IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රට යළි ගොඩනැගීමට සියලු පක්ෂ එක්විය යුතුයි

අද ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. වත්මන් අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීම බාරදී ගෙදර යාමට සිදුවන තරමට දේශපාලන අර්බුදය ඔඩු දුවා තිබෙන අතර ජනතාව පාරට බැස කෑම බීම, තෙල්, ගෑස්, රැකියාවල සුරක්ෂිත බව ඉල්ලා අරගල කරන තරමට ආර්ථික අර්බුදය බරපතළ වී තිබේ.

අමාත්‍ය මණ්ඩලය අස්වූ පමණින් දේශපාලන අර්බුදය විසඳෙන්නේ නැත. ජනතාව පාරට බැස කරන අරගලයද සැබෑ ගැටලුවලට විසඳුමක් වන්නේ නැත. මේ යථාර්ථය හොඳින්ම අවබෝධ කරගත යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කර වත්මන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය.

අද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේම දැඩි විරෝධයට මුහුණ දී සිටිති. මේ තත්ත්වය කෙතරම් බරපතළ දැයි කිවහොත් රටේ ජනතාව මහ මග යන මැති ඇමැතිවරුන්ට හූ කියන, අපහාස කරන තත්ත්වයක් ඇතිව තිබේ. මෙහිදී පැහැදිලිව පෙනී යන්නේ දේශපාලන මෙහෙයවීමකින් තොරවම රටේ ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලා මහපාරට බැස සිය විරෝධය ප්‍රකාශ කරන බවය. මෙය දේශපාලන උසි ගැන්වීමක්, අන්තවාදී ක්‍රියාවක් හැටියට කවුරුන් හෝ හඳුන්වනවා නම් එය සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමකින් තොරව සිදුකරන නන්දෙඩවීමක් බව පෙන්නා දිය යුතුය.

පවතින සමස්ත ක්‍රමයම හෙළාදකින ජනතාව ඉල්ලා සිටින්නේ දැවැන්ත දේශපාලන සහ සමාජ පරිවර්තනයකි. තමන්ගේද ප්‍රශ්න  විසඳන සැබෑ සාධාරණ පරිවර්තනයක් ඉල්ලා ජනතාව නගන හඬ ඉදිරියේ වගකිව යුතු රජයකටවත් විපක්ෂයකටවත් නිහඬව සිටිය නොහැක.

පවතින ව්‍යාකූල තත්ත්වය නිවැරදිව හඳුනාගැනීමකින් තොරව එය අන්තවාදීන්ගේ උප්පරවැට්ටියක් වශයෙන් ලඝු කිරීම  තත්ත්වය තවත් නරක අතට හැරවීමකි. රටේ සියලු දේශපාලන නායකයන් තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගනිමින් ඊට විසඳුම් සෙවීම මේ හෝරාවේ රටේ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරන සියලු නායකයන්ගේ පරමාර්ථය විය යුතුය. පටු දේශපාලන වංගු ගැසීම්වලින් දැන් පලක් නැත. එවැනි  දේශපාලන ගැට පිළිබඳව රටේ සියලු ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටින බව පාරට බසින ඕනෑම කෙනකුට පහසුවෙන් අවබෝධ කරගත හැක.

අපේ රට මෙතැනින් ඉදිරියට තබන පියවර මත රටේ අනාගතය රැඳී තිබෙන බව පැහැදිලිය. වැරදි තීරණයක් ගැනීම තමනුත් විනාශ වී රටත් විනාශ වන තරමට දිග්ගැස්සී යාමටද ඉඩ තිබෙන  බව සිහියේ තබා ගනිමින් සියලු නායකයන් එක්වී රට යළි ගොඩ නැගීමේ කාර්යයට මුල පිරිය යුතුය.

