ශ්රී ලංකාවේ විසූ මහා දානපතියකුවූ මුදළිඳු සැම්සන් රාජපක්‍ෂ මහතාගේ 135 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ක්‍රි.ව. 1071 දී පමණ බ්‍රාහ්මණ වංශිකයෝ හය දෙනෙක්, වර්තමානයේ ඉන්දියාවේ කේරළය නමින් හඳුන්වන ප්‍රදේශයේ සිට සහපිරිවර සමග යාත්‍රාකොට ශ්‍රී ලංකාවේ බේරුවලට ගොඩ බටහ.
මෙම සම්ප්‍රාප්තිය සූදානම් කරන ලද්දේ (1055 සිට 1110 දක්වා රජකම් කළ) පළමුවන විජයබාහු රජුගේ නියෝගයෙනි. ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණික චෝලයින්ට එරෙහිව කරන ලද 17 අවුරුදු යුද්ධයෙන් ජයගෙන රට එක්සේසත් කරනු ලැබූ ඔහුට (රාජාභිෂේකයත්) මෞලි මංගලයයත් පැවැත්වීමට අවශ්‍ය වූයෙන් ඉහත කී ක්‍රියාව ඔහුගේ එකී අභිප්‍රාය සමග හොඳින් බැඳුනකි. මෙම ඓතිහාසික සම්ප්‍රාප්තිය සනාථ කරනු පිණිස ඕනෑතරම් සාක්‍ෂි සොයාගත හැකිය. මෙම සිද්ධිය පිළිබඳ විවිධ තතු දින වකවානු සහිතව උගතුන් විසින් ලියූ පොත්වල සඳහන්වේ.
කෙසේ වුවද නාවික වෙෙළඳුන්ගේ ප්‍රධානියකු වූ එකල ශ්‍රී ලංකා රජුට සේවය කළ බේරුවල පෙරිය මුදළි මරික්කාර්, සාලිය පට්නම් සිට පැමිණි (මෙකල කේරළයේ කොචි ප්‍රදේශය) බ්‍රාහ්මණ පූජකවරුන්ගේ ගමන භාරව කටයුතු කළේය. සැබෑ ඉන්දියානු මෝස්තරයට මෞලි මංගල්‍යයන් පැවැත්විය හැකි සුදුසුකම් ලත් පූජකයන් මෙරට නොසිටීම ඔවුන් ගෙන්වා ගැනීමට හේතු විය. ඉතාමත් සතුටට පත්වූ රජ පෙරිය මරික්කාර්ට වටිනා තෑගි බෝග පිරිනැමුවේය. මෙම තෑගි බෝගවල විස්තර එකල සම්ප්‍රදාය අනුව රන් පතක ලියනු ලැබිණි. මෙම රන්පත බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ඇති බව වාර්තාවේ. වර්තමානයේ එය තිබෙන තැන රහසක්ව පවතී.
බ්‍රාහ්මණ පූජකයන්ගේ පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ පාරිශුද්ධභාවය ආරක්‍ෂා කරනු පිණිස ස්වදේශිකයන්ට හිමි වියළි බිම් වෙත ඔවුන් ගෙන යනු ලැබුවේය. එම බිම්වල ඔවුනට රිසිසේ අලි ඇතුන් පිට යන්නටත්, අශ්වයින් පැද යන්නටත් ඉඩ ප්‍රස්ථා ලබාදුන් අතර ඇසුර සඳහා කන්‍යාවියන් ඇතුළු සියළු දේ ඔවුනට සපයන ලදී. ඔවුන්ගේ පවුල් ධජයේ මෙම විස්තර සියල්ල සඳහන්වේ. ඔවුන් පදිංචිව සිටියේ මෙකල බලපිටිය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය සමීපයේය. අද පවා එම භූමිය හඳුන්වන්නේ බ්‍රාහ්මණ වත්ත යනුවෙනි.
මේවනවිට විනාශ මුඛයට ගොස් ඇති සුප්‍රසිද්ධ මහ කප්පින වලව්ව අලුත සම්ප්‍රාප්ත වූ පිරිස ඒකරාශීවූ කේන්ද්‍රස්ථානයි. ගම්පෙරළිය ඇතුළු සිංහල චිත්‍රපට රූගත කරනු ලැබුවේ මහ කප්පින වලව්වේය. සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමා කප්පින වංශයෙන් ඍජුව පැවත එන අයෙකි.
පුරාණ නිල ඇඳුමෙන් සැරසී සිටින සැම්සන් රාජපක්‍ෂ මුදළිතුමාගේ ඉහත ඡායාරූපය බ්‍රිතාන්‍ය ජාතික කතුවර ජෝන් ෆර්ගියුසන් 1887 දී ලියූ පොතක මුද්‍රණය කරන ලද්දකි. මෙම කතුවරයා එම පොතේ මුදළිතුමාගේ පාර්රථකාමී ක්‍රියාවන් සහ ඔහුගේ ත්‍යාගවන්ත භාවය මහත්සේ අගය කරමින් ඒවා වාර්තා කොට තිබේ.
