IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සුදු අලින්ගෙන් රට බේරාගනිමු

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැදූ දා පටන් බොහෝ ප්‍රවෘත්ති මවා තිබේ. ඒ බොහොමයක් ප්‍රවෘත්ති හොඳට වඩා නරකට බර වූ ඒවා විය. එම  ගුවන් තොටුපොළ විවෘත කර මේ වනවිට වසර 10කි.  වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළ ආකාරයට මත්තල ගුවන් තොටුපොළ මේ වසරේ මුල් මාස 08 තුළදී රුපියල් කෝටි 16ක ආදායමක් ලබද්දී එම කාල සීමාවේ ගුවන් තොටුපොළ පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 102ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එය නිසැකවම ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් නරක ප්‍රවෘත්තියකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වසරේ මාර්තු මාසයේදී විවෘත කරන ලද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැයකර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 243.7කි.

එතරම් මුදලක් වැයකර තැනුවද වසර 10ක් ගෙවෙද්දී එම ගුවන් තොටුපොළ වාර්ෂිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබමින් සිටීම කොතැනක හෝ බරපතළ වැරැද්දක් සිදුවී ඇති බව පෙනේ.

රජයට වැය බරක් නොවන ආකාරයට ගුවන් තොටුපොළ පවත්වාගෙන යාමට සැලැස්මක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණත් එය විශ්වාස කිරීමට අපහසු බව කිව යුතුය. වාර්ෂිකව කෝටි සියයක් පමණ පාඩු ලබමින් සිටින ආයතනයක් සඳහා එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් නොවේ.

එවැනි සැලසුම් තිබුණේ නම් ගුවන් තොටුපොළට මෙවැනි ඉරණමක් අත්වීමට ඉඩක්ද නැත. අනෙක් අතට අමාත්‍යවරුන් ප්‍රකාශ කරන මේ ආකාරයේ ආයතන නංවන සැලසුම් බොහෝවිට කඩදාසි කොළ කිහිපයකට පමණක් සීමාවන බවද අපට අතීත ආදර්ශ මගින් පෙන්වා දී තිබේ.

ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය වූ මුදලින් ඩොලර් මිලියන 189ක් චීනයේ එක්සිම් බැංකුවෙන් සියයට දෙකේ පොලියට ලබාගත් ණයකි. එම මුදල වසර 15කින් එනම් ඊළඟ වසර 05 තුළදී ගෙවා නිමකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. වාර්ෂිකව ලබන පාඩුව රුපියල් කෝටි 100ක් වන ආයතනයක් එවැනි ණයක් ගෙවා දමන්නේ කෙලෙසකදැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නම් අපි වඩාත් සතුටු වෙමු. එහෙත් අවසානයේ මේ ණයද රටේ ආර්ථිකය මත කඩා වැටී තිබෙන මරාල අතරට එක්වන තවත් එක් අතිරේක මරාලයක් පමණක් බව අපගේ විශ්වාසයයි. මත්තල ගුවන් තොටුපොළ සුදු අලියකු වන්නේ ඒ අයුරිනි.

මත්තල ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් නඩත්තු කරනු ලබන එකම ‘‘සුදු අලියා’’ නොවේ. මෙවැනි සුදු අලි ගණනාවක් මේ රටේ ආර්ථිකයේ සාරය උරා බී එය හපයක් බවට පත් කර දමා තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයද ඇතුළු 400කට අධික රාජ්‍ය ව්‍යවසාය අතුරින් 50කට අධික සංඛ්‍යාවක් විශාල වශයෙන් පාඩු ලබන ආයතන වෙයි.

මේ සුදු අලින් නඩත්තුව සිදුවන්නේ රටේ මහජනතාවගේ බදු මුදලින් වීම ලොකුම ඛේදවාචකයයි. මේ සුදු අලින්ගෙන් වැඩි කොටසක් රටේ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොව එක් එක් දේශපාලනඥයන්ගේ මනදොළ සපුරා ගැනීම සඳහා ඇති කෙරුණු ඒවා බවද කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතු වෙයි. මත්තල ගුවන්තොට එයට කදිම උදාහරණයකි.

මේ රටට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කිහිපයක්ම තිබියදී මත්තලට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලැබුණේ දේශපාලන අවශ්‍යතාවක් මත බව ප්‍රසිද්ධ රහසකි. විශාල මුදලක් වැයකර ඉදිකළත් වසර 03ක් ගත වනවිට එනම් 2016 වසර වනවිට එම ගුවන් තොටුපොළ ශූන්‍ය භූමියක් බවට පත්විය.

ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව මගින් එය හඳුන්වා දී තිබුණේ ‘ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ’ වශයෙනි. විශාල ඉඩ ප්‍රමාණයක ඉදිකර තිබුණද එය භාවිතයට ගන්නා ගුවන් යානා සංඛ්‍යාව ඉතා අල්ප බවද සංඛ්‍යා ලේඛන සමඟ ඔවුන් පෙන්වා දී තිබිණි.

එහෙත් බලධාරීන් එය පිළිගැනීමට සතුටු වූ බවක් නොපෙනිණි. ඒ හේතුවෙන් මේ සුදු අලියා තවමත් රටේ ජනතාව විසින් නඩත්තු කරමින් සිටී. අමාත්‍යවරයා කියන ආකාරයට මත්තලට නව සැලැස්මක් තිබේ නම් එය අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතු යැයි අපි කියමු.

(***)



අදහස් (5)

සුදු අලින්ගෙන් රට බේරාගනිමු

CC Tuesday, 12 September 2023 11:14 AM

වසර 75 ක් මේ රට පාලනය කළ මේ අමන මජර පාලකයින් රට සංවර්ධනය කිරීම සඳහා සීමිත සම්පත් ඵලදායී ආයෝජන සිදුකිරීම වෙනුවට කළේ තමන්ගේ ප්‍රතිරූපය නැංවීමේ හා තමන්ට තම පිරිසට සහ උසස් රජයේ නිල බලයන්ට සෙත සැලසෙන ව්‍යාපෘති පමණි. ඒවායින්ද අතිශයින් දූෂණය සිදුවී ඇති බව විගණන වාර්තා පුන පුනා කීවත් නිසි බලඅධිකාරියක් නොමැති ඔවුන්ට කියනවා හැර කරන්න කිසිවක් නැති බව පැහැදිලි වේ. මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් නොකරන තුරු ලක්මාතාවගේ අනාගත දරුවන්ට පැහැබර අනාගතයක් නම් උදා නොවනු ඇත. සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතාගත කර රටට කාලීනව කළයුතු ව්‍යාපෘති හඳුනාගෙන කළා නම් කළයුතුව තිබුණේ මේ රටට බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති ඇරඹීමත් විදේශ විනිමය ඉපැයීම් වැඩිවන ව්‍යාපෘති සිදුකිරීමත් කෘෂිකර්මය නවීකරණය කර අපනයන භාණ්ඩවල ඵලදායිතාවය ඉහළ නංවා අපනයන ප්‍රවර්ධනය කිරීමත් මේ සඳහා නාස්තිය, දූෂණය, වංචාව, හොරකම තුරන් කල හැකි පද්ධති නිර්මාණය කිරීමත් සම්පත් අවභාවිතය හා දූෂණය නිසි දඬුවම් තුළින් මෙරටින් තුරන් කෙරෙන දේශපාලන ආර්ථික සංස්කෘතියක් වහා ගෙන ඒමෙන් පමණි. එමෙන්ම විදේශ වෙළඳාම රටට ගැලපෙන මොඩලයකට පත් කළහොත් පමණි. මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවැසිමයි..

:       2       6

ජනක Wednesday, 13 September 2023 08:52 AM

හදපු ගමන් වී ගබඩා කරාම ගුවන් යානා එයිද? අනිත් එක අයහපත් කාලගුණය නිසා කටුනායකට බහින්න බැරි නිසා චෙන්නායි යන වියදම මේ අලාභයට ඇතුළත්ද? මේක සුදු අලියෙක් කරලා තියෙන්නේ දේශපාලනය හා නිලධාරින්. මේක ඉතා වටිනා එකක් වියළි කලාපයේ තියෙන..

:       20       10

MahindaWednesday, 13 September 2023 03:08 PM

ඔබ වැනි අය රටට ඉතාමත් අවශ්‍යයි. තවතවත් ඔබ වැන්නන්. මෙරට පහළ වෙන්නේ මගේ පැතුම... ඒ තුළින් ගොබ්බ පාලකයින් තවතවත් බිහිවනු ඇත.

:       5       8

ashok Saturday, 16 September 2023 09:42 AM

ඇත්ත කතාව නම් වැරැද්ද තියෙන්නේ ගුවන් තොටුපලේ නෙවෙයි. දේශපාලන මතවල රාජපක්ෂලා කරපු නිසාම නොසලකා හැරි පෝට් සිටිය, හම්බන්තොට වරාය, මත්තල නියම පරිදි ප්‍රයෝජනයට ගත්තා නම් අප‍ේ රටට කවදාවත් ආර්ථික අහේනියක් එන්නේ නෑ. කරු‍මය කියන්නේ ඒවා එහෙම කරපු කෙනාටම ඒවා නැවත බාරදීමයි.

:       5       2

Amila Wednesday, 20 September 2023 03:23 PM

මහින්ද හොරා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1142 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 535 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1030 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1719 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1285 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3485 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site