IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වැටුප් අරගලයේ තවත් පැත්තක්

 

අනෙක් සැමදෙනා මෙන් මමද වත්මන් කොරෝනා වසංගත තත්ත්වය නිසා මහත් සිත් තැවුලට පත්ව හිඳින්නෙමි. ඒ අපගේ ජීවන පැවැත්ම හා ආර්ථිකයට සිදු වූ බාධක නිසාම නොවේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ ඇති පසුබෑමත් අපේ අනාගත මානව ප්‍රාග්ධනය වූ අපගේ දරුවන්ගේ අභිලාෂයන්ට සිදුවූ අවහිරතාවත් නිසාය. සෑම රටක්ම පාහේ වසංගතයට ප්‍රතිචාර දැක්වූයේ මාර්ගගත (ඔන්ලයින්) පන්ති සංවිධානය කරමිනි. එහෙත් එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීමට අදාල නිපුණතාව, පූර්ණ සහයෝගීතාවත් අවශ්‍ය වේ. වඩාත් කුඩා පාසල්වල වැඩි පහසුකම් නැති බැවින් ද, ඒවායේ දරුවන්ට අන්තර්ජාල සම්බන්ධතා වැනි වැඩිදුර පහසුකම් අඩු බැවින්ද ඒ සම්බන්ධයෙන් බොහෝ අභියෝග පැවතිනි. ඒවාට ප්‍රමාණවත් තරම් විසඳුමක් ආණ්ඩුවෙන් ලබාදුන් බවක් නොපෙනේ.

කෙසේ වුවද දැන් ඊටත් වඩා බැරැරූම් අභියෝගයක් රජයට තිබේ. රජයේ පාසල්වල ගුරුවරු වැඩ වර්ජනයක යෙදී සිටිති. එසේ වුවද තේරුම්ගත නොහැකි, හාස්‍යයට තුඩුදෙන කාරණය වන්නේ ඒ අතරතුර ගුරුවරුන්ට වැටුප් ගෙවීමයි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ විශේෂඥ කමිටුවකින් තහවුරු කොට කියා සිටින වැඩවර්ජකයන්ට අදාල මූලික කාරණයක් වනුයේ වර්ජකයන්ට වැටුප් නොගෙවිය යුතු වීමයි. මෙම ගැටුමේ ක්‍රියාකාරීව රැඳී ඉන්නා ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති ක්‍රියාධරයකුට මම මේ වග කීවෙමි. ගුරුවරුන් පීඩාවට පත් නොකොට ඔවුන්ගේ වැටුප් අත්හිටුවීමකින් තොරව රජය සංවේදී ලෙස මෙම තත්ත්වයට මුහුණ දීම ගැන ඔහු සිනා හඬින් ප්‍රතිචාර දැක්වූයේය. කෙසේ වුවද මෙම ගැටලුවට අදාල තවත් පැත්තක් මම දකින්නෙමි. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුතු බවට රජය එකඟ වන නමුත් ඒ සඳහා වියදම් දැරීමට රජයට නොහැකි බව රජය කියා සිටී. එසේ නැතහොත් අනෙක් අංශවලින්ද ඔවුන්ගේ වැටුප් වැඩි කරන ලෙස පීඩනයක් එල්ල නොවන නිසා එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බව පෙනේ. පසුගිය කාලයේ දී තමන් සම්බන්ධ වෘත්තීය සමිති පැත්තෙන් දේශපාලන මැදිහත්කරුවන් ඇති කළ අවුල් සහගත තත්ත්වය නම් තීරණ ගන්නවුන්ගේ හිසට පිස්තෝලය අල්ලා ප්‍රතිඵල ලබා ගත හැකිය යන මතය ප්‍රචලිත කිරීමයි. වෛද්‍ය සේවාවේ වැනි ඇතැම් වෘත්තීය සමිති මේ ක්‍රියා මාර්ගයම අනුගමනය කරනු පෙනුණි.

