පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය, අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව සහ මනාප අංක තවමත් මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පෙත්සම් විභාගයේ නියෝගය ලද වහාම මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එහෙත් කොමිසමට එවැනි හදිස්සියක් නැති බව පෙන්වමින් නිල වශයෙන් දිනයක් ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් තැබීමට කොමිෂන් සභාව කටයුතු කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති පෙත්සම් විභාගයේ නියෝගය නිකුත් කළේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේය. දේශපාලනඥයන්, දේශපාලන විචාරකයන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් පවා කල්පනා කර තිබුණේ එම නියෝගය නිකුත් කළ පසුව කොමිෂන් සභාව පස්වරුවේ රැස්වී කඩිනම් තීන්දුවක් ගනු ඇති කියාය. පුදුමයට මෙන් මැතිවරණ කොමිෂන් සභාව අඟහරුවාදා පෙරවරුවේ රැස්විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාශයට පත් කරනුයේ එදින පස්වරු 3ට පමණ යැයි කල්තියා ප්‍රකාශයට පත් කර තිබිණි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම දහවල් 12.30ට අවසන් විය. සභාපති මහින්ද දේශප්‍රිය කාර්යාලයේ රැඳුන අතර සාමාජික නලින් අබේසේකර පිටව ගියේය. පෙත්සම් නියෝගය ප්‍රකාශයට පත්වන අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාවේ රැඳී සිටියේ සභාපතිවරයා සහ සාමාජික මහාචාර්ය හූල් පමණි.
අනෙක් සාමාජිකයා නැවත කාර්යාලයට ගෙන්වීමට සභාපතිවරයාට අවශ්‍ය වුවද එය අසාර්ථක ප්‍රයත්නයක් විය. ඉන්පසුව මහින්ද දේශප්‍රිය සහ මහාචාර්ය හූල් පමණක් පවතින තත්ත්වය පිළිබඳව කතාබහ කළහ. අනෙක් සාමාජිකයා නොමැති හෙයින් එය නිල සාකච්ඡාවක් වූයේ නැත. පසුදින එනම් බදාදා මැතිවරණ කොමිසම රැස්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවක් පැවතිනි. බදාදා කොමිෂන් සභාවේ රැස්වීම පවතින බවට එම කොමිෂන් සභාව කලින් නිවේදනය කළද පෙරදින රැස්වූ නිසා එවැන්නක් නැතැයි පසුව ප්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම බදාදා පෙරවරුවේ පැවැත්වීමට අවසානයේ තීන්දු කෙරිණි.
එහෙත් එයද සාර්ථක වූයේ නැත. නලින් අබේසේකර කාර්යාලයට පැමිණියේ දහවල් 12.30 ට පමණය. මහාචාර්ය හූල්ට රෑ බෝවීමට සහ ඇඳිරි නීතිය දැමීමට පෙර යාපනය බලා පිටත්ව යෑමට අවශ්‍යව තිබුණේය. කෙසේ වෙතත් කොමිෂන් සභාව රැස්වුණේය. එය විනාඩි කීපයකට පමණක් සීමා විය. මහ මැතිවරණයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන, ආචාරධර්ම හා විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදන කීපයකට අත්සන් තැබීම සිදු වුවද මහ මැතිවරණයේ දිනය හෝ මනාප අංක ප්‍රකාශයට පත් කිරීමක් පිළිබඳව කතාබහක් වූයේ නැත. මහාචාර්ය හූල් යාපනය බලා පිටත්ව ගියේ එදින රාත්‍රී 10 වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන හෙයිනි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තනිව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.
