IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විනිමය අර්බුදයෙන් ගොඩ එන්න මඟක් නැද්ද?

ශ්‍රී ලංකාවට බොහෝ කාලයක පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනුත්, ලෝක බැංකුවෙන් හා වෙනත් බහු පාර්ශ්වික ආයතනවලිනුත් අඩු පොලියට මුදල් ණයට ගත හැකි වූයේය. එබැවින් වඩාත් අවශ්‍ය වූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසියාකාර දියත් නොකර ණයට ගත් මුදල් මත යැපෙන්නට අපි පුරුදු වූයෙමු. අපහසුවකින් තොරව මුදල් ලැබුණු නිසා ඉතා සහනදායී පොලී මත අපි බරට ණය ගත්තෙමු. නිදහසේ මුදල් ගලා ආ බැවින් මූල්‍ය විනයක් ගැන සිතීමට අපට අවශ්‍ය නොවීය.

මධ්‍යම ආදායම් ලබන රටක තත්ත්වයට එළඹුණු පසු සහනදායී පොලී මත තව දුරටත් ණය ලබා ගැනීමේ හැකියාව අපට නැති විය. ඒ වෙනුවට මූල්‍ය වෙළෙඳ පොළෙන් අපට ණය ගන්නට සිදු වූයේ වාණිජ පොලියටයි. 

මේ වනවිට මුදලේ මිල ඉහළ ගොස් තිබුණත් විචක්ෂණශීලී ලෙස කටයුතු කරනු වෙනුවට ඉහළ වාණිජ පොලී අනුපාතයට අපි නොකඩවා අධික ලෙස ණය ගනිමින් සිටින්නෙමු. 2004 දී ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් වාණිජ ණය ලබා තිබුණේ සියයට 2.5ක ප්‍රතිශතයක් පමණකි. එහෙත් 2020 වසරේ අග වනවිට රටේ විදේශ ණයවලින් සියයට 51 වාණිජ ණයයි. එයින් වැඩි ප්‍රමාණයක් අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර ඔස්සේ ගත් ණයයි.

ණයට ගත් මුදල්වලින් කොටසක් වැය කළේ මහා පරිමාණ (මෙගා) ව්‍යාපෘතිවලයි නෙළුම් පොකූණ, රඟහල සහ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ආදී එවැනි බොහෝ ව්‍යාපෘති ආර්ථික වශයෙන් ඵලදායි නොවන ඒවාය.

අප ණය ගත යුතුව තිබුණේ වඩාත් විචක්ෂණශීලී ලෙසය. ඒවා වියදම් කළ යුතුව තිබුණේ අපගේ ජනතාවගේ නිපුණතා මට්ටම හා අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම උදෙසාය. එවැනි ව්‍යාපෘති ආර්ථික වශයෙන් ඵලදායී විය හැකි ඒවාය. අධික ලෙස ණය වී සිටින අප විදේශ සංචිත පහත වැටීම නිසාත් ණය ශ්‍රේණියෙන් පහත වැටීම නිසාත් ණය සඳහා වාරික හා පොලී ගෙවා ගත නොහැකිව සිටින්නෙමු. ණය ශ්‍රේණියෙන් පහතට වැටීම නිසා විදේශ ණය ගැනීම උදෙසා අධික පොලී ගෙවන්නට ද සිදුවී තිබේ. එම නිසා ණය මත යැපෙමින් ජීවත්වීම තව දුරටත් වියදම්කාරී හා අසීරු වී තිබේ.

