IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විශ්වීය යුක්තිය ශ්‍රී ලංකාවට තවත් උගුළක්ද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලට්, පසුගිය සඳුදා ඇයගේ වාචික කරුණු දැක්වීමේ දී ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර දැක්වීම සදහා පශ්චාත් යුද දේශීය ක්‍රියාවලියක තතු ගෙනහැර දැක්වීමට පැවැති යහපාලන රජය අතහැර දමාගිය අවි ගබඩාව අතපත ගෑමට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාට පසුගියදා සිදුවිය.

ජිනීවාහි පැවැත්වෙමින් තිබෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී ඇය ශ්‍රී ලංකා රජයට එරෙහිව දැඩි චෝදනා රැසක් එල්ල කළා ය.

සම්මත කරගෙන තිබෙන 46/1 යෝජනාවලියෙන් නිර්දේශ කර තිබෙන ආකාරයේ කිසිදු බාහිර යාන්ත්‍රණයක්, අදාළ කාරණාවලට විසදුම් සෙවීම සදහා දේශීය යාන්ත්‍රණ ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක අවශ්‍ය නොවේ යැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා, එම නිර්දේශ ප්‍රතික්ෂේප කළේය. කාරණා අදාළ වන රටේ සහයෝගීත්වයක් නොමැතිව, දක්වා තිබෙන ඉලක්කයන් සපුරාගැනීමට ඔවුන්ට නොහැකි බවත්, එයම ඩ්‍රැවීකරණයක් සිදුවීමට හේතුවනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසුවේ ය.

කොටින්ම, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වූයේ එයයි. 
අඟහරුවාදා, ජගත් මානව හිමිකම් කවුන්සිලය රැස්වන ‘පැලෙස් ඩෙ නැසිනොස්’ හි සභාගර්භයේ, එම පණිවුඩය සටහන් වූ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරිණ. ඒ වන විට විදේශ කටයුතු අමාත්‍යවරයා සිටියේ ඉතාලියේ බොලොඥ්ඥා නුවරය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගය.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පසුගිය සදුදා දින කළ වාචික අදහස් දැක්වීමට, ඔහුගේ ප්‍රතිචාරය එය විය. එහෙයින්, ඇය ඉදිරිපත් කළ බරපතල මට්ටමේ කාරණාවලින් සුලුතරයක් හැරෙන්නට, ඒවායින් ඇතැමෙක් අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයෙන් ආවරණය නොවිණ.  

මහාචාර්ය පීරිස්, යහපාලන රජය සමයේ අනුගමනය කැරුණු විදෙස් ප්‍රතිපත්ති කිහිපයක්ම ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ගෙනහැර දැක්වූයේය. එම ප්‍රතිපත්ති ගොඩනැගීමේ ගෞරවය හිමි, පසුගියදා කෝවිඩ්-19 වෛරසය ආසාදනයව මරණයට පත්වූ මංගල සමරවීර මහතාටය. ඔහු, යහපාලන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ප්‍රතිපත්ති ගොඩනැගුවේ ය. 

මහාචාර්යවරයා ගෙනහැර දැක්වූ දේශීය යාන්ත්‍රණයට- හිටපු අමාත්‍ය සමරවීර මහතා ආරම්භ කළ සහ පිහිටැවූ, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, හානිපූර්ණය කිරීමේ කාර්යාලය, ජාතික එක්සත් සහ සංහිදියා කාර්යාලය, ජාතික මානව හිමිකම් කොමිසම යනාදියත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ප්‍රතිස්ථාපනය කිරීමට ගැනෙන පියවරත් සහ සිවිල් සමාජය සමග වඩා ශක්තිමත් සබඳතාවයන් ගොඩනඟා ගැනීමත් ඇතුළත් විය.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇයගේ වාචික අදහස් දැක්වීමේ දී, සඳහන් කළ, 46/1 යෝජනාවලියෙන් වගවීමේ ක්‍රියාවලියට අදාළව නිර්දේශ කර තිබෙන කටයුතු ආරම්භ කර තිබෙන බවත්, ඒ සදහා කණ්ඩායමක් බදවා ගැනීමට පොරොත්තුව ඇති බවත්, මහාචාර්ය පීරිස් මහතා ඔහුගේ අදහස් දැක්වීමේ දී, ප්‍රතික්ෂේප කළ, බාහිර යාන්ත්‍රණයේ කොටස විය. ඇය මෙසේ ද, පැවසුවා ය.

“අප තොරතුරු සහ සාක්කි ගබඩාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ සදහා අපි යොදාගෙන තිබෙන්නේ එක්සත් ජාතීන් සතුව දැනටමත් වෙන් වෙන් වශයෙන් පවතින අයිතමයන් 120,000කට ආසන්න ප්‍රමාණයක්. මේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට මගේ කාර්යාලයට හැකියාව ලැබෙන ආකාරයට, අයවැය හරහා මේ කටයුතු ආවරණය වන බව සහතික කරන්නය කියා මම සාමාජික රටවල්වලින් උදක්ම ඉල්ලා සිටිනවා”

මෙය, ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ගෙනඒමට මුල් වූ ප්‍රධාන කණ්ඩායම ප්‍රමුඛ බටහිර රටවල්, විශ්වීය යුක්තිය යන සන්දර්භය යටතට ශ්‍රී ලංකාව හසුකර ගැනීමට ගන්නා දැඩි උත්සාහයට අමතර දෙයක් බව විශේෂයෙන්ම සදහන් කළ යුතුය. මෙකී ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සදහා දැනටමත් වේදිකාව සූදානම් කෙරෙමින් පවතින අතර, එය කොයි අතකට යොමුවනු ඇතිදැයි කල්තියාම හදුනාගෙන සිටීම ශ්‍රී ලංකා රජය පැත්තෙන් ගත්විට වඩා හොඳය. ඒ මන්ද යත්, එයින් හසුකර ගැනීමට මාන බැලෙන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරජයට පත්කිරීම සදහා සේවය කළ ආරක්ෂක අංශ නිලධාරීන් වීම නිසාය. ඔවුන්ව පෙරමුණේ තබා, අන්තර්ජාතික මට්ටමින් චෝදනා ගොනු කිරීම මෙම උත්සාහයේ අරමුණ යි.

