IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිපයට නව සන්ධානයක් ගැන අදහසක්

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධාන රජයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ සිටින්නේ නව අර්බුදයක් අභිමුඛයේය. පාර්ලිමේන්තුවේ ආසන 14 ක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවය මුල්කරගත් අර්බුදයක පැටලී සිටින සෙයක් පෙනෙන්නට ඇත. 

ශ්‍රීලනිපයට වඩා අඩු පාර්ලිමේන්තු නියෝජනයක් ඇති, සන්ධානය නියෝජනය කරන වෙනත් පක්ෂ නව මතයන් ඉදිරියට ගෙන යනවා පමණක් නොව, රජය හෙල්ලුම් කැවීමට හේතුවන ක්‍රියාකාරකම්වලට මුල්තැන ගන්නා පාර්ශවයන් බවට ක්‍රමයෙන් පත්වෙමින් සිටින පසුබිමක් නිර්මාණය වී තිබේ. පැනවුණු ඇදිරි නීති තත්ත්වය ගෙවුණු සිකුරාදා නැවත වරක් ලබන 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට හේතුවූයේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්ය. 

මේ සම්බන්ධයෙන් ඇතැම් කොටස් සිටින්නේ මෙම පිරිස් සමග කෝපයෙනි. හාස්‍ය ජනකම කරුණ වන්නේ ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ප්‍රමුඛ රජයේ ඉහළ පුටුවල සිටින බහුතරයක් රටේ පවතින තත්ත්වය සුලුකොට දක්වමින් සිය තනතුරු හා වරදාන ආරක්ෂා කරගැනීමේ උත්සාහයක නිරතව සිටීමය. ඔවුන් එසේ සිටිය දී අනෙක් පසින් හඬ අවදි කරමින් සිටින්නේ ජනතාවගේ පක්ෂයක් ලෙස තමන් දිනාගෙන සිටින අනන්‍යතාවය අහිමිවේයැයි බියපත්ව සිටින උදවියයි.

පසුගිය 20 වැනිදා පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභා හමුවේ දී මෙම ගැටලු මතුවිය. රජයේ තනතුරු නොදරන ඇතැම් පක්ෂ සාමාජිකයන් අදහස් දක්වමින් පක්ෂය වඩා සක්‍රීයව රජයේ තීන්දු තීරණවලට මැදිහත්විය යුතුව ඇතැයි අවධාරණය කළේය. රජයේම පාර්ශවකරුවන් 10 දෙනෙක් එක්ව ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට යන්නැයි රජයට බලකර සිටි එම ව්‍යායාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද දායකත්වය ලබාදීමට තිබූ මුත් මගහැරුණු අවස්ථාවක් යැයි ඔවුහු පෙන්වා දුන්හ.
සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වැදගත් තීරණයක් ගැනිණ. 

එය වනාහි, අනෙක් දේශපාලන පක්ෂ සමග එක්ව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගැනීම විය. දැනට පවතින නම් දෙකෙන් එකක්, එක්සත් සන්ධානය හෝ ජනතා සන්ධානය, එම නව සන්ධානය හැදින්වීමට යොදා ගැනීමටත් තීරණය විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය යෙදී තිබෙන ලබන ඔක්තෝබර් මස 2 වැනිදා වන විට මෙය යතාර්ථයක් බවට පත්කිරීමට අවැසි පියවර ගැනීම දැනටමත් සිදුවෙමින් ඇත. එදින වැඩසටහන රටේ පවත්නා කෝවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට ගැනෙන උත්සාහයන්ට ආධාරයක් ලෙස සිදුකැරෙන ලේ දන්දීමේ පිං කමකින් ආරම්භ කැරෙනු ඇති අතර එයින් පසුව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දැක්ම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇත. එය දිවයින පුරා ක්‍රියාත්මක වන පක්ෂයට නව සාමාජිකයන් බදවා ගැනීමේ වැඩපිළිවෙලක ආරම්භයයි.

