IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රට තනි බුක්තියට ගැනීම්

බෞද්ධ දර්ශනයට අනුව රජු දෙවියන්ගේ නියෝජිතයකු හෝ සේවකයකු නොව මනුෂ්‍යයන්ගේ සේවකයෙකි. ජර්මන් දාර්ශනික සහ කාල්  මාක්ස්ගේ ගුරුවරයකු වූ හේගල් ට අනුව රාජ්‍යය යනු මහපොළොවෙහි දෙවියන් වහන්සේගේ චලනය හෙවත් ගමන ය. රාජ්‍යය යනු මහපොළොවෙහි සාතන්ගේ ගමන හෝ චලනය යැයි ඔහු කීවේ නැත.

මහා භාරතයෙහි දැක්වෙන්නේ රජු විසින් මහජනයා ගැබෙහි සිටින දරුවන් මෙන් රැකිය යුතු බව ය. එසේම  රජු විසින් දණ්ඩ නීතිය මගින් ලෝකය සංවර කරන බවය. කෙනෙකුට අති සරල යැයි සිතෙන මේ අදහස් ඉදිරිපත් කළේ අපේ පාඨකයා ට ඉතා සරල කරුණක් පැහැදිලිකර දීමේ අරමුණෙනි.

එනම් රාජ්‍යයකට, රජකුට, පාලකයකුට, ජන නියෝජිතයකුට  මහජන හිතසුව පිණිස පැවරෙන කාර්යභාරය සුළුපටු නැත යන්න ඒ සරල කරුණය. මෙරට සියලූ ජනයා එය වටහාගත යුත්තේ කලක සිට අප මුහුණ දී සිටින රාජ්‍ය අර්බුදය තේරුම් ගැනීමේ මුල් පාඩම සහ පදනම ලෙස එය ඉතා වැදගත් වන බැවිණි.

1643 සිට 1715 දක්වා ප‍්‍රංශය පාලනය කළ ආඥාදායක පාලකයා වූ 16 වැනි ලූවී ප‍්‍රකාශ කළේ ‘රාජ්‍යය යනු මම ය’ කියා ය. එළිපිට නොකීවත් බොහෝ ආඥාදායකයන්ගේ හැටි සහ වැඩ  එහෙමය. එහෙත් අපේ රටේ පාලකයන් දහසය වැනි ලූවී ට වඩා මඳක් හොඳ යැයි කෙනකුට සිතෙන්නට පුළුවන. මන්ද මෙරට පාලකයෝ රාජ්‍යය යනු මම ය  කියා නොකියති. ඔවුන් කියන්නේ ‘රාජ්‍යය යනු අප ය’ කියා ය. ඒත් ඒ ‘අප’ යන්න ට මෙරටේ පොදු ජනයා අයිති වෙන්නේ නැත. ඊට අයිති වෙන්නේ පාලකයනුත්, ඒ අයගේ පවුලේ අයත්, ඥාතීනුත්, හිතමිතුරනුත් ඒ වගේම සහචරයෝත්ය මේ කියන එක තේරුම් ගැනීමට, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ කියවීම පමණක් වුව සෑහේ.

එහෙම බලනකොට නම් මේ පාලකයන් තදින් ම අවධාරණය කරන්නේ ‘‘රාජ්‍යය යනු කිසිසේත් ම තොපි නොවේ, තොපෙත් නොවේ, එය අපේය, අපි පමණක්ම ය’’ යන්න ය. ඒ බව ඔප්පු කිරීමට තම තමන්ගේ වැටුප්, දීමනා, කුලී, වාහන, වාහන පර්මිට්, පවුලේ අයවත් බඳවා ගත හැකි තනතුරු යනාදිය හිතූ හිතූ ආකාරය ට වැඩිකරගැනීම ගැන කතා කිරීම නොවටිනා තරම් ය.

