නාගරික සංවර්ධන අධිකාරිය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුමකට අත්සන් තැබුණු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ දී වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තිය කියැවූ මගේ මිත්‍රයකු අදාළ ගිවිසුම මගින් ඇති විය ආර්ථික බලපෑම, ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දැන ගැනීමට සඳහා මට කතා කළේ ය.
“මෙමගින් අපේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳෙනවා ද ? නැතිනම් මෙමගින් ප්‍රශ්නය විසඳෙනවා ද ?” යැයි ඔහුගෙන් මම විමසමි. ඔහුට විෂය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති බව මම දනිමි. ඔහු පශ්චාත් උපාධිධාරියකු වන අතරම වෘත්තීය අත්දෑකීම් ඇත්තෙකි. එබැවින් ඔහු අසන ප්‍රශ්නය වැදගත් සහ වලංගුතාවයක් ඇත්තකි.
ආර්ථිකය එම ප්‍රශ්නයේ තිබෙන බැරෑරුම් වැදගත්කමත් විශේෂයෙන්ම රට මේ වනවිට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයත් නිසා මෙවර ලිපියෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මම තීරණය කළෙමි.
කොළඹ පිහිටි රජයේ ඉඩම් දෙකක් කල්බදු ලෙස දෙමින් නාගරික සංවර්ධන අධිකාරිය විදේශීය ආයෝජකයන් සමඟ ගිවිසුම් දෙකකට එළැඹී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉකුත් සතියේ දී වාර්තා කළේ ය. එයින් එකක් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න විදේශ ආයෝජනයක් රැගෙන එයි.
ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් අදාළ ගිවිසුමට සම්බන්ධ අතර දෙමටගොඩ පිහිටි අක්කර පහක ඉඩමක් ඒ සඳහා ලබා දී තිබේ. දෙවැන්න සිදුවන්නේ චීන-ඩුබායි හවුල් ව්‍යාපාරි ගිවිසුමක් යටතේ ය. නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මෙම ආයෝජනය ලැබෙන අතර එම විදේශ ආයෝජනය මගින් ගෙනෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 755කි. කොළඹ 7 ඉඩමක ((Summit Flat land)) මෙම මහල් නිවාස සංකීර්ණය ඉදි කෙරේ.
මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග මේ වනවිට අවසන් වෙමින් තිබෙන අතර මේ අතරවාරයේ දී මේ හා සමානම ඉඩම්වලට අදාළ ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. එම ගිවිසුම්වලින් රට මේ මොහොතේ මුහුණ දෙමින් තිබෙන විදේශ විනිමය අර්බුදය යම්තාක් දුරකට සමථයට පත් කරමින් රට තුළට ඇමෙරිකානු ඩොලර් මිලියන බිලියන ගණනින් ගෙන ඒමට නියමිතය. අපේක්ෂිත ය. කරුණ එය නම් මගේ මිත්‍රය අසන ප්‍රශ්නය අසාමාන්‍ය සහ විශ්මයාකාර වේ. එනම් මෙමගින් විදේශ විනිමය අර්බුදය උග්‍ර අතට හැරෙන්නේ කෙසේ ද ?
