IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජ්‍ය ආදායම් කඩාවැටීමේ වින්නැහිය

මෙරට මූලික සාර්ව ආර්ථික දර්ශක වලින් දරුණු ආර්ථික අර්බුදයක් ඇති බවට සංඥා කෙරේ. ප්‍රධාන සර්ව ආර්ථික දර්ශක කියවීම්වලින් ශ්‍රී ලංකාව මුහුණ පාන ආර්ථික අර්බුදයේ දිග පළල මැනවින් පෙන්නුම් කෙරේ. ආර්ථිකයට අදාල, ප්‍රධාන අංශ හතරටම අයත් දර්ශක වලින් පසුගිය වසර කිහිපය තුළ පැවතියාට වඩා අන්ත අයහපත් තත්ත්වයට ආර්ථිකය වැටී ඇති බව පැහැදිලිය.

ප්‍රධාන අංශ 4 ලෙස මෙහිදී ගැනෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය හා උද්ධමනයට අදාළ කාරණා අයත් තථ්‍ය අංශය, රාජ්‍ය බදු ආදායම් අංශය, බාහිර අංශය සහ මූල්‍ය අංශය යන අංශයි. රටේ නිදහසින් පසු අවධියේ මෑත ඉතිහාසය තුළ දකින්නට නොලැබුණු තරම් දරුණු මට්ටමකට ඇතැම් අංග වැටී තිබේ.

ආර්ථිකය වර්ධනය 2020 දී ඍණ අගයකට පත්ව තිබෙන අතර එම ඍණාත්මක වර්ධනය 2021 තුන්වැනි කාර්තුව දක්වාම නොකඩවා පැවතුණේය. මෙම තත්ත්වය තරමක් දුරට කෝවිඩ් වසංගතය සහ එය පැතිරීම වර්ධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල අනිවාර්ය ප්‍රතිඵලයකි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වර්ධනය සෑහෙන තරමින් පහත වැටුණේ ආසියාවේ අනෙකුත් රටවල් යථාතත්ත්වයට පත්වීමේ මාර්ගයට අනුගත වෙද්දීය.

සාර්ව ආර්ථික අස්ථාවරභාවය තවදුරටත් 2022 වසරේ වර්ධන අපේක්‍ෂාවලටත් ආයෝජන පිළිබඳ බලාපොරොත්තුවලටත් අහිතකර ලෙස බලපානු ඇත. මෙම තත්ත්වය යුක්‍රේන යුද්ධය නිසා තවදුරටත් උග්‍ර අතට හැරෙනුයේ එම කලාපයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව බොහෝ සෙයින් පහත වැටෙන (පසු ගිය කාලයේ යුක්‍රේන සංචාරකයෝ බොහෝ දෙනෙක් මෙරටට පැමිණියහ) බැවිනුත්, එම කලාපය ශ්‍රී ලංකාවේ තේ වැඩිපුරම අපනයනය කරනු ලබන කලාපයක් බැවිනුත්ය.

උද්ධමනය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙනි. එම දර්ශකය ඉලක්කම් දෙකේ අංකයක් දක්වා ඉහළ යමින් 2022 පෙබරවාරියේ සියයට 15කින් වැඩි වූයේය. මීට පෙර මෙම මට්ටමට එම දර්ශකය පෙනුණේ ත්‍රස්ත යුද්ධයේ අවසන් අදියර සමයේය. ලෝකයේ බොහෝ රටවලට උද්ධමනය හේතුවෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම අත්විඳින්නට සිදුවිය. විශේෂයෙන්ම ඊට හේතු වූයේ බලශක්ති මිල සහ රට රටවලට ආර්ථික විවර කළ විට ඉහළ ගිය ඉල්ලුම හේතුවෙනි.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පමණට වඩා මුදල් තොග අච්චු ගැසීම හේතුකොටගෙන මෙරට මූල්‍ය ප්‍රතිපත්තිය අතිශය ලිහිල් වූයේය. ආණ්ඩුවේ අයවැය හිඟය පියවීම උදෙසා මුදල් යෙදවීමට කළ මෙම ක්‍රියාව නිසා ඉලක්කම් දෙකක අගයකට උද්ධමනය ඉහළට තල්ලු වී ගියේය. ආහාර හා බලශක්තිය නොවන අනෙකුත් භාණ්ඩ මිල සියයට 10.9කින් 2022 පෙබරවාරියේදී ඉහළ ගොස් ඇති බව මූලික උද්ධමන දර්ශකයෙන් පෙනේ. ඉන් පිළිබිඹු වන්නේ ඉල්ලුමෙන් ඇතිවන පීඩනයයි. ආහාරවල උද්ධමනය වෙන කිසිදාකටත් වඩා වේගයෙන් ඉහළ ගොස් 2022 පෙබරවාරියේ සියයට 25.7 කරා එළඹියේය.

