IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මේ අරගල ආණ්ඩුවේ වරදින්

(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

මැයි දින සැමරුම්, ඒකාබද්ධයේ නැගීම, උද්ඝෝෂණ, වැඩ වර්ජන, ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙළ, හම්බන්තොට වරාය, ඉන්දීය අගමැතිගේ ලංකා ගමන යනාදිය පිළිබඳ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් එළිදැක්වෙයි.


ප්‍රශ්නය:- මැයි දින සැමරුම් පිළිබඳ ජවිපෙ ඉන්නේ මොන තක්සේරුවකද?
පිළිතුර:- මැයි දින සැමරුම් ගණනාවක් තිබුණා. මැයි දිනය අර්ථවත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සමරන රැස්වීම් බවට ඒවා පත්වුණේ නැහැ. මේවා දේශපාලන පක්ෂවල අරමුණු ඉටුකර ගැනීමේ අර්ථයෙන් පැවැත්වූ දේශපාලන රැස්වීම් මිස මැයි දින සැමරුම් නොවෙයි. මැයි දිනයේ පාට රතු. කොළ පාට, නිල්පාට නොවෙයි. මැයි දිනය කියන්නේ පක්ෂ ලකුණු පෙන්වන තැනකුත් නෙමෙයි. අපි අපේ පක්ෂ ලකුණ මැයි දිනයේ ප්‍රදර්ශනය කරන්න කටයුතු කළේ නැහැ. මැයි දිනයේ අභිමානය කෙලෙසන්න අනෙක් සෑම පක්ෂයක්ම කටයුතු කළා.
අපි ඉතිහාසයේ පළමු වතාවට කොළඹ බී.ආර්.සී. පිටියෙත් යාපනය කොටුව අබියසත් පැවැත්වුවා. ජාතික සමගිය අර්ථවත් කිරීමයි යාපනය රැලියේ අරමුණ වුණේ. කිසිඳු භේදයකින් තොරව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාම සාර්ථක මැයි දිනයක් පවත්වන්න අපට හැකිවුණා.


ප්‍රශ්නය:- හැබැයි ඔය සෑම පක්ෂයක්ම පරාජයට පත්කරමින් ඒකාබද්ධ විපක්ෂය මැයි දිනයේ ඉදිරියට ගියා නේද?
පිළිතුර:- තමන්ට නැතිවූ බලය නැවත ලබාගැනීමේ එකම අරමුණ පමණයි ඔය කියන්නා වූ මහත්වරුන්ට තිබුණේ. මේ අයට බලය තිබූ කාලයේ කළේ මොනවාද කියා ජනතාව දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරමින් රාජ්‍ය දේපල කොල්ලකමින් පවුල්වාදය ඉදිරියට ගෙන යමින් විවිධාකාර නරක සංස්කෘති රටේ ගොඩනගමින් නින්දිත ලෙස බලය පාවිච්චි කළා. ඒකට ජනතාව ඡන්දයෙන් පිළිතුරු දුන්නා. මෙවර ධනය, වාහන යොදවා යමක් කරන්න බැලුවා. මේ අයගේ අතීත ක්‍රියාකාරිත්වය අපි හොඳටම දන්නවා. එනිසා මේ අයගේ බොරු ඝෝෂාවලට කවුරුවත් කලබල විය යුතු නෑ. නැවත කවදාවත් රාජපක්ෂලාට බලයට එන්න බැහැ. එන්නෙත් නැහැ. රාජපක්ෂලාගේ බත්බැලයෝ ඔවුන් ආරක්ෂා කරපු පුද්ගලයෝ සහ රාජපක්ෂලා නැතිව ඉන්න බැරි සමහර නායකයෝ පිස්සුවෙන් වගේ කෑ ගසනවා. මේ අය මොන උත්සාහයක් දැරුවත් ඒව ගඟට කැපූ ඉනි වගෙයි. බලය ගිලිහුණු හැම කෙනෙක්ම යළි බලය ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. ඒත් ඒව සාර්ථක වෙන්නේ නැහැ.


