IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහජන මුදල් ගසාකන චෞරයන්ට අත දෙන රටක්

මහජන මුදල් ‘සඟසතු දේපළකැයි’ ඇදහූ පුණ්‍යවන්ත ඉතිහාසයක් මෙරට සතුය. මෙහි ‘පුණ්‍යවන්ත’ යැයි සඳහන් කරනු ලැබුවේ මහජන මුදල් නාස්ති කිරීම, මහජන මුදල් සොරකම් කිරීම අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතු වන මහා පාපයක් වන හෙයිනි. සඟසතු දේපළ භුක්ති විඳීම පෙරේතයන්, පිසාචයන් වී ඉපදීමට තරම් බලවත් පාපයක් බව පැරැන්නෝ සිතූහ. එලෙසින්ම මහජනයාගේ තඹ දොයිතුවක හෝ තරම් මුදලක් ඔවුහු සොරකම් නොකළහ. නාස්ති නොකළහ.

දේශපාලනය බඩ රස්සාවක් බවට පත්ව ඇති කලෙක සියල්ල කණපිට හැරී ඇත. ඒ අනුව මහජනයාගේ මුදල් යනු හැකි නම් ගසා කෑමට ඇති දෙයකැයි ඔවුහු සිතති. මහජනයාගේ මහ ධනය තැන්පත් කර ඇති මහ බැංකුව මහ දවාලේ කොල්ලකන්න උත්සාහ කරන්නෙත්, පාරට දමන තාර ටිකෙන්, පාලමට ගෙනා යකඩ කැබැල්ලෙන්, සිමෙන්ති කොට්ටයෙන් ආදී වශයෙන් ඕනෑම දෙයක් සොරකම් කිරීමට, ඕනෑම දෙයකින් ගසාකෑමට ඔවුහු පෙළඹී සිටිති. මේ ‘ඔවුහු’ යන්නට බඩජාරි දේශපාලනඥයෝ ද චෞර කප්පිත්තෝ බවට පත්ව සිටින නිලධාරීහු ද අයත් වෙති.
ඉහත කාරණාව සනාථ කිරීමට සමත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ මුදල ඉක්මවා සියයට 41ක් එනම්, රුපියල් කෝටි 28කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බවය. අප ප්‍රවෘත්තියට අනුව මෙම කරුණු අනාවරණය වී තිබෙන්නේ, රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය. එනම්, කෝපා කමිටුවේදීය.

කෝපා, කෝප් වැනි කමිටු නොතිබෙන්නේ නම්, රටේ ධනයට සිදුවන්නේ කුමක්දැයි ජනතාවට දැන ගැනීමට තැනක් නැත. එහෙයින් මෙම කමිටු තිබීම අතිශයින්ම වැදගත්ය. මෙම කමිටුවල අභ්‍යන්තර සාකච්ඡා, පරීක්ෂණ එකල මාධ්‍යයට විවෘත වූයේත් නැත. යහපාලන ආණ්ඩුව සමයේදී මේවා මාධ්‍යයට විවෘත විය. එය යහපාලන යන අදහසට සාධාරණය ඉටු කිරීමකි. මෙමගින් රටේ ධනයට සිදුවන්නේ කුමක්දැයි ජනතාවට දැන ගැනීමේ හැකියාව ලැබී ඇත. එය අතුරු කතාවකි.

කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ මුදල ඉක්මවා සියයට 41ක් එනම්, රුපියල් කෝටි 28කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබේ. සාමාන්‍යයෙන් මෙහිදී සිදුවන්නේ අඩුම ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමය. රුපියල් කෝටි 28ක් ඒ මහත්වරුන්ට එතරම් මුදලක් නොවිය හැකිය. එහෙත් මේවා මහජනයාගේ මුදල්ය. එම මුදල් වියදම් කළ යුත්තේ වගකීමෙන්ය. එමෙන්ම පාරදෘෂ්‍යභාවයෙන්ය.

