මින් පෙර නොවූ විරූ ආකාරයේ පියවරක් ගෙන ඇති ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය, රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස සේවය කිරීම සදහා අයවලුන් බදවාගැනීමට පෞද්ගලික අංශය වෙත යොමු කර තිබේ. වෘත්තිමය වශයෙන් වන අත්දැකීම්වල ඌණතාවය නිසාම විදේශ කටයුතු අමාත්‍යංශය තමන්ම නිර්මාණය කරගෙන තිබෙන බාධක හේතුවෙන් මෙවැනි පියවරක් අනුගමනය කිරීමට සිදුව තිබෙන තැන දක්වා විදේශ කටයුතු අමාත්‍යංශය තල්ලු කර තිබේ.
මෙය සැබෑවටම අමාත්‍යංශයේ වර්තමාන තත්ත්වය ද? එසේත් නැතිනම් ගැටලුව ඇත්තේ පරිපාලනයේ සහ දේශපාලන නායකත්වයේ ද?, තවත් අතෙකින්, වරක් රටේ ඉහළම රාජ්‍ය ආයතනයක් ලෙස ගෞරවයට පාත්‍රව සිටි විදේශ කටයුතු අමාත්‍යංශයට එම ස්ථානය අහිමිව ගොස් ඇතිදැයි පැනයක් ද, නැඟේ.
අමාත්‍යංශයේ වර්තමාන පරිපාලනය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටින්නේ අන්තර්ජාතික වේදිකාවේ දී ශ්‍රී ලංකාව කොන්වන සහ රටේ ප්‍රතිරූපයට හානි කෙරෙන අන්දමින් බව ද පෙනෙන්නට ඇත.
උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව සිටින අත්දැකීම් බහුල නිලධාරීන් පවා සිටින්නේ නිද්‍රාසහගතවය. දේශපාලන බලාධිකාරියෙන් ඔවුන්ව නොසළකා හැරෙන්නේ නම් එය සාමාන්‍යය.එනිසාම විදේශ කටයුතු අමාත්‍යංශයේ නොහැකියාව සම්පූර්ණයෙන්ම එම නිලධාරීන් මත පැටවීමට ද හැකියාවක් නොමැත.
වෘත්තිකයන්ගේ අවස්ථාව අහිමි කිරීම
කරුණු මෙසේ වන හෙයින්, අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවදුරටත් පහළ වැටෙමින් ඇත. එවැනි තත්ත්වයක අමාත්‍යංශය අනුගමනය කිරීමට යන නව ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන අතර එය විශේෂයෙන්ම එකී ක්‍රියාවලිය හරහා උද්ගතව තිබෙන බරපතල තත්ත්වයට විසදුමක් ලැබේ ද යන්න මුල් කරගෙනය.
මෙවැනි ක්‍රියාවලියක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එක් පසෙකින්, තනතුරුවලින් උසස් වී අවසානයේ තානාපතිවරුන් ලෙස විදේශ රටවල සේවය කිරීමට අවස්ථාව දිනාගෙන සිටින වෘත්තිමය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඔවුන්ගේ අත්දැකීම් පුලුල් සහ සංවර්ධනය කරගැනීමට තවදුරටත් අවස්ථාවන් නොලැබෙනු ඇත. අනෙක් අතට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා පෞද්ගලික අංශයේ ආයතනයන් තෝරාගැනීම සුදුසු යාන්ත්‍රණයක් ද යන්නත් ප්‍රශ්නයකි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ පොදු රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ප්‍රකාශක සුගීෂ්වර ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ ය.
“පෞද්ගලික අංශයේ එක් එක් විශේෂිත ක්ෂේත්‍රවල සේවය කර ඇත්දැකීම් ඇති පුද්ගලයින් අනුයුක්ත කරගෙන ශ්‍රී ලංකාවේ නියෝජනය වඩා පුලුල් කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනපතිවරයා. එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.”
“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය. ඒ අනුව විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති පුද්ගලයින් 20 දෙනෙක් තෝරාගැනීමට තීරණයව තිබෙනවා. ඔවුන්ව තෝරාගත් තානාපති කාර්යාලවල වසර 2 ක සේවයට අනුයුක්ත කිරීමට නියමිතයි. විවිධ ක්ෂේත්‍රවල, උදාහරණ ලෙස දේශගුණ වෙනස්වීම් සහ අන්තර්ජාතික වෙළදාම වැනි ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගැනීම මෙහි අරමුණ වෙනවා” යයි සුගීෂ්වර ගුණවර්ධන මහතා පැවසීය.
