IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 45 යි

''කන්දේ හැපුන මහ වනන්තරේ

ඩි.සි 8 ගුවන් යන්තරේ

මරුවා ආ කල මිතුරේ

බේරෙන්න බෑ සසරේ

කාගෙද මට වරද නොතේරේ''

මෙම ගීතය දශක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත් අදටත්ද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. මෙම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට අදට (4) ට වසර 45 ක් සපිරෙනු ඇත. 1974 දෙසැම්බර් 4 වැනිදා සිදුවූ එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බරපතලම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නොටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඒ සුන්දර පරිසරය වෙත අපි පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර “බිංදුව” (0)  කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල හමුවේ.

එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම්, සිත් ගන්නා සුළු කඳුවැටිය දිස්වේ. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.

ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳු පන්තිය දවසේ වැඩි කාලයක් මිහිදුම්  සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳුවැටියකි. එසේම කඳු තරණය කරන්නන්ගේ පාරාදිසයක් වූ සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක් කළ මතකයකට හේතු පාදක වන්නට විය.

ඒ 1974 දෙසැම්බර් 4 වෙනිදාය, එදින බදාදා දිනයකි. වේලාව රාත්‍රි 10.10 ට පමණ ඇත. ප්‍රදේශයම ගිනියම් කරමින් දෙදරුම් හඬ නගමින් ගිනිජාලාවක් සප්ත කන්‍යා කඳු වැටියේ සිව් වන කන්දේ ගල් පර්වතයක ගැටිණි. ඉන්දුසිනීයාවේ ජකර්තා නුවර සිට මක්කම බලා බැතිමතුන් රැගෙන යමින් සිටි මාර්ටින් එයාර් ගුවන් සමාගමට අයත් (DC-8) ගුවන් යානය මෙසේ අනතුරට පත්විණි. එහි ගමන් ගනිමින් සිටි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 191 ගේ ජීවිත මරු තුරුලට ගිය අතර ඔවුන්ගේ මළ සිරුරු කොටස් ලෙසට ගස් ගල් උඩ විසිරී තිබිණි.

පසු දින සිට මෙරට මෙන්ම විදේශීක ජනයාගෙන් හා ආරක්ෂක අංශ වලින් එම ප්‍රදේශයම පිරී ඉතිරී ගියේය.  අනතුරින් මිය ගිය අයගේ ඥාතින්, මිතුරන් පැමිණ හැඩු කඳුළින් සිය මව,පියා සහෝදරයා සෙවූ මුත් කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි විණි. එම පිරිස අතර කාන්තාවන් 59 දෙනෙකු සිටි බව පසුව අනාවරණය වූ අතර මියගිය පිරිසගේ ශරිර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කළ අතර එය සිහි ගැන්වීම ස්මාරකයක් ද ඉදිකර තිබේ.

ගුවන් යානය පිපිරී යාමත් සමඟ විසිරී ගිය ගුවන් යානයේ කොටස් හා රන් ආභරණ , මුදල් ඇතුළු නොයකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරඹීමට පැමිණි පිරිස් විසින් අහුලාගෙන ගිය බව පැවසෙන අතර එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් තවමත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ සුරක්ෂිතව තබාගෙන සිටියදී අපට දකින්නට හැකි විය.

ඒ අතර ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබේ. එමෙන්ම ගුවන් යානයේ දොර පියනක කොටසක් හා තවත් කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබියදී දක්නට හැකි විය.

එහිදි හමුවූ ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ මහතා සිය අත්දැකීම මෙසේ පැහැදිලි  කළේය.

ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නෝටන්බ්‍රිජ්, කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටී.

මේ ඔහු අප සමඟ පැරණි අත්දැකීම මෙලෙස විස්තර කළ කළේය.

මම 1941 වසරේ ඉපදුණේ. ලංකා විදුලිබල මණ්ඩලයේ, ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේය. එදින රෑ 10.15 ට පමණ පොළවත් එක්ක හෙල්ලුණා.  මම රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම සප්ත කන්‍යා ගල යටට ගියා.

ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ ගුවන් යානයේ “කළු පෙට්ටිය.”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතනට බැස්සුවා.

ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදී මාව ලිස්සලා ගිහින් ගහක රැදුනේ. මම තමයි කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නේ. ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා  ඇවිල්ලා. ඒක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.

සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි, කොත්තැල්ලෙන, මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම් අපට මෙසේ විස්තර කළේය.

එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රිය සාදයක් සදහා සහභාගී වී එමින් සිටියදී මෙම අනතුර දැක ඇත. මේ ඔහු කියූ කතාවයි.

මට නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුණා. ගිනි පත්තු වෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුණා. ඒ කන්දේ තියෙන්නේ බට පදුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පසුදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා.

මිනිස්සු ඔක්කොම මැරිලා. කෑළි කෑළි වෙලා හැම තැනම මළ කඳන්. ඒවා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් ඒවා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙළිකොප්ටරයක් ආවා. ඒක මුරුත්තැන්නේ දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ.එ තන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගෙදරක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දළු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුණා. 

ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝෂයක්. සුදු මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන ඒක හැදුවා. අපි උදව් කළා එකේ වැඩ වලට. ඒ වෙනුවෙන් අපිට ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල් වලත් පාචිච්චි කලේ ලාම්පු නිසා.

පහු වෙනකොට ඉතිං ගමේ මිනිස්සු විතරක් නෙමෙයි. පිට පළාත්වල මිනිස්සුත් ඇවිත් හැම තැනම ඇවිද්දා. ඒ අතරෙදී ඉතිං ගුවන් යානයෙන් කඩා වැටුණ කොටස් ,වගේ දේවල් මිනිස්සු අහුලගෙන ගියා. මේක මේ පළාතට කවදාවත් අමතක නොවන අත්දැකිමක්.

ලංකාවේ හමුදාවෙන් ඇවිත් හිටියා. ඒ ආපු හමුදාවේ අය කොත්තැල්ලෙන ඉස්කොලේ තමයි නැවතිලා හිටියේ. එගෝල්ලෝ හෙව්වේ කලු පෙට්ටිය. එකේ ටේප් කෑලි වගයක් තමයි හම්බවෙලා තිබුණේ. ඒ ගොල්ලෝ එක අරගෙන ගියා. එතනදී අම්බෙඩ්කාර් කියලා මේ ළග තේ වත්තේ හිටිය මනුස්සයෙක් ජැක් එකකට යටවෙලා මැරිලා තිබුණා.

එම අනතුරට 45 වසරක් ගෙවෙන මුත් තවමත් එම ප්‍රදේශයේ පැරණි පුද්ගලයන්ට එය අද ඊයේ සිදුවුවා සේ මතකය. එමෙන්ම ගුවන් යානයෙන් විසිරුණ කොටස් මතක සටහන් ලෙස බොහෝ නිවෙස්වල තබාගෙන සිටිති.

ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් විදේශයේ සිට පැමිණ එම මෘත දේහයන් මිහිදන් කළ ස්ථානයේ දී ඔවුන් සිහිකර ආගමික වතාවත් කරන බවද  ප්‍රදේශවාසීහූ පැවසූහ.

 



අදහස් (11)

සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 45 යි

ANANDA Wednesday, 04 December 2019 11:59 PM

කව්රු උනත් මනුස්සයෝ මම පොඩි කාලෙ මේ විස්තර ගුවන් විදුලිය පත්තර වල ඇහුවා බැලුවා. කණගාටුයි ඔවුන් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම ගැන. ඔවුන්ට නිවන් සුව අත්වේවා යනු මගේ පැතුම

