IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් හැලෙයිද?

 

ආණ්ඩුවේ අලුත්ම අයවැය ලේඛනය පිළිබඳව දේශපාලන කරළියේ බොහෝ කතාබහ ඇතිවී තිබේ. අයවැයට පෙර සහ පසුවත් රජයේ මැති ඇමැතිවරුන් කියනුයේ මෙවර ඉදිරිපත් කළේ සංවර්ධනාත්මක අයවැය ලේඛනයක් කියාය. කෙටිකාලීන සහන, බඩුමිල අඩුකිරීම වැනි සුලබ හා ඉතා ජනප්‍රිය අයවැය යෝජනා නැතත් දිගුකාලීන සැලසුමක් සහිතව මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කර තිබෙන බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු තර්ක විතර්ක ගොඩනගති. 

එහෙත් විපක්ෂයේ දේශපාලන පක්ෂ අදහස් ඊට පරස්පරය. ආණ්ඩුවේ අයවැය යෝජනා පුස් වෙඩිල්ලකැයිද ජනතාව වෙනුවෙන්  කිසිදු සහනක් අයවැය ලේඛනයට ඇතුළත් වී නැතැයිද විපක්ෂයේ දේශපාලනඥයෝ පවසති. මේ දිනවල අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වී තිබේ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අයවැය සම්බන්ධයෙන් වාද විවාදවල පැටලෙමින් සිටිති. මෙවර සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කර ඇති මුදල කප්පාදු කර ඇතැයිද කොවිඩ් වසංගතය පැතිර යන වකවානුවක එවැනි මුදල් කප්පාදුවක් කිරීම වරදකැයිද විපක්ෂයේ දේශපාලනඥයෝ පෙන්වා දෙති. ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමටද මෙවර අයවැයෙන් සිදුව ඇති ඉතා වැදගත් දෙයකැයි දේශපාලනඥයෝ පවසති.

ඕනෑම රජයක් යටතේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ දොස් පරොස් දැකීම අයවැය යෝජනාවල කෙටි කාලීන හා දිගු කාලීන අහිතකරතා පෙන්වාදීම විපක්ෂයේ සාම්ප්‍රදාය වී තිබේ. වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුද විපක්ෂයේ සිටි කාලවකවානුවලද එවකට ඉදිරිපත් කළ අයවැය යෝජනා විවේචනය කළහ. කෙසේ වෙතත් අයවැය ලේඛනයක ගුණ අගුණ හරිහැටි දැකගත හැක්කේ අයවැය සම්මත වී යෝජනා ක්‍රියාත්මක වෙන අතරවාරයේදී යැයි දේශපාලන විචාරකයෝ පැහැදිලි කරති. අයවැය යෝජනා ඇතැම්විට ක්‍රියාත්මක නොවන බවද තවත් අවස්ථාවල යෝජනාවට වඩා වෙනස් අයුරින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවද ඔවුහු පැහැදිලි කරති. 

ගෙවීගිය සතියේ සිදුවූ කැපී පෙනෙන දේශපාලන සිද්ධිය වූයේ විපක්ෂයේ විරෝධතාවය. සමගි ජනබලවේගය පක්ෂය අයවැයට පෙර සිටම ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවකට සූදානම්ව සිටි අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කීවේ දස දහස් ගණනින් ගොවිජනතාව  පොහොර ඉල්ලා කොළඹට එන දවස අතළඟ බවය. එහෙත් විපක්ෂයේ විරෝධතාව ගොවීන්ට සීමාවී තිබුණේ නැත. පොහොර හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය මෙන්ම, දිනෙන් දින ඉහළ නගින ජීවන වියදම පිළිබඳවද විරෝධතාකරුවෝ හඬ නැඟූහ. විරෝධතාව සංවිධානය කිරීමේ වගකීමේ වැඩි කොටසක් බාරගෙන හිටියේ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ හර්ෂණ රාජකරුණා ඇතුළු  තරුණ මන්ත්‍රී කණ්ඩායමකි. 