රටක සංවර්ධනයට හොඳ අධ්‍යාපන ක්‍රමයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වේයැයි දකින දේශපාලකයෝ රාජ්‍ය අංශයේ අවධානය වැදගත් කටයුත්තක් සේ නොසලකත්ද? මන්ත්‍රීවරුන් කී දෙනකුගේ දරුවන් රජයේ පාසල්වලට හෝ රජයේ විශ්වවිද්‍යාලවලට ඔවුන් යැව්වේද යන්න අසන්නට වටිනා ප්‍රශ්නයකි. එසේ නොයැවීමට හේතුව ඔවුන්ම පාලනය කරන අධ්‍යාපන ක්‍රමය කෙරේ ඔවුන් තුළ විශ්වාසයක් නැති වීමයි. ඉන් පෙනී යන්නේ රටේ ආර්ථික සංවර්ධනය කෙරේ උනන්දුවක් ඔවුන් තුළ නොමැති බවත් ඔවුන්ගේ දරුවන්ට වෙනත් තැන්වල ඉඩ ප්‍රස්ථා සළසා දීමට ඔවුන් නැඹුරු වී ඇති බවත්ය. නිදහස් අධ්‍යාපන ක්‍රමය පිරිහීමට ලක් වේ නම් එය ඔවුන්ට කනස්සල්ලට කාරණයක් නොවේ ද?

මේ අවුලට හේතුව කුමක්ද? මම 1971 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයක් පරීක්ෂා කළෙමි. කනගාටුවට කාරණය නම් අප අධ්‍යයන ක්‍රියාත්මක කර ඇත්තේ දේශපාලන අවශ්‍යතා උදෙසා වීමය. එසේ නැතහොත් දේශපාලන යථාර්ථය නිසා ඔවුන් මෙම අධ්‍යයන ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැටුප් ගෙවීම්වලට අදාල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් (Government Pay Policies of Ceylon) මහාචාර්ය මාර්ටින් සෙගල් ජාත්‍යනත්ර කම්කරු සංවිධානය උදෙසා අධ්‍යයනයක් කර තිබේ. 1967 දක්වා සේවකයන්ගේ වැටුප් ව්‍යුහය සැකසීමේ දී සේවකයන්ගේ ප්‍රායෝගික කාර්ය බද්ධ වගකීම් කෙරෙහි සහ රැකියා වර්ගීකරණය කෙරේ තදබල අවධානයක් යොමුකර ඇති බව එම අධ්‍යනයයෙන් පෙන්වා දී තිබේ. ආර්ථික කාරණා ද සැලකිල්ලට ගෙන තිබෙන නමුත් එහිදී, එක් එක් රැකියාවලට අදාල වැටුප් ශ්‍රේණිගත කිරීමේ දී මාර්ගෝපදේශ මූලධර්මය වූයේ කාර්ය වටිනාකම බව එයින් පෙන්වා දී තිබේ. සංවර්ධනය අරමුණු කරගත් වැටුප් ප්‍රතිපත්තියක් උදෙසා තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙක ලෙස එහි නිර්දේශ කර ඇත්තේ, පහත ඒවාය.

1.) පොදුවේ කරනු ලබන වැටුප් සංශෝධනවල දී, පාරිභෝගික වියදම් සීමා කිරීමේ අවශ්‍යතාව සහ ආයෝජන අරමුණු උදෙසා සම්පත් මුදාහැරීම යන කාරණා සැලකිල්ලට ගත යුතුය.

2.)  සංවර්ධනය වන්නාවූ ආර්ථිකයකට අවශ්‍ය නිපුණතා සැපයුම් කිරීම සහ වැඩි කිරීමට පහසුකම් සපයන්නා වූ ආකාරයෙන් වෘත්තිය වැටුප් හා වේතන විෂමතා ව්‍යුහයන් තහවුරු කොට පවත්වා ගැනීමට ඇති හැකියාව එයින් විමසා බැලේ.

පළමු නිර්දේශය සැලකිලිමත් වී ඇත්තේ නිසි ආර්ථික කළමනාකරණයක් කෙරෙහි බැවින් ඒ පිළිබඳ අදහස් පළ කිරීමට තරම් සුදුසුකමක් මා හට නොමැත.. කෙසේ වුවද දෙවැනි නිර්දේශයේ දී වෘත්තිය වැටුප් හා වේතන විෂමතා ව්‍යුහයක් කාර්මීකරණය සම්බන්ධ දෘෂ්ටි කෝණයෙන් බලා සකස් කර ගැනීමේ අවශ්‍යතාව මතු කර තිබීම අපට වැදගත් වන කාරණයයි. විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් සැකසූ වැටුප් ක්‍රමයක් පවත්වා නොගෙන දේශපාලන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එතැනින් මෙතැනින් අවුල් සහගත ලෙස සැකසූ වැටුප් ප්‍රතිපත්තියක් තුළින් වර්ජන ක්‍රියාමාර්ගවලට මං විවරවීම වැළැක්විය නොහැකිය. එයින් සේවකයන් අභිප්‍රේරණය වීම නවතා දැමෙන අතර අවසානයේ දරුණු ව්‍යාධිමය තත්ත්වයක් ජනිත වේ.

