(ඩලස් අලහප්පෙරුම)
මේ දිනවල, සෑම නාලිකාවකම මධ්‍ය ලක්ෂ්‍යය වී ඇත්තේ ඔහු ය. සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය. ඔහු පිළිබඳ දැක්වෙන සියලු අර්ථකථන වචන හතරකට සම්පිණ්ඩනය කොට පෙළගස්වන්නේ නම්, ”ඔහු විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයෙකි.”
රංගනය, ගායනය, ලේඛනය, භාෂණය, දේශනය, ගවේෂණය, චිත්රණය සහ සන්නිවේදනය යන සෑම කොදෙව්වක් ම එක හා සමානව ම අතික්‍රමණය කළ නැතිනම් දිග්විජය කළ කිසිවකු මගේ ජීවිත කාලය තුළ හෝ මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය නාමයෙන් මට හමුවී නැත. හමුවූයේ ඔහු ම පමණි. හේ අන් කවරෙකුත් නොව මා මිත්‍ර, පනාපුත්‍ර “ජැකා” ය.
“ජැකා” පිළිබඳ ඉතා සමීප වූ දිගු මතකයට වඩා, මට මේ මොහොතේ ස්මරණය වන්නේ, ලියෝ ටොල්ස්ටෝයි විසින් ඇන්ටන් චෙකොෆ් පිළිබඳව තැබූ සටහනයි.
මන්ද, එය අපේ කතානායකයාට ද එලෙසින්ම වලංගු වන බැවිනි.
”ජැකා” වූ කලී; ඔබේ හදවත පිරී ඉතිරී යන තෙක්, ශත වර්ෂ ගණනාවක් පුරා නැවත නැවතත් කියවිය හැකි පුස්තකයකි. නැවත නැවතත් රස විඳිය හැකි නාට්‍යයකි. නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටියකි. එසේ ම, නැවත නැවතත් මිමිණිය හැකි අපූරු ගීතයකි. අවසන, ”සැබවින්ම ඔහු ජීවිතය පිළිබඳ කලාකරුවෙකි.”
වර්තමාන මාධ්‍ය භාවිතයන් තුළ සමාජ පරිකල්පනයට හා රසවින්දනයට සිදුවන බලපෑම නිසා සංස්කෘතික අනන්‍යතාව ගිලිහෙන බව වරෙක, ඔහු ලියුවේ ය.
සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු අතීතකාමය නොවේ යැයි වරෙක, ඔහු කියුවේ ය.
සංස්කෘතික අනන්‍යතාව අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමේ වගකීම, ගුරුවරුන් හා කලාකරුවන් තම දෙඋර මතට ගත යුතු යැයි වරෙක, ඔහු දිවුලේ ය.
එහෙත්, හස්ති ප්‍රහාරයෙන් බරපතළ ලෙස ගිලන් වූ අස්ථි සහිතව ඇඳට සීමාවී, පණ සමඟ පොරබදන අවසන් යාමයේ පවා, ‘අශිෂ්ටත්වය‘ ඉතා කුරිරු ලෙස ඔහුට ආමන්ත්‍රණය කිරීම සරදම්කාරී සංස්කෘතික ඛේදවාචකයක් නොවන්නේ ද..?
ආවඩා .. ආයුබෝ වේවා යි සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතේ ගැඹුරුම පත්ලෙන් ආශිර්වාද කළ ඔහුට, ධම්ම පදය, බයිබලය, භගවත්ගීතාව සහ කුරාණය දෝතින් ගත් මිලියන සංඛ්‍යාත මිනිසුන් එකාවන්ව, එසේම වේවා! යි පෙරළා ප්‍රාර්ථනා කරද්දී ම ඔහු අවසන් නින්ද තෝරා ගත්තේය.
දුරින් සිට හෝ ඔහු බලන්නට තිබූ ආශාව ගැන ප්‍රදීපා සහ ම’විසින් කුමාරිට කීවේ මීට සති දෙකකට පෙරයි. එම අවස්ථාව පමණක් නොව, අවසන් හෝරාවේ හෝ ඔහුට සමු දෙන්නට තිබූ නිමේෂය පවා මට අහිමිව ඇත.
සමාවෙයන් ”ජැකා”..!
උඹට සුව නින්දක්..!!
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයා
Ano Saturday, 14 October 2023 04:44 PM
ජැක්සන්ගේ හදිසි අනතුරෙන් පස්සේ ඔහුගේ මරණය දක්වා කාලය තුළ සිදුවුණු දේවල් දිහා බලනකොට හිතෙන දෙයක් තමයි ඇයි ලංකාවේ මිනිස්සු මේ තරම කුහක, කුරීරු සහ මානුෂිකතවය ගැන කිසිම හැඟිමක් නැත්තේ ඇයි කියන එක. අපේ සමාජය වෛරයෙන් පිරිලා...