ඔවුන්ගේ මුල්ම සැලසුම වූයේ රටපුරා සෑම ප්‍රදේශයකින්ම දහස් ගණනින් ජනතාව කොළඹට රැගෙනවිත් දැවැන්ත විරෝධතා රැස්වීමක් පැවැත්වීමය. ඒ සඳහා තෝරාගෙන තිබුණේ කොළඹ හයිඩ් පිටියයි.  හයිඩ්පිටිය කල්තියා වෙන්කර ගෙන තිබූ අතර කොළඹ නගර සභාව අවසාන මොහොතේ එය ලබාදීම ප්‍රතික්ෂේප කළේය. හයිඩ්පිටිය නොලැබුණද විරෝධතාව පැවැත්වීමට විපක්ෂය ස්ථිර තීන්දුවක් ගත්තේ ඉන් අනතුරුවය. කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය අසලට පෙරවරුවේ සිටම විරෝධතාකරුවන් පැමිණියේ ඒ ඒ සංවිධායකවරුන්ගේ දැනුම්දීම මතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ ඉදිරි පෙළ නායකයන් සැලසුම් කළේ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට සිට ජනතාව අමතා විරෝධතාව අවසන් කිරීමටය. ඒ සඳහා ජීප් රථයක් සූදානම් කර තිබූ අතර සජිත් ප්‍රේමදාස එම රථයේ උඩට නැගී ජනතාව ඇමතීමට නියම කරගෙන තිබුණේය. එහෙත් අපේක්ෂා කළාටත් වඩා විරෝධතාව සාර්ථකව සිදුවූ හෙයින් හරීන්, මනුෂ ඇතුළු පිරිසක් අලුත් යෝජනාවක් ගෙනාවේය. 

‘‘අපි ගෝල්ෆේස් යමු’’ යැයි හරීන් සහ මනූෂ කළ යෝජනාවට ඉදිරිපෙළ නායකයෝ එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහෙත් තරුණ මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රයත්නය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපෙළ නායකයන්ට හැකි වූයේ නැත. ඒ අනුව විපක්ෂනායක කාර්යාලය අසල සිට ගාලු පාර ඔස්සේ ගාලුමුවදොර පිටිය දෙසට විරෝධතාකරුවන් ගමන් කරද්දී හරීන් නායකයාට තවත් යෝජනාවක් කළේය. 

‘‘සර් අපි ජනාධිපති කාර්යාලයට යමු’’ එහෙත් සජිත් එය ප්‍රතික්ෂේප කළේය. විරෝධතා රැස්වීම ගාලුමුවදොර පිටියේ පැවැත්වීමට ඉඩක් නොලැබෙන හෙයින් ඒ අසල උද්ඝෝෂණ කිරීම සඳහා වෙන්කර ඇති ස්ථානයට යෑමට පිරිසක් උත්සාහ කළහ. එහෙත් සජිත් ඇතුළු පිරිස ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට මාර්ගයේදී පාගමන නතර කළේය. සජිත් ප්‍රේමදාස ජනතාව ඇමතුවේ ගෝල්ෆේස් හෝටලය ඉදිරිපිටදීය. විපක්ෂයේ විරෝධතාව එසේ අවසන් වූයේය. මේ අතර මාර්ග බාධක නොදා රටේ විවිධ ස්ථානවලින් බස්රථ සෝදිසි කිරීමට පොලිසිය කටයුතු කළේය.

විරෝධතා  රැස්වීමට සහභාගීවීම සඳහා කොළඹට පැමිණීමට තවත් පිරිසකට හැකිවූයේ නැත. ඇතැම් පිරිස් විවිධ නගරවල විරෝධතා පැවැත්වූහ.

ඩොලර් හිඟය නිසා රටේ අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ගණනාවක හිඟය විටින් විට ඇතිවන අතර එමගින් ජනතාවට පීඩා එල්ලවන බවටද ආණ්ඩුවට චෝදනා එල්ලවේ. ගෑස්, කිරිපිටි, ඉන්ධන, ඖෂධ ආදී භාණ්ඩ ගණනාවක මිල ඉහළ යාම නිසාත් විටින් විට හිඟවීම නිසාත් මෙම ජනතා විරෝධය හටගෙන ඇතැයි පැවසිය හැකිය. මේ අතර ඩොලර් හිඟය පියවා ගැනීම සඳහා ආණ්ඩුවේම ඇමතිවරුන් අතර විවිධ යෝජනා මෙන්ම මත ගැටුම්ද හටගෙන තිබේ.