ප්‍රශ්නය:- වැඩකරන ජනතාවට නායකත්වය දෙන්නේ ජවිපෙ බව හැමදාම කිව්වත් එය නිවැරදි නොවන බව මෙවර පෙන්නුම් කළා නේද?
පිළිතුර:- මේ රටේ සැබෑ වෙනසක් කර සෑම දෙනාටම ජීවත්විය හැකි යුක්තිගරුක සමාජයක්, යහපත් රටක්, යහපත් හෙටක් ඇති කිරීම තමයි අපේ එකම බලාපොරොත්තුව සහ අභියෝගය. පොදු ජනතාවත් වැඩ කරන ජනතාවත් අපේ පණිවිඩය තේරුම් ගනීවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අය ඒක තේරුම් ගන්න තාක්කල් අපි ඉක්මන් වෙන්නේ නැහැ. ජනතාව තේරුම් ගන්නා තෙක් අපේ ක්‍රියාවලිය කරගෙන යනවා. ජනතාව කලබල නොවී ඇත්ත තේරුම් ගන්නා බව අපට සක්සුදක්සේ පැහැදිලියි. මෙවර අපේ ජන සහභාගිත්වය දෙගුණයක් වුණා. මිනිස්සු වේගයෙන් වෙනස වටහා ගන්නත් අනෙක් පාලකයන්ගෙන් අපව වෙන්කර හඳුනා ගන්නත් සමත් වී සිටින බව එයින් පැහැදිලියි. ඒ නිසා වසර හැත්තෑවක් පමණ මේ දෙපිරිස තමන් තලමින් පෙළමින් රැවැට්ටූ බව තේරුම් ගනිමින් ජනතාව සිටිනවා. ජනතාව ඉතා කෙටි කලකින් මේ අයගේ සෙප්පඩ විජ්ජා, ජනතා ද්‍රෝහී ක්‍රියා තේරුම් ගෙන සැබෑ වෙනසකට පෙළගැසෙනවා කියන විශ්වාසය අපට තිබෙනවා.


ප්‍රශ්නය:- ආණ්ඩුවත් ජනතාවත් පීඩනයට, අපහසුතාවට පත්කරන වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදියට ජවිපෙ පෙරමුණ ගන්නවා. මේවා හරහා ජනතාව ඔබලා කෙරෙහි පැහැදෙයිද?
පිළිතුර:- වැඩකරන ජනතාව නිකරුණේ පාරට බහින්න වැඩ වර්ජන කරන්න විවිධ විරෝධතා පාන්න තරම් ඔවුන්ට මොළේ අර්ශස් නැහැ. මිනිස්සුන්ට එහෙම අවශ්‍යතාවකුත් නැහැ. එහෙත් ඔවුන්ගේ අයිතීන් පවතින රජය හිතා මතාම සැලසුම් සහගතව උදුරාගන්න විට කිසිවෙක් ඒ ගැන නිහඬව ඉන්නේ නැහැ.

ඒ වගේම මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවට එහා ගිහින් රාජපක්ෂලා ගත් ණය බේරන්න කියමින් ජනතාව තලමින් පෙළමින් රවට්ටමින් ඉන්නවා. කිසිදු වැඩපිළිවෙළක් නැතිව බොරු පූච්චානම් කියමින් ඉන්නවා. ඒ නිසාම එයට පස්ස හරවා රාජ්‍ය දේපල, ස්වභාවික සම්පත්, නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම විකුණාගෙන කමින් මේ ආණ්ඩුව කටයුතු කරනවා. ජනතාවට ගෙවාගන්න බැරි දැවැන්ත ණය මේ අයත් ගන්නවා. දඩ, බදු ජනතාව පීඩාවට පත්වන ආකාරයට අය කරමින් ඉන්නේ කිසිදු හැඟීමකින් තොරවයි. මේ සියල්ලෙන් වෙන්නේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමයි. මේ අයට වෙන ප්‍රතිපත්තියක් නැහැ. විකල්ප නැහැ.