සැම්සන් රාජපක්‍ෂ උපත ලැබුවේ 1888 දෙසැම්බර් 30 වැනිදාය. එකල සිටි ත්‍යාගශීලී ධනවත් සිංහල ප්‍රභූවරුන් අතරින් එක් අයකු වූ ඒඩ්‍රියන් රාජපක්‍ෂ මහ මුදලිගේ එකම පුත්‍රයා වූයේ සැම්සන් රාජපක්‍ෂයි. සැම්සන් යන නම ඔහුගේ පුතුට යොදන ලද්දේ ඒඩ්‍රියන් රාජපක්‍ෂ සමීපව ඇසුරු කළ ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය යුද නිලධාරියකු සිහිවීම පිණිසය.
ලාබාල සැම්සන් අධ්‍යාපනය ලැබුවේ කොළඹ 7 රාජකීය විද්‍යාලයෙනි. එකල කොළඹ ඇකඩමිය යනුවෙන් හැඳින්වූ එහි ඉංග්‍රීසි භාෂාව ඇතුළු අනෙක් විෂයන් හෙතෙම හදාරනු ලැබුවේය. ඉන් පසුව නැවත බලපිටිය (වැලිතොට) වෙත පැමිණි ඔහු ප්‍රමුඛ පෙළේ භික්‍ෂූන් වෙතින් බුද්ධ ධර්මය අධ්‍යයනය කළේය.
1832-1935 කාලයේදී ක්‍රියාත්මක කළ කෝල්බෲක් - කැමරුන් ප්‍රතිසංස්කරණ මගින් දිවයිනේ වතු ආශ්‍රිත ක්‍රියාකාරකම් සැළකිය යුතු වෙනසකට ලක් කරනු ලැබුවේය. රජයට හිමිව තිබූ සියලු කුරුඳු සහ පොල් වතු විකුණා දැමිණි. කොළඹ මුළු කුරුඳුවත්ත ඇතුළුව එම කුරුඳු සහ පොල් වතුවලින් වැඩි හරියක් මිලට ගන්නා ලද්දේ ඒඩ්‍රියන් ද සිල්වා රාජපක්‍ෂ මහ මුදලි විසිනි. එවකට ආණ්ඩුකාර නිවසේ මුදලිවරයාව සිටි ඔහුගේ පුත්‍ර සැම්සන් මෙම පොල් වතු සහ කුරුඳු වතු කළමනාකරණය කළේය.
ඉන්පසු 1868 වැලිතර උපත ලැබූ ඔහුගේ පුත්‍ර ටියුඩර් රාජපක්‍ෂ මෙම වතු කළමනාකරණය කොට, ඊට යාබද වතු පිටිද අත්පත් කරගෙන ඒවා වැඩි දියුණු කළේය. විසිවැනි සියවසේ පළමු දශකය තුළදී රාජපක්‍ෂ පවුලට අයත්වූ පොල් සහ කුරුඳු වතු ප්‍රමාණය වැඩි වූයේය.
කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ හා ඊට යාබද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉඩම සහ වර්තමානයේ මීගමුව සංචාරක හෝටල් කලාපය ඇතුළුව මීගමුව සමීපයේ පොල් ඉඩම් රාශියක් ඒ අතර විය. තම පියාවූ ඒඩ්‍රියන් මහ මුදලිගේ අකල් වියෝව හේතු කොටගෙන සැම්සන් රාජපක්‍ෂ දායක වෙමින් ඉටුකළ ව්‍යාපෘති සහ සැම්සන් රාජපක්‍ෂ වයස අවුරුදු 57 දී මිය යාම නිසා ඔහුගේ පුත්‍ර ටියුඩර් නතානියෙල් රාජපක්‍ෂ දායකවූ කාර්යයන් කිහිපයක් මම පහත ලේඛනගත කරමි.
පහත සඳහන් ආයතන උදෙසා ඉඩම් පරිත්‍යාග කිරීම, පිහිටුවීම හා ක්‍රියාකාරීත්වය පසු විපරම් කිරීම ඔවුන් විසින් කරන ලදී.
● රාජකීය විද්‍යාලය (එවකට කොළඹ ඇකඩමිය) සහ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය
● ආනන්ද විද්‍යාලය (ආනන්ද විද්‍යාලයේ පළමු ස්ථීර ගොඩනැගිල්ල ඉදිකොට 1895 අගෝ. 23 වැනිදා ටියුඩර් රාජපක්‍ෂ මුදළිඳු විසින් චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී).