ලබන සඳුදා යළිත් මැතිවරණ කොමිසම රැස්වන බව ඔහු කීවේය. එදින රැස්වී සාකච්ඡා කරන බවද ප්‍රකාශයට පත් කෙරිණි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය නම් ලබන ජූලි මස අග සතියේ සෙනසුරාදා වුවද මැතිවරණය පැවැත්විය හැකි බවය. එහෙත් කොමිසම දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි බොහෝ විට ඡන්ද විමසීම අගෝස්තු මාසයේ පළමු සතියේ සෙනසුරාදා පැවැත්වීමට ඉඩකඩ ඇතැයි පැවසේ. මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම අගෝස්තු මාසයේ දෙවැනි සතියේ සෙනසුරාදා පැවැත්වීම කෙරෙහිද අවධානය යොමුකර ඇතැයි දැන ගන්නට තිබේ.
මැතිවරණය පැවැත්වීමට නම් සෞඛ්‍ය අංශයේ කොළ එළියක් අවශ්‍ය බව මැතිවරණ කොමිසම කල්තියාම ප්‍රකාශයට පත් කළේය. එම කොළ එළිය ඉකුත් බදාදා නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් බදාදා දහවල් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට ගොස් ඡන්ද විමසීම පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පොත් පිංචක් මහින්ද දේශප්‍රියගේ අතට පත් කළේය. ලැබුණු විගසම එය කීපවරක්ම කියවා බැලීමට සභාපතිවරයා උනන්දු වූයේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස්වලට අනුව ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණිය යුත්තේ අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳගෙනය. ඡන්දපොළේදී ඔවුන්ට සබන් හෝ විෂබීජ නාශක දියරයක් භාවිතා කර දෑත් හොඳින් සෝදන්නට සිදුවේ. ඡන්දය සළකුණු කිරීමට සිටිය යුතු පෝලිමේ දුරස්ථභාවය රැක ගැනීමටද ඔවුන්ට සිදුවේ. මේ සියලු කරුණු කාරණා අනිවාර්ය වන අතර ඒ සියල්ල පොලිසියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
සෞඛ්‍ය උපදෙස්වලට අනුව මහ මැතිවරණය වෙනුවෙන් පෙළපාලි හා ජනරැලි පැවැත්වීම තහනම් කර තිබේ. වතු රැස්වීම් හෝ කුඩා කණ්ඩායම් රැස්වීම් පැවැත්විය හැකිය. එවැනි රැස්වීමක සිටිය හැකි උපරිම සංඛ්‍යාව 30කි. කථිකයන් තිදෙනකුට ඊට සහභාගි විය හැකිය. අඩි 20 යි 20 ප්‍රමාණයේ ශාලාවක දුරස්ථභාවය රැකෙන පරිදි පුටු තබා සකස් කළ යුතු බවද සෞඛ්‍ය උපදෙස් මාලාවේ සඳහන් වේ. එවැනි රැස්වීමකට සහභාගි වන්නන්ට මුඛ ආවරණ පැළඳීම ද අනිවාර්ය කර තිබේ.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදීම ඡන්දය ගණනය නොකිරීමටය. ‘‘එදිනම ඡන්දය ගණන් කරන්න අමාරුයි. ඡන්දයේ වැඩ කරන නිලධාරීන්මයි අවසානයේ ගණනය කරන්නෙත්. එක දිගටම පැය ගණන් මුඛ ආවරණ පැළඳගෙන ඉන්න අමාරුයි. උදේ වරුවේ පැය ගණනාවක් මුඛ ආවරණ දාගෙන ඉඳලා රෑ තිස්සේ එළිවෙනකන් ඒවා දාගෙන වැඩ කරන්න අමාරුයි. අපි ඡන්ද පෙට්ටි සීල් කරලා විශේෂ ආරක්ෂාවක් යටතේ තබා ගන්නවා. පසුවදා ගණනය කිරීම ආරම්භ කරන එක පහසුයි යැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඡන්ද පොළ මධ්‍යස්ථාන දහ හතර දහසක් තියෙනවා. මේවට සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදවන්න වෙනවා. වෛද්‍යවරුන්, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා මෙවර ප්‍රථම වරට ඡන්දයේ රාජකාරි කරන්න සිද්ධ වෙනවා. සෑම ඡන්දදායකයකුටම ඡන්ද පොළේදී ශරීර උෂ්ණත්වය මැනගන්නත් පුළුවන්. සෑම ඡන්ද පොළ මධ්‍යස්ථානයක්ම අනිවාර්යයෙන්ම විෂබීජහරණය කරන්නත් වෙනවා. මේවට අතිරේක වියදමක් යනවා. මෙදා ඡන්ද වැඩවලට යන වියදම ඉහළ යාවි’’ යැයිද මැතිවරණ කොමිසමේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීවේය.
