IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන්න කොමිසමක්

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සහ වසා දැමුණු මිහින් ලංකා ගුවන්සේවයේ මෙහෙයුම් සම්බන්ධයෙන් විමර්ෂණ දියත් කිරීම කෙරේ රජයේ අවධානය යොමුව  ඇත. මෙම විමර්ෂණ දියත් කෙරෙනුයේ ජනපති කොමිසමක් හෝ විමර්ෂණ කොමිසමක් යටතේ ද යන්න කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇත. ජනපති විමර්ෂණ කොමිසමක සහ විමර්ෂණ කොමිසමක කාර්යභාරය පහත අයුරින් දැක්විය හැකිය.

1. ඕනෑම රාජ්‍ය ආයතනයක පරිපාලන කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණ කිරීම සහ තොරතුරු ලබාගැනීම
2. ඕනෑම රාජ්‍ය නිලධාරියකුගේ ක්‍රියාකාරීත්වය පිළිබද විමර්ෂණය කිරීම සහ තොරතුරු ලබාගැනීම
3. ජනතා අවධානය හිමි හෝ ජනතාවගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් වන ඕනෑම කටයුත්තක් සම්බන්ධයේන විමර්ෂණය කිරීම සහ තොරතුරු ලබාගැනීම

කෙසේවුවත් ක්‍රියාකාරීත්වයේ දී මෙම කොමිසම් ද්විත්වය අතර පැහැදිලි වෙනසක්කමක් දැකගත හැකිය.නීතියක් ක්‍රියාත්මක වන ආකාරය නොඑසේනම් අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්විය හැකි වන සේ ජනපති විමර්ෂණ කොමිසමක්
බලාත්මක කළ හැකිය.එවන් කොමිසමක ප්‍රධානියා ලෙස පත්කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ දිස්ත්‍රික් අධිකරණ තලයෙන් ඉහළ නියෝජනයක් හිමි විනිසුරුවරයකු පමණකි. අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලයේ සිට, ඕනෑම රාජ්‍ය නිලධරයකුගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වීමේ බලය ජනපති කොමිසමකට හිමිය.එසේ විමර්ෂණයන් පැවැත්වෙනුයේ පහත කාරණා යටතේය.

1. බලයේ අවභාවිතය, අනවශ්‍ය අතපෙවීම්, වංචාව හා දූෂණය, පවුල්වාදය සම්බන්ධයෙන්
2. ඕනෑම පුද්ගලයකුට එරෙහිව සිදුවන දේශපාලනමය මඩගැසීම් සම්බන්ධයෙන්
3. ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් වන පත්කිරීම්, ස්ථාන මාරු කිරීම්, උසස් කිරීම්, සේවයෙන් ඉවත් කිරීම්, පිළිබදව වන අක්‍රමිකතා සම්බන්ධයෙන්
4. ලිඛිත නීතියක් උල්ලංඝණය වන ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් විමර්ෂණ කොමිසමකට බලය ඇත්තේ එය පත්කිරීමට හේතු වූ කාරණය සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වා තොරතුරු වාර්තා කිරීමට පමණකි.මේ අයුරින් සිදුකැරෙන වාර්තාකරණයකින් ලැබෙන ප්‍රතිඵලයක් නැත.නමුත් ඇතැම් අවස්ථාවල මෙම වාර්තා පදනම් කරගත් පරිපාලනමය තීන්දු ගැනීම කෙරේ රජය යොමුවීමට ඉඩ තිබේ.කෙසේවුවත් විමර්ෂණ කොමිසම් පණතට 2008 දී සිදුකැරුණු සංශෝධනය ප්‍රකාරව, කිසියම් අකටයුත්තක් සම්බන්ධයෙන්

