IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුළු ලොවම කම්පා කළ අහිංසකයාගේ ඝාතනය

ම්ලේච්ඡත්වය විවිධ අයුරින් අර්ථ ගැන්විය හැක. ජාතිය, ආගම, වෛරය, පළිගැනීම, අන්තවාදය වැනි විවිධ මුහුණුවරින් ම්ලේච්ඡත්වය ක්‍රියාවට නැංවෙයි. ඇතැම් විට හමේ පාට පවා ඊට හේතුවන අවස්ථා ද තිබේ. අතීතයේ දරුණුම අයුරින් ම්ලේච්ඡත්වය ක්‍රියාවට නැංවීමට සමේ පාට හේතු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එම යුග පසුකරමින් වඩාත් දියුණු ශිෂ්ටාචාරයකට ලෝකය පා නගද්දී එවැනි ක්‍රියා මානව වර්ගයාට එරෙහි කෘෘරත්වය වශයෙන් අර්ථ ගන්වා ඒවාට මූලික වන ජන කොටස්වලට ද රටවලට ද එරෙහිව විවිධ සම්බාධක පැනවීමට විවිධ යාන්ත්‍රණ ක්‍රියාවට නැංවිණි.  එහෙත් ම්ලේච්ඡත්වය අවසන් නැත.

තවමත් එවැනි ක්‍රියා සිදුවන බව පාකිස්තානයේ රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික විධායක නිලධාරියකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ කෲර ඝාතනය දෙස් දෙයි. මහා පිරිසක් එක්ව මහ දවාලේ දෙනෝදාහක් බලා සිටිය දී පුද්ගලයකුට තිරිසන් අයුරින් පහර දී මරා දමා සිරුරට ගිනි දැල්වීම අර්ථ ගැන්විය හැක්කේ කුමන තරාතිරමක ම්ලේච්ඡත්වයකටදැයි පැවසීම පවා අසීරුය. එය එතරම්ම දරුණු අපරාධයකි. එම ඝාතනය සිදු කළ පුද්ගලයා පමණක් නොව අපාරාධයෙන් පසුව ගිනිගන්නා මිනිස් සිරුර ආසන්නයේ සිට තමන් කළ අපරාධය මහා වීරක්‍රියාවක් සේ හුවා දක්වමින් ඔල්වරසන් දී අනුග්‍රහය දැක්වූ සියලු‍දෙනාම මේ මහා අපරාධයේ කොටස්කරුවෝ වෙති. ඔවුන් සියලු‍දෙනාම නීතියෙන් දඬුවම් ලැබිය යුත්තෝ වෙති.

පාකිස්තානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකි. ශ්‍රී ලංකාව මුහුණ දුන් කොටි යුද්ධයේ දී එම දරුණු ත්‍රස්තවාදීන් පරාජය කිරීමට හැකි සෑම අයුරකින්ම සහාය දැක්වීමෙන් මේ මිත්‍රත්වය වඩාත් සවිමත් විය. එසේම පාකිස්තානයට ජාත්‍යන්තරයේ දී සහාය අවශ්‍ය වූ හැම අවස්ථාවක දීම ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් පෙනී සිටියේය. මීට පෙරදී ද මේ ආකාරයටම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එරෙහිව ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් පාකිස්තානයේ දී එල්ල විය. එයින් පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග අහිමි විය. සෑම රටක්ම පාකිස්තානයේ ක්‍රිකට් සංචාර අත හැර දැමූහ.

අවසානයේ වසර 10කට පසුව පාකිස්තානයට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පැමිණීමේ දොරටුව යළි හැර දුන්නේ ද ශ්‍රී ලංකාවය. එවැනි මිත්‍රත්වයක් දැක්වූ ශ්‍රී ලංකාවට පාකිස්තාන ජාතිකයන් පිරිසක් මෙලෙස ම්ලේච්ඡ අයුරින් සැලකීම පිළිබඳව අපට ඇත්තේ බලවත් කනගාටුවකි. ඒ කනගාටුව සෑම ශ්‍රී ලාංකිකයකුගේම හදවතින් දෝරේ ගලන බව සෑම පාකිස්තාන ජාතිකයකුම දැනගත යුතුය.

ප්‍රියන්ත කුමාර මහතාගේ කෲර ඝාතනයට හේතුව ආගමික අපහාසයක් බව පිරිසක් පවසති. තවත් පිරිසක් පවසන්නේ ඔහු තමන් සේවය කළ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය කරන ඇඟලු‍ම් කම්හලේ වර්ධනය උදෙසා කැපවී සේවය කළ නීතිය තදින් ක්‍රියාත්මක කළ නිලධාරියකු බැවින් ඔහු කෙරෙහි කම්හල් සේවක පිරිසක් අමනාපයෙන් පසු වූ බවය. එසේම පාකිස්තානුවකු නොවන පුද්ගලයකු එහි ප්‍රධාන තනතුරක් දැරීම සම්බන්ධයෙන් කම්හලේ ඇතුළත මෙන්ම පිටත පිරිස් අතර දැඩි අකැමැත්තක් තිබූ බව ද පාකිස්තානයෙන් ලැබුණු ආරංචි මාර්ගවල සඳහන්ව තිබිණි.

