IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියෙන් මුදාගනිමු

රෝගීවීම මරණයට හේතුවක් නොවේ. ලෝකයේ විද්‍යාව දියුණුවීමත් සමග සෑම රෝගයකටම පාහේ ඖෂධ නිෂ්පාදනය වී තිබේ. එහෙත් නොදියුණු රටවල මෙන්ම දියුණු වෙමින් පවත්නා රටවල්වලද රෝගිවීම මාරාන්තිකය. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව අයත්වන්නේ දියුණු වෙමින් පවත්නා රටවල් කොටසටය.

නැතහොත් බලධාරීන්ගේ මුවින්ම පිටවූ පරිදි බංකොලොත් රටකි. එබඳු රටක රෝගීවීම කවර නස්පැත්තියක් ගෙන එන්නේ දැයි පුරෝකථනය කළ නොහැකි තරම්ය. ඒ බව පසක් කරවන සංවේගජනක පුවතක් අප පුවත්පත  ඉකුත් දා වාර්තා කළේය.

කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු වරකාපොළ ප්‍රදේශයේ 50 හැවිරිදි පුද්ගලයකු කෝ - ඇමෙක්සික්ලෝව් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබාගැනීමෙන් පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම පුද්ගලයාගේ හදිසි මරණයත් සමග ඇමෙක්සික්ලෝව් නමැති ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය. එමෙන්ම මෙම ප්‍රතිජීවක  ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කර තිබිණි.

මෙරට පුරවැසියා රසායනාගාර මීයන්  බවට පත්කර ඇතැයි ද  යන සැකය තහවුරු කෙරෙන පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වෙමින් තිබේ. මෙම ප්‍රතිජීවක ඖෂධය භාවිතයේ දී දිවයිනේ රෝහල් කිහිපයකින් උග්‍ර ආසාත්මිකතා තත්ත්වයක් සහ මරණ තුනක් වාර්තා වී තිබේ. නිකවැරටිය මූලික රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කරවනැල්ල හා වතුපිටිවල රෝහල්වලින් මෙම සිද්ධි වාර්තා වූයේය. 

එසේ පවසන්නේ ඖෂධ නියාමන අධිකාරියයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරමින් කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේදී ඇමෙක්සික්ලෝව් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් වරකාපොළ ප්‍රදේශයේ පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සමග එන්නත් සහ ඖෂධ ලබාගැනීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හයක් දක්වා ඉහළගොස් තිබේ. පේරාදෙණිය රෝහලේ එවැනි මරණ හතරක් සහ  හෙට්ටිපොළ රෝහලේ මරණයක් වශයෙන් ඖෂධ  ලබා ගැනීමෙන් පසුව සිදුවූ සැක සහිත මරණ පහක් මෙයට පෙර වාර්තා විය.

කොළඹ ජාතික රෝහලේ රෝගියාගේ මරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල්වරයාගෙන් විමසූ විට ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආසාත්මිකතාව හේතුවෙන්  එම මරණය ද සිදුවන්නට ඇතැයි සැක කරන බවය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ දේශීය සමාගම නිෂ්පාදනය කළ මෙම ඖෂධ කාණ්ඩයේ එන්නත්  21000ක් කොළඹ ජාතික රෝහලට නිකුත් කර ඇති බවත් ඉන් එන්නත් 18,000ක් කිසිදු ගැටලුවකින් තොරව  භාවිත කර තිබූ බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ  එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් බවය.

මෙබඳු මරණ සචේතනාත්මක නොමැති බවත් අහම්බයෙන් එකදු මරණයක් දෙකක් වාර්තාවීම බලාපොරොත්තු විය හැකි බවටත් මතයකි. එම මතය බැහැර කළ නොහැකිය. එහෙත් මෙහිදී අත්වැරැද්දකට කිසිදු ඉඩක් තිබිය නොහැක. ගුවන් නියමුවකුට පුහුණුවේදී ලබාදෙන පළමු උපදේශය වන්නේ අත්වැරැද්දකට කිසිදු ඉඩක් නොමැති බවය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම උපදේශය එලෙසින්ම ආදේශ කළ හැකිය. එමෙන්ම එසේ  ආදේශ කිරීමෙන් නොනැවතී එය ක්‍රියාත්මක කළ යුතුය. 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුද පොකුරක පැටලී තිබේ. දේශපාලන පාට අනුව ක්‍රියා කිරීමත් කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දැරීමත් හේතුවෙන්. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී තිබේ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම තත්ත්වයෙන් වහා මුදාගත යුතුය. එසේ නොවන්නේ නම් මෙරට නිදහස් සෞඛ්‍ය  සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අන්තිම බලාපොරොත්තුවද ගිලිහී යනු ඇත. 

(***)



අදහස් (0)

සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියෙන් මුදාගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site