අපි දැන් විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ දී සිටින්නෙමු. එසේ වී ඇත්තේ අපගේ රට තුළට ගලා එන ඩොලර් ප්‍රවාහයට වඩා රට තුළින් ඉවත ගලා යන ඩොලර් ප්‍රවාහ වැඩිවීම හේතුවෙනි. වසර ගණනාවක් තිස්සේ අප නිසියාකාර අපනයන ප්‍රවර්ධන ක්‍රමෝපාය දියත් කොට නොමැත. ඒ වෙනුවට අප නිරතවී ඇත්තේ ආනයන ආදේශනය වැනි අසාර්ථක පර් යේෂණවලය. එම නිසා අපගේ අපනයන නිෂ්පාදන ප්‍රමාණවත් අයුරින් විවිධාංගීකරණයට ලක්වී නොමැත. ප්‍රමාණවත් ලෙස අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ලක් නොවීමට හේතුව එයයි. 

දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ එක දිගට නොකඩවා ශ්‍රී ලංකාව නිසි කාර්මික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ කාර්මික අංශය වර්ධනය වී නැත. එම නිසා වෙනත් රටවල් තම අපනයන භාණ්ඩ ප්‍රමාණය විවිධාංගීකරණයට ලක් කරමින් ඇඟලුම් අපනයනයෙන් ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශය ආදියට මාරුවෙද්දී ශ්‍රී ලංකාව කළේ ප්‍රමාණවත් අයුරින් විවිධාංගීකරණයට ලක් නොවී ඇඟලුම්වලටම ඇලී ගැලී සිටීමයි.

ප්‍රමාණවත් ලෙස අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය සිදු නොකළ නිසා සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් පහත මට්ටමක පැවැතියේය. කෙසේ වුවද ශ්‍රී ලංකාව ආනයන වියදම්, අපනයන ආදායම් ඉක්මවා ගිය නිසා එම තත්ත්වය පුළුල් වෙළෙඳ හිඟයකට මඟ පෑදුවේය.

එම නිසා රට තුළට එන ඩොලර් ප්‍රවාහ ඉක්මවා රටින් පිටට ගලා යන ඩොලර් ප්‍රවාහ වැඩිවී එම තත්ත්වය නිසා දිගින් දිගටම ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අවප්‍රමාණ වූයේය. දැන් මේ වනවිට නිල විනිමය අනුපාතිකය හා නිල නොවන විනිමය අනුපාතිකය අතර පුළුල් වෙනසක් හටගෙන තිබේ. නිල විනිමය අනුපාතිකය ඇ. ඩොලරයකට රුපියල් 200-202ක් පමණ වන අතර නිල නොවන විනිමය අනුපාතිකය ඇ. ඩොලරයකට රු. 245-250 දක්වා ඉහළ ගොස් ඇත.

මූල්‍ය අංශය අතින් රජයේ වියදම් බොහෝ සෙයින් ආදායම් ඉක්මවා ගොසිනි. වෙනත් වචනවලින් කිවහොත් රජයේ අයවැය හිඟය 2020 සහ 2021 දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 11.1 තරම් වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් තිබේ. දිගින් දිගටම ඉහළ මට්ටමකට පවතින මූල්‍ය හිඟය රජයේ ණය ඉහළ මට්ටමක පවතින්නට ද මූලික හේතුව වී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2020 දී සියයට 101ක තරම් වාර්තාගත මට්ටමකට පැමිණියේය. රජයේ ණයවල පොලී වියදම් පමණක් රජයේ අාදායමෙන් සියයට 70 තරමට වැඩි වූයේය. රජයේ වැටුප් හා වේතනත්, විශ්‍රාම වැටුප් ආදියත් උදෙසා රාජ්‍ය ආදායමෙන් සියයට 77ක ප්‍රමාණයක් වැය වී තිබේ. එමනිසා ගත් ණය සහ පොලී ගෙවා ගන්නට පවා රජයට මුදල් ණයට ගන්නට සිදුවී තිබේ. සමස්ත ණයෙන් සියයට 60ක් දේශීය වශයෙන් ගත් ණය වන අතර ඉතිරි සියයට 40 විදේශ වශයෙන් ගත් ණයයි.