දැන්වීම
මෙම කාර්යය භාරදීම සදහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකාවේ සමාගම් වන්නේ මාස්, හේලීස්, සිද්ධාලේප, බ්‍රැන්ඩික්ස් සහ ජෝන් කීල්ස් යන ව්‍යාපාරයන්ය. තනතුර සදහා පුද්ගලයින් තෝරාගනු වස් මාස් සමාගම දැනටමත් දැන්වීමක් නිකුත් කර තිබෙන අතර පුද්ගලයින් බදවා ගන්නා ආකාරය පිළිබද තොරතුරු එහි සදහන් විය. අයදුම්පත් භාරගන්නා දිනය ගෙවුණු 7 වැනිදායින් අවසන්ව තිබිණ.
“ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා වෘත්තිකයන් අවශ්‍යව ඇත” යැයි දක්වා තිබූ එහි අන්තර්ගතය පහත පරිදි විය.
විදේශ කටයුතු අමාත්‍යංශය හා අත්වැල් බැදගෙන ඇති මාස් සමූහ ව්‍යාපාරය, පහත ක්ෂේත්‍රයන් යටතේ වෘත්තිමය රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස සේවය කිරීම සදහා ඔබට පහත අවස්ථාවන් විවර කර දී, ඇත.
අන්තර්ජාතික වෙළදාම, මුල්‍ය, ආයෝජන ප්‍රවර්ධනය
(අනුයුක්තිය - ඩකා, නිව්යෝර්ක්, ෂැංහයි හෝ ටෝකියෝ)
පරිසරය සහ දේශගුණ වෙනස්වීම් (අනුයුක්තිය- නයිරෝබි)
පුනර්ජනනීය සුහුරු බලශක්තිය (අනුයුක්තිය- ස්ටොක්හෝම්)
නවෝත්පාදනය සහ කුසලතා සංවර්ධනය
(අනුයුක්තිය - බර්ලින් හෝ බීජිං)
ශ්‍රී ලංකා පුරවැසිභාවය ඇති, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ආයතනයකින් හෝ විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හිමි, වසර 8-13 කාලයක වෘත්තිය අත්දැකීම් සහිත මාස් සමාගමේ සේවකයින්ට ඉහත පුරප්පාඩු සදහා අයදුම් කළ හැකිය.
මෙම තනතුරු රාජ්‍යතාන්ත්‍රික පත්කිරීම් වන අතර ඒ අනුව ඔබගේ තනතුර අත්දැකීම් මත පළමු ලේකම්වරයා හෝ තෙවන ලේකම්වරයා වනු ඇත. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ පවතින ශ්‍රේණිගත කිරීම අනුව වැටුප් සහ දීමනා ගෙවෙනු ඇති අතර එම පිරිවැය දරනු ඇත්තේ අමාත්‍යංශයයි.
සේවය නිමා කිරීමෙන් පසුව ඔබ නැවතත් මාස් ව්‍යාපාරය වෙත බඳවා ගැනෙන අතර ඔබ වර්තමානයේ දරමින් සිටින තනතුරට සමාන තනතුරකට ඔබව අනුයුක්ත කැරෙනු ඇත.
මේ සදහා අයදුම් කිරීමේ දී, ඔබගේ කළමණාකරු සහ අදාළ මානව හිමිකම් දෙපාර්තමේන්තු දැනුම්වත් කිරීමට කාරුණික වන්න. මානව හිමිකම් අංශය පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ පවත්වනු ඇති අතර, ජනපතිවරයාගේ අවසාන අනුමැතියට යොමු කිරීම සදහා එසේ තෝරාගත් අයවලුන් ජනපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ නැවතත් සම්මුඛ පරීක්ෂණයකට යටත් කෙරේ.
අපහැදිලි පදනමක්
මේ සඳහා රටවල්වල අගනගරයන් සහ අදාළ ක්ෂේත්‍රයන් තෝරාගෙන තිබෙන පදනම පැහැදිලි නැත.
උදාහරණයක් ලෙස, පරිසරය සහ දේශගුණ විපර්යාස යන ක්ෂේත්‍රය යටතේ නයිරෝබි නුවර තෝරාගෙන ඇත. ඇතැම් විට එසේ කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි (යූඑන්ඊපී) මූලස්ථානය පිහිටා තිබෙන්නේ එම නගරයේ වීම නිසා විය හැකිය.