මැතිවරණ කොමිෂන් සභාවේ කණස්සල්ලට හේතුවී ඇත්තේ තැපැල් ඡන්දදායකයන්ගේ ප්‍රමාණය මෙවර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම පිළිබඳවය. කොරෝනා මඩින සටනේ පෙරමුණේ සිටින වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලටද මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවේ. එම නිසා අනිවාර්යෙන්ම තැපැල් ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇත. අලුතින් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සිදුවීමද ඒ සඳහා කාර්ය මණ්ඩල යෙදවීමටද මැතිවරණ කොමිසමට සිදුවේ.
ඡන්දදායකයන් වෙනුවෙන් දිනයක් වෙන්කර තිබේ. ඒ අනුව ඡන්දදායකයන්ගේ දිනය ජූනි මස 01 වැනි දිනට යෙදී තිබේ. ඉකුත් 2019 වසරේදී පැවැති පාස්කුදා ප්‍රහාර මාලාව හේතුවෙන් එම වසරේදී ඡන්දදායකයන්ගේ දිනය සැමරීමට හැකි වූයේ නැත. මෙවරද ඡන්දදායකයන්ගේ දිනය සැමරීමට හෝ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හෝ හැකිවූයේ නැත.
1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලංකාවේ ඡන්දහිමියන්වීමට සුදුසුකම් ඇති අය ලියාපදිංචි කරනු ලබති. එම පනතට අනුව නියමිත දිනයේදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම්කිසි ලිපිනයක සාමාන්‍ය පදිංචියක් ඇත්තෙකුට මෙරට ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි විය හැකිය. මේ වසරේදී ඡන්දහිමියන්ගේ දිනය උත්සවාකාරයෙන් සැමරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියේය. කොමිසම සැලසුම් කර තිබුණේ ඡන්දදායකයකු වීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටය. එය හැකිවූයේ නැත.
මේ අතර මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවී තිබේ. ‘මුඛ ආවරණ දාගෙන ඡන්දය දාන්න ආවම කොහොමද අනන්‍යතාව සොයා ගන්නේ. එහෙම කරන්න අමාරුයි. මුඛ ආවරණ පැළඳ ගත්තම කොහොමද අනන්‍යතාව හඳුනා ගන්නේ. එක ගෙදර ඉන්න සහෝදර සහෝදරියන්ට වෙනත් අයකුගේ ඡන්දය දාන්න පුළුවන්. එතකොට නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයට ඡන්දය දාන්න පුළුවන්ද? ඡන්දය සළකුණු කිරීමේදී එකම පැන්සල කීප දෙනකුටම භාවිත කරන්න වෙනවා. මේවා ගැටලු. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අත්‍යවශ්‍යයි. හැම කෙනෙක්ම අවධානම ගැනත් හිතලා කටයුතු කරන්න ඕනේ. ඡන්දය තියන්නම වෙනවා. ඡන්දය තියෙන අතරම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැනත් අවධානය යොමු කළ යුතුයි’ යැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
(*** කස්තුරි)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ ඡන්දයට සූදානම්
Champa Friday, 05 June 2020 01:47 PM
