IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රස පොළොවේ රස

 

-----------------------------
ඩිල්ශානි චතුරිකා දාබරේ
------------------------------
ගමේ යකා කිව් සැණින් සිතේ මැවෙන සිතුවම් දෙකකි. 

පළමුවැන්න සිතුවම් සහිත දෙමළ ජනකතා පොතේ ඇති, සිබිල් වෙත්තසිංහගේ තෙලි තුඩින් පණ ලැබූ, ඇඟ පුරා රෝම  වවාගත් විසාල යකෙකුගේ සිතුවමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදනය කරන ලද කළ එම ජනකතා සංග්‍රහය කොළපැහැයෙන් සිතුවම් කළ,  ඇගේම කවරයකින් සැරසී තිබිණි.

දෙවැන්න ඒ.සී.ජී.එස්.අමරසේකරගේ  'යකැදුරාගේ දියණිය'  සිතුවමයි.

කෙසේවෙතත්, කුඩාකල පටන් අප ඇසූ විරූ, යක්කුන්ගේ පුවත්, මෑතකාලීනව මෙරට සිංහල අධිපතිවාදී නියම ලේ, ආරිය සිංහල වැනි කියමන් ඔස්සේ අවභාවිත වූයේ "අපි යක්කු" වැනි රැලි මගින් ජාතිවාදය නගා සිටුවන තවත් ප්‍රපංචයක් ලෙසිනි.

ජනශ්‍රැති විශයෙහි මේ සම්බන්ධව යම්බදු අධ්‍යයනයක්, හදුන්වාදීමක් කෘති මගින් සිදුකිරීමට නන්දසේන රත්නපාල, තිස්ස කාරියවසම්, මිනිවන් පී. තිලකරත්න ඇතුලු මහාචාර්යවරු පිරිසක් උත්සාහ ගත්හ. මේ හැරුණුවිට යකුන් ගැන ලියැවුණු ජන කතා සංග්‍රහ ද පළ වී තිබේ. 

රසපොළොව පිළිබද අදහස බුදුදහමේ මෙන්ම සෙසු ආගම්වල ද අඩුවැඩි වශයෙන් ඇතුළත් වන්නකි. ආලෝක් නම් යක්ෂයා මේ කෘතියේ ප්‍රධානය. මොහු නරයන්ගේ ලෝකයේ රස පොළොව විමසා බලමින් ප්‍රීනනයටත්, ශෝකයටත්, විවිධ මනෝභාවයන්ට පත්වීම සංඛේතීයය.  නරක  කළු පක්ෂය නියෝජනය කරන යකුන් මිනිසාගේ ජඩ පක්ෂය, නිරූපණයට යොදාගන්නකි. ඔවුන් වෙනම කොට්ඨාසයක් නොව, එකම කාසියේ අනෙක් පැත්ත ලෙසිනි. 

යකුන් ගැන වන උප්පත්‍ති කතා, යාතුකර්ම, පූජා විධි, දෙවිදේවතාවන් හා බද්ධය. මෙහි විශේෂය නම් ජන ව්‍යවහාරයේදී සියල්ල විනාශ කරන, විපත් පමුණුවන, පීඩා ගෙනෙන බව සැලකෙන යකුන්ව නරයන් විසින් අල්ලාගනු ලැබීම, ගස් බැඳීම, බෝතලේට දැමීම, උන්ගෙන් වැඩ ගැනීම පමණක් නොව සමච්චල් කරමින් විහිලු සපයන දෙයක් බවට පත්කිරීමක් දක්වා වැඩිවීමයි. භීතිය ක්‍රමයෙන් හාස්‍යක් දක්වා විතැන් වීමයි. 

මෙහි එන රුක්දේව සංකල්පය බහුදේවවාදී සංස්කෘතියක් රජයන සමාජයේ බෞද්ධ මුදුන්මුල හා බැඳී පවත්නා විශ්වාසදාමයක එක් පුරුකකි. මිනිසා ඉර, හඳ, තරු ආදී  භෞතිකව ළඟාවීමට නොහැකි විශාල ග්‍රහවස්තූන් දේවත්වයෙන් සැලකූයේ වසර දස දහස් ගණනකට පෙර සිටය. මෙයින් ශේෂව අදටත් පැවතෙන වෘක්ෂ වන්දනාව ද දේවත්වයක් අපේක්ෂා කරයි. නුග, නා, රුක් අත්තන ආදි වෘක්ෂ මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය බිරාන්ත කිරීමට සමත් වූ බැවින් ඔවුහු ඒවාට අධිගෘහිත දෙවිවරු සිටී යැයි අදහති.

“විශාල ගස්වල දෙවි දේවතාවුන් වාසය කරන බව ජනශ්‍රැතිය විශ්වාස කරයි. එබඳු වෘක්ෂ දේවතාවන්ට පුද පූජා කොට සතුටු කිරීමෙන් කැමති පරමාර්ථ ඉෂ්ට කරගත හැකි යැයි සිතීම ආදි සමාජයටත් අදටත් පොදු විශ්වාසයක් වන්නේය. මෙබඳු විශ්වාස නිසා විශාල ගස් කපා දැමීමට මිනිස්සු රුචි නොවූහ. මෙබඳු ගස්වැල් වල දෙවි දේවතාවුන් වාසය කරන බවට ප්‍රාග් බෞද්ධ විශ්වාසයක් විය.“ 
- ( මහාචාර්ය නන්දසේන රත්නපාල: ජනශ්‍රැති විද්‍යාව)