විමර්ෂණ කොමිසමක් ඉදිරියේ අනාවරණය වන සාක්කි පදනම් කරගත් අපරාධ නඩු විභාගයක්, අධිකරණය ඉදිරියේ ගොනු කිරීමට නීතිපතිවරයාට බලය ලබා දී ඇත. කොමිසම් දෙක මතම බලපැවැත්වෙන නීති ප්‍රකාරව, කොමිසම හමුවට එන ඕනෑම පුද්ගලයකු, ඔහු හෝ ඇය ඉදිරිපත් කරන සාක්කි පදනමේ සිට, නිදොස් කිරීමට ජනපතිවරයාට බලය හිමිය.ඔවුන් ඉදිරිපත් කරන එම සාක්කි,
ඔහුට හෝ ඇයට එරෙහිව, සිවිල් හෝ අපරාධ අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් කිරීමට ද නොහැකිය. ගෙවුනු සතියේ පැවැති කැබිනට්
මණ්ඩලයේ වැඩි අවධානයක් හිමිවූයේ මෙම කරුණට වූ අතර, එය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට යොමුවූයේ රාජ්‍ය
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා, මිහින් ලංකා ගුවන්සේවය නිල වශයෙන් අවසායනය කිරීම
සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හමුවේය.මිහින් ලංකා ගුවන්සේවය, ශ්‍රී ලන්කන් ගුවන්සේවය
යටතට පවරාගෙන ඇතත්, ශ්‍රී ලන්කන් ගුවන්සේවය මත පැටවී තිබෙන මහත් ණය බර හමුවේ මිහින් ලංකා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් එයට නොමැති හෙයින්, මිහින් ලංකා ගුවන්සේවය පවතින්නේ අක්‍රිීය
තත්ත්වයේය.අඩුවියදම් කලාපීය ගුවන්සේවයක් ලෙස පවත්වාගැනීමේ අරමුණින් මිහින් ලංකා ආරම්භ කළේ පැවැති රාජපක්ෂ පරිපාලනයයි. රටේ සම්පත් විනාශ මුඛය කරා යොමුකරවමින් සිටින හෙයින් මිහින් ලංකා නිල වශයෙන් අවලංගු කරන ලෙස ජනපති සිරිසේන පෙර අවස්ථාවකදී ද අමාත්‍ය හෂීම්ට උපදෙස් දී තිබින.හෂීම්, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය
හමුවේ අනාවරණයක් සිදුකරමින් පවසා සිටියේ මිහින් ලංකා ආරම්භ කර ඇත්තේ කැබිනට් අනුමැතියක් ලබාගැනීමකින් තොරව බවය.ආරම්භයේ සිට සැලකුවහොත් මිහින් ලංකා ගුවන්සේවයේ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 19ක් පමණ වන බව ද ඔහු කීවේ ය. මිහින් ලංකා - “පරණ පවු ගෙවීමක්“ ලෙස කබීර් හෂීම් හදුන්වාදුන් විට ඔහුට හරස් කැපූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා, “අපි පරණ පව් කිය කිය ඉන්නවා.නමුත් මොකද මේ පව් කරපු අයට අපි කරමින් ඉන්නේ? “ යැයි කීවේ ය.මිහින් ලංකා රුපියල් බිලියන ගණනින් අලාභ ලබමින් සිටි ආකාරයත්, එම අලාභයන් පියවීමට අමාත්‍යවරුන් ලෙස කාලයෙන් කාලයට මුදල් යෙදවීමට සිදුවූ ආකාරයත්, ඔහුගේ අවධානයට යොමුවිය. සරත් අමුණුගම අමාත්‍යවරයා ද සාකච්ඡාවට එක්වෙමින්, මිහින් ලංකා ගුවන්සේවයේ කටයුතු පමණක් නොව ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ කටයුතු සම්බන්ධයෙන් ද විමර්ෂණ පැවැත්විය යුතුව තිබෙන බව පැවසුවේ ය.මෙයට අමාත්‍ය මණ්ඩලයෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මලික් සමරවික්‍රම, ගාමිධෑ ජයවික්‍රම පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, යන අමාත්‍යවරු ද ඔවුන් අතර සිටියහ. ගුවන්සේවා ද්විත්වය සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වීම කෙරේ අමාත්‍ය මණ්ඩලයේ උනන්දුව සැලකිල්ලට ගත් ජනපති සිරිසේන, ඔවුන්ගේ කැමැත්ත එය නම් කොමිසමක් පත් කිරීමට තමා සූදානම් බව පැවසුවේ ය.කැබිනට් අමාත්‍යවරු එය පිළිගත්තේ ඔල්වරසන් හඩ නගමිනි.අත්පුඩි ගසමින්, මේසයට තට්ටු කරමින්, අත් ඔසවමින්, ඔවුහු ඊට තම කැමැත්ත ප්‍රකාශ කළහ. නමුත් එම සතුට පැවැතියේ සුලු වේලාවකි.හඩ අවදි කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තම පක්ෂයේ පසුපෙළ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ පාර්ලිමෙන්තු තේරීම්කාරක සභාවක්
බවයි.එනිසා තමන් එවැනි ක්‍රියාමාර්ග යකට යොමුවන බව ඔහු පැවසුවේ ය.අගමැතිවරයාගේ ප්‍රකාශය හමුවේ සියලුදෙනා නිහඩ විය. නමුත් සතිය අවසන් වන විට අගමැති වික්‍රමසිංහ සිය ස්ථාවරය වෙනස් කරගෙන තිබින.නිල මට්ටමේ ආරංචි මාර්ගයකට අනුව ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන්සේවයන් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා කොමිසමක් පත්කිරීමට ඔහු එකගත්වය පළකර තිබේ.නිල මට්ටමින් එම තීරණය ගැනීම සදහා අගමැතිවරයාගේ නව ස්ථාවරය කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දීම සිදුවනු ඇති බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.තම ළගම හිතවතුන් කිහිපදෙනෙක් සමග ද මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අගමැති වික්‍රමසිංහ ඔවුන් හා පවසා ඇත්තේ ද, එසේ කොමිසමක් පත් කිරීමට තමා කැමැති බවය. වංචනික ගනුදෙනු සහ අතිශය ඉහළ
වියදම නිසා ශ්‍රී ලන්කන් ගුවන්සේවය දැඩිව විවේචනයට ලක්වෙමින් තිබේ.අතීතයට සීමා වී නොමැති ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ඉහළ වියදම, වර්තමානයේ ද එලෙසමය.ශ්‍රී ලන්කන් දැනට පවත්වාගෙන යමින් තිබෙන්නේ භාණ්ඩාගාරය ලබාදෙන සහතික පදනමේ සිට රාජ්‍ය බැංකුවලින් ලබාගැනෙන මුදලිනි. ගුවන්සේවා ද්විත්වය සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්න මාලාවකට පිළිතුරු දීමට පසුගියදා පැවැති සතිපතා මාධ්‍ය හමුවේ දී රජයේ නිල ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සිදුවිය.පහත දැක්වෙන්නේ හමුවේ දී යොමුවුනු ප්‍රශ්න
කිහිපයක් හා අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරුය.