● කොළඹ වෛද්‍ය විද්‍යාලය (1875) සහ ශිෂ්‍යත්ව කිහිපයක්
● කොළඹ මහ රෝහල (1865)
අකල්හි වියෝවුණු ඔහුගේ පෞද්ගලික වෛද්‍ය පීටර් ඩෑනියෙල් ඇන්තනින් සිහිවීම පිණිස ඔහු ගාල්ලේ සංකේතය බඳු ඔරලෝසු කණුව සඳහා මුදල් යොදවා එය ඉදිකිරීමට (1883 දී) කටයුතු කළේය. අවාසනාවකට ඔරලෝසු කණුවේ වෙලාව තවදුරටත් නොපෙන්වන අතර මුදලිවරයාගේ නම සඳහන් ඵලකය මේ වනවිට ඒ නම හඳුනාගත නොහැකි ලෙස ඛාදනයට ලක්ව තිබේ.
සැම්සන් රාජපක්‍ෂ තමාට මුළුමනින්ම හිමිව තිබූ කොළඹ කුරුඳුවත්ත පරිත්‍යාග කළද ඔහුගේ නම කොළඹ කිසිම පාරකට යොදා නොතිබීම උත්ප්‍රාසයට කාරණයකි. සැම්සන් රාජපක්‍ෂ පිළිරුවක් කුරුඳුවත්තේ ඉදිකිරීම පිණිස ඔහුගේ සගයින් රුපියල් 10,000 ක අරමුදලක් පිහිටවූ බව යම්තමින් සඳහන් වී තිබේ. එම අරමුදල කිනම් හෝ බැංකු ගිණුමක අකර්මන්‍යව රැඳී තිබේ.
සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමාගේ 135 වැනි මරාණානුස්මරණ අවස්ථාවේ කැනඩාවේ ඇල්බර්ටා, එඩ්මන්ටන් හි පදිංචි නිමල් රාජපක්‍ෂ විසින් මෙය ලියා තැබූ වගයි.
පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ
නිමල් රාජපක්‍ෂ විසින් A Forgotten Son of Lanka යන හිසින් ලියූ ලිපියේ පරිවර්තනයයි.
(***)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටට අමතකවූ මහා දානපතියෙක් මුදලිඳු සැම්සන් රාජපක්ෂ
Perera Friday, 27 January 2023 06:54 AM
දැන් ඉන්න රාජපක්ෂලා ජනතා දේපළ හොරාකන හොරුනේ...
නාලනී පටබැඳි Friday, 27 January 2023 08:39 AM
හරිම වටිනා විස්තරයක්. අවුරුදු 35ක් වෙනකල් ලංකාවේ හිටියත් මේ කිසිම දෙයක් අහලා තිබුනේ නැහැ. අඩුම තරමේ කුරුඳුවත්තේ පාරක්වත් මෙතුමාට උපහාර පිණිස නම් නොකරපු එක හරිම කණගාටු දායක පුවතක්... හතු පිපෙනවා වගේ බිහිවෙන දේශපාලනයට සම්බන්ධ අය වෙනුවෙන් එහෙම කරලා තියෙද්දී... මෙවැනි විස්තර තවතවත් සැපයීමට ඔබට හැකිවේවායි පතමි. ඔබ ඔබේ කාලය වටිනා ලෙස වැය කරන බව කිව යුතුමයි.
Saman Fernando Friday, 27 January 2023 12:06 PM
ගොඩක් හොඳ ලිපියක්.... ස්තුතියි...!
ANURA NANAYAKKARA Friday, 27 January 2023 12:13 PM
අමතක නොකළ යුතු දක්ෂිණ ලංකාවේ බලපිටියෙන් බිහිවුණු උතුම් ධනපතියෙක්... කුරුඳුවත්තේ මෙම මුදළිඳු රාජපක්ෂ නමින් නම්කොට ජනතාවට ඉදිරිපත් කළ යුතුය.
සෙනරත් Saturday, 28 January 2023 09:09 AM
අපිත් එඩ්මන්ටන් ඉන්නේ... නිමල් රාජපක්ෂ දකින්නට ආසයි..
abaran Saturday, 28 January 2023 12:04 PM
සුද්දන්ගෙන් නම්බු නාම, බලතල, ඉඩකඩම්, වතුපිටි ලබාගත් පරදේසීන්ට රට පාවා දුන් අය මේ නමින් හඳුන්වනු ලබයි.
sampath Thursday, 02 February 2023 08:25 PM
දැන් ඔය කවුරුවත් ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. අනෙක දැන් ඕවා ගැන කතාවෙලා ඵලක් නැහැ. දැන්වත් එකතුවෙලා වැඩකරමු..