ජාතක කථා පොතේ එන පණ්ණීක, බක, කණ්ඩින, මකතභත්ත, රුක්ඛධම්ම සහ තවත් බොහෝ ජාතක කථාවලත් නොමග ගිය ජනයා සුමගට ගැනීමට බණ දෙසන හෝ කතාවේ හරය කියා පෑමට හෝ රුක් දේව චරිත පැවතීම හේතුවෙන් මේවා අතීතයේ පටන් බෞද්ධයාගේ ඇට මිදුළුවලට අවශෝෂණය වී තිබේ. සීහලවත්ථුප්පකරණය, සහස්වත්තු කතා වැනි ග්‍රන්ථවල එන රුක් දෙවිවරුන් ඇසුරින් මෙතෙක් පඨක සිතේ මවා තිබූ බැතිය, විශ්වාසය,  තවදුරටත් නොසෙල්වෙන දැනුම් පද්ධතියක් සේ නොතබා, ඔවුන් තුච්ච මිනිස් ලකුණු පෙන්වන අප වැන්නවුන්ම බව රස පොළොව විවරණය කරයි.

අතීතයේ ඇසූ යක්කුන්ගේ කතාවල මූල මණ්ඩලවලට කිමිදී, වන්දනාමය බවින් සහ ඇතැම් අන්තගාමී සංස්කෘතික සම්මුතිවලින් පාඨකයා මුදවා, ඉන්ද්‍රජාලික සැරියක ගෙනයාමට ප්‍රභාත් ජයසිංහ "රස පොළොවෙන්" සමත් වේ. පළවෙනි වාක්‍ය කතාවේ උච්චස්ථානයකින් ඇරඹෙන්නේ, ආලෝක් යකා පමණක් නොව කියවන්නාව ද ලණුවලින් ගැට ගසා දමමිනි. පළමුවැනි වැකි කිහිපය අවසාන වද්දී, පාඨකයා පිබිදුණු රස භාව ඇතිව වශීගුලියක් සේ පොතට ඇලේ. වෙලේ. ‍මෙනයින් අප තුළ ගුහාගතව පැවති අතීතස්මරණ වෙත ආලෝකයා යොමවා දූලි ගසා පියා පිසදා ඔපකර යලි වැඩට ගැනීමට ප්‍රභාත් සමත් වේ.                                     

භාෂාව හැසිරවීමේ සුඛනම්‍යතාව, අනවශ්‍ය වැකියකුදු යොදානොගැනීම, බසෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, පිරිපහදු බසක් වෙනුවෙන් වෙහෙසීම රස පොළොව පුරා දක්නට ලැබෙන්නකි. වාක්‍යක් කියවා ඊළග වාක්‍යට පනිද්දි ප්‍රභාත් අප විස්මයට පත්කර අවසානය. 

මූලික ක්‍රියා විකාශන භූමිය ගම සහ වනයය. නැතිනම් නර පුරය සහ යක් පුරයයි. මේ අතර දෝලනය වන සිදුවීම් අපව උන්හිටි තැන්වලින් ගෙන ගලවා මහ පොළොවට අතාරින්නාක් වැන්න. චරිත විස්තර කිරීමට නොයා චරිත නිරූපණයට යයි. එබැවින් ආලෝක්ගේ පක්ෂයේ පාඨකයා පමණක් නොව අග්නි රුක් දෙවියා පවා සිට ගනී.!

යක්ෂ ලෝකෙන් මිනිස් ලෝකයට එන යකෙකු, මිනිස් ලොවට අනුගත වෙමින් දුක් විදිමින්, රස පොළොවෙන් ප්‍රීනනය වීම, ගසේ සිටින දෙවියා ඉන් බැස මිනිස් ලොවට පැමිණ මනුස්ස දුවක හා බැඳී විසීම, ඒ දෙවියාත් යකාත් දෙදෙනාම මිතුරුව, රා තිප්පලක රා පානය කිරීම, ගමේ හාමුදුරුවන්ගෙ වේසය ගත් දෙවියාත්, දෙවියාගේ වේසය ගත් හාමුදුරුවෝත් චරිත මාරුවෙන් හටගන්නා විපරියාස, රස පොළොවේ යටිපෙළ සවිමත් කරයි. මේ සමාජයෙම වෙසෙන යක්ෂයෝත්, දෙවියෝත්, රස පොළොව වටහා ගැනීමට ගැහැට කනු පෙනේ.

කතුවරයා රස පොළොව හදුන්වා දෙනුයේ,  'කෙටිකතා චක්‍ර'  ලෙසිනි. කෙටිකතා රචනයෙහි අනවරත වෙහෙසක යෙදෙන කතුවරයා නව සංකල්ප ඇසුරු කරමින් අත්හදබැලීම්වල නිරතවෙමින් කෘතියට අවංක වීම අගය කළ යුතුය. 

මහාචාර්ය නන්දසේන රත්නපාලයෝ ද  'ජනශ්‍රැති විද්‍යාවෙ'න් ජනකතා අතර වන, 'කතා චක්‍ර'  හදුන්වා දුන්හ. කෘතිය අවසානයේ එන සටහනින් කෙටිකතා චක්‍ර ගැන වැඩිදුර විමසිය හැකිය. 

විකුම් ජිතේන්ද්‍ර  කෘතියේ කවරය සදහා, ප්‍රධාන චරිතය වන යකා යොදා නොගෙන කතාවෙ සාරය පෙරාගැනීම, සමස්‍තාර්ථය ගැනීම පැසසුම් කටයුතුය.

 



අදහස් (0)

රස පොළොවේ රස

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site