්මක මෙන්ම විචාරාත්මක කෘති රැසක් ලියා පළ කළ ප්‍රවීණ ලේඛකයෙකි.

එබඳු විමර්ශන කෘතියක් මෑතකදී ද සුනිල් සරත් පෙරේරා විසින් ‘මතක නිම්නය’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස විචාරාත්මක කෘතියක් ලියා පළ කරන ලද අතර, කලාත්මක ගීතයේ ස්වභාවය හඳුනා ගැනීමට එයින් ලැබෙන පිටිබලය අනල්පය. මතු දැක්වෙන්නේ සුනිල් සරත් පෙරේරා සමග අප කළ සංවාදයක සටහනකි.

• ගීතයේ ඇති කලාත්මක හැඩය නිවැරැදිව හඳුනා නොගැනීම වර්තමානයේ දැකිය හැකි අර්බුදකාරී තත්ත්වයක් සේ පෙනෙනවා. කලාත්මක ගීතය යනු කුමක් ද? මෙකල එය ගැඹුරින් හඳුනාගත යුතු වන්නේ ඇයි?

උසස් තලයකට මිනිස් ජීවිතය ගෙන යාමේ අරමුණ මිනිස් සමාජය තුළ හැමදාමත් පවතින එකක්. අපේ රටේ ආර්ථික විශේෂඥයන් ඒ සඳහා අනේකවිධ උපායමාර්ග විතර්කයට යොදාගන්නා බව පෙනෙනවා. අධ්‍යාපන විශේෂඥයන් යැයි පවසන ඇතැම් සැලසුම් සම්පාදක නිලධාරීන් විවිධ ආකෘති හා ව්‍යාපෘති යෝජනා කරන බව ද පෙනෙනවා. එසේ වුවත් උසස් සමාජයක් බිහි කිරීමට නම් උසස් සාහිත්‍ය කලා රසාස්වාදය තුළින් මතු කරන ශික්ෂණය ගැන මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතුයි.

පුද්ගලයකු තුළ නිවුණු, දැවුණු, දාන්ත බව කුඩා කාලයේ පටන්ම ඇති කිරීමට කලාත්මක ගීතයේ රසවින්දනය බලපානවා. අපේ ජීවිතවලටත් එය ඒ අයුරින්ම බලපෑවා. 

‘මේ ගසේ බොහෝ - පැණි දොඩම් තිබේ’
‘නිල් අහස් තලේ අගේ - නෑ වලාකුළු’
වැනි ගීත තමයි කුඩා කාලයේ අපට අසන්නට ලැබුණේ. මේ ගීත දෙකම ලියා ඇත්තේ බම්බලපිටිය වජිර පාරේ යූ.ජී.පී. සිල්වා මහතායි.

‘නිල් අහස් තලේ අගේ’ ගීතයෙන් රිද්ම ලාලිත්‍යය පිළිබඳ අපට අවබෝධයක් ලබාගත හැකියි. ගීතය යනු අර්ථ කාව්‍යයක්ම බව මා මීට පෙර බොහෝ අවස්ථාවල ද අවධාරණය කොට තිබෙනවා. කවිය ගීතය ඇතුළු අපූර්ව වස්තු නිර්මාණයේදී මුල සිට අග දක්වා සිදුවන ක්‍රියාදාමය සම්මිශ්‍රණයයි. මේ සම්මිශ්‍රණ ක්‍රියාවලිය මට්ටම් කිහිපයකදී සිදුවෙනවා. භාෂාත්මක සම්මිශ්‍රණය, භාවය සහ බුද්ධිය අතර සම්මිශ්‍රණය, සංකල්ප රූප සම්මිශ්‍රණය ඒ අතර ප්‍රධානයි.

සිංහල කලාත්මක ගීතය විග්‍රහ කිරීමේදී පසක් වන මූලික කරුණක් වන්නේ එය සොබා දහම සහ සොබා දහමේ සංසිද්ධීන් සමග බැඳී පවතින බවයි. ශාන්ත රසය ඉස්මතු වීමට මෙය ප්‍රබල හේතුවක්. සරත් විමලවීරයන් රචනා කොට එච්.එම්. අබේපාල ගායනා කරන ’ශාන්ත සිතිවිලි’ ගීතය මෙයට කදිම උදාහරණයක්.