විදේශ විනිමය අර්බුදය
මාධ්‍යවේදීන් ඇතුළු බොහෝදෙනා පසුගිය සති දෙක තුනක කාලයේ දී මගෙන් ප්‍රශ්න විමසූ නමුත් එහි එක් ප්‍රධාන ප්‍රශ්නයක් තිබිණි. එම ප්‍රශ්නය විදේශ විනිමය ප්‍රශ්නය යි. ඊට ප්‍රධානම හේතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වා අඩු වීම ය. වසර 2009 දී එනම් මීට වසර 12කට පෙර ද සාධාරණ හේතු නිසා මෙරට නිල විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් දක්වා අඩු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දෙවරක් එනම් 2009 වසරේ දී සහ 2016 වසරේ දී සහයෝගය දැක්වී ය. එම අවස්ථාවේ දී අදාළ සහාය දැක්වීමේ ප්‍රධාන අරමුණක් වූයේ අපගේ විදේශ විනිමය සංචිත තත්ත්වය ගොඩනගා ගැනීම ය. කෙසේ නමුත් එම අවස්ථා දෙකේ දීම අප කොන්දේසි නොසලකා හරිමින් අපට වුවමනා ආකාරය ට කටයුතු කළේ ය. අප, අපට වුවමනා ආකාරයට කටයුතු කිරීම නිසා අද අපට වත්මන් අර්බුදයට මුහුණ දීමට සිදුව තිබේ.. මෙවර අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ කුමක්දැයි අසන්නට ද වුවමනාවක් නොමැත.
විදේශ විනිමය අර්බුදයට අමතරව රටට ලබන වසරේ සිට සෑම වසරකදීම ඇමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර කල් පිරෙන විදේශ ණය ගෙවීමට ද සිදුව තිබේ. ආනයන සීමා සහ හුවමාරු විනිමය සීමා ඇතුළත්ව රටේ ආර්ථිකය ද තිරසර නොවන ප්‍රතිපත්ති රෙජීමයකට යටත් කර තිබේ. මෙම සියලු කරුණු සලකා බැලීමේ දී ස්වභාවයෙන්ම අපගේ අවධානය යොමු වන්නේ විදේශ විනිමය අර්බුදය දෙසට ය. සැපයුම් හිඟ, කළු වෙළෙඳපොළවල් සහ ජීවන වියදම් යන ප්‍රශ්න අර්බුද ද උත්සන්න වෙමින් තිබෙන නමුත් ඒ දෙසට අපගේ අවධානය යොමු වී නැත.
වෙනත් විකල්පයක් නොමැත
මගෙන් විමසූ ප්‍රශ්න අතර වඩාත්ම වැදගත් ප්‍රශ්නය වූයේ මෙම අර්බුදයෙන් මිදෙන්නේ කෙසේදැයි විමසූ ප්‍රශ්නය යි. ඊට මගේ පිළිතුර වන්නේ “ඍජු විදෙස් ආයෝජන සහ අපනයන යි”. ඒ හැර අපට වෙනත් මාර්ගයක් නොමත. දීර්ඝ කාලීන සහ ස්ථාවර විදේශ විනිමය ගලා ඒම් ඇත්නම් අපට තහවුරු කළ හැකි ප්‍රධාන මූලාශ්‍ර දෙක වන්නේ ඍජු විදෙස් ආයෝජන සහ අපනයනයි. අපට තිබෙන ප්‍රධානම විදේශ විනිමය ඉපැයුම් දෙක වන්නේ ඒවා යි. මේ නිසා විදේශ විනිමය අර්බුදයට අප “අව්‍යාජ, සත්‍ය පිළිතුරක්” සොයන්නේ නම් අප පහත දැක්වෙන ප්‍රශ්න දෙකට පිළිතුරු සෙවිය යුතු ය..
1. අනෙකුත් බොහෝ ආසියානු රටවල් සාර්ථක වෙද්දී, ශ්‍රී ලංකාව ඍජු විදේශ විනිමය ගලා ඒම් තහවුරු කර ගැනීමට අසමත් වූයේ ඇයි ? පළමු ව අප මෙහි නිවැරැදි කිරීම් කළ යුතු ය.
2. අපේ අසල්වැසි කලාපයේ සිටින බොහෝ ආසියානු රටවල් මෙන් ශ්‍රී ලංකාව, අප අපගේ අපනයන ප්‍රවර්ධන කටයුතු සාර්ථකව කරගැනීමට අපොහොසත් වූයේ ? දෙවැන්න, අප මෙහි නිවැරැදි කිරීම් කළ යුතු ය.