මෙම කොන්ත්‍රාත් ප්‍රදානයේ සැකකටයුතු ප්‍රධාන කාරණාවක් තිබේ. එනම්, කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙන්නේ, පළමුව සකස් කළ ඉංජිනේරු ඇස්තමේන්තුව නිවැරැදිව සකස් වී නොමැති බවය. එය එසේ වූයේ කෙසේ ද? ඉංජිනේරු ඇස්තමේන්තුව සකස් කිරීමේදී මධ්‍යම වෙළෙඳපොළේ එක් වැදගත් ස්ථානයක් හලා ඇස්තමේන්තුව සකස් කළ විට අතරමගදී එම ස්ථානය ඇස්තමේන්තුගත වී නොමැති බව අනාවරණය වෙයි. එම වරද තිබියදී ගොඩනැගිල්ල සම්පූර්ණ කළ නොහැකිය. එවිට සිදුවන්නේ කටට එන ගණනක් කඩදාසිවල ලියා එම මුදල අතට ගැනීමය.

සොරකම් අතර සාමූහික සොරකම් ද වේ. කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළ ඉදිකිරීමේදී සිදු වී තිබෙන්නේ එබඳු සාමූහික සොරකමක් ද යන ප්‍රශ්නය මතු වේ. පළමුව සකස් කළ ඉංජිනේරු ඇස්තමේන්තුව නිවැරැදිව සකස් වී නොමැති බව අනාවරණය වීමෙන් පසුව ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

නිලධාරීන්ගේ වග වීමේ තරම ඉහත සිදුවීමෙන් මනාව පැහැදිලිය. රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කළ හැකි ද? මහජනයාගේ බදු මුදලින් ඉගෙනගත් මෙම නිලධාරීන් පෙරළා එම ජනතාවට යුතුකම් ඉටු කළ යුතුය. ඒ සඳහා පඬුරු පාක්කුඩම් ඇවැසි නැත. ඒ වෙනුවට කළ යුත්තේ, මහජනයාගේ එක රුපියලක් හෝ සොරකම් නොකිරීමට, අපතේ නොයැවීමට කටයුතු කිරීමය.

කුරුණෑගල මධ්‍යම බස් නැවැතුමෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන් කර ඇති හිස් භූමියේ ව්‍යාපාරිකයන් 31 දෙනකුට කඩ කාමර 31ක් පෞද්ගලික වියදමින් ඉදිකර ගැනීමට අවසර දී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. එමෙන්ම, කුරුණෑගල මධ්‍යම වෙළෙඳපොළේ අදියර 1 සහ 2 යටතේ ඉදිකරමින් පවතින කඩ කාමර 123ක් හා මාලිගාපිටියේ කඩ කාමර 12ක් දිගු කාලීන බදු ක්‍රමය යටතේ නිවැරැදි ක්‍රමවේදයකින් තොරව ලබා දීම සම්බන්ධ තොරතුරු ද මෙහිදී අනාවරණය වී තිබේ.

මේවා ‘අම්මාගේ අප්පාගේ බූදල’ නොවේ. මේවා රාජ්‍ය දේපළ වේ. මහජනතාවගේ මුදල් වේ. තම ගජ මිතුරන් සමග සිත්සේ භුක්ති විඳීමට තමන්ට හැකියාවක් ඇතැයි යමකු සිතන්නේ නම්, හෙතෙම දේශපාලනයට සුදුසුම නැත.



අදහස් (3)

මහජන මුදල් ගසාකන චෞරයන්ට අත දෙන රටක්

Raveendra Wednesday, 17 November 2021 06:12 PM

ඉතාම හොද ලිපියක්. මේ එක් හොරකමක් විය හැකිය. මෙවැනිම හොරකම් කොතරම් අප රටේ සිදුවුනාද ,සිදුවෙමින් පවතිනවාද යන්න තේරුම් ගැනීමට එතරම් අපහසු නොවෙන බව නොරහසකි.

:       0       2

Sunil Thursday, 18 November 2021 08:55 AM

අද අපේ රට පුරාම මුල් බස ගෙන ඇත්තේ හොරකම ,වංචාව සහ දුෂණයයි .එය රටේ ඉහලම තැන් වල සිට පහලම තැන දක්වා ක්‍රියාත්මකයි

:       0       2

ජිගුනරත්න Friday, 19 November 2021 05:41 AM

පාර්ලිමෙන්තුව දුෂිතයන් ආරක්ෂා කරයි. කොප්කමිටුවට බලය නැත. එම නිර්දේශ ක්‍රියාත්මක නොවෙයි . මෙ වාහාම නිවැරදී කිරිමට මන්ත්‍රී වරැ ඉදිරිපත් නොවන්නේ හෙන්චයියන් නඩත්තුවටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site