1967 දී රැකියා වර්ග 61ක වැටුප් විෂමතා කාර්ය බද්ධ වගකීම හා නිපුණතාව පදම් කරගෙන සම කිරීමට රජය උත්සුක වූ බව ඉහතකී අධ්‍යයනයෙන් පෙනේ.. මෙම විෂමතා කාලානුරූපව විද්‍යානුකූල ලෙස ඇගයුම් කිරීම තවමත් වැටුප් හා කාඩර (සේවක සමූහය) සම්බන්ධ කොමිසමක් විසින් කරනු ඇති බව මගේ විශ්වාසයයි.

රජය අනෙකුත් රාජ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනයෙන් ද ඉවත්ව, පුළුල් වෙනස්කම් සිදු කිරීමේ කාලානුරූපව කරන අධ්‍යයනයක් ඔස්සේ කටයුතු කිරීම කෙරේ විශ්වාස තැබිය යුතුවේ. අභියාචන භාරගෙන, අභියාචන කොමිසමක් හරහා කාර්මික ආරවුල් පනත යටතේ ආරවුල් විසඳා තීරණ දීමේ ක්‍රියාමාර්ගයක් ඇති බව මා හට මතකය. ඇත්ත වශයෙන්ම වසර කිහිපයකට පෙර සියලුම දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිති මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග ද සාකච්ඡා කොට රාජ්‍ය සේවාවේ ආරවුල් විසඳාලීම සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් මා පත්කර තිබිණි. කාර්මික ආරවුල් පනතෙන් ආවරණය ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් උදෙසාද නිර්දේශ ගෙන එනු ලබන යෝජනා ක්‍රමයක් අපි සකස් කළෙමු. අනුමත කරනු ලැබූ එය ආරවුලක්, කාර්මික උසාවියක් කරා රැගෙන යාමේ හැකියාවක් ලෙස ද හඳුන්වන ලදී. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කෙරිණි. එවකට රාජ්‍ය පරිපාලන හා කම්කරු අමාත්‍යවරයා ඊට අදාල පනත කෙටුම්පත් කළ ද, වර්තමානයේ ද කැබිනට් මණ්ඩලයේ ඉන්නා ඇතැම් අමාත්‍යවරු එය හෙළා දුටුවෝය. ඔවුන් ඉදිරිපත් කළ තර්කයේ පදනම වූයේ ඒ මගින් මැදිහත්ව බේරුම්කාර තීරණ දීමට ඔවුන්ට ඇති අයිතිය එයින් අහෝසිවී යන බවයි.

මෙරටට කුසලතා පූර්ණ වඩාත් හොඳ නායකයන් බිහි කිරීමේ කාර්ය භාරය ඉටුකළ හැකි ඉහළ වැටුපකට හිමිකම් ඇතැයි මා අවංකවම විශ්වාස කරන ගුරුවරුන් කෙරේ මා තුළ ඇති අනුකම්පාව පළ කරනු කැමැත්තෙමි. අවසානයේ ඔවුන් සියලුම දෙමාපියන් විසින් හෙලා දකින වැඩ වර්ජනයකට අවතීර්ණ වී ඇත. වර්ජනය යනු ගුරුවරුනට ටියුෂන් පන්ති පැවැත්වීමෙන් මුදල් උපයා ගැනීමේ අවස්ථාව සළසන හාස්‍යජනක අවස්ථාවකැයි ඇතැම් දෙමාපියෝ දකිති. සිසුන් අසරණ වන්නට ඉඩ හැර තිබිය දී ඔවුන්ට වැටුප් ගෙවීම ද සිදුවේ.

ඔවුන්, රට ඉදිරියට ගෙනයාම උදෙසා හෙට දවසට අවශ්‍ය තාක්ෂණ ශිල්පීන්, වෘත්තිකයන් බිහිකිරීමේ වගකීම ඉටු කිරීම ආශ්‍රයෙන් යමෙක් ගුරු වැටුප සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරන්නේ නම්, ඔවුන්ට කෙතරම් මුදලක් ගෙවිය යුතු වේද? පාසලක ක්‍රීඩා පුහුණුකරුවකුට විදුහල්පතිවරයකුට මෙන් දස ගුණයක වැටුපක් ගෙවීම කෙරේද? ගුරුවරුනට හොඳ වැටුපක් ගෙවිය යුතු වන අතර එය දේශපාලකයන්ගේ මැදිහත් වීමකින් තොරව තීරණය විය යුත්තකි. සංවේදී සමාජයක දේශපාලකයන්ට වඩාත් ගුරුවරුන් වැදගත්ය. බොහෝ දේශපාලකයනට අධ්‍යාපන සුදුසුකමක් නොමැති බව සත්‍යයකි. එය මෙම ගැටලුවේ එක් කොටසක් ද විය හැකිය.