විදේශ විනිමය අර්බුදයට (හදවත) විසඳුම් ඇත්තේ ඉහත සඳහන් කළ ප්‍රශ්න දෙකට දෙන පිළිතුරු අනුව ය. කෙසේ නමුත් මගේ ප්‍රශ්නයෙන් තවත් ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වේ. අප හමුවේ තිබෙන ප්‍රශ්නයට තිබෙන දීර්ඝ කාලීන විසඳුම් වන්නේ ඍජු විදෙස් ආයෝජන සහ අපනයන ය. කෙසේ නමුත් ඒ සඳහා තිබෙන කෙටි කාලීන විසඳුම් මොනවා ද ? කෙසේ හෝ අපේ ප්‍රශ්නය කෙටිකාලීනව ඇති වූ ප්‍රශ්නයක් නම් නොවේ. එමෙන්ම එය ‘කොවිඩ්’ වසංගතය නිසා ඇති වූවක් ද නොවේ. ප්‍රශ්නය දීර්ඝ කාලීන නම් ඊට විසඳුම් ද දීර්ඝ කාලීන විසඳුම් විය යුතු ය.
අප මේ වනවිට ද්විපාර්ශවීය ණය ගැනීම්, ණය පහසුකම්, ක්‍රම සහ මුදල් හුවමාරු (SWAP) ඇති කරගනිමින් සිටියි. ඒවා ප්‍රයෝජනවත් වුවත් එමඟින් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එමඟින් සිදුවන්නේ ප්‍රශ්නය උග්‍ර වීම පමණි. අපි ණය ගනිමින් ප්‍රශ්නය කල් දමන අතර කලින් ගත් ණය ගැනීම සහ නැවත ණය ගනිමින් සිටින්නෙමු. මේ හේතුවෙන් අපට ඉදිරියේ දී විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇත. සේවක ප්‍රේෂණ හෝ අපේක්ෂිත සංචාරක ආදායම්වලින් ද ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මේවා මගින් තාවකාලික සහ පැලැස්තර විසඳුම් පමණක් ලැබෙන අතර පිළිතුරු සෙවීම කල් දැමීමට උපකාරී වේ.
ඩොලර් සඳහා ඉඩම් ගිවිසුම්
අපනයන පුළුල් කිරීම හැර, විදේශ විනිමය අර්බුදයට වෙනත් තිරසර විසඳුමක් නැත. මෙම කරුණේ දී ඍජු විදෙස් ආයෝජන වැදගත් නොවන්නේ ආයෝජකයන් විදේශ විනිමය රැගෙන එන නිසා නොව එමඟින් අපනයන ප්‍රවර්ධනයට රුකුලක් දෙන නිසා ය. විදේශීය ආයෝජන මගින් ඍජුව හෝ වක්‍රාකාරව අපනයන ප්‍රවර්ධනයට රුකුලක් වෙයි. වේගවත් ඍජු විදේශ ගලා ඒමකින් තොරව අපනයන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කර ගනිමින් සාර්ථක වූ කිසිදු ආසියානු රටක් නොමැත.
චීනය, ඉන්දියාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය යන ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති රටවල් මෙන්ම දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල් සියල්ල අපනයන ක්ෂේත්‍ර තුළින් සාර්ථකත්වයට පත් වූයේ ඍජු විදේශ ගලා ඒම්වල සහයෙනි.. සංවර්ධනය වෙමින් තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකාවට ද අපනයන වර්ධනයට ඍජු විදෙස් ආයෝජනවලින් ලැබෙන වැදගත්කම සහ සහාය නොසලකා හැරීමට නොහැක. මේ නිසා මොන ප්‍රතිපත්තිමය සහ නියාමන කොන්දේසි සහ සීමා තිබුණ ද, වංචා සහ දූෂණ තිබුණ ද, නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණ ද, අපට ඍජු විදෙස් ආයෝජනය ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය නම් මෙහි සඳහන් කළ සියලු කරුණු කාරණා සහ අර්බුද විසඳාගත යුතු ය.