ගෝලීය වශයෙන් පරිසරය ආරක්ෂා කරගැනීම සහ සංරක්ෂණය කරගැනීම අරබයා වන න්‍යාය පත්‍රය නිර්මාණය කරන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වන අතර එක්සත් ජාතීන් හදුන්වාදී තිබෙන තිරසාර සංවර්ධන ඉලක්කයන් මූලික කොටගත් වැඩසටහන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරනුයේ ද, එම ආයතනයයි. පරිසරය ආශ්‍රිත බහුපාර්ශවීය ගිවිසුම් සහ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සදහා ජාතීන් සහ පරිසර ප්‍රජාව එකම වේදිකාවකට ගෙන ඒම මගින් පරිසරය හමුවේ ඇති අභියෝගයන් ජයගැනීම අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ක්‍රියාත්මක වන අතර එම කටයුතු සදහා සාමාන්‍යයෙන් රටකින් අනුයුක්ත කෙරෙනුයේ වෘත්තිමය රාජ්‍යතාන්ත්‍රිකයන් වේ. එනිසාම, මහා පරිමාන පෞද්ගලික සමාගමකින් එතැනට පැන ගන්නා පුද්ගලයෙක්ට ඔහුට ලැබෙන එම තනතුරින් අපේක්ෂිත කාර්යය ඉටුකිරීමට හැකියාවක් ඇතිදැයි යන්න බරපතල පැනයකි.
මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුකර නොතිබීම ද විමතිය දනවන සුලුය.
මේ හා සමාන ලෙසම, නවෝත්පාදනය සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍රය යටතේ අනුයුක්තියක් සිදුකිරීම සදහා ජර්මනියේ අගනුවර වන බර්ලින් නුවර හෝ චීනයේ අගනුවර වන බීජිං නුවර තෝරාගෙන තිබීම ද ගැටලු මතුකරන්නකි.
පුද්ගලික වාසි
සාමාන්‍යයෙන් මෙවැනි ක්ෂේත්‍රයක් හා අදාළ වන කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන්නේ සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ දෙරටේ රජයන් අතර එම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය මුල්කරගෙන ඇති කරගන්නා සම්බන්ධීකරණයක් හරහාය.
ඒ සදහා තාක්ෂණික සහ වෘත්තිය පුහුණු ආයතනයන් අතරමැදියන් ලෙස යොදාගැනෙන අතර, ජර්මනියේ නම් එවන් ආයතනයන් සමග එසේ සබඳතා ඇතිකර ගැනෙන්නේ ජීටීසී නම් ජර්මන් රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත, අන්තර්ජාතික සම්බන්ධීකරණයන් පවත්වාගැනීම සම්බන්ධයෙන් වන ආයතනයක් යටතේය. මෙවන් පසුබිමක් යටතේ, තනතුරට අනුයුක්ත කෙරෙන පෞද්ගලික අංශයේ නිලධාරියා තමන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීමට පමණක් සීමා වනු ඇති ද නැතහොත් පෞද්ගලික න්‍යාය පත්‍රයක් මුල්කරගෙන කටයුතු කරනු ඇති ද? යන පැනයන් නැගේ.
අන්තර්ජාතික වෙළදාම, මුල්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන වැනි ක්ෂේත්‍රයන් සැළකීමේ දී, එම ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් පෞද්ගලික අංශයෙන් අනුයුක්ත කැරෙන පුද්ගලයෙක්, එම අංශයටම අදාළ වාසි ඒවායින් සළසා ගැනීමට කටයුතු කරනු ඇති බවට සැකයක් නැත. කෙසේවුවත්, මේ සියල්ලට ප්‍රථමයෙන්, අන්තර්ජාතික මට්ටමේ වානිජ කටයුතු, මුල්‍ය කටයුතු සහ ආයෝජන ආදිය වඩාත් පුලුල් අයුරින් මෙරටට ආකර්ෂණය කරගැනීම සදහා දැනට රටේ පවතින වැඩපිළිවෙල සහ අදාළ කටයුතු එකලාසයක් කරගත යුතුව තිබෙන බව රජයට නොවැටහෙන්නේ ද?
ආර්ථික කටයුතු සැළකීමේ දී, රජයේ ඉහළම මොළයක් ලෙස සැළකෙන ජනපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා, සෘජු විදේශ ආයෝජන දිනාගත යුතුව තිබීමේ වැදගත්කම නැවත නැවතත් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පවතින ගැටලු විසදාගැනීම සදහා විදෙස් ණය මත යැපීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව ද, ඔහු අවස්ථා ගණනාවකදීම අවධාරණය කර ඇත.