මෙම වර්ජනය නවතාලිය හැක්කේ කෙසේද? මේ සම්බන්ධයෙන් දේශපාලනමය තීරණයක් ගැනීමෙන් වළකින ලෙස රජය දිරිමත් කිරීමට මම කැමැත්තෙමි. වඩා බර තැබිය යුත්තේ අසරණ බවින් අසීරුතාවට වැටී ඇති දරුවා දෙස බලා සමාජයටත් ආර්ථිකයටත් වටිනා කාර්ය කොටසක් ඉටු කරන ගුරුවරයා අභිප්‍රේරණයට ලක් කිරීමය. මොවුන්ගේ වටිනාකම කඩිනමින් ඇගයුම් කිරීමකට ලක් කොට, අයථා බවින් තොර විද්‍යාත්මක පදනමක් මත වැටුප් හා සේවක සමූහ කොමිසම තුළින් ස්වාධීන තීරණයක් ලබාදිය යුතුය. එම තීන්දුව කාර්මික ආරවුල් පනත යටතේ කාර්මික උසාවියකට ඉදිරිපත් කොට කුසලතාව මත පදනම් වූ විසඳුමක් සහිත නියෝගයක් ලබා ගැනීමේ හැකියාව ලබා දෙන පිළිතුරක් ද විය හැකිය.

මෙම රචකයා වසර කිහිපයකට පෙර, රාජ්‍ය අංශයේ ආරවුල් විසඳීමේ ක්‍රියාමාර්ග සකසා යෝජනා ඉදිරිපත් කිරීම උදෙසා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් හා රජයෙන් පත් කරන ලද අයෙකි. බොහෝ වැටුප් නිර්ණය කිරීමේ මණ්ඩලවල ඔහු සේවය කර ඇත. වරක් බැංකු අංශයේ මානව සම්පත් පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ද කටයුතු කර තිබේ. මොහු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සේවය කර තිබේ.

 

(***)

ෆ්‍රෑන්ක්ලි අමරසිංහ විසිනි

2021/9/10 Daily Mirror

පත්‍රයේ පළවූ Teachers Strike and some key Issues

ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (6)

වැටුප් අරගලයේ තවත් පැත්තක්

ලලිත් අම්බලන්ගොඩගේ Thursday, 16 September 2021 09:27 AM

මම ඩෙංගු සෑදී බලපිටිය රෝහලේ නේවාසිකව සිටියෙමි.මගේ හිතවත් ගුරැභවතකුගේ කුඩා පුතුද ඩෙංගු සෑදී එසේ සිටි බැවින් මගේ හිතවත් ගුරැභවතාද එම දරැවා සමග රෝහලේ සිටියා.දරැවා නිවසට යන දවසේ වෛද්‍යවරියන් දෙපලට වදින ලෙස තාත්තා පුතාට කීවා.පුතා එම දෙපලට වැන්දා.එම දෙපලෙගෙන් එක් වෛද්‍යවරියක් මගේ හිතවත් ගුරැභවතාගේ ගෝලයෙක් නිසා එම වෛද්‍යවරිය මගේ හිතවත් ගුරැභවතාට දනගසා වැන්දා.මගේ බිරිද ගුරැවරියක්.ඇය කොව්ඩි එන්නත ගන්න අදාල තැනට ගියා.ඇයට එන්නත දුන් එන්නත විද අවසන් කොට මගේ බිරිදට දනගසා වැන්දා.ඒක තමයි යොද ගුරැවරැන්ට මේ සමාජයේ තිබෙන තැන.ඒනිසා ගුරැවරැන්ගේ අභිමානය කෙලසන්න කටයුතු කරන්න එපා.ගුරැභවතනුත් තමනගේ අභිමානය කෙලසා ගන්න කටයුතු කරන්න එපා.භවතා කියන්නේ වැදුම් පිදුම් ලබන්න සුදුසු කෙනා.බුදුහිමියන් හැරැණු කොට වෙනත් භවතුන් පිළිබද මම නම් අසා නැහැ.ඒ නිසා පාලකයිනි,තව දුරටත් ගුරැභවතුන් සැහැල්ලුවට ලක්නොකර මේ ලිපියෙන් ඉදිරිපත් කර තිබෙන කරැණු ටික හොදින් වටහා ගෙන ගුරැභවතුන්ගේ අභිමානය ආරක්ෂා කර දෙන්න.විවිධ පුද්ගලයින් හමුවේ ගුරැභවතුන සැහැල්ලුවට ලක්කරන්න එපා. එසේ කිරීම ඉතා භයානකයි.