මෙම කරුණු දෙස බැලීමේදී මගේ මිත්‍රයා මුලින්ම ඇසූ ප්‍රශ්නයට අප ගෙන යයි. ආණ්ඩුව රජයේ ඉඩම් බදු දීමෙන් විදේශ විනිමය අර්බුදය විසඳීමට අරමුණු කරන්නේ ද ? සූදානම් වන්නේ ද ? ඊට පිළිතුරු ; අපනයන වර්ධනයට දායක නොවන කිසිදු ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියකින් විදේශ විනිමය අර්බුදය විසඳෙන්නේ නැත. එවැනි ව්‍යාපෘතිවලින් අනෙක් පස ද සිදුවිය හැකි ය. එනම් එවැනි ව්‍යාපෘති හේතුවෙන් විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍ර වීමට ඉඩ තිබේ. මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලින් ජනනය කරන්නේ ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ගෙනෙන්නේ දේශීය මුදල් ඒකකයෙන් නම් ඒවා අනාගතයේ දී විදේශ මුදල් බවට පරිවර්තනය කළ යුතු ය.
නැවත ආයෝජනය සහ පෙරළා සිය රට යෑම
මෙම ප්‍රශ්නය උදාහරණයකින් පැහැදිලි කළ හැකි ය. මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා ඍජු විදෙස් ආයෝජන ගෙන ඒමට අප සමත් වී නම් විදේශීය ආයෝජකයා රැගෙන එන විදේශ විනිමය අපගේ ඍජු විදේශ ආයෝජන ගලා ඒම්වලට එකතු වේ.
එමඟින් අපගේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා තරමක සහනයක් ලැබේ. ව්‍යාපෘතිය අවසන් වීමත් සමඟ එතැනින් එකතු වන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ගණනය කෙරෙන අතර එය වර්ධන අනුපාතයට, වේගයට ද යමක් එකතු කරයි. ඊට අමතරව ඉදිකිරීම අවසන් වූ පසුව දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන දායකත්වය ද අවසන් වේ.
කෙසේ නමුත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස මිලදී ගන්නේ මෙරට ජාතිකයන් නම් ඔවුන් ගෙවීම් කරන්නේ මේ රට මුදල් ඒකකයෙන් නම්, අදාළ මුදල්/ලාභය නැවත ආයෝජනය කරන්නේ ද ඒවා සියරටට රැගෙන යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ආයෝජකයාට ය.
ඉක්මනින් මුදල් ඉපැයීමට බලාපොරොත්තු වන ආයෝජකයකු නම් ඉක්මනින් මුදල් උපයාගෙන නැවත සිය රටට යෑමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයෝජකයාට එහි ලාභ අලාභ තීරණය කරගත හැකි ය. ඒ අතරම තවත් ආයෝජකයකු ඔහු ලද ලාභ නැවත ආයෝජන කර අදාළ රටේ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමට අපේක්ෂා කරනු ඇත. ඒ සියල්ල තීරණය වන්නේ අදාළ ආයෝජකයා තමන් ව්‍යාපාර කරන රටේ ව්‍යාපාරික තත්ත්ව, වැඩ පරිසරය සහ ජීවත් වන පරිසරය කොතරම් විශ්වාස කරන්නේ ද යන කරුණු මත ය.
ආයෝජකයා සිය ලාභ නැවත සිය රටට ගෙන යෑමට බලාපොරොත්තු වන්නේ නම්, ඔහු ආයෝජනවලින් ලද ආදායම්, ලාභ විදේශ විනිමය ගලා යෑම්වලට හැරවීමට සිදු වේ. මේ නිසා, නිතැතින්ම විදේශ විනිමය අර්බුදය උග්‍ර වනු ඇත. එනම්, අපට කෙටි කාලීන විදේශ විනිමය ගලා ඒම් තිබුණ ද මේ නිසා අපට දීර්ඝ කාලීන අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇත.
