ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් සහ සියලු රාජ්‍ය ආයතනවල බලධාරීන්ගෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණන් ඉල්ලා සිටි බව නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.
මාර්තු මාසයේ නව වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේ මාර්තු 19 වැනි දිනට පෙරාතුවය. එවකට විෂය භාර ඇමතිවරයා විසින් මැතිවරණය පැවැත්වීම වසරක කාලයකින් කල් දමනු ලැබුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධි විධානවලට අනුකූලව නොවේ. ඒ සඳහා ඇමතිවරයා භාවිතයට ගත්තේ නිරෝධායන නීතිය යටතේ පැවති සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයකි. එකී නියෝගය කෝවිඩ් වසංගත තත්ත්වයට අදාළ වූවකි.
වසරකින් කල් දමනු ලැබූ මෙම මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන ලෙස ඉල්ලා සිටීමට කාදිනල්තුමාණන්ට බලපා ඇති හේතු බොහෝය. එම බාධා එකපිට එක රජයේ නිලධාරීන් හරහා රජයේ පාර්ශවයෙන් එල්ල කරන අයුරු පොදු මහජනයා දැඩි ඉවසිල්ලකින් බලා සිටිති.
වසරක් කල්දැමූ මෙම මැතිවරණය පැවැත්වීම ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස රජයේ පාර්ශවයෙන් කිසිවිට සැලකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත. රජයේ වියදම් පාලනය කිරීම උදෙසා රාජ්‍ය මුදල් යෙදවීම සීමා කරන ලෙස දන්වමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළේය.
එම චක්‍ර ලේඛය අනුව වැටුප්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය පහසුකම් හා හා වෛද්‍ය සැපයීමවලට අමතරව 01/2023 හා අංක 9/2022 යන අය වැය චක්‍ර ලේඛන මගින් ප්‍රමුඛතාවට පත්කර ඇති මුදල් නිදහස් කිරීමට පමණක් භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව සඳහන් විය. එම නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
රජයේ ආයතනවලට අත්පිට මුදලට මිස ණයට කිසිම සේවාවක් සැපයීම කළ යුතු නොවන බවට තවත් චක්රලේඛයකින් නියෝග කෙරිණි. මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට සිරිත් පරිදි රාජ්‍ය ආයතනවලින් සේවා සපයන ලද්දේ ණයට බව හොඳින් දැන සිටි තත්ත්වයක් තුළයි. කිසිම ආකාරයකින් මැතිවරණ කටයුතු එම චක්රලේඛයෙන් නිදහස් කෙරුණේ නැත.
මැතිවරණ පත්‍රිකා ණයට මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ අනුවය. මෙකී බාධා නිසා තැපැල් ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදුවිය.
ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාවේ 14.1(ආ) ව්‍යවස්ථාවේ ආරක්ෂා කර ඇති ප්රකාශනයේ නිදහසට බාධා කිරීමක් ලෙස නීතිඥවරු පෙන්වා දෙති. ඡන්දය වැළැක්වීමට කටයුතු කිරීම ජනතා පරමාධිපත්‍යය පවත්වා ගැනීමට බාධා කිරීමක් ලෙස මේ වන විට නීතීඥ සංගමය පෙන්වා දී ඇත. 2003 පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති තීන්දුවකින් ඒ බව සහතික වී තිබෙන බවද නීතීඥවරු පෙන්වා දෙති.
පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් නොකොට රජය අර පරිස්සමෙන් මුදල් වැය කරන බවක් නම් පෙනෙන්නට නැත. මහජනතාව දැඩි අවධානයෙන් පසු වෙද්දී රජය තමන්ට අවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව දෙමින් ඒ සඳහා නිර්ලෝභීව මුදල් වැය කරන සෙයක් පෙනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල අයුරින් ක්‍රියා නොකොට මැතිවරණ කල් දැමීම අනවශ්‍ය පරිදි උද්ඝෝෂණවලට හා කලකෝලාහලවලට මහජනයා කැඳවීමක් බව රජය මතක් කරගත යුතුව තිබේ.
(***)
ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථාවට අනුකූලව ජනතා ඡන්ද අයිතිය රකිමු