:       0       5

Raveendra Thursday, 16 September 2021 04:47 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අපද අපගේ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට ඇත්තේ අපගේ දෙමාපියනට ඇත ගරුත්ත්වයමය. අදටත් කිනම් හෝ පින් කටයුත්තකට සහභාගිවිමේදී අපගේ දෙමාපියන්ට මෙන්ම ඒ ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට පිං පමුනුවන්නේ හදවතින්මය. එලෙසම සියලු රණවිරුවන්ට මෙන්ම අපට ආහාර සපයන සියලුම ගොවි මහත්ම මහත්මියනට පිං දෙන්නෙමු. මේ ගුරුවරුන්ගේ සටන ඉතාමත්ම සාධාරණය එලෙසම මෙම ගැටලුව අද ඊයේ මතුවුණු දෙයක් නොවෙන බවත් මේ සෑම ගුරුවරයෙකු මෙන්ම "සියලුම දේශපාලුවන්ද" හොදින්ම දන්නා කරුණකි.

:       4       5

PKMD Thursday, 16 September 2021 04:56 PM

මෙය වැටුප් වැඩියෙන් ඉල්ලීමක් නොව හිමිවිය යුතු වැටුප නියමාකාරයෙන් ඉල්ලීමකි.

:       4       5

ධර්මන් Friday, 17 September 2021 01:04 PM

ගුරුවරුන්ට වැටුප් ප්‍රශ්නයක් තියෙන එක ඇත්ත. අපි අවධානමක් අරගෙන සමාජයෙ ගැටෙන ජොබ් කරන මිනිස්සු. මා එක්ක එකට කැම්පස් අවුට් ගුරුවරුන් මට වඩා පඩියක් ගන්නව. එයාලගේ ටියුෂන් වලට යසට සල්ලි ගන්නව. මගෙ පැටවු තුන්දෙනාම ටියුෂන් යනව. මෙච්චර හම්බකරන ගමන් අපේ දරුවො ඇපේට තියාගෙන ස්ට්‍රයික් කරන ගමන් නිකං පඩිකන සල්ලි වලින් ගුරුවරුන් වන නුඹලාගේ දරුවන්ට කන්න දෙන්න එපා. ඕව සාප වෙනව. මං හෙන ඉල්ලන්නේ නුඹලට විතරක් නෙවෙයි අපේ සල්ලි වලින් නිකං පඩිදෙන ආණ්ඩුවටත් එක්ක

:       2       5

maheeSaturday, 18 September 2021 12:26 PM

සම්පූර්ණ ඇත්ත. ගිය මාසේ මගේ ආදායම රුපියල් 19000/- මම වෙල්ඩිං කාරයෙක්. පොඩි දුවගේ පන්තියේ මිස් ටියුෂන් කරන්නේ. මාසෙට රුපියල් 3000ක් ගන්නවා. ඉතින් දරුවෝ තුන් දෙනෙක් ඉන්න ඔයාගේ අමාරුව තේරෙනවා...

:       0       5

ඒකනාය​ක Saturday, 18 September 2021 05:11 PM

ගුරු සංගම් දැන් හොඳටම සීමාව ඉක්මවා ගිහින් බව කාටත් පේනවා. මෙයට හේතුවී ඇත්තේ රජය මේ සම්බන්ධයෙන් බොහොම බයාදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. අද මේ රටේ ආර්ථිකය වැටී තිබෙන භයානක තත්වය නොදන්නා මෝඩයෙක් ඉන්නවද? මේ ගුරු සංගම් දැන් මේ කරන්​නේ රැවුල ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරන්න යන එකයි. රජය මේ ගැන තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කර තිබියදී​ත් වර්ජ​න කියලා මාස ගණන් වැඩ නොකරන රාජකාරි පැහැර හරින අයට වැටුප් ගෙවිය යුතුද?

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 278 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1206 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 589 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1051 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1796 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1334 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site