ජනාධිපති ඉදිරිපත් කරපු පුරවැසි භාවය අත් හැරීම ගැන හොර ලියකියවිලි වල නිරවද්‍යභාවය ගැන නොසොයා ඔහුට ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඉඩදීලා බරපතල මැතිවරණ වංචාවක් කළ පුද්ගලයෙකුට ජනාධිපතිවරයා විදිහට පත්වෙන්න ඉඩ ඇරපු තැනසිට, ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම පෞද්ගලික කොම්පැනියකට භාර දීමේ සිට, මැතිවරණයකට දින නියම කරපු කාලෙක ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරු ඉවත් කිරීම ගැන තියෙන නිහඬතාවය දක්වා මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට පක්ෂපාති නිවට නියාලු බවක් පෙන්වලා තියෙනවා. මෙවන් නිවට මැතිවරණ කොමිසමක් සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්නේ කොහොමද කියලා මම මේ බලාඉන්නේ... ඊළඟට, මැතිවරණයක් තියන්න ඉන්න වෙලාවක ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය සේවයම අඩපණ කරමින්, රටේ විනය රකින්නැයි කියමින් හමුදා කාර්ය සාධක බලකායක් පත් කිරීම හරහා සම්පූරණ මැතිවරණ ක්‍රියාවලියම හමුදාකරණයකට ලක් කරලා තියෙන කොට නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්තන්නේ කොහොමද? ඇඳිරි නීති සහ කොරෝනා නීති හරහා රටම නිහඬ කරමින් දියත්කල නිහඬ භීෂණය, හමුදා කාර්ය සාධක බලකාය හරහා මැතිවරණය දක්වාත් දික් කරලා තියෙනවා. නිවට මැතිවරණ කොමිසම නිහඬයි.
බද්රානි Friday, 05 June 2020 03:47 PM
චන්දයක් පවත්වන එකට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. එත්, ඔය චන්දෙට විතරද සෞඛ්‍ය ක්‍රමවේද ඇතිවා ක්‍රියා කරන්න ඕනා. එහෙම නම්, ඇඳිරිනීතිය අවලංගු කරලත් ඔය ක්‍රමයට අපිට සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන්නේ. ජනතාවට කොකා පෙන්වලා, කොලේ වහලා නටන්න හදන නාඩගම අපි නම් දන්නවා. පාලකයින්ගේ අල්ලේ නැටවෙන දොස්තරලා හා රාජ්‍ය නිලධාරීන් ගැන අපි නොදන්නවා කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නේ. හොර තක්කඩි ගහන පදවලට නටන්නයි දැන් අපට වෙලා තියෙන්නේ? කෝ මේ රටේ හැම දේටම උඩපනින පුජකයෝ? කොරෝනා වලට බයේ දා ගත්තු මුඛවාඩම නිසා කතා කරගන්න බැරිව ඇති මගෙ හිතේ?
මෝMonday, 08 June 2020 10:28 AM
චම්පෝ, කවුද ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳ හොර ලියකියවිලි ඉදිරිපත් කලේ. ඇමරිකාවේ ආණ්ඩුවද?ගෝඨා වැඩකරගෙන යන හැටි දැක්කාම මට නම් හිතෙන්නේ මීට පස්සෙ ඇමරිකාවෙ පුරවැසියෙකු වී සිටීම ජනාධිපති කමට තරග කරන්න අත්‍යාවශ්‍ය සුදුසුකමක් කරන්න ඕනැ කියලා. කොහොම වුණත් ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ රැස්කරගන්න අමාරු ඔය කසි කබල් කොමිසමනං වැඩකට නෑ වගේ තමයි. ඔයවගේ ස්වාධීන කියලා...