විදේශ ණයවල වාරිකය සහ පොලිය ගෙවා ගන්නට 2025 දක්වා වසරකට වැය කළ යුතු මුදල ඇ. ඩො. බිලියන 4-5ක් පමණ වේ. කෙසේ වුවද රටේ දළ නිල සංචිත 2021 නොවැම්බර් අග වනවිට පැවැතියේ ඇ. ඩො. බිලියන 1.5ක් පමණකි. මෙම සංචිත ප්‍රමාණවත් වූයේ යාම්තමින් මාස් පතා අවශ්‍ය ආනයනවලට ගෙවා ගන්නට පමණකි. එහි ප්‍රතිඵලයක් ලෙස රජය ඇ. ඩො. බි. 1.5ක හුවමාරු ණය චීනයෙන් ලබාගෙන 2021 අග වනවිට රජය ඇ. ඩො. බි 3.1ක විනිමය සංචිත එක්කාසු කරගත්තේය.

මෙකී සංචිත වලින් 2022 ජනවාරියේ දී ඩො. මිලියන 500 කට ගෙවිය යුතුව තිබූ බැඳුම්කර ණය ගෙවා දැමුවේය. රටේ ණය තත්ත්වය කෙතරම් බැරෑරුම් වීද යන්න එයින් පෙනේ. 2022 ජුලි මාසයේ ගෙවා දැමිය යුතු ඇ. ඩො. බිලියන 1 ක ඩොලර් බැඳුම්කර තිබේ. එම නිසා හුස්මක් කටක් ගෙන නැවත විදේශ සංචිත ගොඩනගා ගැනීමේ විරාමයක් රටට ලැබී තිබේ. ඒ අතර ණය බැඳීම් නැවත ප්‍රතිසංස්කරණය කර ගන්නට ද මෙරටට හැකියාව ඇත. 
කුමක් කළ යුතුව තිබුණි ද?

රට තුළ වූ අවි ගැටුම් 2009 මැයි මාසයේදී නිමාවට පත්විය. පශ්චාත් යුද සමයේ දැවැන්ත යටිතල පහසුකම් ගොඩ නැගීමට ශ්‍රී ලංකාව යොමු වූයේය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඉන් එකකි. කෙසේ වුවද ඒ සඳහා යොදවන ලද්දේ ඍජු විදේශ ආයෝජන ඔස්සේ නොව ණයට ගත් මුදල්ය. පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව කළ යුතුව තිබූ හොඳම දේ නම් වඩ වඩාත් අපනයන ප්‍රවර්ධනය කෙරේ අවධානය යොමු කිරීමය.

අපනයනවලින් වඩාත් අවශ්‍ය කරන්නා වූ විදේශ විනිමය ඉපැයීම සිදුවේ. ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය වෙත වඩාත් අවධානය යොමු කළ යුතුව තිබිණි. ඒ සමඟම තොරතුරු තාක්ෂණ කර්මාන්තය ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශය කෙරේ අවධානය යොමු කළ යුතු වූයේය. ඒවා වටිනා විදේශ විනිමය ලැබෙන මූලාශ්‍රයන්ය. අප මෙම අංශ ප්‍රවර්ධනය කරන්නට අනලස්ව උත්සුක වූයේ නම් අද දින අපට විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත.

අප අවධානය යොමු කළ යුතුව තිබුණ තවත් අංශයක් නම් ඍජු විදේශ ආයෝජනය. අප ඍජු විදේශ ආයෝජන ඇදගන්නට බැරෑරුම්ව අවධානය යොමු කළේ නම් අප නියත වශයෙන්ම ඊට අදාළ නිපුණතා සංවර්ධන කාර්යන්හි සහ මානව ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ නියැලෙනු ඇත. විදේශීය ආයෝජනයේ නිපුණ ශ්‍රමයට කෙරේ මහත් උනන්දුව දක්වති. උදාහරණයකට අප වසරක් පාසා තොරතුරු තාක්ෂණ උපාධි ධාරීන් අවශ්‍ය සංඛ්‍යාව බිහි කළ යුතුව තිබිණි.