අගමැතිවරුන්, ජනපතිවරුන් මෙන්ම නායකයින් ගණනාවක් බිහිකළ පැරණි දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එම පැරණි විභූතියට හෝ ඒ ආසන්නයටවත් ළගාවීමට හැකියාවක් නොමැත. 

මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් පැවැති බිම් මට්ටමේ සහාය ඔවුන්ට අහිමිවූ අතර එහි වාසිය තමන් සමග එකතුවීමේ කැමැත්තෙන් පසුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් හරහා ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. එම පක්ෂයේ සාමාජික ජාලයේ බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සාමාජිකයන් වන්නේ එහෙයිනි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණවලට තරග කිරීමට ඔවුහු සිය මව් පක්ෂය අත හැරියහ. කෙසේවෙතත්, කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසි ලෙස කළමණාකරනයට අපොහොසත්ව තිබීමෙන් මෙන්ම සීඝ්‍රයෙන් ඉහළ යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරගැනීමට නොහැකිව තිබීමෙන්, පාලක රජයේ ජනප්‍රියත්වය පල්ලම් බසිමින් තිබෙන බවද මෙහිදී අමතක කළ යුතු නැත. නමුත්, එයින් වාසියක් ලබාගැනීමට, එනම් එය මත පිහිටා ජනතාවගේ සහාය තමන් වෙත දිනාගැනීමට, විපක්ෂයේ දේශපාලන පක්ෂවලටත් මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

රට ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව කළ ඉල්ලීම බරපතල ආන්දෝලනයක් නිර්මාණය කිරීමටත් තුඩු දුන්නේය. පළමුව ගෙවුණු 18 වැනිදා, ඔවුන් ජනපතිවරයා වෙත යොමුකළ ලිපියට අවධානය යොමුකරමු.


රට මුහුණ දී ඇති අභියෝගය ජය ගැනීම

කෝවිඩ් වසංගතය පෙර නොවූ අයුරින් සීඝ්‍රයෙන් පැතිරෙන බවත්, මිය යන රෝගීන් ගණන ද, අසාමාන්‍ය ලෙස ඉහළ යන බවත් ඔබතුමාගේ අවධානය දැනටමත් යොමු වූ කරුණකි. මේ පිළිබද අපගේ පක්ෂ නායකයින් ගණනාවක් ඔබතුමාට විවිධ යෝජනාද ඉදිරිපත් කර ඇත. 

ඔබතුමා විසින් දියත් කර ඇති දීප ව්‍යාප්ත කඩිනම් එන්නත්කරණ වැඩසටහන ජාතියේ බලපොරොත්තු දල්වා ඇති බව පෙනේ. ඒ සදහා නායකත්වය දෙන ඔබතුමාටත් සෞඛ්‍ය ප්‍රජාවටත් ත්‍රිවිධ හමුදාවටත් අපගේ ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

වයස අවුරුදු 18 ට වැඩි සමස්ත ජනගහණය එන්නත්කරණය සහා අවම වශයෙන් තවත් සති 6 ක් ගතවනු ඇත. එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵල දැකීමට නම් තවත් මාසයක් පමණ බලා සිටීමට සිදුවේ. එකී සති 10 තුළ ශ්‍රී ලංකාව විසාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙරට ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විශේෂඥයින් සමග එක්වී සකස් කළ වාර්තාව අධ්‍යනය කිරීමේ දී ඒ බව පැහැදිලි වේ. එබැවින් පවතින අභියෝගයට මුහුණදීම සදහා අපි මතු දැක්වෙන යෝජනා ඉදිරිපත් කරමු.