මෑතකදී ඇවිලී ගිය යුක්‍රේන යුද්ධය නිසා බලශක්ති මිල තියුණු ලෙස ඉහළ ගියේ බ්‍රෙන්ට්, බොර තෙල් මිල 2022 මාර්තුවේදී බැරලයක මිල ඇ. ඩොලර් 100ට වඩා වැඩි වෙමිනි. මෙම මට්ටමට අවසාන වශයෙන් තෙල් මිල ඉහළ ගියේ 2014 දීය. දේශීය ඉන්ධන මිල, ඉහළ ගිය ජාත්‍යන්තර ඉන්ධන මිල හා සමාන වන අයුරින් ඉහළ නැංවීම නිසා උද්ධමනය තව දුරටත් ඉහළ යන සෙයක් පෙනිණි.

රාජ්‍ය බදු ආදායම් තවදුරටත් පිරිහී ගියේය. 2019 දී එවක පැවති වාතාවරණය අනුව කළ වෙනස් වීම් නිසා, රජයේ බදු ආදායම, 2020 සහ 2021 වසරවල රුපියල් බිලියන 500-600කින් පමණ පහත වැටිණි. මෙම ප්‍රවණතාව වෙනස් කිරීමට අවශ්‍ය පියවර නොගත හොත් 2022 වසරේදී ද මෙම පහත වැටීම තවදුරටත් සිදුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදු ආදායම් එකතුව ඉතිහාසයේ පහළම මට්ටමට (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 දක්වා පහතට) වැටිණි. මේ හේතුකොට ගෙන මූල්‍ය හිඟය සහ පොලී වියදම් තවත් ඉහළ ගොස් රජයේ ආදායම් වලින් සියයට 70ක් ඒවා සඳහා වැය කරන්නට සිදුවිය.

රජයේ ආදායම් සෑහෙන තරමින් පහත වැටෙද්දී රජයේ වියදම් අඩු කරගන්නට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ අතර ඒ හේතුවෙන් මූල්‍ය හිඟය 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.1 දක්වා වැඩි වූයේය. මෙය තවදුරටත් 2021 දීද වැඩි වූ සෙයක් පෙනේ. මේ තරමේ විශාල මූල්‍ය හිඟයක් මීට පෙර පෙනෙන්නට තිබුණේ 2009 වසරේය. එවකට මූල්‍ය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.9ක් විය. 2001 වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.4ක්ව තිබිණි.

රාජ්‍ය ආදායම් තියුණු ලෙස පහත වැටීම හා බදු ආදායම්වල තත්ත්වය නරක අතට හැරීම නිසා ස්වෛරී බැඳුම්කරවලට අදාළ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීමේ ඉඩකඩ අවහිර වූයේය. එවිට පුළුල් වෙමින් පැවති මූල්‍ය හිඟය පියවීමට රජය දේශීය මූලාශ්‍ර වෙත යොමු වූයේය. එහෙත් පොලී අනුපාත ඉහළ පැවැති බැවින් උසුලාගැනීමට අසීරු එම බර වැටුණේද ශ්‍රීලංකා මහ බැංකුව මතයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම පෙර නොවූ තරම් ඉහළ නැංගේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ආණ්ඩුවට දෙන ණය හේතුවෙනි. ඒ හේතුවෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පළමු වරට ඍණ අගයකට පත් වූයේය. 2021 රජයට දෙන ශුද්ධ ණය (38.2% කින් වැඩි වී) රු. බිලියන 1454ක් බවට පත්විය. ඒ සමගම රජයේ ප්‍රධාන ණය සැපයුම්කරුවා බවට මහ බැංකුව පත්විය. එම කාලය ඇතුළත පෞද්ගලික අංශයට සපයන ණය (13.1%කින් වැඩි වී) රු බිලියන 810ක් බවට පත්විය. 

මූල්‍ය හිඟය උදෙසා මුදල් ඉපැයුම් ප්‍රමාණයේ තියුණු වෙනසක් පෙන්නුම් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව දරා සිටින රජයේ සුරැකුම් ප්‍රමාණය 2019 අග වන විට රු. බිලියන 75ක් ව තිබී 2021 අග වන විට රු. බිලියන 1417ක් බවට පත්වූ නිසාය.