‘ශාන්ත සිතිවිලි මැවුණාවේ
බල බලා හැඩ ගංගාවේ
යෙදෙන සුපුරුදු ලැසි ගමනේ
හැමදා වාගේ හැමදා වාගේ’

• ඔබ කියන භාෂාත්මක සම්මිශ්‍රණය ගීතයක පැවැත්මට හේතු වන්නේ කොහොම ද?

කලාත්මක ගීතයේ භාවිත වන භාෂාව රචකයාගේ චිත්ත තත්ත්වය පිළිබිඹු කරන්නක්. ඒත් නූතන ගීතවල වැඩිපුරම දක්නට ලැබෙන්නේ ව්‍යාජ රැඩිකල් බවක් සහ වෛරී ආඩපාළි චිත්ත තත්ත්වයකින් මඬනා ලද තත්ත්වයක්. එම ගීත පරීක්ෂා කිරීමේදී එහි භාෂාවේ ඇති රළු බවත් වියළි බවත් හොඳින් වටහාගත හැකියි.

අපේ ගීත සාහිත්‍යය පෝෂණය කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ නිර්මාණ පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්. මේ ගීත තුළ මතු කරන්නේ මනුෂ්‍යත්වය කෙරෙහි දයානුකම්පාව, සොබා දහමේ ගති සොබා ආදියයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, අරිසෙන් අහුබුදු, මඩවල රත්නායක, ඩෝල්ටන් අල්විස්, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර ආදීන්ගේ ගීතවල භාෂා ලාලිත්‍යය, කෝමල බව, සුකුමාර බව හා මටසිලිටි බව කෙතරම් දැයි පරීක්ෂා කර බලන්න. මානවසිංහයන් ‘කෝමල තාලෙන් ගී කියලා’ යන්න යෙදුවේ ගීතයේ තිබිය යුතු ලාලිත්‍යය හා කෝමලත්වය පිළිබඳ හැඟීමෙන්.

• ගීතයේ ‘ඔෟචිත්‍ය ගුණය’ ඔබ නිතර අවධාරණය කරන කරුණක්. එම ඖචිත්‍ය ගුණය ගීතයකින් මතු කරගන්නේ කොහොම ද?

ඖචිත්‍ය ගුණය යනු උචිතභාවයයි. ගීතයේදී නම් තැනට සුදුසු වචන යෙදීමයි. කවියට, සෙවි වහරට, සම්භාව්‍ය සාහිත්‍යයට, ජනවහරට සවන් දී ඇති ගීත රචකයාගේ වාග් කෝෂය පුළුල් වූ එකක්. බොහෝ ප්‍රතිභාපූර්ණ ගීත රචකයාගේ නිර්මාණයට වචන සුදුසු පරිදි පැලපදියම් වන්නේ මේ අනුවයි. වචන සුදුසු පරිදි සුදුසු තැන යොදා ගැනීමෙන් අපූරු වස්තු නිර්මාණය කරගැනීමේ හැකියාව රචකයාට ලැබෙනවා.

‘මතක නිම්නය’ නමැති මගේ අලුත් පොතට ‘රත්තරන් මගෙ සුදු හා තොඳොල් බස’ යන ලිපිය ලීවේ මේ කරුණ වඩාත් පැහැදිලි කර දීමටයි. අරිසෙන් අහුබුදුවන් කලාත්මක ගීත නිර්මාණයේදී තොඳොල් ආමන්ත්‍රණ පද ඉතා සූර ලෙස සම්මිශ්‍රණය කරගන්නවා. ‘සන්දේශය’ චිත්‍රපටයේ මේ ගීතය බලන්න.

