IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහවිරු සතිය මඟහැර ගිය දමිළ දේශපාලනයේ කුහක වත

 

(රොමේෂ් මධූෂංඛ)

ඊලාම් දේශයක සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයත් කොටි සංවිධානයේ පළමු සාමාජිකයා මියගිය දිනයත් සමරා කොටි මහවිරු සතිය නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මීට වසර ගණනාවකට පෙර සිට සමරනු ලැබිණි.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය වූ නොවැම්බර් 26 වැනිදාත් එම සංවිධානයේ කර්නල්වරයකු වූ ශංකර් ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා මිය යාමෙන් එවක සිට යුද්ධය අවසන් භාගය වන තෙක් මහවිරු සතිය සැමරිණි.

කොටි නායකයාගේ උපන්දිනය වූ 26 වැනිදා ඔහු වෙනුවෙන් එහි සාමාජිකයින් තම නායකයාට උපන්දින තෑගි වශයෙන් ලබා දුන්නේ උතුරු නැගෙනහිර කොහෙ හරි අසරණ සිංහල හෝ මුස්ලිම් හෝ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙඩි උණ්ඩ වලින් හෝ කපා කොටා මරා දමා සිදු කරන ලේ වැගිරිණි. මේ කොටි නායකයා සිටියේ නම් 65 වියේය. අද වන විට කොතරම් ලේ වැගිරීම් සිදු වෙලාද රට කොතරම් අඳුරු අගාදයකට ගොස්ද යන්න සිතා ගැනීමට නොහැකි තරමය .

නොවැම්බර් 27 වැනිදා සවස කොටි සංවිධානයේ සිට මිය ගිය තම දරු දැරියන් සිහිකරමින්  ඔවුන්ගේ දෙමාපියන් ඥාතීහු එදා ඉදිකරන ලද මහවිරු සොහොන් සමීපයේ හිඳ එදින රාත්‍රිය වනතුර හඬාවැලපෙන අතරතුර කොටි නායකයා එම ජනතාව අමතමින් කියා සිටියේ ලබන වසරේ මහවිරු දිනය වන විට ඊලාම් දේශයක් ගොඩ නඟන බවකි.

උතුර වෙලාගත් ඒ ඊලාම් සිහිනය සිහිනයක්ම වෙමින් වැගිරූ ලේ ගංගාවන්හි ශාපයෙන්ම කොටි නායකයාගේ අවසානයත් සමඟ සියල්ලක්ම අවසන් විය.

2009 වසරේ මැයි 19 වැනිදායින් පසුව කොටි සංවිධාන කතාවන් තුරන් වී යන්නට පටන් ගත්තේය.

එදා මියගිය මහවිරුවන් සැමරූ සොහොන් සියල්ලක්ම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම ජනතාවගේ හිතේ ඇති වූ යුද මානසිකත්වය අකා මකා දමන්නටය. එය යහපත් ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය විය.

නමුත් යුද්ධය අවසන් වී වසර 10 ක ගත වන විට අලු යට තිබූ ගිනි පුපුරු හිස එසවීමට පියවර ගන්නා අයුරු පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. උතුරු පළාත් සභාව මගින් මහවිරු සැමරුම ජාතික ශෝක දිනයක් වශයෙන් පත් කිරීමටද උත්සහ ගත් අයුරු කැපී පෙනුනේය. එලෙසින්ම කොටි නායකයාගේ මරණය ප්‍රසිද්ධියේ සමරන්නට තරම් ඇතැම් පිරිස් එඩිතර වූ අතර ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වෙතට ද යම් කිසි සීමාවකට යාමට හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැත.

2019 වසරේ ද මහ ඉහළින් මහවිරු සමරන්න ඇඟිලි ගනිමින් සිටි කොටි හෙවනැලි වෙතට ගැසූ හෙන පහරක් සේ ආණ්ඩු පෙරළිය බාධකයක් විණි. ප්‍රසිද්ධියේ මහවිරුවන් සමරපු කොටි හෙවනැලි සැඟව ගියේය. උතුර පුරාම මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණ ද එය එක්තරා මියගිය පිරිසක් සිහිපත් කිරීමක් පමණක්ම විය. ඒ වෙනුවෙන් දේශපාලනික සහයෝගයක් හෝ වෙනත් අතහිත දීමක් දක්නට නොලැබිණි.

ඊට හොඳම නිදසන සැපවුයේ යාපනය විශ්ව විද්‍යාලයෙනි. සෑම වසරකම කොටි නයකයාගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදාට සරසවිය තුළ කේක් කැපීම අනිවාර්ය වී තිබුණි.

මෙවර ආණ්ඩු පෙරලියත් සමඟ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද පළමු වතාවට වෙනස් තීරණයක් ගත්තේය. ඒ සියලු සරසවි සිසුන් විමතියට පත් කරමිනි. පළමු වතාවට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසටත් එසේ මහවිරු සැමරුම් කරනු ලබන සිසුන්ට විනයානුකූල පියවර ගන්නා බවට දුන් නියෝගයත් සමගය.

