අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටි කුරුණෑගල රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා නිවාඩු කාලසීමාවට අදාළව ඔහුට වැටුප් ගෙවන්නැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර තිබෙන ප්‍රවෘත්තියට පසුගියදා මාධ්‍යයේ විශේෂ තැනක් හිමි විය.
ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට හේතුව වී තිබූ මවුවරුන්ට වඳ සැත්කම් සිදු කළ බවට වූ චෝදනාවට අදාළ ප්‍රවෘත්තිවලට ද ඒ දිනවල විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබී තිබිණි. එසේ වුව ද වෛද්‍ය ෂාෆි මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නැති බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණවල සඳහන් බව ද වාර්තා විය.
වෛද්‍ය ෂාෆි මහතාට අදාළ චෝදනාව දැඩිව එල්ල වූයේ, 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුවය. ඔහු, තමන්ට සිදු කළ සැත්කම් හේතුවෙන් තමන්ගේ දරුවන් ගබ්සා වූ බවට චෝදනා කළ කාන්තාවන් පිරිසක් ඒ පිළිබඳ රෝහල මගින් පැවැත්වූ විමර්ශනවලදී සාක්ෂි පවා ලබාදුන්හ. තවත් සමහරු මාධ්‍යවලට විවිධ අන්දමේ ‘වොයිස් කට්’ ලබාදුන්හ. ඒ අතරේ දේශපාලනඥයෝ ද සිටියහ. මෙසේ චෝදනා පිට චෝදනා එල්ල වීමෙන් වෛද්‍ය ෂාෆිට එරෙහිව පියවර ගත යුතු බවට එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ද දැඩි පීඩනයක් එල්ල විය. අවසානයේ 2019 මැයි මස 24 වැනිදා සිට ඔහු අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. ඒ සමග ඔහු සැකපිට අත්අඩංගුවට පත් විය.
වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි, සිංහල බෞද්ධ කාන්තාවන් හාරදහසකට අධික සංඛ්‍යාවකට වඳ සැත්කම් සිදු කළ බවට නැගුණු චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබීම දේශීය වශයෙන් පමණක් නොව විදේශීය මාධ්‍යවල ද අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්විය. ජාතික සහ ආගමික අන්තවාදී ක්‍රියාවලින් ලේ ගැලීම් ඇති වූ ශ්‍රී ලංකාව තුළ මේ අත්අඩංගුවට ගැනීම අතිශය සංවේදී සිද්ධියක් වශයෙන් එතෙර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ජුලි 24 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැය පහ හමාරක නඩු විභාගයකින් පසුව ඔහු ඇප මත නිදහස් කරනු ලැබීය. වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් සහ සිංහල නීතිවේදීන් ඔහුට ඇප ලැබීමෙන් පසුව ප්‍රකාශ කර තිබුණේ, එල්ල කර තිබූ චෝදනා පදනම් විරහිත සහ ගොතනු ලැබූ කරුණු මත ගොඩනගා තිබූ ඒවා බවය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සෞඛ්‍ය ලේකම්වරයාට කර ඇති දැනුම්දීමෙන් පසුව මින් ඉදිරියට හෝ වෛද්‍ය ෂාෆිට තම රාජකාරි කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලැබිය යුතුය. ඒ සමග සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය එස්.එම්. මුණසිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ, වෛද්‍ය ෂාෆි අනිවාර්ය නිවාඩු යවා තිබියදී ඔහුට හිමි වැටුප නොගෙවීම සම්බන්ධයෙන් හේතු කවරේ ද යන්න නොපමාව තමා වෙත වාර්තා කළ යුතු බවය. එය වෛද්‍ය ෂාෆි වෙනුවෙන් ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුකිරීමට තැබූ ඉදිරි පියවරක් බව කිව යුතුය.
රජයේ නිලධාරියකු අනිවාර්ය නිවාඩු යැවීම ඔහුට හිමි වැටුප නොගෙවීමට හේතුවක් නොවේ. රජයේ නීතිය වෙනත් නිලධාරීන්ට එක් ආකාරයකටත්, වෛද්‍ය ෂාෆිට තවත් ආකාරයකටත් වශයෙන් ක්‍රියාත්මක විය නොහැක. සිතා මතා බලපෑම් සිදු කර වෛද්‍ය ෂාෆිට හිමි විය යුතුව තිබූ වැටුප් ගෙවීම නැවැත්වූ කිසියම් නිලධාරියකු හෝ නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද ආයතන සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණොත් එය ඉදිරියට ද මෙවැනි අකටයුතුකම්වලට දොර හැර දීමක් වනු ඇත.
වෛද්‍ය ෂාෆි මහතාට එල්ල වූ බරපතළ චෝදනා හේතුවෙන් සහ එම චෝදනා සමග බැඳුණු දේශපාලන මතගැටීම් හේතුවෙන් ඒ දිනවල කුරුණෑගල නගරයම කැළඹී තිබිණි. වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ දරු පවුලට ද එම ප්‍රදේශය අතහැර යාමට සිදු වූ බව ද වාර්තා විය. එහෙත්, එම චෝදනා එල්ල කිරීම පසුපස දේශපාලන චේතනා තිබූ බව ද පාස්කු ප්‍රහාරයත් සමග මුස්ලිම් අන්තවාදයට එරෙහිව රට තුළින් නැගුණු හඬින් දේශපාලන වාසියක් ලබාගැනීමට කණ්ඩායමක් ගත් උත්සාහයේ ගොදුරක් බවට මේ වෛද්‍යවරයා පත්වූ බව ද තවත් පිරිසක් චෝදනා කළහ. එය එසේ වුවත් සිද්ධියෙන් වසර දෙකක් ඉක්ම ගොස් තිබියදීත් අඩුම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ නිසි පරීක්ෂණයක් නොකර තිබීම මගින් පෙන්වා දෙන්නේ, වෛද්‍ය ෂාෆිට වඳ සැත්කම් චෝදනා හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවය.
වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගන්නා තුරු ඇතැමකු ඔහු පාස්කු ප්‍රහාරයේ ඝාතකයා වූ සහරාන්ගේ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බවට ද පතුරු ගසා තිබිණි. එහෙත් වසර දෙකක් ඉක්ම යනතුරු එම චෝදනා කිසිවක් ඔප්පු කිරීමට ඔහුට එරෙහි චෝදනා ගොනු කළ පුද්ගලයන්ට නොහැකි වීම ඔවුන්ගේ චෝදනා පදනම් විරහිත බව පෙන්නුම් කර තිබේ. දේශපාලන හෝ ජාතික, ආගමික වශයෙන් හෝ භේදභින්න වී එකිනෙකාට පදනම් විරහිත චෝදනා නැගීමෙන් රටකට අයත් වන සුගතියක් නැති බව වෛද්‍ය ෂාෆිගේ කතා වස්තුවෙන් හෙළිවන යථාර්ථයයි.
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාධාරණය ඉටුකිරිමේදී ජාතිය ආගම නොසලකමු