‘රෑන ගිරා රෑන අඹේ මී බිබී
රණ ගිරවීය රණ ගිරවයි සොයන්නේ
ඇගෙ මිහිරා ඈම සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා
මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ’

ප්‍රේමාන්විතභාවය මතු කරන මෙම ගීතයේදී අවස්ථාවට අනුව ගැඹුරු අර්ථයක් ධ්වනිත කිරීමට වචන සම්මිශ්‍රණයක් ගොඩනගනවා. ‘මාගේ සුදා’ යන යෙදුම කිසිදු වටිනාකමක් නැති ඕලාරික යෙදුමක් බව විචාරකයකු විසින් අරිසෙන් අහුබුදුවන්ට කියන ලද අවස්ථාවේ අහුබුදු මහතා කියා සිටියේ විචාරකයාට සුදුසු සුදා තාම හමු වී නොමැතිකමෙන් සුදාගේ වටිනාකමක් නොදැනෙන බවකි.

මවිසින් ලියන ලද අමරදේවයන් හා අමිතා වැදිසිංහ දෙදෙනා වික්ටර් දලුගමගේ තනුව අනුව ගයන අනෝතත්ත විල ගීතය උසස් පෙම් ගීතයක් බව ආචාර්ය සිරි ගුනසිංහ නිතර පෙන්වා දී තිබෙනවා. මහාචාර්ය විමල් දිසානායක මහතා එය දක්වන්නේ විදග්ධ ශෘංගාරය මතු කරන ගීතයක් ලෙසයි.

මෙහිදී මා කළ සම්මිශ්‍රණ ක්‍රියාවලියේදී සම්භාව්‍ය සාහිත්‍ය යෙදුම් ජනශ්‍රැතියේ වදන් සමග මිශ්‍ර කළා. එය භාෂාත්මක අත්හදා බැලීමක් ලෙස සලකන්න කැමැතියි.

• ගීත පදරචකයකුට කලාත්මක ගීතයක් නිර්මාණය කිරීමට විවිධ සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනය අවශ්‍ය වන්නේ ඇයි?

එය ඉතාම අවශ්‍ය කරුණක්. සම්භාව්‍ය සාහිත්‍යය, ජන සාහිත්‍යය, විදේශීය මූලාශ්‍ර ඕනෑම එකක් අවශ්‍ය පරිදි අත්දැකීමට බද්ධ කරගැනීමට රචකයාට සියුම් හැකියාවක් තිබිය යුතුයි. විවිධ මූලාශ්‍ර සොයා යා යුතුයි.

කලාත්මක ගීතයේ මුහුණුවර විවිධ හැඩතල ගැන්වීමට ටිකක් තියා හුඟක් හඟවන හයිකු කවියේ ශිල්ප ක්‍රම ආශ්‍රයෙන් නූතන ගීත රචකයාට අත්හදා බැලීම් කළ හැකියි.

අනෙක් පැත්තෙන් කලාත්මක ගීතය නිර්මාණයේදී ජීවය දෙන සාහිත්යික උරුමයක් ජාතිය සතුව පවතින බව අප අමතක නොකළ යුතුයි. ඒ තමයි අපේ ජන සාහිත්‍යය. යසෝදරාවත, තුන්සරණ කවි වගේම සලා ගුරුන්නාන්සේ වැනි ජන කවියන්ගේ නිර්මාණ මෙයට උදාහරණයි.

• මේ ඉසව් ගැන නව පර් යේෂණ අධ්‍යයන නූතන රචකයන්ට අවශ්‍ය බව ද ඔබ කියන්නේ?

