IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රුපියල යළි වැටීමට ඉඩ නොදෙමු

ඩොලරයත් රුපියලත් යළි ගැටෙමින් තිබේ. රුපියල අමාරුවේ දමමින් ඉහළ ගොස් තිබූ ඩොලරය මාස දෙක තුනකට පෙර පහළ ආවේ රුපියල ඔසවා තබමිනි. රුපියල් 370 ආසන්නයට ගිය ඩොලරයේ වටිනාකම රුපියල් 300 මට්ටමට දක්වා නොබෝදා පහත වැටිණි. එය ඩොලරයට සංවේදී බොහෝ පිරිස් තුළ දැඩි බලපැමක් ඇති කළ අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිසියම් පිබිදීමක් ඇති කිරීමටද හේතු විය. එහෙත් මේ  පිබිදීම වැඩිකල් නොපැවැතීම දැන් ගැටලුවක් බවට පත්වී තිබේ.

රුපියල යළිත් ඩොලර්ය හමුවේ පසුගිය දිනවල හැකිලී ගියේ බොහෝ දෙනාගේ දෙබෑම ඉහළ නංවමිනි. ඩොලරය සමග තම ව්‍යාපාර කටයුතු  මෙහෙයවන බොහෝ දෙනකු තුළ යළිත් ඇතිවූයේ තරමක අවිනිශ්චිත බවකි.

මේ අවිනිශ්චිත බව විදෙස් රැකියා මගින් උපයන ඩොලර් මෙරටට එවන අපේ එතෙර සිටින පුරවැසියන්ද අමාරුවේ දමා තිබේ. පැය 24 කින් රුපියලේ අගය සෑහෙන ප්‍රමාණයකින් වෙනස්වීම්වලට ලක්වෙනවිට ඔවුන් මෙරටට මුදල් එවීම පමා කිරීම බලාපොරොත්තු විය යුතුය.

වෙනස සිදුවන්නේ සුළු පරිමාණයකින් නම් එහි බලපෑම අඩුය. එහෙත් අතට දැනෙන වෙනසක් සිදුවන විට ඔවුහු මුදල් එවීමට පැකිලීමක් දක්වති. නැතහොත් උණ්ඩියල් සහ හවාලා වැනි අනීතික සේවාවල පිහිට පතති. දැනට ඇතිව තිබෙන ඩොලරයේ අගය වරින්වර වෙනස්වීම එවැනි ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයන් විසින් ඇති කරන ලද කෘතිම තත්ත්වයක් බවද සඳහන් වෙයි. එය එසේ වී දැයි සොයාබැලීමට මහ බැංකුව වහාම ඉදිරිපත්ව විමර්ශනය කළ යුතුයයි අපි සිතමු. එහෙත් කෘත්‍ිම ලෙස ඩොලරය අල්ලාගෙන සිටීමද නොකළ යුතුය.

ඩොලරය කෘත්‍ිම ලෙස අල්ලාගෙන සිටීමේ ආදීනව සම්බන්ධයෙන් අප සියලු දෙනාටම ඇත්තේ ඉතාම අමිහිරි කටුක අත්දැකීමකි. අපේ රටේ ඩොලර් සංචිතයේ ලෙලි යනතුරුම රුපියල ශක්තිමත්ව තබාගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. මෙරට ආර්ථිකයේ මහා ගැලවුම්කරුවන් සේ පෙනීසිටි ඇතැම් ආර්ථික විශාරදයන්ගේ මතයවී තිබුණේ එයින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් සිදු නොවන බවය. එහෙත් මේ රටේ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් ගණනාවක්ම පෙන්වාදුන්නේ ඩොලර් දිය කරමින් රුපියල රැකගැනීමට යාම දෑත් බැඳගෙන දියට පැනීමක් හා සමාන වන බව ය. එයින් ගොඩඒමක් නැති බවය. 

රට බංකොළොත් වීමේ පීඩනය එල්ලවූයේ මේ ආර්ථික බලවතුන්ගේ කර මත නොවේ. පොදු මහජනතාවගේ කර මතය. ඔවුහු දුක්පීඩා බර හේතුවෙන් බිමටම පාත්වූහ. මේ නිසා යළිත්  ඩොලරය කෘතිමව අල්ලාගෙන සිටීමට කිසියම් හෝ වෑයමක් දරුවත් එය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹෙනු ඇත.