එහිදී ජනතාව බලාපොරොත්තු වන සැබෑ වෙනසකට යාමට තරම් දැඩි තීන්දු ගැනීමට නායකයන් සියලු දෙනා තුළ පොදු අවබෝධයක් තිබීම අවශ්‍යය. ඉතිහාසයේ දරුණුම ආර්ථික ගැටලුවලින් දැඩිව පීඩා විඳින ජනතාවට ලොසින්ජර ලබාදී මේ ප්‍රශ්න විසඳිය නොහැක. පවතින ආර්ථික අර්බුදයේ තරම තවමත් නොදැන නන්දොඩවන දේශපාලනඥයන් පිළිබඳව අපට දැනෙන්නේ මහත් පිළිකුලක් බව ද රටේ පාරට බැස අරගල කරන ජනතාවට පාර්ලිමේන්තුවේ 225ම සම්බන්ධයෙන් දැනෙන්නේ එවැනිම පිළිකුලක් බව ද කිව යුතුය.

බින්දුවට වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රටේ සියලු දේශපාලන නායකයෝ එක් වී දැන්වත් අලුත් ගමනක් යාමට සැබෑ උනන්දුවක් පෙන්වීම අවශ්‍යය. එකතු වී යන ගමනකින් හැර තනිව යන ගමනකින් අගාධයෙන් ගොඩ යා නොහැක. රටේ මේ සියලු ප්‍රශ්න ඇති වූයේ ඩොලර් සංචිත සිඳී යාමෙනි. එහෙත් ඇමැති මණ්ඩලය ගෙදර යාමෙන් ඩොලර් උපදින්නේ නැත.

රටට අවශ්‍ය ඩොලර් ශක්‍ර දේවේන්ද්‍රයා ගෙනැවිත් දෙන්නේත් නැත. රටේ පවතින තත්ත්වය අනුව පටු චේතනා මතින් ගොඩනැගෙන සියලු ආයෝජන ජාත්‍යන්තර ප්‍රජාවගේ කුමන්ත්‍රණ වශයෙන් පෙන්වන, සියලු නිෂ්පාදන දේශීය කර්මාන්තවලින් පමණක් සිදුකරගත හැකිය වැනි මිථ්‍යා මතවලින් දැන්වත් බැහැර විය යුතුය. දේශපාලන සටන්පාඨ සඳහා එවැනි මෝඩ තර්ක වැදගත් විය හැකි වුවද ඒ ඇසුරින් රටට ඩොලර් ලැබෙන්නේ නැත. මෙතරම් කාලයක් රට වසාගෙන සිටි ආර්ථික මිථ්‍යාවේ කඩතුරාව ගලවා දමා අලුත් ආදායම් මාර්ග සකස් කර ගැනීමකින් තොරව රටට ඉදිරි ගමනක් නැත.

ඡන්ද ලබාගැනීම සඳහා ජනතාවට සහන දෙන මුවාවෙන් පවත්වාගෙන ගිය සුබසාධන රාජ්‍ය ක්‍රමය මේ රටට සිදුකර ඇති විනාශයේ තරම දැන්වත් මේ සියලු නායකයන් තේරුම් ගත යුතුය. අපේ රට සුනාමිය, යුද්ධය ජයග්‍රහණය කිරීම වැනි රටට විශාල ඉදිරි පිම්මක් ගත හැකිව තිබූ අවස්ථා සියල්ල පටු දේශපාලන අදහස් හේතුවෙන් අහිමි කරගත් රටකි.

ඒ අවස්ථාවලදී සියලු දේශපාලන පක්ෂ එකතු වී ගමනක් ඇරඹුවා නම් අද අපේ රට මේ අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයට වැටෙන්නේ නැත. පටු දේශපාලන මිථ්‍යා මතවලින් තොරව සියලු දෙනාටම රට වෙනුවෙන් ඉදිරිපත් වී වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට දැන් අවස්ථාවක් නිර්මාණය වී තිබේ. මෙය අපේ රටට ලැබුණු අවසන් අවස්ථාව බවට ඉතිහාසයේ කෙදිනක හෝ සටහන් වනු ඇති බව සියලු දෙනාට සිහිපත් කර දෙමු.



අදහස් (0)

රට යළි ගොඩනැගීමට සියලු පක්ෂ එක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site