ප්‍රශ්නය - මිහින් ලංකා අවසාදනය කිරීමට නියමිතයි.එහි ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 48680ක්.එය මහජන බැංකුවට රුපියල් ලක්ස 11000ක් ණයයි.ශ්‍රී ලන්කන් වෙත ලබා දී තිබෙන ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 15000ක්.මේ ණයවලට මොකද වෙන්නේ ?

පිළිතුර - රාජ්‍ය බැංකුවලින් අරන් තියෙන මේ ණය ගෙවීමට අවශ්‍යයි.මිහින් ලංකා පළමු අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉදලා
තියෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රොෂාන් ගුණතිලක සහ සජින් වාස් ගුණවර්ධන කියා පසුගිය සතියේ පළමුවතාවට අනාවරණය වුනා.ගුවන්යානා මිලයට අරන් තියෙන්නේ ටෙන්ඩර පටිපාටියකින් නොවෙයි.මේ නිසාම අපේ රජයට සිදුවෙලා තියෙනවා මේ ණය බර දරන්නට.

ප්‍රශ්නය - මෙවැනි අලාභයක් සිදුවීමට හේතු මොනවාද කියා ඔබ සොයා බලනවා ද?, කොමිසමක් පත් කිරීමක් ගැනත් සදහන් වුනා.

පිළිතුර - මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ දේශපාලන තීන්දුවක් ලෙස.නැතුව කිසිම ශක්‍යතා අධ්‍යනයක් සිදුකරලා නැහැ.දේශපාලන හෙංචයියන්ව තමයි ඔවුන් පත්කරගෙන තියෙන්නේ.අධ්‍යක්ෂක මණ්ඩලය බැලුවහම ඔබටම එය පේනවා ඇති.ඔවුන් අඩුම තරමේ ගුවන්යානයක ඇණයක්වත් තද කරලා නැහැ.ඉතින් කොහොමද ඔවුන් ලාභ උපයන්නේ ?


ප්‍රශ්නය - කොමිසමක් පත් කිරීමට ඔබ තීරණය කර තිබෙනවා ද?