වෙළඳාම් කළ හැකි හා කළ නොහැකි ක්ෂේත්‍ර
ඉහත උදාහරණය රටට ලැබෙන ආයෝජන සම්බන්ධ ආර්ථික විද්වතුන් පෙන්වාදෙන වෙළෙඳාම් කළ හැකි සහ කළ නොහැකි ඒවාට ඉතා හොඳින් පෙන්වා දෙන්නකි. සරලවම පැවැත්මක් නොමැති සහ තනි තනිව පුළුල් කළ නොහැකි යන්න ද එමඟින් අදහස් කෙරේ.
යුද්ධයෙන් පසු ඉදි කිරීම් සහ නැවත ඉදි කිරීම් කටයුතු සඳහා අප ණය සහ මූල්‍ය ලබාගත් අයුරු අපට මතක ය. ඒවායින් ඇතැම් ඍජු විදෙස් ආයෝජන ද නොවේ. මෙවායින් ඇතැම් මුදල් යොදා ගනිමින් හම්බන්තොට සහ අනෙකුත් ප්‍රදේශවල මහා පරිමාණ (මෙගා) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි. වසර 2010-2012 කාලයේ දී අපගේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේ ය. එහෙත් පසුව එය පහත වැටිණි. දැන් එම ණයවලට නැවත ගෙවීමට කාලය පැමිණ තිබේ. ඇතැම් ණය ගෙවීම සඳහා අපට නැවත ණය ගැනීමට සිදුව තිබේ.
ඊට ප්‍රධානම හේතුව එම ආයෝජන ව්‍යාපෘතිවලින් බොහෝමයක් ස්වභාවයෙන් ම වෙළෙඳාම් කළ නොහැකි ඒවා වීම ය. ඒවා අපනයන ක්ෂේත්‍රයට, අපනයන ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ සේවා පුළුල් කිරීමට, ව්‍යාප්ත කිරීමට හෝ ඒවාට හෝ කිසිදු සම්බන්ධයක් නැති වීම ය. කෙටියෙන් කියතොත් මේවා “වෙළඳාම් කළ හැකි ක්ෂේත්‍රයට” සම්බන්ධ නැත.
ආචාර්ය සිරිමල් අබේරත්න විසිනි
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විනිමය අර්බුදයට පැලැස්තර දැමීම
Udarath Wednesday, 22 December 2021 08:14 AM
ආදායම් ලැබීමට ක්‍රමයක් අවශ්‍යයි.ජපානයේ නම් සල්ලි වලලනවා.ලංකාවේ බහිරව පූජාව වගේ.
රකිත Friday, 24 December 2021 09:55 AM
අපේ මහාචාර්යවරු කොහේද ඉන්නේ..? මම දැක්කා එක මහාචාර්ය වරයෙක් මාධ්‍ය මගින් කියනවා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කළා නම් ඩොලර් ප්‍රශ්නය විසඳෙනවා කියලා. එ්කේ නඩත්තු වියදමවත් ලැබෙන්නේ නැහැ කියලා.. මූල්‍ය විශ්ලේෂණයේ කියලා තියෙනවා. ඒක කවදා හරි ආණ්ඩුව බරක් සහ ණය බර වැඩිවෙනවා කියලා එයා තේරෙන්නේ නැති එකයි පුදුමේ. ඒවා කරන්න ඕනේ ආයොජකයින් මිස රජය නෙවෙයි කියලා තේරෙන්න මහාචාර්ය පට්ටමක් අවශ්‍ය නැහැ...
ganegoda Monday, 27 December 2021 04:21 PM
යුද්දෙ කරේ දාගෙන ඡන්දය දිනුවා..! දැන් ඒ තුරුම්පුවෙන්ම රටට, ජනතාවට, ආර්ථිකයට පහරදෙනවා. අන්න ඒකට තමයි... ‘‘මොල 07ක්‘‘ තියෙනවා කියන්නේ...