මේ හේතූ නිසා ආගමික ශාස්තෘවරයකුට අපහාස කිරීමේ දී ක්‍රියාත්මක කෙරෙන නීතියක් අනිසි ලෙස උපයෝගී කරගනිමින් මේ කෲර ඝාතනය සිදුකර ඇති බවට සැකයක් ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන ඉහළ පෙළේ නිලධාරියකු කියා තිබිණි. කුමන ආකාරයකට බැලු‍වත් සිදුවී ඇත්තේ අහස පොළොව නුසුලන ම්ලේච්ඡ අපරාධයක් බව සියලු‍ දෙනා විසින්ම තේරුම් ගත යුතුය. අපරාධකරුවන්ට ආගමික විශ්වාසයන්ට මුවා වී මිනීමරා නීතියේ රැහැනින් ගැලවීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. ඔවුන්ට නීතියෙන් දඬුවම් පමණක් නොව දෙවියන්ගේ දඬුවම් ද ලැබිය යුතුය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනය පිළිබඳ සංවේගයට පත්වන බවත්, එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවත් ප්‍රකාශ කර තිබිණි. පාකිස්තානු රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ශ්‍රී ලංකා රජයත් සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන බවට සහතික වී ඇතැයි ද ප්‍රකාශ විය. අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

කුමන නීතියක් යටතේ වුවද කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු. එම විශ්වාසය තහවුරු කළ හැක්කේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව ද පෙන්වා දෙමු. එසේම මේ සිද්ධියෙන් බලවත් සේ අසරණව සිටින ප්‍රියන්ත කුමාර මහතාගේ බිරියටත්, පුතුන් දෙදෙනාටත් සමීප ඥාති මිත්‍රාදීන්ටත් අපගේ සංවේගය පළ කරමු. ඔවුන් වෙනුවෙන් උපරිම වන්දි මුදලක් අප්‍රමාදව ලබා දීමට සියලු‍ බලධාරීන් විසින් ක්‍රියාකරනු ඇතැයි ඒ සමඟ අපේක්ෂා කරමු.

සමස්ත ලෝකයම එක්ව එකමුතු ලෝකයේ කුමන හෝ රටක මෙවැනි සිද්ධියක් ඇති වීමට ඇති ඉඩකඩ සපුරා අහුරා දැමිය යුතුය. මෙවැනි කෲර ක්‍රියා සියලුම ජාතීන්ගේ පිළිකුලට ලක්විය යුතුය. නිසි දඬුවම් දීමට පාකිස්තානය පෙළඹවිය යුතුය.



අදහස් (2)

මුළු ලොවම කම්පා කළ අහිංසකයාගේ ඝාතනය

Chamila Tuesday, 07 December 2021 12:41 PM

"කුමන නීතියක් යටතේ වුවද, කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය, එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු." නීතිය වල් වැදිලා ඒ රට මිලේච්ඡ රටක් වෙලා ඉවරයි. ඒකනේ එහෙම වුනේ. ඔවුන්ට නිදහසේ ඒවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අනුග්‍රහයක් ලැබෙන නිසයි. නැතුව සාමාන්‍ය විදියට ජීවත් වන ජන කොට්ඨාසයකට එවැනි දෙයක් කරන්න අදහසක් එන්නේ නැහැ. මොකද බය, හික්මීම, තවත් සත්වයකුගේ ජීවිතයට හා නිදහසට දක්වන ගරුත්වය සහ සාධාරණ නීතියට තිබෙන බැඳීමත් නිසා...

:       0       0

Chamika Tuesday, 07 December 2021 09:00 PM

"කුමන නීතියක් යටතේ වුවද, කුමන රටක දී වුවද පුද්ගලයකුට පහර දී මරා දමා සිරුර ගිනි තැබීමට ඉඩක් නැත. එවැනි නීති ක්‍රියාත්මක විය හැක්කේ නීතිය වල්වැදුණු ම්ලේච්ඡ රටක පමණි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන පාකිස්තානය එවැනි රටක් නොවන බව අපි තවදුරටත් විශ්වාස කරමු." නීතිය වල් වැදිලා ඒ රට මිලේච්ඡ රටක් වෙලා ඉවරයි. ඒකනේ එහෙම වුනේ. ඔවුන්ට නිදහසේ ඒව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අනුග්‍රහයක් ලැබෙන නිසයි. නැතුව සාමාන්‍ය විදියට ජීවත් වන ජන කොට්ඨාසයකට එවැනි දෙයක් කරන්න අදහසක් එන්නේ නැහැ. මොකද බය, හික්මීම, තවත් සත්වයකුගේ ජීවිතයට හා නිදහසට දක්වන ගරුත්වය සහ සාධාරණ නීතියට තිබෙන බැඳීමත් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site