පිළිතුර - එය ගැනත් ඊයේ (අග හරුවාදා) සාකච්ඡා කෙරුනා.

ප්‍රශ්නය - බලපත්‍රය තවත් ඒජන්සියකට දේවි ද?

පිළිතුර - ඒ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ.කටාරයේ දී සිදුකෙරනු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට එරට නියෝජිතයෙක් පසුගිය සෙනසුරාදාම මෙහෙ ඇවිල්ලා සාකච්ඡා කළා.ඔහු ඉරිදා මෙරටින් පිටත් වුනේ සති දෙකක් ඇතුළත නැවත එන බව පවසා.

 ගුවන්සේවයන්ට අමතරව පසුගියදා කැබිනට් මණ්ඩලයේ දී තවත් වැදගත් කරුණු සාකච්ඡාවට බදුන් විය. සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ නළල රැළි කිරීමට හේතු විය.ගාලුමුවදොර පිටියේ ඉදිකර තිබෙන ෂැන්ග්‍රිලා හෝටලය පසුපස පිහිටි අක්කර තුනක බිම් කොටස සෘජුවම විකුණා දැමීම සදහා ඔහු යෝජනාවක් ඉදිරිපත් කර තිබින.මෙම හෝටලය ලබන 15 වැනිදා විවෘත කිරීමට නියමිතය.අක්කර අටක් වන මෙම බිම් කොටස ඩොලර් ලක්ෂ 1250කට සෘජුවම විකුණා දැමීමට පසුගිය මහින්ද රාජපක්ෂ රජය ගත් උත්සාහයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂ රජය එදවස දැඩිව පෙනී සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ඉඩම් සෘජුව විකුණා නොදමා, එම ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම යටතේ පමණක් ලබාදීමට අවසරය හිමිවන සේ ප්‍රතිපත්ති සම්පාදනය වීම සිදුවිය.

“ මේක ඇත්තටම ඉතාම විරල අවස්ථාවක්.ඉඩම විකුණා දැමීම සදහා අමාත්‍යවරයාම පාර්ශවයක් හදුනාගෙන, එම පාර්ශවයට ඉඩම විකුණා දමන්නට ඔහුම අවසරය ඉල්ලනවා.අඩුම තරමේ දිගු කාලීන ණය පදනමක් යටතේවත් නෙවෙයි මේ.“ නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ සමරවික්‍රමගේ අමාත්‍ය මණ්ඩල සගයකු පැවසුවේ ය.එම පාර්ශවය හදුනාගත්තේ කෙසේදැයි යන්න ඔහු ප්‍රශ්න කළේ ය.රුපියල් බිලියන පහක් ඉක්මවන ඇස්තමෙන්තුගත වටිනාකමක් මෙම ඉඩමට හිමිය. එම ඉඩම අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බවත්, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලබාදිය යුතු වන්නේ තමා වන බවත්, ජනපතිවරයා පෙන්වා දුන්නේ ය.ඉඩම ලබාදෙන්නේ නම් ඒ පිළිබදව වන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවට සියලුදෙනා එකග වූහ.තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාපටිපාටියකට යායුතුව තිබෙන බව ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස සමරවික්‍රමගේ යෝජනාවට අනුමැතිය හිමි නොවීය. අනතුරුව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූයේ කිරිපිටි ආනයනය සම්බන්ධයෙන්ය.කිරි නිශ්පාදනය සම්බන්ධයෙන් වන අමාත්‍ය උප කමිටුවක සභාපතිවරයා වන සරත් අමුණුගම, විදෙස් සම්භවයක් ඇති කිරි ආශ්‍රිත නිශ්පාදන ආනයන කිරීමේ සමාගමක් ශ්‍රී ලංකාවේ එයට හිමි අවසරයන් අවභාවිතා කිරමින් දේශීය නිශ්පාදනයට හිමිවිය යුතු ප්‍රතිලාභ අහිමි කරමින් සිටින බව අනාවරණය කළේ ය.මේ හමුවේ දේශීය කිරි නිශ්පාදනය පහත වැටී තිබෙන බව ද ඔහු පැවසුවේ ය.මෙම සමාගමට වහාම දිවයිනෙන් ඉවත්වන ලෙසට නියෝග කළ යුතුව ඇතැයි ඔහුගේ අදහස විය.ඊට ජනපති සිරිසේන ද එකග විය.

