IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විකාශන අධිකාරී පනතට මේ හදිස්සියක් ඇයි?

රට ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීමේ ප්‍රමුඛ කාර්ය භාරය රජයට පැවරී තිබියදී යෝජිත විකාශන අධිකාරි  පනතේ මහිමය ගැන අමාත්‍යවරුන් ලවා මාධ්‍යවේදීන්ට දේශන පවත්වන්නට උත්සාහ ගැනීමෙන් රජය සැරසෙන්නේ කුමකටද යන්න පිළිබඳ පහළ වන්නේ සැකයකි. යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු කාරණා එකින් එක සැලකිල්ලට ගත් විට  සිදු වන්නේ එකී සැකය දුරුව යාම නොව තවත් තහවුරු වීමකි.

ඉහළින්  පහළට බලෙන් පටවන නියාමන අවශ්‍යතාව සහිත වාතාවරණයක රටේ මාධ්‍ය පසුවේද? රටේ මහජනයා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය කරත් ද? මාධ්‍ය තුළ විශ්වාසවන්තභාවය, අව්‍යාජභාවය, සදාචාරය හා සත්‍යගරුකභාවය පැවතිය යුතු බව මාධ්‍ය කරුවෝ පිළිගනිති. ඒ උදෙසා පැවතිය යුතු ස්වයං නියාමනය  ද මාධ්‍ය කරුවෝ කිසිවිට ප්‍රතික්ෂේප නොකළහ.

ඉදිරියටද නොකරති. එවැනි පරිසරයක් තුළ මාධ්‍ය නිදහස උදෙසාත්  මහජනයාට යුක්තිය ඉටු වනු පිණිසත්, සකස් කරන ඕනෑම පනත් කෙටුම්පතකට සහාය දීමට හා ඒ සඳහා දායකවීමට මාධ්‍යකරුවන්  මැළි වූයේ නැත.

මාධ්‍ය නිදහස පිරිනැමීමෙන් රජයේ ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්  ඉදිරියට ගෙනයාමට බාධාවක් වේ යැයි රජය සිතන්නේ නම්, එය අවිචාරශීලී අත්තනෝමතික හැඟීමකි.  රට ආර්ථික  අර්බුදයකින් මුදාගෙන ඉදිරියට ගෙන  යාමට උත්සාහ දරන රජයකට මාධ්‍ය නිදහස වඩාත් ප්‍රයෝජනවත් වේ.

රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මහජනයා දැනුවත් කිරීමත් ඒවා දෙස වඩා විචාරශීලීව දකින්නට මහජනයා දිරිමත් කිරීමත්, පෙළඹවීමත් කරන්නේ මාධ්‍ය ඔස්සේ ය. රාජ්‍ය ප්‍රතිපත්ති මහජනයා කෙසේ අවබෝධ කරගෙන ඇත්තේ ද යන සන්නිවේදනය රජයට ලැබෙන්නේ නිදහස් මාධ්‍ය ඔස්සේ ය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට ඇත. මාධ්‍ය නිදහස විසින් නිරන්තරයෙන් විපරමට ලක් කරනු  ලබන්නේ රජය ජනතාවගේ එම අයිතීන්  ආරක්ෂා කොට දෙන්නේ ද යන්නයි.

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වන්නේ බලධාරීන්ට හෝ ජනතාවට සතුටු විය හැකි තැනක නොවේ. 2023 වසරේ රටවල් 180කින් ශ්‍රී ලංකාව පසු වෙන්නේ 135 වැනි ස්ථානයේය. බලධාරීන් කළ යුත්තේ රටේ පොදු මහ ජනයාගේ ජීවන මට්ටම හැකි උපරිම අන්දමින්  නැංවීම විනා තවත් පහළට ඇද දැමීමට පියවර ගැනීම නොවේ.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැටී ඉන්නා මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඉහළින් පහළට නියාමන නීති පැටවීම වහාම නවතා දැමිය යුතුය. නිදහස් මාධ්‍ය දර්ශකයේ පළමු  ස්ථානයේ පසුවෙන නොර්වේ රට ගැන විපරම් කර බලනු වටී. මාධ්‍ය ගුණාත්මක මට්ටමක එරට රඳවා තබාගෙන ඇත්තේ ස්වයං  නියාමනය තුළිනි.

මෙරට  පැවැති සන්නද්ධ කැරලි, මහජන උද්ඝෝෂණවලදී පමණක් නොව, 2022 අවුරුද්දේ පැවති අරගලයේ දී පවා, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරමින් මාධ්‍ය ආයතන පොදුවේ වගකීමෙන්  වාර්තාකරණයේ යෙදෙනු පෙනෙන්නට තිබිණි.

ඉදිරි  ප්‍රතිව්‍යුහගත  කරන වැඩපිළිවෙළේදී පොදුවේ මහජනයාට කෙටිකාලීනව යම් පීඩාවක් ගෙන දෙන තීරණවලට එළඹෙන්නට රජයට සිදුවෙනවා විය හැකිය.  මහජන විරෝධය මතුවීමට බියේ සැබෑ තතු මහජනයාගෙන් සැඟවීමෙන් අත්වන ප්‍රතිඵල වඩාත් භයානක වේ.

රජයේ තීරණ විනිවිද පෙනෙන සුළු භාවයකින්  ගත යුතුය. ඒවා වාර්තා කිරීමට මාධ්‍යයට නිදහස පැවතිය යුතුය. මාධ්‍යය  වාරණ උදෙසා සෘජුව හෝ වක්‍රව ගන්නා උත්සාහයෙන් මහජනයාටත් රජයටත් වෙන සෙතක් නැත. මහජනයා යුක්ති සහගත බව වඩාත් උපේක්ෂාවෙන් ඉවසති. මාධ්‍ය මර්දනය උදෙසා ගෙනෙනා සියලු‍ යෝජිත පනත් හකුළා ගන්නා ලෙස  අපි රජයට බලකරමු.

(***)



අදහස් (1)

විකාශන අධිකාරී පනතට මේ හදිස්සියක් ඇයි?

surath Saturday, 17 June 2023 03:38 AM

නෑ ජනාධිපතිගේ දැක්මට අනුව රට බංකොළොත් බවෙන් මුදා ගැනීමට විකාශන අධිකාරි පනත, නව ත්‍රස්තවාදී පනත වැනි පනත් අවශ්‍යයි. බංකොළොත් භාවයට හේතුව ත්‍රස්තවාදය බවයි එතුමාගේ අදහස..

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site