එම නියෝගය යාපනය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට මෙන්ම සියලු කාර්ය මණ්ඩලයටන්ට දැනුම් දෙනු ලැබීමෙන් පසුව කොටි අවතාරත් සමඟ සෙල්ලම් කරමින් සිටි සිසුන්ට එය හෙණ පහරක් සේ විය. නමුත් එම සිසුන් සෑම වසරකම මෙන් මෙවර ද සරසවිය තුළ හොර රහසේ කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමට කතිකා කර ගත්හ.

මෙය ද සැල වූ යාපනය සරසවියේ පාලනාධිකාරිය විසින් දෙවැනි වරටත් දැඩි තීන්දුවක් ගනිමින් සරසවියේ කිසිදු පීඨයක කිසිදු සිසුවකුට නොවැම්බර් 27 සහ 28 දිනයන් හි සරසවි භූමිය තුළට ඇතුළු වීම තහනම් කරමින් නව නියෝගයක් නිකුත් කිරීමය.

නමුත් යාපනය සරසවියේ පාලනාධිකාරියේ නියෝගය නොසළකා හරින ලද යමෙකුගේ රූකඩ වී ඇතැයි සැක කෙරුණු සිසුහූ 50 ක් පමණ අනවසරයෙන් විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වී මරවිරු සැමරීම සිදුකළහ.

එමෙන්ම මහවිරු සැමරුම් වෙනුවෙන් දේශපාලනික පැත්තේන් කවදත් හඬ නැගූ ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වෙච්ච දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේසිවාජිලිංගම් ද මෙවර ඉතා නිශ්ශබ්දව පස්ස දොරෙන් ගොස් යාපනයේ පමණක් මහවිරු සැමරුම කළේය.

එමෙන්ම මෙවර උතුරු පළාතේ පිහිටි යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් හි මහවිරු සැමරුම් සංවිධානය වී තිබුණේ 50 කටත් අඩු ප්‍රමාණයකි. එහි ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් පැරණි මහවිරු සුසාන භූමිය ස්ථානයේ දී පැවැත්විණි.

මෙවර මහවිරු සැමරුමට තවත් අංගයක් එක් වී තිබුණි. ඒ යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී යුද්ධයෙන් මිය ගිය මහවිරුවන්ගේ යැයි ප්‍රකාශිත මහවිරු නම් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීමය. එම නම් ලැයිස්තු කොටි සංවිධානයේ නිල පුෂ්පය බවට සැළකූ නියඟලා මල එකතු කරමින් ප්‍රදර්ශනය කර තිබූ අතර යුද්දයේ දී මිය ගිය අයගේ නම් ජනතාවට දැනගැනීමටත් ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැවැත්වීම සිදුවිය.

එමෙන්ම මහවිරු ප්‍රධාන සැමරුම සිදු කෙරුණු කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ සුපුරුදු පරිදි මහවිරු සැමරුම 27 වැනිදා රාත්‍රියේ පැවැත්විණි. මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ ජනතාවගේ නායකයින් යැයි කියාගත් කිසිවෙකු දකින්නට නොලැබුණි. දේශපාලඥයෝ නොමැති විය. සියල්ලන්ම මිය ගිය අයගේ ඥාතීන් පමණක් වූහ.

තම දරු මුණුබුරන් වෙනුවෙන් හඬනවා හැරෙන්නට මේ වැසියන්ට ඉන් එහාට කිරීමට දැන් කිසිවක් ඉතිරිව නැත. තමන්ගේ දරු මුණුබුරන්ගේ මතකයන් පමණක් ඉතිරිව තිබෙනා මොහොතක ඇත්ත වශයෙන්ම මේ වැසියන් මෙන්ම සරසවි සිසුන් සහ සිවාජිලිංගම්ලා ද කෝපාවිෂ්ඨ විය යුත්තේ ලංකාවේ වෙනත් පාර්ශවයක් හෝ ආරක්ෂක අංශ සමඟ නොව ප්‍රභාකාරන් සමඟය. එදා ප්‍රභාකරන් ඊනියා ප්‍රතිපත්තියේ සිට යුද ප්‍රකාශයක් නොකළා නම් අදටත් මිය ගියා යැයි පැවසෙන දෙමළ තරුණ තරුණියන් 25,000ම ජීවතුන් අතරය. මේ වැසියන් අදටත් සතුටින් කාලය ගතකරමින් සංවර්ධිත උතුරක් දැක ගැනීමට අවස්ථාව උදාවන්නට තිබිණි.

වසර 30 ක් අනාගතය අතීතයට ඇද දැමූ ප්‍රභාකරන් සිහිපත් කර කේක් කැපීම කොතරම් නම් සාධාරණයක් දැයි සිතීමට තරම් බාලයන් කව්රුන්දැයි දැන් ජනතාවටද වැටහී ඇත.

ඒ නිසාම ඔවුන් අද මහවිරු සොහොන් වෙතට අවුත් හඩාවැටෙන්නේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති මුලාවක් වූ යුද්ධයෙන් තමන්ගේ අසරණ දරුවන් අහිමි කරවූවන්ට එරෙහිව බව සැබෑ සත්‍යයයි.