මොවුන් ස්වකීය ජාවාරම්කාර ධන සමුච්ඡුනය සඳහා ප‍්‍රකෝටි ගණනින් රටේ ජනයාගේ මුදල්, අනේකවිධ සම්පතින් සහ වනාන්තරවලින්  අනූන  මහපොළොව,  මහ මුහුද, රේඩියෝ, රූපවාහිනී, දුරකථන, අන්තර්ජාල තරංග/සංඛ්‍යාත වලින් පිරුණු අහස, වරාය සහ ගුවන්තොටුපොළවල් පමණක් නොව නාවික මුහුදු තීර සහ ගුවන් තීර අලෙවි කළ හැකි භාණ්ඩ සහ සේවා බවට පත්කරගෙන ඇත්තේ විස්මයජනක ලෙසය. ඒවා කරන හැටි ඔවුන්ට මිස පොදු ජනයාට තේරෙන්නේ නැත. ඒ නිසාම ඔවුන්ගේ ‘අපි’ ගොඩේ පොදු ජනයා නැත.

එක දිගට පෙළගැසෙන සිදුවීම් හමුවේ මේ ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ ‘රාජ්‍යය යනු අප ය’ යන ලූවීවාදී ප‍්‍රතිපත්තිය යි. එය පැවති ප‍්‍රතිගාමී ආණ්ඩුවල ට වඩා ප‍්‍රතිගාමී ඉදිරි වර්ධනයක් මිස ප‍්‍රගතිශීලී ඉදිරි වර්ධනයක් නම් නොවේ. කාලයක සිට මේ රට මත දෙවියන්ගේ ගමන හෝ චලනය සිදුවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ සාතන් ලා ගේ ගමන සහ චලනය යි.

රාජ්‍යය යනු අපය කියා සිතන සහ වැඩකරන‘පාලකආණ්ඩු රාජ්‍යය’ උසස් අධ්‍යාපනය මත ගමන් කරමින් එය විනාශ කළේය. ඒ සඳහා ප‍්‍රසිද්ධ නිදර්ශනය සයිටම් අර්බුදය යි. මේ පාලකආණ්ඩු රාජ්‍යය රටේ ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුව මතින් ගමන් කළේ,  චලනය වූයේ මහ බැංකුව පිළිබඳ අති දැවැන්ත අවිශ්වාසයක් ප‍්‍රදානය කරමිණි. පොදුජන මුදල් ප‍්‍රකෝටි ගණනක් ජන සමාජයට අහිමි කරමිණි.

එතැනින් නොනැවතුණු පාලකආණ්ඩු රාජ්‍යය, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මතින් ද දිව ගියේ ය. එහි ආයතනික ජාතික දැක්ම වූ ‘‘ආයතනික විශිෂ්ටත්වය තුළින් සමස්ත පාර්ශ්වකරුවන් සඳහා වූ ක‍්‍රියාශීලී හා ස්ථාවර ප‍්‍රමුඛ භාරයක් බවට පත්වීම’’ යන්න සුළුවෙන් හෝ නොතැකූ මේ ලූවීවාදීන් රටේ සේවා නියුක්තයන්ගේ භාරය අවභාවිතා කළේ නොහික්මුණු දාමරිකයන් සේ ය. 1958 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ස්ථාපිත කළ අර්ථ සාධක අරමුදල මේ වනවිට මෙරට විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රමයයි. එහි වත්කම රුපියල් බිලියන 1665 කි.

සේවක අර්ථ සාධක අරමුදලේ අරමුණ වන්නේ ජීවිතයේ සැඳෑ සමයේ  දී සේවකයාගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ රටේ ආර්ථික වර්ධනය සඳහා සේවකයා කළ දායකත්වය ට කෘත ගුණ සැලකීමයි. එහෙත් ඒ අර්ථ සාධක අරමුදල උඩින් ද පාලක ආණ්ඩු රාජ්‍යය ගමන් කළේ ය. එසේ ගමන් කළේ ඒ අරමුදල් දෙකේම සහචරයන් කීප දෙනකුට රහස් තොරතුරු ලබාදීමේ කාර්යයට දස කෝටි ගණනින් වූ අල්ලස් ද ලබා දෙමිනි. සතෙන් සතේ, රුපියලෙන් රුපියල ඉතිරි කරන බැංකුව ට ද අත්වුණේ ඒ ඉරණම ය. මේ හැම තැනකම ගොඩ ගැසී තිබුණේ පොදු ජනයාගේ දහඩිය මහන්සිය ය. සමාජ ආරක්ෂණය වක්කඬේ සැඟ වූ හකුරු බවට පත් විය.