:       1       13

Nandalal DE SILVA - France Thursday, 05 December 2019 01:00 AM

සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 45 යි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවුණ බිහිසුණුම ගුවන් අනතුර BBC ලෝක සේවය මගින් මා මෙරටේ සිට අසා බලවත් කම්පාවට පත් උනෙමි ! ඉන්දුනීසියාවේ සිට තවත් මුස්ලිම් වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි "මාටිනෙයාර්" ගුවන් සමාගමටම අයත් දෙවැනි යානයකුත් මෙම සප්ත කන්‍යා කඳු පෙලේම ගැටී එහි සිටි සියලු දෙනාමත් මියගියා කියා මා අසා තිබෙනවා. විනාශ වුන මේ ගුවන් යානා දෙකම ඕලන්ද ගුවන් සමාගමකට අයිති යානා වන අතර දෛවයේ සරදමක් මෙන්, ඉන්දුනීසියාවේ සිට මක්කම වන්දනාකරුවන් පිරිසක් රැගෙන සෞදි අරාබිය වෙත පියාසර කරමින් තිබුන යානා දෙකම අපේ රටේ සප්ත කන්‍යා කඳු පෙළට බිලි විය. ඊට හේතුව, යානා දෙකේම කපිතාන්වරු අපේ ගුවන් පාලක මැදිරි නිලධාරීන්ගේ උපදෙස් වැරදියට තේරුම්ගැනීම කියා ඒ දිනවල Newsweek , Time වැනි ප්‍රසිද්ධ සඟරාවල පලවී තිබුණා. මේ දුක්බර සාංවත්සරය සිහිපත් කරමින් ලස්සන වාර්තාවක් ඉදිරිපත්කිරීම ගැන මා "ලංකාදීප" ට ස්තුතිවන්තවෙමි.

:       1       10

annapurnaThursday, 05 December 2019 03:08 AM

දෙවෙනි යානය හීනෙන් දැකපු එක.

:       2       263

සිරි Thursday, 05 December 2019 05:17 AM

දෙවැන්න කඩා වැටුනේ කටුනායකට නුදුරු කිඹුලාපිටියේ.

:       1       40

RaveendraSaturday, 07 December 2019 07:47 AM

අපේ මතකයේ හැටියට එක යානයයි එතන අනතුරට පත් වුනේ... අනේ මන්දා අපේ මොලේ අවුලක්ද මන්දා..?

:       1       8

anandaSaturday, 07 December 2019 12:59 PM

දෙවෙනි එක වැටුනේ කටුනායක ගුවන්තොට පෙන් පෙනී කිඹුලාපිටියට ඒක ඇහින් දුටු කෙනෙක් මම එතනත් ඔය වගේම ගොඩක් මිය ගියා. ඒකත් මාටින් එයාර් එකේ කට්ටියත් මක්කම ගිය අය

:       0       53

anandaSaturday, 07 December 2019 01:14 PM

කිඹුලාපිටිය අනතුරේ ඇහින් දුටු සාක්ෂි කියලා ලිපියක් ලංකාදීප පත්තරේම තියෙනවා. මේ මාසේ 15 වෙනිදාට ඒ අනතුරට අවුරුදු 41ක් පිරෙනවා. අනේ මන්දා අපේ අයගෙ මතකය ගැන හිතපුවම දුකකුත් හිතෙනවා

:       0       25

janahitha Thursday, 05 December 2019 03:44 AM

ආසන 225 තිබෙන මෙම ගුවන් යානය විශේෂ අත්‍යවශ්‍ය වන කරුණක් සඳහා යොදවන්න තිබුන අද දවසේ.

:       1       63

අප්පුහාමි ගොයියා Friday, 06 December 2019 05:05 AM

මටත් 225 කියපු ගමන්ම මතක් වෙන්නේ මීට වඩා විනාශයක්

:       1       43

Nandalal DE SILVA - FranceFriday, 06 December 2019 07:32 AM

ඔය කියන්නේ අර දියවන්නා ඔය පැත්තේ තිබෙන හොර ගුහාවේ සිටින විනාශය ගැන වෙන්න ඇති. මටත් එහෙම අදහසක් නිතර සිතට එනවා.

:       1       101

rasika Friday, 06 December 2019 05:19 PM

මුස්ලිම් මිනිස්සු කොහොමද නිවන් දකින්නේ. "නිවන" කියන වචනය හෑල්ලුවට ලක් කිරීමත් පාපයක්..

:       4       112

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 101 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 537 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1722 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1288 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site