ඉකුත් සඳුදා පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රටේ පවතින ඩොලර්  හිඟය ගැන සාකච්ඡාව ආරම්භ වූ අවස්ථාවේදී උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහු කීවේ ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් ඇතිවිය හැකි බවය. ඉන්ධන  ලබන පෙබරවාරි මාසය සඳහා පමණක් ප්‍රමාණවත් බවද ඉන්පසුව ඉන්ධන ආනයනයට පියවර ගත යුතු බවද ගම්මන්පිල කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකි බවද ගම්මන්පිල කීවේය. එහෙත් ගම්මන්පිලගේ යෝජනාවට බන්දුල ගුණවර්ධන සහ වාසුදේව  නානායක්කාර එකහෙලා විරෝධය දැක්වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී දැඩි කොන්දේසිවලට යටත්විය යුතු බවද එවැනි කොන්දේසි ඉටුකර ජනතාව හමුවට යා නොහැකි බවද වාසුදේව සහ බන්දුල පැහැදිලි කළෝය. එහිදී තවත් මැති ඇමැතිවරුන් කීප දෙනෙක්ම ගම්මන්පිලගේ යෝජනාවට පක්ෂව හා විපක්ෂව කරුණු ඉදිරිපත් කළහ. මේ අතර  රනිල් වික්‍රමසිංහද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පවතින අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම කාලෝචිත බවය.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කලකිරීමට පත්ව සිටින බව වාර්තා වූයේ ආණ්ඩුව පිහිට වූ මුල් කාලයේ සිටමය. ශ්‍රීලනිපයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබානොදීම, පොරොන්දු වූ ඇමතිධුර ලබානොදීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු කලකිරීමට  පත්ව සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම ඉකුත් ඉරිදා පැවැතියේ එම පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ සහ කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් සංවිධාන සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමද සිදුකෙරිණ. එහිදී අනුරාධපුර  දිස්ත්‍රික් තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර විශේෂ කරුණක් කීවේය. ‘‘අපි අද ආණ්ඩුව ගැන කතා කළා. අපේ පක්ෂය ගැන කතා කළා. අපි ශ්‍රීලනිපට ආදරෙයි. අපි අපේ මහගෙදර  දාලා යන්නෙ  නැහැ. ඒත් ආණ්ඩුව අපට සලකන්නෙ නැහැ. ජය පැරදුම කොහොම වෙතත්  මම යෝජනා කරනවා මීළඟ මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පය තතිව තරග කළ යුතුයි. කියා’’ ඔහුගේ යෝජනාව ඒකමතිකව සම්මත වූයේය. ඒ අනුව බොහෝ දුරට ඉදිරි මැතිවරණයකදී  ශ්‍රීලනිප තනිව තරග කරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්  වික්‍රමසිංහ ඉකුත් සෙනසුරාදා පාර්ලිමේන්තු රැස්වීමට ගිය අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තැන් තැන්වල කල්ලි ගැසී කතා බස් කරන ආකාරය දුටුවේය. අය වැය ඉදිරිපත් කළ දිනට පසුදින මෙලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නොරිස්සුම් සහගතව සිටිනුයේ අයවැය ගැන පැහැදීමක් ඔවුන් තුළ නොතිබූ නිසා යැයි රනිල් කල්පනා කළේය. මේ අතර අයවැය විවාදය පැවැත්වෙන කාලයේදී මුදල් ඇමතිවරයා සභාවේ සිටිය යුතු වුවත් එලෙස නොසිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැතියේය. එම විවාදයට එක්වූ රනිල් වික්‍රමසිංහ කීවේ අයවැය විවාදය පැවැත්වෙන අතරවාරයේදී මුදල් ඇමතිවරයා සභාවේ සිටීම සම්ප්‍රදාය බවය. 

මේ අතර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙක් වන මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ රූකඩවීමේ අපේක්ෂාවක් නොමැති බවය. ‘‘අපි රට ගැන ආදරෙයි. අපි ආණ්ඩුවේ රූකඩ වෙන්නෙ නැහැ. ආණ්ඩුවේ නායකයන් අත උස්සන්න කියන කොට අත උස්සන්නත් අත බිම දාන්න කියනකොට එසේ කරන්නත් ශ්‍රීලනිපය සූදානම් නැතැයිද’’  මහින්ද අමරවීර කීවේය. විපක්ෂයේ රූකඩ යළි බලයට ගෙනඒමේ අදහසක්ද තම පක්ෂයට නැතැයිද අමරවීර කීවේය.

මේ අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකයන් තෝරාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඉකුත් බදාදා ආරම්භ වූයේය. කොළඹ  ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

කස්තුරි



අදහස් (1)

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් හැලෙයිද?

Bamunuarachchi Saturday, 20 November 2021 06:47 AM

රජයන් කරන දෙයක් විපක්ෂයක් අනුමත කලේ කොයිකාලේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1143 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1286 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3486 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site