මේ පාලකආණ්ඩු රාජ්‍යය, උමා ඔය දිගේ සීතල කඳුකරය හරහා ගිය ගමනේ ප‍්‍රතිඵලය වුනේ මධ්‍යම කඳුකරය ට කඳු ගිලා බැස ගිය දිය සිඳුණ ජන ශුන්‍ය සීතල කාන්තාරයක් උරුම වීම ය. හම්බන්තොට හරහා ගිය ගමනේ ප‍්‍රතිඵලය වූයේ වරාය, ගුවන්තොටුපොළ සහ තැනි බිම් රට ට අහිමිවීමය.

විල්පත්තුව හරහා ඒ මතින් ගිය ගමනේ ප‍්‍රතිඵලය වූයේ වන ගහණයේ නෑඹුල් තැන් මිනිස් ගඳින් ඉහවහා ගිය අක්කර දස දහස් ගණනක මහා වනාන්තර විනාශයක් ය. මේ දෙස බලන කෙනෙකුට සිතෙන දෙය නම් ‘අනේ හේගල් කියූ ලෙස දෙවියන් අපේ රට මත ඇවිද යන්නේ ම චලනය වන්නේ ම නැතිද යන්නය.

මහා භාරතයෙහි දැක්වෙන ලෙස රාජ්‍යය විසින් සමාජය සංවර කරනු ලබන්නේ දණ්ඩ නීතිය මගිනි. රාජ්‍යය විසින් දණ්ඩ නීතිය මගින් සමාජය සංවර කිරීමේ අලූත්ම උදාහරණය අප දුටුවේ මෑතක හම්බන්තොට දී පැවැත්වුණු විරෝධතාවේ දී ය. එහිදී ඉහළ පොලිස් නිලධාරියකු තරුණ මාධ්‍ය කරුවකුගේ කන පුපුරන්නට පහර දෙන්නේ ඒ මාධ්‍යකරුවා අත්අඩංගුවට ගත් අනික් පොලිස් නිලධාරීන් දෙදෙනාද තුෂ්නිම්භූත කරවමිනි. එසේ ම බටලන්ද, සුරියකන්ද, වවුල් කැලේ, මීගමුව, කටුනායක, රතුපස්වල, මීතොටමුල්ල සහ දෛනිකව කොළඹ නගරයේ මහජන ව්‍යාපාරවල ට එල්ලවන පොලිස් ප‍්‍රහාර පෙන්නුම් කරමින් සිටින්නේ මහා භාරතයෙහි සඳහන් වන රාජ්‍යය විසින් සමාජය සංවර කිරීමේ දණ්ඩ නීතිය ක‍්‍රියාවට නැඟීමක් නම් නොවේ. මේ සියලූ කරුණු හරහා පෙන්නුම් කරමින් සිටින්නේ මේ රාජ්‍යය ට, 16 වැනි ලූවී කියූ දේ ට මඳක් වෙනස්ව ‘රාජ්‍යය යනු අප ය’ යන්න ගැළපෙන බව මිස එය බෞද්ධ දර්ශනය ට හෝ මහා භාරතය ට හෝ හේගල් ට හෝ පෙනුණු රාජ්‍යය නම් නොවේ යන්න ය.

කලක සිට තැනූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා එකකටවත් මේ කරුමයෙන් මේ රට ගොඩ ගැනීමට හැකි වුණේ නැත. එසේම ඉහතකී පොදුජන පීඩා ඉවත්කිරීමට හැකිවුණේත් නැත. හදමින් තියෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ඒ කාරණාවලදී අසමත්ය. පොදුජන සමාජයට ගිනි ඇවිළවීම මිස එහි ගිනි නිවීමට කිසිදු උත්සාහයක් ගෙන නැත. මේ ප‍්‍රඥාවන්ත ව්‍යවස්ථා විශාරදයන් කරමින් සිටින්නේ ගිනි ගන්නා අර්බුදය මත තම සිතැඟිවලට ගැළපෙන කූටෝපායන් ක‍්‍රියාවට නැඟීම ය.