1. මෙවැනි දැවැන්ත අභියෝගයකට ජාතියක් ලෙස මුහුණ දීමේ දී ආණ්ඩුව පිළිබද ජනතා විශ්වාසනීයත්වය අතිශයින්ම තීරණාත්මක කාරණයකි. ජනමාධ්‍ය හෙළි කර ඇති පරිදි මෙන්ම අප විසින් අපගේ ආරංචි මාර්ගවලින් තහවුරු කරගත් පරිදි කොරෝනා රෝගීන් ගණන සම්බන්ධයෙන් තොරතුරු චේතාන්විතව විකෘති කිරීමක් ජාතික මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකර තිබේ. සංඛ්‍යා ලේඛණ විකෘති කිරීමෙන් මෙවැනි අභියෝගයක් විසඳිය හැකියැයි යමෙක් කල්පනා කරන්නේ නම් එය විහිලුවකි. එබැවින් මෙම විකෘති කිරීමට සම්බන්ධ සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කර ආණ්ඩුව පිළිබද ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම ක්ෂණිකව ගතයුතු පියවරකි.

2. දැනට සාර්ථකව සිදුකරමින් පවතින එන්නත්කරණ වැඩසටහන දැනට භාවිතා නොකරන සෞඛ්‍ය සේවයේ සම්පත් ද භාවිතා කරමින් තවදුරටත් වේගවත්ව සිදුකළ යුතුව ඇත. මේ සදහා රෝහල් මෙන්ම සායන මධ්‍යස්ථාන ද භාවිතා කළ හැක. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සහ විශ්‍රාමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද, වෛද්‍ය සිසුන්ද යොදාගත හැක.

3. එන්නත්කරණ වැඩසටහනේදී රට පුරා සිටින අවුරුදු 60 කට වැඩි ජනගහණයට මෙන්ම කෝවිඩ් රෝගයෙන් ජීවිත අවදානමට පත්විය හැකි රෝගවලින් පෙළෙන අයටද ප්‍රමුඛතාවය ලබාදීමෙන් වේගයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව පාලනය කිරීමට හැකිවනු ඇත.

4. වෛරස් රෝග සදහා දේශීය වෛද්‍ය ක්‍රම තුළ සාර්ථක පිළියම් ඇති බව අප කාගේත් අත්දැකීමකි. එබැවින් ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය සමග ඒකාබද්ධ කර අන්තර් සම්බන්ධිත වෛද්‍ය මෙහෙයුමක් ස්ථාපිත කිරීම සදහා කටයුතු කළ යුතුව ඇත.

5. ජනතාව කෝවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේදැයි අධීක්ෂණය කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයට අතිරේකව ආගමික නායකයින්, මහජන නියෝජිතයින් සහ ස්වේච්ඡා සංවිධාන නායකයින්ගෙන් සමන්විත මහජන කමිටු විවිධ තලවල පිහිටුවීම වඩාත් ඵලදායී වනු ඇත.

6. මෙම අභියෝගය ජාතික අපදාවක් බැවින් ඊට ජාතියක් ලෙස මුහුණදීම සදහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අපි යෝජනා කරමු. ඊට උපදෙස් දීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේද, විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කළ යුතු ය.

7. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතරේ රට අගුලු දැමිය යුතුයැයි අපි යෝජනා කරමු. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග පිළිබදව අප ද සංවේදීය. රට අගුලු දැමීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබද අප දැනුම්වත්ය. නමුත් අවම වශයෙන් සති තුනකට රට අගුලු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දරිය හැකි මට්ටමකට පහත හෙලීමට නොහැකි වන බව අපගේ විශ්වාසයයි. මීට පෙර රට අගුලු දැමූ අවස්ථාවල දී වාර්තාවන රෝගීන්ගේ ගණන පහත වැටුණු බව මෙහි දී පෙන්වාදීමට අපි කැමැත්තෙමු.