ව්‍යාපාරික ක්ෂේත්‍රය ද මෙසේ ඩොලරය අවිනිශ්චිත තැනකට තල්ලුවීම නිසා කැළැඹී සිටී. දැනට උද්ගතව තිබෙන තත්ත්වය තාවකාලික තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ පිළිබඳ බියක් ඇතිකර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එහෙත් දේශපාලනඥයන්ගේ මෙවැනි කතා බොහොමයක් පිළිගැනීමට අපහසු ‘සිත නිවන කතා’ බව රටේ ජනතාව දැන සිටිති. ගිනිපෙනෙල්ලෙන් බැට නෑ පුද්ගලයා කනාමැදිරි එළියටත් බය වෙන්නා සේ යළිත් වරක් ඩොලරය ඉහළට ගොස් රුපියල ‘චොර’ වෙන  තත්ත්වයකට පත්වනු දැකීමට ඔවුන් කැමැති නැත. ඩොලරයේ අගය යළි වැඩිවෙනවිට ජනතාව තුළ  තැතිගැන්මක් ඇතිවීම බලාපොරොත්තු විය යුත්තකි.

මේ ආර්ථික තත්ත්වය ඩොලරයේ අගය මත තීරණය වෙයි. ආර්ථිකය කඩාවැටී තිබියදී රටේ පාලනය බාර ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පියවර ගණනාවක් හේතුවෙන් රුපියල දුර්වල කරමින් ඩොලර්ය දිගින් දිගටම ඉහළ යාම නැවතුණි.

ඒ සමග මහබැංකු අධිපතිවරයාත් ගෙන ගිය තද මුල්‍ය පාලනයත්  රටේ පැවැති ආර්ථික තත්ත්වය යම් තරමකට ආපසු හරවා ගැනීමට හේතුවිය. ජනාධිපතිවරයා මූලික වී ලබාගත් අයි.එම්.එෆ්. ප්‍රථම ණය වාරිකයෙත් ඉන්දියාවෙන් ලද ඩොලර් බිලියන ගණනක ණය ආධාර පහසුකමත් හේතුවෙන් ඩොලරයේ අගය පහළ වැටී රුපියල ශක්තිමත් විය. රටේ ඩොලර් සංචිතය ද යම් තරමක ස්ථාවර විය. රටේ ඩොලර් සංචිතය ද යම් තරමක ස්ථාවරබවක් පෙන්නුම් කරන බවද රජයේ ස්ථාවරය වෙයි.

එසේ තිබියදී යළිත් රුපියල දුර්වලවීම රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ද පොදුවේ මහ ජනතාව තුළ ද ඇති කරවන්නේ අසහනකාරී හැඟීමකි. එය එසේ නොවිය යුතුය. රුපියල ශක්තිමත් වූ සැණින් පහළට යා නොදී රඳවාගෙන සිටීම රටේ ආර්ථිකය හසුරුවන සියලු  දෙනාගේ වගකීමකි. රුපියලට එරෙහිව ඩොලරය මෙහෙයවා එහි අගය ඉහළ දැමීමට කිසියම් හෝ කඩාකප්පල්කාරි පිරිසක් කටයුතු කරන්නේ දැයි වහාම සොයා බැලිය යුතුය.

(***)



අදහස් (4)

රුපියල යළි වැටීමට ඉඩ නොදෙමු

සිල්වා Wednesday, 21 June 2023 11:40 AM

ණය අරගෙන රුපියල ශක්තිමත් කිරීම තුළින් ඇතිවන ආර්ථික වාසිය කුමක්ද? ආනයන වෙළඳාමට නම් ඉතා වාසිදායකයි. නමුත් ඉතා වැදගත් අපනයන කර්මාන්තවලට නම් බොහෝම භයානක ප්‍රතිඵල ඇති වෙනවා නියතයි...!

:       2       21

wedage Wednesday, 21 June 2023 12:39 PM

ලොසින්ජරයක් වත් ගන්න බැරි ඔය රුපියල මොනවා කරන්නද?

:       3       18

de silva Wednesday, 21 June 2023 03:57 PM

රුපියල ශක්තිමත් වෙන්න නම්, රටේ ආර්ථ්කය ශක්තිමත් කරන්න නම් රටේ නිෂ්පාදනය වැඩිකරන්න ඕනේ... පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ.. එහෙම නොකර ණය පමණක් අරගෙන රුපියල ශක්තිමත් කරන්න ගියොත් ඩොලර් එක ඉදිරි වසරේදී 500 පනිනවා.

:       1       25

chandima Tuesday, 27 June 2023 06:34 AM

පස්සත් බිම ඇනිලා තියෙද්දී තවත් කොහේ වැටෙන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site