මෙය තවදුරටත් ඉහළ යමින් 2022 මාර්තු 11 වන විට රු. බිලියන 1529ක් බවට පත්ව තිබිණි. රජයේ ණය වියදම් පහළ මට්ටමක තබා ගැනීමට, කෘත්‍රිම ලෙස පොලී අනුපාත බලෙන් පහත මට්ටමක තබා ගැනීම නිසා ශ්‍රීලංකා මහ බැංකුවට රජයේ සුරැකුම් ප්‍රාථමික වෙළඳපොළෙන් නොගෙන ඉන්නට සිදුවිය. මේ හේතුවෙන් රජය නිර්මාණය කරන මුදල් සංචිත 2021 දී සියයට 35කින් වැඩි වූයේය. ණය වාරික ගෙවීමට හා ස්ථාවර විනිමය අනුපාතිකය බලෙන් පවත්වා ගැනීමට විදේශ සංචිත භාවිතා කිරීම හේතුවෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රු.බි. ඍණ 386ක් දක්වා පහත නොවැටෙන්නට රජයෙන් නිර්මිත මෙකී මුදල් ප්‍රමාණය (පදනම් මුදල) තවත් ඉහළ යන්නට ඉඩ තිබිණි.

විදේශවලින් ගත් ණය රජයට ගෙවන්නට සිදුවූ අතර, ණය වාරික ගෙවීම සඳහා විදේශ මුදල් සංචිත භාවිතා කිරීම හේතුවෙන් ස්වෛරී බැඳුම්කර ශ්‍රේණියෙන් පහළ වැටීමත් නිසා රජයට විදේශීය ප්‍රාග්ධන වෙළඳපොළෙන් ප්‍රාග්ධන සපයා ගත නොහැකි වූයේය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය දැඩි අවදානම්සහගත තත්ත්වයකට ඇද වැටුණේය.

බාහිර අංශයේ අස්ථාවරභාවය තුලිත කර ගැනීමට රජය භාණ්ඩ රාශියකට ආනයන සීමාකරණයක් පැනවූයේය. තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සියයට 100ක සුරැකුම් ආනයනකරුවන් විසින් තැන්පත් කළ යුතු බවට නියම කළේය.
මෙම ආනයන පාලනය පැවතියද වෙළඳහිඟය (ආනයන හා අපනයන වටිනාකම්වල වෙනස) 2021 දී තවත් පුළුල් වූයේය.

මීට අමතරව 2021 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක හුවමාරු අනුපාතිකය රු. 200 සිට 203 සීමාවක පවත්වා ගත යුතු බවට ස්ථාවර අනුපාතිකයක් පැනවූයේය. මෙම සීමාව ඇතුලත ගනුදෙනු කළ යුතු බවටද ඒ සමගම වාණිජ බැංකුවලට උපදෙස් දුන්නේය. ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම, මෙම ස්ථාවර අනුපාතිකය යටතේ සැපයුම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒ උදෙසා කළු කඩයක් නිර්මාණය වූයේය.

2022 මාර්තු 07 වැනිදා මහ බැංකුව ඇ. ඩොලරයක හුවමාරු අනුපාතිකය ‘‘වඩාත් නම්‍යශීලී’’ වන්න ඉඩ හැරීම නිසා කළු කඩයේ ඇමරිකානු ඩොලරය රු. 260- 270 මිලට අලෙවි විය. නිල විනිමය අනුපාතිකය හා කළු කඩයේ මිල ගණන් අතර විශාල පරතරයක් ඇති වීම නිසා රට තුළට ගලා ආ විදේශ මුදල් ප්‍රමාණ සැළකිය යුතු තරමින් පහත වැටිණි. 2021 දී වෙළඳ හිඟය සියයට 23කින් පහත වැටී. එය ඇ.ඩො. බිලියන 5.5 මට්ටමට එද්දී යම් සහනයක් සලසන්නට උපකාරී වූයේ විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ මුදල්ය. 2022 දී වෙළඳ හිඟය පහතවැටීම තවදුරටත් සිදුවෙමින් පවතී.

මෑත කාලයේ අනුගමනය කළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරන්නට ප්‍රමාණවත් නොවූයේය.

පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරය වෙනස් කිරීමේ පිළියමක් ලෙස මහ බැංකුව 2022 මාර්තු 4 වැනි සිකුරාදා එහි පොලී අනුපාතික මුළුමනින්ම පාහේ වෙනස් කළේ වලංගු තැන්පතු පොලිය සියයට 6.5ට සහ වලංගු ණය පොලී අනුපාතිකය සියයට 7.5 දක්වා ඉහළ දමමිනි. එම ප්‍රතිපත්ති නිවේදනයේම. ආර්ථික හා මූල්‍ය උපදේශකයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමාන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා රජය විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් යෝජනා කළේය. ඒවා පහත පරිදිය.

(a) කඩිනමින්, හදිසියේ අවශ්‍ය නොවන හා අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යවත් කිරීමට අදාළ පියවර හඳුන්වා දීම.
(b) සැබෑ පිරිවැය පිළිබිඹු වන ආකාරයෙන් කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි සැපයුම් ගාස්තු වැඩි කිරීම.
විදේශ ආයෝජන හා විදේශ ප්‍රේෂණ උදෙසා තවදුරටත් දිරි දීමනා ලබා දීම.
(d) බලශක්ති සංරක්‍ෂණ පියවර ක්‍රියාත්මක කිරීම හා ඒ අතරතුර පුණර්ජනනීය බලශක්ති උදෙසා යොමු වීම.
(e) යෝග්‍ය පරිදි, දරාගැනීමේ හැකියාව පදනම් කොට බදු වැඩි කිරීමකින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම.
(f) විදේශ මුදල් යෙදවීමේ සංචලතාව වර්ධනය සහ ණය නොවන විදේශ විනිමය ප්‍රවාහන රට තුළට ඒම කඩිනමින් වර්ධනය 
(g) නිසි ලෙස උපයෝගී කර නොගත් වත්කම් හා උපායමාර්ගික නොවන වත්කම් උපයා ගැනීම 
(h) අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ව්‍යාපෘති උදෙසා ප්‍රාග්ධන යෙදීම කල් දැමීම.

කෙසේ වූවද 2022 මාර්තු 7 වැනි සඳුදා කළ නිවේදනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතිකය වඩාත් නම්‍ය කරණය කිරීමට අවසර දුන්නේය. විදේශ විනිමය හුවමාරු වෙළෙඳපොළේ ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරයක මිල රු. 230 ඉක්මවා නොයන අයුරින් කටයුතු කළ යුතුය යන මතය ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළද, මාර්තු 11 වැනි සිකුරාදා වන විට ඇමරිකන් ඩොලරය රුපියල් 265/ 275 මිලට අලෙවි විය. මෙසේ සිදුවීම යම් තරමකින්. ඒ හා සමාන්තරව, දැනට විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල්වලට, ඩොලරයකට ගෙවූ රුපියල් 10 දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කරන බවට කැබිනට් නිවේදනයක් නිකුත් වීමද හේතු වූයේය.

මෙම මට්ටමේ විනිමය හුවමාරු අනුපාතිකය පවත්වා ගන්නා අතරතුර විදෙස්ගත ශ්‍රමිකයන් විධිමත් මාර්ග ඔස්සේ ඔවුන්ගේ ප්‍රේෂණ මුදල් එවීම උදෙසා ඔවුන්ගේ විශ්වාසය යළි තහවුරු කරන ආකාරයට තවදුරටත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් නොවන ආකාරයට දැඩිසේ චක්‍රීයව ක්‍රියාත්මක කරන අතරතුර උද්ධමනය හා උද්ධමන අපේක්‍ෂාවෙන් නිසි මට්ටමේ රඳවා තබා ගන්නට තවත් බොහෝ දේ කළ යුතුව ඇත. අවසාන වතාවට උද්ධමනය මෙම මට්ටමට පැමිණි 2009 වසරේ පොලී අනුපාතිකය වූයේ තැන්පතු සඳහා සියයට 10.5ක් ණය පහසුකම් සඳහා සියයට 12ත්ය. දින 91 භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 16ක්ව පැවතිණි ඇමෙරිකාවේ ෆෙඩරල් රිස්ර්ට් බෑන්ක් පවත්වා ගනු ලබන පොලී අනුපාතිකයට අනුරූප ලෙස පොලී අනුපාතවල වෙනස පවත්වා ගනිමින් ඉහළ පොලී අනුපාතික පවත්වා ගැනීම අවශ්‍ය වේ.