පශ්චාත් යුද අවධියේ දී අලෙවි කළ හැකි දෑ නිපදවීම ප්‍රවර්ධනය කිරීම කෙරේ වඩාත් අවධානයෙන් කටයුතු කිරීම කෙරේ යුතු වූයේය. කෙසේ වුවද රජය වැඩි අවධානයෙක් යොමු කළේ, ඍජු විදේශ ආයෝජන වලින් නොවන ණය ලබා ඉදිකරන දැවැන්ත මෙගා ව්‍යාපෘති වැනි විදේශ වෙළෙඳාමට යොදවා ගත නොහැකි දෑ කෙරෙහිය. නිර්යාත විරෝධී නැඹුරුවක් රජය නිර්මාණය කළේය. අපනයන ප්‍රවර්ධන කිරීම සඳහා යම් ආනයන ප්‍රමාණයක්, අතරමැදි භාණ්ඩ ලෙස යොදා ගැනීම සඳහා ආනයනය කළ යුතු වූයේ අපනයන කර්මාන්තවලට ආනයන අවශ්‍ය වන නිසාය.

තවදුරටත් අපට යම් භාණ්ඩ වර්ග ඒවා මෙරට නිෂ්පාදනය කරන්නට යන වියදමට වඩා අඩු මිලට ආනයනය කර ගත හැකිනම් ඒවා මෙරට නිෂ්පාදනය කිරීමට උත්සාහ ගැනීමට වඩා ආනයනය කරගැනීම ඵලදායී වේ. අනෙක් අතට ආනයන ආදේශන ප්‍රතිපත්ති යටතේ අප එවැනි භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කරන්නට උත්සාහ ගතහොත් එය අප අකාර්යක්ෂම කර්මාන්ත, අපනයන ප්‍රවර්ධනය යන වියදමෙන් ප්‍රවර්ධනය කිරීමට යොමු වීමක් වේ. එවැනි අකාර්යක්ෂම ඵලදායී නොවන කර්මාන්තවලට සම්පත් යෙදවීමට වඩා එම සම්පත් අපනයන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යෙදවීම වටනේය. අපනයන විරෝධී අගතිය ‘යනුවෙන් අදහස් වන්නේ මෙකී සම්පත් අවභාවිතයයි.

ඉදිරි මං පෙත්

1. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනකට අවතීර්ණ විය යුතුය. එවැනි වැඩ සටහනක වැඩ දායී බව මුදල්වලට පමණක් සීමා නොවේ. අපට මුදල්වලට එහා ගිය යමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යොමු වීමෙන්, සමෘද්ධිමත් ආයෝජකයන්ටත්, ශ්‍රී ලංකාව ණය ලබා ගන්නා මුලාශ්‍රවලටත් මෙරට දැන් යළිත් මූල්‍ය ශික්ෂණයක් සහ සාර්ව ආර්ථික ස්ථාවර බවකට යොමුව ඇත්තේය යන සංඥාව ලැබේ. එවැනි වැඩ සටහනක සාර්ථකත්වය මත ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා සලකා බලනු ඇත. එවැනි ශ්‍රේණිය ඉහළ දැමීමකින්  වඩාත් වාසිදායක පොලියකට විදේශ අරමුදල් ලබා ගැනීමේ හැකියාව උදාවේ. අයවැය හිඟය අඩුකිරීම වෙත ද ජාත්‍යන්තර මූල්‍ය අරමුද හා බැඳුණු වැඩ සටහනක දී අවධානය යොමුවේ. එම තත්ත්වය යම් ස්ථාවර භාවයකින් වසර කිහිපයක් පැවැතුණහොත් එවිට රාජ්‍ය ණය පාලනයකට නතු කර ගැනීමට මෙරට හැකිවේ.