අනිවාර්යයෙන්ම. අපි එක උදාහරණයක් ගනිමු. නම ගිය බොහෝ මහාචාර්යවරුන් පවා මෙතෙක් ප්‍රකාශ කොට තිබෙන්නේ යසෝදරාවත ලියන ලද්දේ අප්‍රකට ගැමියකු විසින් බවයි. එහෙත් බ්‍රිතාන්‍යයට යටත්ව පැවැති යුගයේ අග්‍රවිනිශ්චයකාරවරයකුගේ ලේකම් වශයෙන් කටයුතු කළ ‘හියු නෙවිල්’ එකතු කළ පොත්පත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙනවා. ඒවායේ සඳහන්ව ඇත්තේ යසෝදරාවත ලියුවේ රජ බිසවක් බවයි.
හියු නෙවිල්ගේ සඳහනට අනුව යසෝදරාවත ලියා ඇත්තේ උඩුගම්පල බෝපිටිය නිරිදුගේ බිසවක්. කිවිඳිය තමා කවුදැයි මෙහි එන කවියකම සඳහන් කරනවා.

උඩපල ගම නුවර
අටසිය පසනු වර
පැවත එන පරපුර
එයින් බෝපිටි නිරිඳු කෙලවර

කිවිඳිය රජ කුමරියක නිසා රාජ සභා කවියන්ගේ හා සම්භාව්‍ය සාහිත්‍යයේ සේවනය ලද බවට උපකල්පනය කළ හැකියි. යසෝදරාවතේ කවිවල මෙම ගුණය දකින්නට පුළුවන්. භාෂාත්මක සම්මිශ්‍රණ ක්‍රියාවලියේදී කලාත්මක ගීත නිර්මාණ රචකයන්ට යසෝදරාවත කදිම මග පෙන්වීමක්. මෙවැනි කාරණා ගැන නව පරපුර පර් යේෂණාත්මක අත්හදා බැලීම්වලට යොමු කිරීම ඉතා වැදගත් බවයි මා නම් සිතන්නේ.

• මවු බස, සාහිත්‍යය වැනි අංශ කෙරෙහි ඇති අවධානය දිනෙන් දින අවම වෙමින් යන බවට විද්වතුන්ගේ චෝදනාවක් තිබෙනවා. එබඳු තත්ත්වයක් යටතේ ඔබ යෝජනා කරන පරිසරය නිර්මාණය වෙයි ද?

මවු බස ළමා වියේ සිටම ඉගැන්වීම වැදගත් වන්නේ භාෂා සංවේදීතාව සියුම් ලෙස වටහා ගැනීමට ඉවහල් වන නිසයි. අදටත් චීන කවියා භාෂාව වාදනය කරන්නේ මවු බසේ බලමහිමයෙන්. එහෙත් අපේ රටේ සිදුවන්නේ මවු බස යටපත් කිරීමට උත්සාහ ගැනීමයි. මවු බස යටපත් කිරීමට උත්සාහ දරන මොඩල කල් ඇතිව හඳුනා ගැනීමත්, මවු බස රැක ගැනීමට ක්‍රියා කිරීමත් ඉතාම වැදගත්. මවු බස යටපත් කිරීම යනු ජාතියේ මිනී වළ කැපීමක්.


ප්‍රවීණ ලේඛත, ගීතපද රචක සුනිල් සරත් පෙරේරා

සංවාද සටහන ගාමිණී කන්දේපොළ



අදහස් (4)

මවු බස යටපත් කිරීම ජාතියේ මිනී වළ කැපීමක්

pakeer Thursday, 29 June 2023 07:57 PM

ජාතිය කන්නද බන්?

:       4       1

sena Friday, 30 June 2023 11:39 AM

දැන් වැඩිදෙනෙක් කථාකරන්නේ, ලියන්නේ කියන්නේ, 'පිජින්' (pidgin) සිංහල... තවකල් ගියාම නියම සිංහල ශාස්ත්‍රීය ලිපිවලට පමණක් සීමාවේවි...!

:       0       1

අනුරුද්ධ ලියනගේ Saturday, 01 July 2023 08:59 PM

ජාතිය කන්නද අහන අයට හොඳම දේ තමා පුන්නක්කු... !

:       1       7

pakeerSunday, 02 July 2023 07:10 PM

ඔබලා වගේ අය කන්නේ පුන්නක්කු තමයි. ඒක තමයි ලංකාවට වෙලා... සිංහල සිංහල කිය කියා අසුචි වලේ නාන්නේ ඌරොත් එක්ක...! 

:       3       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site