ඉහළ යන උද්ධමනයට පිළියම් ලෙස ඇ.එ. ජනපදයේ ෆෙඩරල් රිසර්වි බැංකුව පොලී අනුපාත ඉහළ දමමින් එය යම් යම් සංඥා නිකුත් කර තිබේ. පවතින ප්‍රතිපත්තිමය පොලී අනුපාතකිය හා වෙළඳපොළ පොලී අනුපාතිකය අතර වෙනස විසින් ආයෝජකයන්ට අධිකතර ලාභ හිතුමතේ ලැබීමේ අවස්ථාව උදාකර දෙයි. 2022 මාර්තු 11 වැනිදා පැවැති රුපියල් බිලියන 704ක වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය නිසා ඉහත කී අවස්ථා තව තවත් වැඩියෙන් උදා වේ.

ආර්ථිකයේ ඒකරාශී වන ඉල්ලුම පහත දැමීම උදෙසාද උද්ධමනය පාලනය කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධික ලෙස මුදල් අච්චු ගැසීම නිසා 2019 සිට 2021 අග වන විට සංසරණයට එක් වූ මුදල් ප්‍රමාණය රු. බිලියන 290කින් හෙවත් සියයට 59කින් වැඩි වී තිබේ.

2019 විශාල වශයෙන් සිදු කළ බදු කපා හැරීම් නිසා රුපියල් බිලියනයක් පමණ ව්‍යාපාරිකයන් හා තනි තනි පුද්ගලයන් අත රඳා පවතී. විදෙස් ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල් විධිමත් මාර්ග ඔස්සේ නොපැමිණියද ‘‘හවාලා’’ සහ උන්ඩියල් යන අවිධිමත් ක්‍රම ඔස්සේ ඒවා ආර්ථිකය වෙත පැමිණ තිබේ. ආර්ථිකය තුළ සංසරණය වන මුදල් වැඩි වීම නිසා, දේශීය භාණ්ඩවලට මෙන්ම ආනයන භාණ්ඩවලටද ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කාර් රථ ඇතුළු ආනයන සීමා කිරීම නිසා ව්‍යාපාරිකයන් අත මුදල් ඉතිරි වී ඇත. ආර්ථිකය තුළ පවතින මෙම අධිකතර මුදල් නිසා කොටස් වෙළඳපොළේ පිබිදීමක් ඇති වී, ඉඩම් මිල සහ පාවිච්චි කළ වාහනවල වෙළෙඳපොළ ඉහළට තල්ලු වී තිබේ.

ආර්ථිකය තුළ මුදල් සැපයුම ඉහළ යාම නිසා සමපේක්‍ෂණ චේතනාවෙන් (ඉදිරිකාලයේ ලාභ ලැබීමේ චේතනාවෙන්) කරන ක්‍රියාකාරකම් වැඩිවීම, ආර්ථික වර්ධනය වැඩිවන ක්‍රියාකාරකම් වැඩිවීමට වඩා සිදුව තිබේ. ඉල්ලුමෙන් ඇතිවන පීඩනය ඒකරාශී වීමේ ගැටලුවට පිළියම් වශයෙන් තවදුරටත් මූල්‍ය ප්‍රතිපත්ති (ලිහිල් නොකර) දැඩි බවට පත් කිරීමත්, බදු ඉහළ දැමීමත්, මූල්‍ය හිඟය පියවීමට, මහ බැංකුව මුදල් යෙදවීම සීමා කිරීමත් කළ යුතුවේ. 

ආනයන අධෛර්යමත් කිරීමත්, අපනයන දිරිමත් කිරීමත් ඇසුරෙන් කරන යාන්ත්‍රණයක් තුළින් තවදුරටත් විනිමය හුවමාරු අනුපාතිකය පවත්වාගත යුතුවේ. 2020 සිට 2021 දක්වා ආනයන සියයට 28.5කින් වැඩි වී තිබේ. කෙසේ වුවද 2019 සිට එම වැඩිවීම සිදුව ඇත්තේ සියයට 3.5කින් පමණකි. තවදුරටත් ප්‍රධාන වශයෙන් ඉහළ යන ආනයන වනුයේ, ඖෂධ, ඉන්ධන, රෙදිපිළි, මූලික ලෝහ, යන්ත්‍ර, උපකරණ හා ගොඩනැගිලි උපකරණයි. භාණ්ඩ වඩාත් ප්‍රශස්ත අයුරින් භාවිතයට ගැනීම සඳහා, ඉවහල් කර ගත හැකි වඩාත් කාර්යක්‍ෂම ක්‍රමය වන්නේ මිල තීරණය කිරීම උදෙසා වෙළෙඳපොළ යන්ත්‍රණයට ඉඩ දීමයි. විශේෂයෙන් පිරිවැයට වඩා අඩු මිලක් තීරණය වී ඇති ඉන්ධන සම්බන්ධයෙන් මෙය ඉතාමත් වැදගත් වේ.