එනිසා සියලු අරගල ජනතා අයිතීන් වෙනුවෙන් කරන ඒවා මිස වෙන අරමුණු වෙනුවෙන් කරන ඒවා නොවෙයි. ආණ්ඩුව එල්ලකර ඇති පීඩාවෙන් රටත් ජනතාවත් මුදාගැනීම තමයි මේ අරගලවල අරමුණ වුණේ. මේ සාධාරණ අරගලවලට උත්තර නොදී ආණ්ඩුව නින්දිත ලෙස ඒවාට විකෘති අර්ථ දක්වනවා.

ආණ්ඩුවේ වැරදි නිසාම මේ අරගල ඇතිවී තිබෙනවා. ඒ නිසාම මර්දනයෙන් මේවාට උත්තර දෙන්න ආණ්ඩුව උත්සාහ කරනවා. දුන් පොරොන්දු ඉටු කරන්න බැරි වුණාම තම නිරුවත වසා ගන්න මෙවන් මර්දන ඉතිහාසය පුරාම කර තිබෙනවා. හැබැයි ජනතාව මර්දනය කළ සෑම ආණ්ඩුවක්ම කෙළවර වුණේ කුණු බක්කියෙන්. ඒ ඉරණම මේ යහපාලන ආණ්ඩුවටත් අත්වන බව සක්සුදක් සේ පැහැදිලියි.


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට මේ ආණ්ඩුව ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. සයිටම් ප්‍රශ්නයට විසඳුම් දුන්නා. එසේ තිබියදී වැඩ වර්ජන, උද්ඝෝෂණ ඇයි?
පිළිතුර:- ඔය විසඳුම් දුන්නා කියන කතාව සම්පූර්ණ බොරුවක්. ව්‍යාජ මවාපෑමක්. ඇත්ත, ඵලදායක විසඳුමක් සයිටම් වෙනුවෙන් ලබාදෙන්න තවම කටයුතු කර නැහැ. මෙතැනදී ආණ්ඩුව ඉතාම වංචනිකව හැසිරෙනවා. වංචනිකව ආරම්භ කර වංචනිකව පවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනයට වළ කපන මේ ආයතනය වසා දැමිය යුතුයි. මේවා ආරම්භ කළ පාලකයෝ අහිංසක ශිෂ්‍ය පිරිසක් රැවැට්ටුවා. නොමග යැව්වා. ඒ නිසා සිසුන් රවටා ලබාගත් මුදල් වහාම ඒ අයට ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා.


ප්‍රශ්නය:- වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදියට මුහුණදීමට ආණ්ඩුව අලුත් වැඩපිළිවෙළකට යන බවට පසුගියදා වාර්තා වූවා. ඒ ගැන ජවිපෙ කියන්නේ මොකක්ද?
පිළිතුර:- පැවතුන සහ පවතින සෑම ආණ්ඩුවක්ම තමන්ගේ අසමත්කම වසා ගන්න මර්දනයේ පිහිට පතනවා. මේ රටේ බලයට පත්වූ සෑම ජනපති ආණ්ඩුවකම ස්වභාවය සහ යථාර්ථය එයයි. ජනතාද්‍රෝහී ක්‍රියාමාර්ගවලට එරෙහිව නැගෙන ජනතා හඬ යටපත් කරන්න මර්දනයේ පිහිට පතනවා. යුක්ති සහගත සෑම ජනතා අරගලයක්ම මර්දනය කරන්න උත්සාහ කළ ආණ්ඩු දිනුවේ නෑ කියා අපි විශ්වාස කරනවා.