එක්සත් ජාතීන්ගේ 76 වන මහ සමුලුවට සහභාගීවීම සදහා ගෙවුණු සෙනසුරාදා දින රාත්‍රියේ නිව්යෝරක් බලා පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ අදහස් දැක්වීමේ දී, මෙම කාරණා ගැන ද, අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂිතය. විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා, ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ජනපතිවරයා සමග පිටත්ව ගියහ. 
දිවයිනෙන් බැහැරවීමට ප්‍රථම, හිටපු අමාත්‍යවරයෙක් වන මහින්ද සමරසිංහ මහතා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමට ජනපතිවරයා පියවර ගත්තේය.

සමරසිංහ මහතා මීට පෙරත් ජිනීවා සහ කැන්බරා යන නුවරවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර අත්දැකීම් තිබෙන්නෙකි. රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළ ආකාරයට, සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙන්නේ එක්සත් ජනපදය සමග යහපත් සබඳතා ගොඩනගා ගන්නා ලෙසත් සහ එරටින් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන දිනාගන්නා ලෙසත් ලෙසය. මෙම පත්වීම භාරගැනීමට ඔහු අයවැයෙන් පසුව සිය පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස්වනු ඇතැයි සැළය. 

මීට පෙර, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති පුටුව භාර කිරීමට අවධානය යොමුව තිබුණේ දැනටමත් ලොස් ඇන්ජලීස් නුවර ජීවත්වන ආචාර්ය ලලිත් චන්ද්‍රදාස මහතා වෙත ය.

සියලුම ආකාරයේ බාහිර යාන්ත්‍රණයන් සහ පිළිවෙත් ප්‍රතික්ෂේප කරන බව මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළත් එයට කවුන්සිලයේ පිළිගැනීම හිමිවනු ඇතිදැයි යන්න ගැටලුවකි. පළමුව, පසුගිය මාර්තු මාසයේ දී, 46/1  යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ සම්මත වූ අවස්ථාවේදී පවා, එය ප්‍රතික්ෂේප කරන බව සහතික ලෙස කියා සිටීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් විය. එහෙයින්, ඒ වෙනුවට රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම, රටවල් අතලොස්සක සහාය ශ්‍රී ලංකාවට හිමිවීම හැර අන් කිසි දෙයක් දිනාදෙන්නේ නැත. වැදගත්ම කාරණය වන්නේ, ශ්‍රී ලංකාවේ විරෝධතාව මධ්‍යයේ වුව ද, මෙකී බාහිර යාන්ත්‍රණය මේ වන විටත් පරිනාමනයව තිබීමය.

මෙම බාහිර යාන්ත්‍රණයට සහ පිළිවෙත් ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සාමාජික රටවල් ඉදිරිපත් විය යුතුව තිබීම සම්බන්ධයෙන් පැවැති ගැටලුව ගැන ද, ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය පැහැදිලි කිරීමක් කළාය. මීට මාස කිහිපයකට පෙර, එවක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම අරමුදල්වලින් කොටසක් පමණක් අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ පස්වැනි කමිටුව කටයුතු කර ඇතැයි කියා සිටියත්, එය එසේ නොවන බව බැෂෙලෙට්ගේ අදහස් දැක්වීමේ දී පැහැදිලි විය. මුල් අවස්ථාවේ ඉදිරිපත් කළ අයවැයට අදාළ අරමුදල් සපයාගත යුතුව තිබෙන බව ඇය කීවා ය.

එනිසා, එසේ අරමුදල් ලබාදීමෙන් සාමාජික රටවල් වළක්වාගැනීමට තරම් බලයක් ශ්‍රී ලංකා රජයට පවතින්නේ ද? යන්න මෙතැන තිබෙන ගැටලුවයි. එයට පිළිතුර, පැහැදිලිවම, නැත යන්නයි. රටවල් තමන්ගේ මතයට නම්මා ගැනීමට අතින් ශ්‍රී ලංකාව සිටින්නේ දුර්වල මට්ටමකය. මෙතැන සැළකුවහොත්, එසේ කරන්නේ නම්, සාමාජික රටවල් 193 ක්, එසේ අරමුදල් ලබාදීමෙන් වළක්වාගන්නා තැනට කටයුතු කළ යුතු වේ.

මහ කොමසාරිස්වරියගේ වාචික අදහස් දැක්වීමට පදනම්ව තිබුණේ ගෙවුණු පෙබරවාරි මාර්තු මාසවල පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඇය ඉදිරිපත් කළ වාර්තාව මත ය. හදුනාගෙන තිබූ ප්‍රවණතා සහ ගැටලු අදාළ කරගෙන එම වාර්තාව සම්පාදනය කර තිබිණ. 46/1  යෝජනාවලිය ප්‍රකාරව, ප්‍රධාන කණ්ඩායමේ රටවල් ඉදිරියට කටයුතු කිරීමට යන්නේ කෙසේද යන්න ගැන අදහසක් එම වාර්තාවෙන් ලබාදෙන අතරම, දැනට පැවැත්වෙන සැසිවාරයන්වල දී, වාචික අදහස් දැක්වීම්වලට වන අවකාශයත් එයින් සළසා දී ඇත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (0)

විශ්වීය යුක්තිය ශ්‍රී ලංකාවට තවත් උගුළක්ද

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site