වර්තමානයේ දී, රට විවෘතව පැවතුනත් නිරෝධායනය වන සහ රෝගයට බියෙන් තැතිගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍යව ඇත. නමුත් රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසු වනු ඇත. එමෙන්ම ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණ නොකර රට අගුලු දැමීම පිළිබද අතීත අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකිවනු ඇත.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන්,

1. දැනට සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදන චක්‍රය බිද දැමීමට හැකිවනු ඇත
2. මරණ සංඛ්‍යාව පහත වැටීමෙන් ජනතාව තුළ ඇතිවී තිබෙන ආතතිය තුරන් වනු ඇත
3. රෝගීන් සංඛ්‍යාව පහත වැටීමෙන් සෞඛ්‍ය ප්‍රජාවට යම් අස්වැසිල්ලක් ලැබෙනු ඇත
4. ජනතාව ආත්ම විශ්වාසයෙන් සමාජයට මුසුවී වඩාත් සක්‍රීයව ආර්ථික ක්‍රියාවලියට දායක වනු ඇත

මේ පිළිබදව ඔබතුමාගේ කාරුණික අවධානය කඩිනමින් යොමුකරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙයට,
අතුරලියේ රතන හිමි - අපේ ජනබල පක්ෂය, ආසන 1
වාසුදේව නානායක්කාර - ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ආසන 2
තිස්ස විතාරණ - ලංකා සමසමාජ පක්ෂය, ආසන 1
විමල් වීරවංශ - ජාතික නිදහස් පෙරමුණ, ආසන 6
උදය ගම්මන්පිල - පිවිතුරු හෙළ උරුමය, ආසන 1
ඒ.එල්.එම්.අතාවුල්ලා - ජාතික කොංග්‍රසය, ආසන 1
ටිරාන් අලස් - එක්සත් මහජන පක්ෂය, ආසන 1
ජී.වීරසිංහ - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ආසන 1
අසංක නවරත්න - ශ්‍රී ලංකා මහජන පක්ෂය, ආසන 1
ගෙවිඳු කුමාරතුංග - යුතුකමේ ජාතික සංවිධානය, ආසන 1

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය  - කොවිද ගුණසේකර

 



අදහස් (8)

ශ්‍රීලනිපයට නව සන්ධානයක් ගැන අදහසක්

nimal Wednesday, 01 September 2021 04:43 AM

" ශ්‍රීලනිපයට නව සන්ධානයක් ගැන අදහසක් " යන එනමන් නැති උනාම මෙවැනි අදහස් පහල වෙන එක අරුමයක් නොවේ !

:       0       10

LASANTHA Wednesday, 01 September 2021 09:00 AM

මෙම ලැයිස්තුගත ආසන සියල්ල පාර්ලිමේන්තුවේ ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නිසා ය. එබැවින් මෙම ක්‍රමය තුළින් සිරිසේනට එක් ආසනයක්වත් වැඩිපුර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

:       0       8

gamage Wednesday, 01 September 2021 11:34 AM

ඔය කරන දෙයක් ඥාණසාර හාමුදුරුවොත් එක්කම කරගන්න..

:       1       4

fairoos Wednesday, 01 September 2021 12:51 PM

සිරිසේන නායකත්වයට ගිය තැන නැත්තටම නැති වෙනවා. ලංකා මහතාටත් වුණේ ඒකමයි.

:       0       7

ශන්ක Wednesday, 01 September 2021 03:00 PM

මෙයා තමයි ලංකාව අද නායකයෙක් නැති දේශපාලනිකව අන්ත පහත් තත්වයකට ඇද වැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ... හොරු ඔක්කොම හිරේ දාලා තමා... දේශපාලනයෙන් අයින්වෙලා ගෙදර ගිහින් කුඹුරක් කොටාගෙන ඉන්නවා කියපු මිනිහා අන්තිමට හොරුන් ඔක්කොම බලයට ගෙනැල්ලා... පාර්ලිමේන්තුවටත් රිංගාගෙන දැන් එනවා මෙතන ආයෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න... මේ අයට ඉර හඳ පායනවා පුදුමයි.

:       1       16

Thilak Wednesday, 01 September 2021 03:55 PM

ශන්ක , ඔබ හරියටම හරි .

:       1       12

මාම Friday, 03 September 2021 06:56 AM

දැක්කම මුලු දවසම විනාශයි.

:       0       3

nihal Saturday, 04 September 2021 01:14 AM

අපේ රට අගාධයට අරගෙන ගිය තවත් කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1721 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site