වෙළඳපොළ යාන්ත්‍රණයට බලෙන් මැදිහත් වීමෙන් සිදුවන්නේ භාණ්ඩ හිඟයක් ඇති වී කළු කඩයක් බිහිවීමයි. ඒ සම්බන්ධයෙන් මෑත කාලීන උදාහරණ එමටය. භාණ්ඩ සැපයුම හෝ ඒවායේ මිල පාලනය කිරීමෙන් සිදුවන්නේ වෙළඳපොළ පාලනය කරන්නවුන් අතට ‘‘ලාභය’’ මාරු කිරීමයි. ඒ අතරතුර පාරිභෝගිකයන්ගේ කාලයත්, ශ්‍රමයත් භාණ්ඩ සපයා ගැනීමට වැයවීමෙන් ඔවුන්ටද බද්දක් පැනවුවා හා සමාන දඬුවමක් විඳින්නට සිදුවේ.

එනිනෙක හා වෙළුණු ගැටලු දෙකකට ශ්‍රීලංකාව මුහුණ දෙමින් සිටී. රට තුළ උද්ධමනය වැඩි වීම හේතුවෙන් අභ්‍යන්තරව ඇතිවන අස්ථාවරභාවය එක් ගැටලුවකි. ඒ සමගම රට තුළට ගලා එන මුදල් ප්‍රමාණයට වඩා රටෙන් පිටතට ගලායන මුදල් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් සිදුවන අසමතුලිතතාව දෙවැනි ගැටලුවයි. මෙම නිවුන් ගැටලුවලට මූලික හේතුව රජය දිගින් දිගටම රාජ්‍ය ආදායම්වල හිඟයක් පවත්වා ගැනීම සහ එම හිඟය පියවා ගැනීමට අධික වියදම් සහිතව බාහිරින් ණය ලබා ගැනීම හා මූල්‍ය ව්‍යාපෘතිය සිදු කිරීමයි.

මෙම ගැටලුවට පිළියම් යෙදීම සඳහා පෙරමුණු කිහිපයකින්ම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. එහෙත් ඊට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනක්, රටට යම් ඉස්පාසුවක් ලබා ගැනීමට සාර්ව ආර්ථික සමතුලිතතාව ඇතිකර ගැනීම හා ආර්ථික වර්ධනය වැඩි කර ගැනීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුවේ.

පරිපූර්ණ සාර්ව ආර්ථික ස්ථායිකරණ වැඩසටහනක් සහ සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ආර්ථික විචල්‍යයන්ට බලපෑම් කරනු ඇත. ඇතැම් එකී බලපෑම් හිතකර ඒවා වන අතර ඇතැම් ඒවා හිතකර නොවේ. මෙම ප්‍රතිපත්ති වෙනස් කම් කිරීම් විශේෂයෙන් බලපාන්නේ අඩු ආදායම් ලාභී සමූහයන්ටයි. එම නිසා අවදානමට පාත්‍ර වන එකී සමාජය ආරක්‍ෂා කිරීමේ ප්‍රමාණවත් ජාල රටාවක් සකස් කිරීමට වග බලාගත යුතුය. ඒ සඳහා දැනට පවතින සමෘද්ධි වැඩ සටහන ප්‍රමාණවත් නොවේ.

එහිදී වඩාත් පරිපූර්ණ සමාජ ආරක්‍ෂණ වැඩ පිළිවෙළක් සැකසිය යුතුය. එම වැඩ සටහන උදෙසා වැයවෙන අමතර වියදම් ඉන්ධන සහනාධාරයෙන් ඉතිරි කරගැනීම උචිතය. (ඒ මගින් මේ වන විට ධනය හිමි නිවැසියෝ ද වාසි ලබති) එසේම බදු කපා හැරීම් ඉවත් කොට නැවත එය යථාවත්ව සකසා රජයේ වියදම් නැවත සකස් කරගත යුතුය.


ආචාර්ය රොෂාන් පෙරේරා විසිනි

පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

රාජ්‍ය ආදායම් කඩාවැටීමේ වින්නැහිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site