Champa Saturday, 06 June 2020 02:31 AM
තියෙන තත්වය දිහා අපක්ෂපාතිව බලපුවහම, මැතිවරණයක් තියන්න අවස්ථා පහක් සපුරන්න වෙනවා. 1). කොරෝනා වෛරසයේ බලපෑම සමාජයෙන් මුළුමනින්ම ඉවත් වීම හෙවත් මුඛවාඩම් පැළඳීම සහ සමාජ දුරස්ථභාවය තවදුරටත් අනවශ්‍ය වීම සහ ඇඳිරි නීතිය ඉවත් කිරීම. 2). නිරෝධායන මධ්‍යස්ථාන තවදුරටත් අනවශ්‍ය වීම. 3). නිදහස් අදහස් ප්‍රකාශ කිරීම තවදුරටත් අත් අඩංගුවට පත් විය නොහැකි කාරණයක් වීම 4). කොරෝනා කාර්ය සාධක බලකා සියල්ල විසුරුවා හැරීම 5). ජනාධිපතිවරයා පත් කල හමුදා කාර්ය සාධක බලකාය විසුරුවා හැර අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය හරහා නැවත සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම.
Champa Saturday, 06 June 2020 02:45 AM
ඒ අතර ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමත් සැකසහිතයි. කිසි හේතුවක් නැතුව රටම හමුදාකරණයට යටත් කිරීමම ජනතාවගේ සිවිල් සහ දේශපාලන අයිතීන් උල්ලංඝනය කිරීමක්. මුලින්ම මිනිස්සුන්ගේ ඒ අයිතිය ලබා ගන්න ඕනේ. ජුනි 2 වෙනිදායින් පස්සේ පාර්ලිමේන්තුව විසිරවපු ගැසට් පත්‍රය අවලංගුයි. ඒ අතර හමුදා බලකායක් හදලා තියෙනව රටේ පාලනයට. අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් තියෙත්දිත්, පොලිසිය සහ අධිකරණය තියෙත්දිත් රටේ පරිපාලනයට හමුදා කාර්ය සාධක බලකායක් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී විධායකයක ලක්ෂණයක්වත් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයකින් බලයට පත් ජනාධිපතිවරයෙකුගේ ලක්ෂණයක්වත් නෙමෙයි, කිසියම් කුමන්ත්‍රණයකින් බලයට පත් වෙච්ච ජනාධිපතිවරයෙකු තම බලය අහිමි වෙයි බියෙන් ගත් තීරණයක්... හැමදාම කියනව වගේ මහින්ද රාජපක්ෂ ඉන්නකම් රට රැකිලා තියෙයි. මිනිස්සුන්ට නිදහස තියෙයි. ඒ හින්ද උතුරු වෙරළේ සිට දකුණු වෙරළ දක්වාත් නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ දක්වාත් ජනතාව එකතු වෙන්න ඕනේ.... සූක්ෂමව ජනතාවගෙන් උදුරාගත්ත සිවිල් සහ දේශපාලන නිදහස නැවත දිනාගෙන, හමුදාකරණයට පත් කල රට සිවිල් පරිපාලනයකට රැගෙන යන්න. නැතුව මැතිවරණයකට යාම තේරුමක් නෑ.
vidya Saturday, 06 June 2020 05:24 AM
මිනිසුන් වල්මත්වී සිඟා නොකා බඩගින්නේ ඉන්න අවස්ථාවක ඇඳිරිනීතිය තුලින් මේ කරන්න යන වින්නැහිය නැවැත්විය යුතුය. විශේෂයෙන්ම මනාප ක්‍රමය හරිම විහිළුවක්. පැරදුනු මිනිසුන් නැවත ලිස්ට් වලින් පත් කිරීම රැවටීමක්.
Lakmal Saturday, 06 June 2020 08:40 AM
මේ පාලකයින්ට තියෙන චන්ද හදිස්සිය හින්ද කොරෝනා මැද්දෙ චන්දෙ තියන්ඩ වෙනදට වඩා දෙගුණයක මුදල් වැය වෙනවා.
මෝ Monday, 08 June 2020 10:33 AM
ඡන්දෙ තියෙනවා කියලා මේකෙ වැලලෙන්න යන හැටි. සෙට් එකටම... අනිච්ඡා වත සංකාරා තමයි ඡන්දෙන් පස්සේ...