එය හුදෙක් හිස් ප්‍රකාශයක් ලෙස ගත හැක්කේ, ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ පහසුව මුල්කරගෙන කරන “ඊස් ඔෆ් ඩුයින්ග් බිස්නස්” ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 104 වැනි ස්ථානය වීම නිසාය. එනිසා, මුලින්ම කළ යුතුව ඇත්තේ රට එවැනි පහළ ස්ථානයකට වැටීමට හේතු වී තිබෙන ක්ෂේත්‍රයන් හදුනාගැනීම සහ ඒවාට අදාළ පිළියම් යෙදීම නොවේ ද?
කොටින්ම ශ්‍රී ලංකාව සමග ව්‍යාපාර කටයුතු කිරීමේ දුෂ්කරතාවයන් මෙරට එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියද පෙන්වා දී තිබෙන අතර එවැනි තත්ත්වයක් උද්ගතව තිබීමට වගකිව යුතුයැයි ඇය හදුනාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා රජයයි. ආයෝජන සහ ව්‍යාපාර කටයුතු සිදුකිරීම සදහා පහසු සහ මිත්‍රශීලී පරිසරයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම්, ආයෝජකයින් රටට නිතැතින්ම ආකර්ෂණය වනු ඇත.
නිදහසේ වියදම් වන විදේශ විනිමය
පෞද්ගලික අංශයේ පුද්ගලයින් අනුයුක්ත කිරීම සදහා තෝරාගෙන තිබෙන ඇතැම් අගනගරයන් සැළකිල්ලට ගැනීමේ දී තවත් ගැටලු මතුවේ.
උදාහරණයක් ලෙස, ජපානයේ ටෝකියෝ අගනුවර සැළකීමේ දී, එහි දැනටමත් වානිජ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරන ලද නිලධාරියෙක් සේවය කරමින් සිටී. චීනයේ ෂැංහයි නුවර සැළකීමේ දී උපදේශනය සම්බන්ධයෙන් වන කාර්යාලයක් දැනටමත් එම නගරයේ ක්‍රියාකාරීව පවතින්නේ බීජිං නුවර පූර්ණ ආශිර්වාදය සහ පහසුකම් යටතේය. වෙළෙඳ නිලධාරීහු දෙදෙනෙක් එම කාර්යාලයේ සේවය කරමින් සිටිති. කරුණු මෙසේ වන හෙයින් පෙනෙන්නට තිබෙන්නේ, රටේ මුදල් නොමැති තත්ත්වයක වුව විදේශ විනිමය නිදහසේ වියපැහැදම් කිරීම රජයට ගැටලුවක් නොවන බවය.
පෞද්ගලික අංශයේ නිලධාරීන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස පත්කිරීමේ මෙම වැඩපිළිවෙල සැබැවින්ම රටේ සුභසිද්ධිය උදෙසා කරන ලද්දක් ද නැතහොත් අනෙක් අයට තම තමන්ගේ පෞද්ගලික අරමුණු සපුරාගැනීම සදහා නිර්මාණය කරන ලද්දක් ද යන සැකය මෙහිදී මතුවන්නේ නිතැතින්මය.
මෙවැනි ආකාරයක වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙන පළමු අවස්ථාව මෙය වුවත්, පැවැති යහපාලන රජයත් මේ ආකාරයේම පියවරක් අනුගමනය කිරීමේ අදහසින් සිටි බවත් සදහන් කළ යුතුය. නමුත් එය යතාර්ථයක් බවට පත්වූයේ නැත. ඒ කෙසේ වුවත් මෙතැනත් විදේශ කටයුතු අමාත්‍යංශය ස්වකීය වගකීම් ඉටුකළ නොහී අතරමංව සිටින සෙයක් පෙනේ.
නිවැරදි මග සොයාගැනීමට නම් අමාත්‍යංශයේ සිටින වෘත්තිකයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සහාය ලබාගත යුතුය.පරිබාහිර පාර්ශවයන්, ඔවුන්ගේ වුවමනා එපාකම් ගැන වදවනු ඇති විනා රටේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ සේවයත් පෞද්ගලික අංශයට දීමේ සැබෑ අරමුණ කුමක්ද
සිරි Thursday, 12 August 2021 10:15 AM
මේක හොඳ අදහසක්. දැනට සුලභව කෙරෙන දේශපාලන හිතවතුන් විදේශ සේවයට යැවීම වෙනුවට ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයන් පුද්ගලික අංශයෙන් තෝරාගෙන සීමිත කාලයකට යැවීම ජාත්‍යන්තර වෙළඳාමට, ආයෝජන ප්‍රවර්ධනයට, නව නිපැයුම් සංවර්ධනය වැනි කටයුතුවලට වඩා ඵලදායක වෙනු ඇති.