ආන්දෝලනයක් ඇතිවන ඕනෑම අවස්ථාවක, නිශ්පාදන සමාගමේ මව් රටේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අමාත්‍යවරයකු, ඒ අරබයා ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කිරීම පුරුද්දක් බවට පත්ව ඇතැයි ඔහු කීවේ ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර පියවර ගැනෙන බව සහතික කරමින්, ඉදිරියේ පැවැත්වෙන ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටු රැස්වීමේ දී මේ පිළිබදව අවධානය යොමු කරන බවත්, අනතුරුව කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, අග මැති වික්‍රමසිංහ පැවසුවේ ය.අදාළ සමාගමට එරෙහිව දැඩි පියවර ගැනෙන ලකුණු පෙනෙන්නට තිබෙන බව එක්තරා අමාත්‍ය ආරංචි මාර්ගයක් කීවේ ය.



අදහස් (2)

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන්න කොමිසමක්

sam Monday, 06 November 2017 08:05 AM

ලංකා ගුවන් සේවය හැමදාටම දේශපාලකයින්ගේ බූදලයක් වෙලා තිබුණා. 88-93 කාලේ රජ බෑනාගේ මල් ප්‍රවාහන සේවය වෙලා තිබුණා. එකල සතියකට වරක් 100% ආසන විකිණුනා. කොළඹ, සිඩ්නි, මෙල්බර්න්, කොළඹ ගුවන් ගමන අධික ඉල්ලුම නිසා සතියකට දෙවතාවක් ලෙස වැඩි කළා. නමුත් ඕස්ට්‍රේලියාවට මල් ගෙනියන්නේ නැති නිසා ඒ ගමන් දෙකම නවතා දැම්මා. ආසන 20% වත් විකිණෙන්නේ නැති ගමනාන්තවලට මල් ප්‍රවාහනය සඳහා පමණක් මගීන් නොමැති හිස් ගුවන් යානා ගමන් කළා. හොඳටම බංකොලොත් වුණාම එමිරේට්ස් එකට දුන්නා. ඔවුන්ගේ අරමුණ ලාබ ඉපයීම පමණක් වුණත්.... ඒ ලාභවලට බිලියන ගණනක් බදු ආදායම රජයට ලැබුණා. නැවතත් එකල රජකම්කල රජතුමාට හදිසියේ ආසන නොදීපු වරදට බිලියන ගණනක් වන්දි ගෙවා මස්සිනාට මේක බූදලයක් ලෙස පවරා දුන්නා.

:       0       271

de silva berlin Monday, 06 November 2017 08:52 AM

සෑම් මහතාගේ අදහසට මමත් එකඟවෙමි. කරන්න තිබෙන හොඳමදෙය මේක සම්පුර්ණයෙන් හෝ කොටසක් හෝ එමිරේට්ස් වැනි පළපුරුදු ගුවන් සේවයකට විකුණා දැමීමයි. එහෙමත් නැත්නම් පාලනය ඔවුන්ටදීම... නැත්නම් දේශපාලකයන් විසින් හෙන්චයියලා පත්කරන අතර, අවුරුද්දකට රුපියල් කෝටි 1000 - 1500 බදු ගෙවන ජනතාව මෙයට ගෙවිය යුතුය. පුද්ගලික අංශ විසින් පාලනය කල කාලයේ ලාභ ලැබූ අතර, රජයට හොඳ බදු අදායමකුත් ලැබුණු අතර, හොඳ සේවයක් සැපයූ නිසා ලංකාවට සංචාරක ව්‍යාපාරයටද විශාල රුකුලක් වුණා. දැන් මේ මොකක්වත් නැත. මම දන්නවා මගේ කමෙන්ට් එක කියවන බොහෝ දෙනෙක් මම රාජ්‍ය සතු ව්‍යාපාරයක් පුද්ගලික අංශයට විකිණීමට යෝජනා කරන නිසා ලොකු විරෝධතාවයක් දක්වන බව... නමුත් ජර්මනියේ ජාතික ගුවන් සේවය වන "ලුෆ්තන්සා " ගුවන් සේවය පවා පුද්ගලික අංශයට විකුණා ඇත. ඇමෙරිකන් ආණ්ඩුව සතුව පවා මගී ප්‍රවාහන ගුවන් සමාගම් නැත.

:       0       23

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site