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන හැරුණු කොට ශ්‍රී ලංකාව ණය ප්‍රතිසංස්කරණ (ප්‍රතිව්‍යූහගත කිරීමේ) වැඩ සටහනකට යොමු විය යුතුය. එවැනි වැඩ සටහනකින් යම් ඉස්පාසුවක් ලබා නැවත ණය ගෙවීමේ සම්පත් ඒක රාශිකර ගැනීමේ අවස්ථාව සැලකේ. ණය ප්‍රතිව්‍යුහගත වැඩ සටහනකට යම් කාලයක් ගතවේ. එම නිසා ඒ අතර වාරයේ දී රජය ආනයන ආහාර, ඉන්ධන, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ සඳහා වියදම් සපුරා ගැනීමට යම් ආකාරයක මූල්‍ය සබඳතාවක් ගොඩනගා ගත යුතුවේ.

3. ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන හා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ හැරුණු කොට විදේශ විනිමය උත්පාදනය කර ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන කර්මාන්ත වන්නේ තොරතුරු තාක්ෂණ ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශවල කර්මාන්තය. එම නිසා එකී කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට වැයම් කළ යුතුය. සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ ක්ෂේත්‍රවල අයකරන ගාස්තු සංශෝධනය කොට සංචාරකයන්ට වඩාත් හොඳ පහසුකම් එම ක්ෂේත්‍රවල පිරිනැමිය යුතුවේ.

4. ණය නොවන ඍජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමට සෑම උත්සාහයක්ම දැරිය යුතුය.

5. ආදායම් මූලික කර ගත් මූල්‍ය සහන වැඩ සටහනක් රජය ක්‍රියාවට නැංවිය යුතුය.

6. දීර්ග කාලයක් එක දිගට අපනයන ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් ගෙනයා යුතුය.

එම නිසා අපනයන විරෝධී අගතීන් දුරු කළ යුතුය.

7. යහපාලනය කෙරේ අවධානය යොමු කොට දූෂණය රාජ්‍ය ආයතනවලින් දුරු කළ යුතුවේ. ඍජු විදේශ ආයෝජන ඇතුළු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

8. නිපුණතා සංචිතයක් ගොඩ නගා ගත යුතුය. ආර්ථිකය නැංවීම සඳහා එමගින් නිපුණ ශ්‍රමය සැපයුම් කළ හැකිය. ඍජු විදේශ ආයෝජන ඇද ගැනීමට ද එකී නිපුණතා සංචිත වැදගත් වේ. එම නිසා නිපුණතා සංවර්ධනයටත් මානව ප්‍රාග්ධන සංවර්ධනය නිරත්තරයෙන් සිදුවේ.

ආචාර්ය ශාන් ප්‍රනාන්දු විසිනි

2022.01.27 දින daily ft හි පළවු the brewing of a crisis ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

(***)



අදහස් (1)

විනිමය අර්බුදයෙන් ගොඩ එන්න මඟක් නැද්ද?

තරුණයෙක් Friday, 11 February 2022 07:16 AM

ශ්‍රී ලංකාවේ වර්තමානයේ මුහුණදී තිබෙන්නා වූ ගැටලුවලට වගකිව යුතුවන්නේ: රාජ්‍ය පාලකයන්, රාජ්‍ය නිලධාරීන් සහ තීන්දු ගන්න කණඩායම් සැලසුම් කිරීමට අසමත් වුයේද ? නැතහොත් අසාර්ථක වීමට සැලසුම් කලේද ? සැලසුම් සකස් උවද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීද ? නොඑසේනම් ඉහත සදහන් කල සියල්ල නිවැරදිව සිදු උවත් සියල්ල ආරම්භ කිරීමට නැකත් කරුවන් වැරදි වේලාවන් ලබා දුන්නේද ? වර්තමානයේ ලංකවේ පවතින ගැටළු සදහා තිබෙන එකම විසදුම අයි.එම්.එෆ් යාම පමණද ? අයි.එම්.එෆ් ආයතනය නොතිබුනේනම් විසදුම කුමක්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site