රාජපක්ෂ පාලන සමයේ රොෂේන් චානක සහෝදරයා ඝාතනය කළා. ධීවර අයිතීන් වෙනුවෙන් පෙනී සිටි  ඇන්ටනී වර්ණ- කුලසූරිය සහෝදරයාට වෙඩි තබා මැරුවා. බොන්න වතුර ඉල්ලා සිටි රතුපස්වල ජනතාවට කළේ මොකක්ද කියා ජනතාව දන්නවා. මේව කළ එදා ආණ්ඩුව සිතුවේ ඔවුන් දිනුවා කියලයි. හැබැයි ජනතාව නිසි වෙලාවේ උත්තර දී ඔවුන් ගෙදර ඇරියා. වත්මන් ආණ්ඩුවත් රාජපක්ෂලට එහා ගිය ගමනක දැන් යමින් සිටිනවා. එනිසා සාධාරණ ජනතා අරගල මර්දනය කරන්න හදන මේ ආණ්ඩුවට ඉතාම කෙටි කාලයකදී රාජපක්ෂලාට කරපු වැඬේම ජනතාව කරන බව විශ්වාසයි. මොන තර්ජනය, ගර්ජනය, මර්දනය, බලයටත් වඩා ලොකුයි ජනතා බලය. ජනතා අයිතීන් විනාශ කරන මේ ආණ්ඩුව වෙනස් කරන බව ඉතාම පැහැදිලියි.


ප්‍රශ්නය:- දැන් ඔහොම චෝදනා කළාට යහපාලන අගමැති කරන්න ජවිපෙත් කොටස්කාරයො වුණා නේද?
පිළිතුර:- 2015 ජනවාරි අට ඡන්දෙදි කොටස් දෙකක් ඡන්ද පොළට ගියා. මෙයින් කොටසක් රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය දුන්නා. තව කොටසක් රාජපක්ෂ පාලනය පරදවන්න ඡන්දය භාවිතා කළා. රාජපක්ෂගෙ කඬේ බඩු කල් ඉකුත්ව ඇති බව අපි එදා කිව්වා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ කඬේ බඩු ෂුවර් නැති බවත් අපි කිව්වා. අපි එහෙම තේරුම් කරලා දුන්නේ ජනතාවට කැමැති තීරණයක් ගන්නයි. මේ තත්ත්වය තේරුම් ගත් ජනතාව තම ඡන්දය හරියට භාවිතා කළා. තනි බලයක් පවත්වා ගන්න ජනතාව ඉඩ දුන්නේ නැහැ.

අද තිබෙන්නේ ජනතාවගේ එදා කැමැත්තයි. අපි පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත් ජනතාව එය වටහා ගත්තේ නැහැ. රනිල්ලා බලයට ආවෙත් එදා රාජපක්ෂලාට තිබූ බිය නිසා මිස රනිල්ට තිබූ විශේෂ කැමැත්තක් නිසා නෙමෙයි. එනිසා මේ පාලනය ඇති කිරීමට අපේ කිසිදු දායකත්වයක් නොවූ බව නිරවුල්ව කියන්න ඕන.


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය ගිවිසුමේ සැර බාල කර රටට හිතකර ආකාරයෙන් ඉදිරිපත්ව ඇති බව කියනවා. මේ ගැන ඔ මොකද කියන්නේ?
පිළිතුර:- සැර බාල කළත් රටට තිබිය යුතු සම්පතක් විදේශිකයන් අතට පත්වීමයි අපට තිබෙන ප්‍රශ්නය. සැර බාලද නැද්ද කියන එක වෙනම දෙයක්. ආණ්ඩුවට දැක්මක් නැති බව පැහැදිලිව පේනවා. හම්බන්තොට වරාය හරහා නැව්වලට තෙල් සැපයීම ඛනිජ තෙල් සංස්ථාවට ලැබිල තියෙද්දිත් ඊනියා යහපාලන ආණ්ඩුව ඒ අවස්ථාව චීනයට දෙන්න හදනවා. අපට ලැබෙන්න තිබෙන මහා ධන සම්පතක් අහිමි කිරීම වත්මන් පාලකයන්ගේ එකම වුවමනාව වී තිබෙනවා. රාජපක්ෂලා හදාපු නැව් එන්නැති වරාය නැව් එන වරායක් බවට පත්කර එයින් ලබන ආදායමෙන් මුළු රටේම ණය ගෙවා රට සුඛිත මුදිත කරන බවට මේ අය පාරම් බෑවා. එහෙම කියපු අය අද මේ කරන්නේ මොනවද? රාජ්‍ය දේපල ස්වාභාවික සම්පත් විකිණීම එජාපයේ ජානවලම තිබෙනවා. අද එය ගජරාමෙට කෙරෙනවා.