ඉහත ව්‍යංගයෙන් සඳහන් කළ, පොදුජන සමාජය මුහුණදෙමින් සිටින කිසිදු ගැටලූවකට උත්තර නැති, විසඳුම් නැති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ අර කියූ ආකාරයේ ලූවීවාදී පාලකයන් සහ ඔවුන්ව රූකඩ සේ නටවනවුන්ට මිස පොදු ජනයා ට නම් නොවේ.

මේ විශාරදයන්ගෙන් ඇසීමට ප‍්‍රශ්න රාශියක් තිබුණද ඉන් එකක් ඇසීම අත්‍යවශ්‍යය. පොදු ජනයා මුහුණදෙන බඩගින්න, රෝග බිය, සොරසතුරු බිය, මහපොළොව, අහස, අවකාශ (භූගෝලීය-සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික), මුහුද, වනාන්තර, යනාදී පොදුජන සම්පත් සහචර කල්ලි විසින් අත්පත්කර ගැනීම, විකිණීම, අවභාවිත කිරීම, ජනයාට අහිමි කිරීම සහ විනාශ කිරීම යනාදිය වළක්වාලීමට රාජ්‍යය ට නොහැකිවී ඇත්තේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මොන වරද නිසාද යන්න ඒ ඇසිය යුතුම ප‍්‍රශ්නය යි. එසේ වී ඇත්තේ ව්‍යවස්ථාවේ වරදක් නිසා නම් නොවේ. ලූවීවාදී පාලකයන්ට ජනතාවගේ ඒ පීඩා සහ ප‍්‍රශ්න සිහියට එන්නේ මැතිවරණවලදී පමණක් වන නිසාය.

ඉතා සරල ප‍්‍රශ්න කීපයක් ද ඇසිය යුතුය. බටලන්ද, සූරියකන්ද, වවුල් කැලේ, මීගමුව, කටුනායක, රතුපස්වල, මීතොටමුල්ල සහ දෛනිකව කොළඹ නගරයේ මහජන ව්‍යාපාරවල ට එල්ලවූ සහ එල්ලවන පොලිස් ප‍්‍රහාර එසේ සිදුවුණේ සහ සිදුවන්නේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කුමන අඩුපාඩුව නිසා ද? මහ බැංකු බැඳුම්කර වංචාව සහ ඊට අනුබද්ධව සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ, අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා වුණේ සහ රාජ්‍ය බැංකුවල පොලී අනුපාත අඩුවුණේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කුමන අඩුපාඩුව නිසා ද?

මේ සියලූ ප‍්‍රශ්නවලට පිළිතුරු මේ වන විට පොදු ජනයා වටහාගෙන සිටින නිසා සිදුවී ඇත්තේ අවුස්සන්නට යන ව්‍යවස්ථා උන්මාදය ලත් තැනම ලොප් වීමය. එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථා විශාරදයන් මීළඟට ගන්නා පියවර කුමක් ද යන්නට වඩා වැදගත් වන්නේ ජනතාව ගන්නා තීරණය කුමක්ද යන්න ය.



අදහස් (1)

රට තනි බුක්තියට ගැනීම්

Raveendra Saturday, 21 October 2017 05:53 PM

දුන්නේ කම්බුල් පර කන පුපුරන්ටය...... දැක්කේ නැහැ කැමරාවක් මානා ඇතිබවට..... උත්සහ කලේ තව තරුවක් අදින්ටය....... පසුවය දන්නේ මුළු ලෝකෙම දැක්ක බව.....

:       2       220

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 359 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1287 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 751 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1089 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1904 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1453 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 807 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site