දැන් සියල්ලක්ම සිදුවී හමාරය කොටි සෙවනැලි ලෝකයේ බොහෝ රටවල හිස එසවීමට වෙර දරද්දී එම සංවිධානය උපත ලද රටේ  එවැනි වාතාවරණයක් යළි ඇති නොවීමට වග බලා ගත යුතුව තිබේ.



අදහස් (7)

මහවිරු සතිය මඟහැර ගිය දමිළ දේශපාලනයේ කුහක වත

රසික Thursday, 28 November 2019 02:39 PM

ලේඛකයා ලොකු උත්සාහයක් අරන් තියෙනවා... මහවිරු සැමරුම මේ සැරේ දියාරුයි කියලා පෙන්වන්න. අසාර්ථක උත්සාහයක්..

:       332       286

madhusanka Friday, 29 November 2019 02:56 AM

ඔයා කියන්නේ මහවිරු සැමරුම සාර්ථක වුනා කියලද?

:       33       91

PradeepFriday, 29 November 2019 08:28 AM

වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර එය අසාර්ථකයි තමයි. එය ඇතැම් කොටි හිතවාදීන්ගේ නොසතුටට හේතුවක් වුනත් යථාර්තය එයයි. සිදුවිය යුත්තේත් එයම නොවේද? යම්කිසි රටක කොටසක් කඩා ගැනීමේ අරමුණින් එරට හමුදාවන් සමග යුධ වදිමින්, රටේ දේපල විනාශ කරමින් සහ රටේ අහිංසක සිවිල් වැසියන් කුරිරු ලෙස ඝාතනය කරමින් රටම ලේ විලක් බවට පත්කළ උදවිය මහා විරුවන් සේ පිදිය යුතුද? ද්‍රවිඩ තරුණ තරුණියන් ආයුධ අතට ගැනීමට පෙළඹවූ ප්‍රභාකරන් නැමති මිනීමරු ත්‍රස්තවාදියා සමරා කේක් කැපිය යුතුද.. මේවා මගින් නැවත සිදුවන්නේ කාගේ හෝ මවකගේ පියෙකුගේ සිත් රිදවීම් නොවේද.. මේ පුහු දේවල් නවතා තම ප්‍රදේශයේ දියුණුව ඇති කරගැනීම, පහසුකම් ඇතිකර ගැනීමට පවතින රජයත් සමගින් කටයුතු නොකරන්නේ මන්ද.. යුද්ධයට තරුණයන් පෙළඹ වූ සහ ඒ තුලින් තම ජනයාට මහත් විනාශයක් අත්කර දුන් මිනීමරු ප්‍රභාකරන් සැමරීම තරම් හාස්‍යයක් තවත් කොයින්ද..

:       632       680

saman wimalaFriday, 29 November 2019 10:50 AM

යාපනය විශ්ව විද්‍යාලයේ කොටි සැමරුම අසාර්ථකයි. කිලිනොච්චියේ අසාර්ථකයි. ලේඛකයාගේ උත්සාහය ඉතා සාර්ථකයි. හංස විලාපය නොහොත් එන්.ජී.ඕ විලාපය අසාර්ථකයි.

:       81       321

nirasika Monday, 02 December 2019 07:35 AM

අයියෝ අර රසික කියන ගොන් බාස්... මේ පාර සැමරුම් නැත... පාරට බස්සෙවත් නැත. හැබැයි ගිය අවුරුද්දේ පොස්ට් දමලා ජනතාව නොමග යවන්න උත්සාහ කළ කිහිපදෙනෙක් හිටියා...

:       1       22

Bandara Monday, 02 December 2019 08:36 AM

අවුරුදු 4 ක් රට කාපු නඩයකට කඩේ ගිය අය තවත් බලන්නේ මඩ ගහලා ගොඩ වැඩිකරගන්න.

:       1       44

Lande Susi Wednesday, 04 December 2019 12:53 AM

මේක මහවිරු නෙමෙයි මරවිරු දිනය. මේවා නවත්වන්න නම් දෙමළ ජනයාට තේරුම් යන්න ඕනේ ප්‍රභාකරන් කරපු දෙය පිළිබඳ යතාර්ථය. ඒ ජනතාවට සිදුඋනු දේ හරියට දැකලා යුද්දෙන් එයාලට උනු පාඩුදුවත්, එල්ටීටී එකත්, දෙමළ දේශපාලකයොත්, පොදු දෙමළ ජනයාත් අවුරුදු 80 තිස්සේ රවටන ආකාරය කරුණු සහිතව වෙන්කර දීමෙන් කලකදී මේවා යට යනවා. දෙමළ පළාත්වලටත් දියුණුව දීලා, රස්සා දීලා සංවර්ධනය කරන්න ජනපති කියන කරුණු ඉෂ්ට කරගන්නට හැමදෙනාම උනන්දු උනොත් ඔය දේශපාලුවෝ නැතිවෙයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 100 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 537 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1722 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1288 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site