හම්බන්තොට වරාය කියන්නේ ලෝකයේ තිබෙන වරායන් අතර දියුණු කළ හැකි මුළු රටටම ගොඩයා හැකි ඉතාමත් විශිෂ්ට වූ පිහිටීමකින් යුක්ත වරායක්. එනිසා ජනතාවගේ ප්‍රාර්ථනා, මේ රටේ සම්පත් හම්බන්තොට වරාය යොදාගෙන රට සංවර්ධනයට මේ ආණ්ඩුව කටයුතු කරාවි යන විශ්වාසය මොනම ආකාරයකින්වත් අපට නැහැ. මේ අයට තිබෙන්නේ රටත් ජනතාවත් විකුණා තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමේ වුවමනාව විතරයි.


ප්‍රශ්නය:- ඉන්දීය අගමැතිවරයා ලංකාවට ආවා. සමහරු කළු කොඩි දාන්න කතා කළා. ජවිපෙත් මෙයට විරුද්ධද?
පිළිතුර:- අපි ඉන්දියාවේ ආක්‍රමණශීලී ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළට එදා ඉඳලම විරුද්ධයි. අයියල මල්ලිල සහ මැති ඇමැතිවරු බුරුතු පිටින් ඉන්දියාවට ගොස් එරට පාලකයන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය දේවල් ලබාදීමට කටයුතු කළ මිනිස්සු දැන් බොරු දේශප්‍රේමයක් පෙන්වමින් ශුද්ධවන්තයෝ වෙන්න දැන් උත්සාහ කරනවා. මේක ලෝක විහිළුවක්. තමන්ට අහිමි වූ බලය නැවත ලබාගන්න බොරු විරෝධයක් පානවා.

එහෙත් මේ විහිළුකාරී රංගනය අවඥාවෙන් බැහැර කිරීමට ජනතාව කටයුතු කරනවා. ඒ වගේම මේ විහිළුකාරයන් හෙළිකරන්නත් ජනතාව සූදානම්. බොරු දේශප්‍රේමීන්ට තවදුරටත් මේ රටේ ඉඩක් ලැබෙන්නේ නැති බව විශ්වාසයි.

 



අදහස් (2)

මේ අරගල ආණ්ඩුවේ වරදින්

පෙරුමාල් Tuesday, 16 May 2017 03:43 AM

ඇත්තටම ඔව් ආණ්ඩුවෙ වැරැද්ද. සුදු වෑන් කණඩායම දිගටම පවත්වා ගෙන ගියානම් කවුරුත් දන්නෙත් නෑ. ප්‍රශ්නත් නෑ වගේ තමයි

:       3       89

Ariyapala Hewage Thursday, 18 May 2017 12:25 PM

රටට නිදහසත්, සංවර්ධනයත්, මිනිසුන්ව සූරා කෑමෙන් බෙරා ගැනීමත් කල හැකි දේශපාලනයක් අද ලංකාවට අවශ්‍ය කර තිබේ. ජනතාවනි එක තේරුම් ගන්න. අපේ ලංකාවේ මොන සම්පතද නැත්තේ ? පිටරටුන්ට අපේ සම්පත් විකිණීම බලයේ සිටින අයගේ අමනාගතියකි. ඒ ඒ අයගේ පරම්පරාව දියුණුකර ගැනිමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 146 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1146 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site